Saturday, November 22, 2025

යුද්දේ...



එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්

තියන දර්ශනය

අන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


තවදුරටත් හැම ජාතියක ම 

පළමු පංතියක් සහ දෙවෙනි පංතියක් නැති වෙන තුරු

මිනිසුන්ගේ හමේ පැහැය

ඔහුගේ ඇසේ පැහැය වගේ ම සැළකිලිමත් විය යුතු නැති දෙයක් වන තුරු

මං කියන්නෙ, යුද්දේ...


මූලික මිනිස් අයිතිවාසිකම් සමානව

ජාතිය ගැන නොවිමසා හැමෝට ම ලබා දෙන තුරු, 

යුද්දේ...


ඒ දවස උදා වන තුරු,

සදාකාලික සාමය ගැන, ගෝලීය පුරවැසිභාවය ගැන,

ජාත්‍යන්තර සදාචාරයක පාලනය ගැන සිහිනය

ළුහුබැඳ යා යුතු ව, නමුත් කවදාවත් ලබා ගන්න බැරි...

තාවකාලික මායාවක් හැටියට පවතින 

දැන් හැමතැන ම යුද්දේ, යුද්දේ.


විවිධ රටවල අපේ සහෝදරයන් 

අමානුෂික බන්ධනයෙන් පාලනය කරන

අනාර්ය සහ නොසතුටු රාජ්‍ය පාලනයන්

පෙරළා දමා, මුළුමනින් ම විනාශ කරන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


නැගෙනහිරත් යුද්දේ, බටහිරත් යුද්දේ

උතුරෙත් යුද්දේ, දකුණෙත් යුද්දේ

යුද්දේ, යුද්දේ, යුද්ධය ගැන කට කතා.


ඒ දිනය වෙන තුරු, මහ පොළොව

සාමය ගැන නොදැන සිටිනු ඇත, අපි සටන් කරාවි

එය අත්‍යවශ්‍ය බව අපට දැනේ වි, අපි දිනන බව අපි දනීවි

අපට ජයග්‍රහණය ගැන නිසැක නිසා.


හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි. 

*    *    *

බොබ් මාලේ ගේ WAR ගීතය ඇසුරින් දළ පරිවර්තනයක්... 


මේකෙ අදහස හිතට වැදුණේ පහත ෆේස්බුක් සටහන කියවීමට ලැබීමෙන්.

https://www.facebook.com/share/p/16QfVMzQ2b/



32 comments:

  1. ඔව් ඒ සටහන් හොඳයි . ඔය ෆේස්බුක් පෝස්ට් එකේ කොපි රයිට් එකක් දාන්නේ කොහොමද . පරිවර්තනයක් නේ . ඉංග්‍රීසි ලිපිය මම කියෙව්වා .

    ReplyDelete
    Replies
    1. ඔ්ව ඔහොම තමයි. ෂකීරාත් කිව්වෙ වක්කා වක්කා සිංදුව එයා මහ වැස්සක ගොවිපළේ හෙවණක ඉද්දි, බූම් ගාල හිතට ආව කියලා...

      Delete
    2. යකෝ එහෙමෙ නෙවේද

      Delete
    3. එහෙම තමයි අයියා... almost 90% of everything is crap. ඉතිං කොපිරයිට් විතරක් බේරෙයි යැ?

      Delete
    4. මේ තියෙන්නෙ ඔරිජිනල් වක්ක වකයි වක දෙවකයි සිංදුව...
      https://www.youtube.com/watch?v=OdrEisrvY7g&pp=ygUJemFuZ2FsZXdh

      Delete
  2. යුද්දෙ අස්සෙ සුද්දෙ දාන්න ඉන්න කට්ටිය ඉන්නකල් යුද්දෙ තමයි ඉතිං.

    ReplyDelete
    Replies
    1. ඒවා යුද්ධ ව්‍යාපාරයේ අතුරු ව්‍යාපාර.

      Delete
  3. හොපේ කියන්න මොකෑ.

    ReplyDelete
    Replies
    1. ඒකෙ අකුරු ටික කියෝගත්ත එකත් මදෑ.

      Delete
    2. Hope නෙවෙයි THope කියල තමයි තිබිල තියෙන්නෙ. T එක වැස්සට හෝද ගෙන ගිහින්

      Delete
    3. වෙලාවට ඉතුරු ටිකත් හෝදගෙන යන්න කලින් ඒක මේකෙ දැම්මෙ.

      Delete
    4. කෞශල්‍ය,
      තොපේ මොකෝ - අපේ මොකෝ?

      ප්‍රසක්ඥ,
      මං වෙලාවට වැඩ කරන අප්‍රමාදී පුද්ගලයෙක් මි.

      Delete
  4. යුධ වෙළෙන්දෝ වගේම සාම වෙළෙන්දියෝ වෙළෙන්දෝ ලංකාවේ 30 අවුරුදු යුද්ධ කාලේදී කලඑළි බැහැල හිටියා. වාසනාවකට ඔක්කොම වෙළෙන්දෝ අකුලන් ගියා 2009. ඊට පස්සේ ආවේ ප්‍රතිසංස්කරණ වෙළෙන්දෝ සංහිදියා වෙළෙන්දෝ යුධ අපරාධ වෙළෙන්දෝ. ඔය හැම වෙලදාමකම මහමොලකරුකවා බල වෙළෙන්දා. එයා නැතිවෙනකම් හැමදාම යුද්දේ.

    ReplyDelete
    Replies
    1. Yes agree with you 100% 🙂

      Delete
    2. ඇත්ත. හැම සංකල්පයක් ම පාරිභෝගික භාණ්ඩයක්. බොබ් මාලෙත් විකිණෙනවා තම තමන්ගේ මතවාදය වෙනුවෙන්.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒක අපරාදෙ මැකුවේ. මං ඒකට නිවාඩු පාඩුවෙ උත්තරයක් දෙන්න හිටියෙ.

      Delete
  6. https://www.youtube.com/watch?v=6A1bLsBy7xA
    හොඳ ඉතාලියානෝ චිත්‍රපටියක් හම්බ වුනා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බැලුවා. ඉතුරු ටිකත් බලන්න ඔ්නෙ. ස්තූතියි.

      Delete
  7. Hmmmm .....x 2

    https://miduma.blogspot.com/2025/11/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. https://awidda-paya.blogspot.com/2025/11/blog-post_22.html

      Delete
  8. ඒ ඔක්කම දැං බිසිනොස් බොසා.. බොබා වත් විකුණං කද්දි බොබාගෙ ප්‍රතිරෝධය විතරක් විකුණං නොකා තියේද. එහෙව් එකේ යුද්දෙ කියන්නෙත් ඉල්ලමක්

    ReplyDelete
    Replies
    1. ආයි මොනව ද, තට්ටෙත් විකුණතෑකි "තට්ටයට තිත!" ඇඩ් එකකට.

      https://www.facebook.com/share/p/19VLE1TPo5/

      Delete
  9. මේ බොබ් මලයගෙ ගීයත් එක්ක... 'පටු අදහස්නං පවුරෙන් ලෝකය'ත් මකත් වුනා. හැම නිර්මාණකරුවෙක්ටම එකම අදහස විවිධ විදිය‍ට ඇතිවෙනව. ඒකෙත් හැටි...

    ReplyDelete
  10. උඹ දැක්කද අර යුක්‍රේන ස්බලෙක් මැරුණම එයාගේ ෆෝන් එක බලද්දී වැඩි පුරාම සර්ච් කරලා තිබ්බ දේවල් තිබ්බ ෆොටෝ එක , හැමදාම බලලා තිබ්බේ යුධ්ධේ ඉවරවෙන දවස සාකච්චා වල ප්‍රගතිය , වගේ දේවල්

    ReplyDelete
    Replies
    1. වනේ තියෙන එකා තමයි ඒකෙ වේදනාව දන්නෙ, ඒත් හිඟන්නගෙ තුවාලෙ නං හොඳ ආදායම් මාර්ගයක්.

      Delete
    2. ඇත්ත, ඉවාන්, බස්සා... මේ ගැන මොනව කියන්න ද ඉතිං? පුටිය වගේ උදවියට මේක බෝඩ් ගේම් එකක් උනාට, ඒකට මුහුණ දෙන බිම ඉන්න උදවිය කොයි තරම් විඳවනව ද? හිරෝෂිමා නාගසාකි බෝම්බවලින් පරම්පරා කීයක් විඳෙව්ව ද?

      මොනව කියන්න ද, ඉතිං?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි