රුහිරෙන් පුදමි - 6 වන කොටස

මෙතෙක් කතාව


බැස යන හිරු ගේ ළා රත් පැහැ රැස් දහරින් පැහැපත් වූ වළාකුළු සැඳෑ අහස පුරා පැතිර තිබුණි.

සුවදායක මඳ සුළඟක් ශාන්තව හැමීය.

අනන්තය තෙක් දිවෙන්නා සේ පෙනුණු දිගු පාර අද්දර වූ, කනුවෙහි සවිකර තිබූ බස් නැවතුම සලකුණු කළ තහඩුව කිරි කිරි හඬින් සෙලවෙමින් පැවතුණි. පාර අද්දරට වෙන්නට තනා තිබූ දිළිඳු තේ කඩයේ ඉදිරිපස වූ බංකුව මත එකම එක හුදෙකලා මඟියෙක් විය. ඔහු සිහින් තරුණයෙක්..... ඔහුගේ වමතෙහි ඇඟිලි අතර ලිහිල්ව රැඳී තිබූ සිරැගට්ටුවේ අගින් දුම් රැල්ලක් නිකුත්ව, තරුණයාගේ දුබල පෙනුමැති සිරුර වටා දැවටීයයි.
සැහැල්ලූවෙන් සිගරැට්ටුව දෙතොලග රඳවා දුම්රැල්ලක් ඉරූ හෙතෙම, එය ප‍්‍රාශ්වාසයත් සමඟ පිටකරමින් පාරේ ඈත අන්තය වෙත දෑස් රැඳවීය.




තරමක වේලාවක් තිස්සේ, ඔහුගේ දසුනට ලක් වෙමින්, සුදට හුරු ළා..... නිල් ගවුමකින් හා ශිර්ෂාවරණයකින් සැරසීගත් කුඩා කන්‍යා සොයුරියක් පාර දිගේ සන්සුන් ගමනින් පානඟා ආවාය. අනන්ත කාල අවකාශයක් සේ පෙනුණු දිගු වේලාවක් තිස්සේ ඈ තමන් දෙසට පිය මනිනු ඔහු බලා සිටියේය.

තරුණයාගේ බැල්මෙහි වූයේ ආලස්‍යය මුසු විවේකී ගතියකි. ඔහුගේ පිළිවෙලකට නොවූ කෙහෙරැළි සිහින් සුළඟට හසු වී තිබුණි. හෙතෙම ඇඳ සිටි අඳුරු පැහැ කමිසයේ බොත්තම් සියල්ල පියවා, දිගු අත් අගින් දෙතුන් විටක් පමණක් නවා තිබුණේ හිරු එළියට ඇති බියක් නිසාදැයි කෙනෙකුට සිතිය හැකි විය.

කන්‍යා සොයුරිය ඔහු වෙත ආවාය. සිගරැට්ටුව වෙත ඒකාත්මිකව සිටි තරුණයා, ඈ දෙස පැහැදිලිව බැලූවේ නැත. ඔහුගේ සුදුමැළි ගිළුණු කම්මුල් හා තද කළු පැහැ කෙස්, ඇයට පෙනුනේ ද යන්තමිනි. කරේ තිබූ කුඩා අත්බෑගය අතට ගනිමින් ඇය බංකුවේ වම් කෙළවරේ වාඩි වී, දෙපා ළංකර ගත්තාය.

සිසිල් සුළං දහරක් මඟියන් දෙදෙනාගේ සිරුරු නහවමින් ගළා බැස්සේය. තරුණයා බංකුව මත තබාගෙන සිටි වමතෙහි වූ සිගරැට්ටුව ඔසවත්ම, එහි තුඩග වූ සිගරැට්ටුවේම හැඩය රඳවාගත් දිගු අළු දල්ල සැලිණ. හෙතෙම සිගරැට්ටුව දෙතොළ රඳවා ඉහළට ඇද්දේය. යන්තම් සෙළවුනු අළු දල්ල දුහුවිලි මෙන් මෘදුව කඩා හැළිණ.

තරුණයා කන්‍යා සොයුරිය වෙත හැරුණේය.

‘‘සිස්ට.....’’

ඈ ඔහු වෙත හැරුණාය. ප‍්‍රශ්නාංකයක් මතුව තිබූ ඇගේ දුඹුරුවන් දෙනෙතෙහි තෙත් ගතියක් විය.

‘‘වෙලාව කීයද?’’

කන්‍යා සොයුරිය වමත ඔසවා කුඩා අත් ඔරළෝසුව දෙස බැලූවාය.

‘‘හයයි කාලයි’’

‘‘තෑන්ක්ස්’’ ඔහු නැවත සිගරැට්ටුව සමඟ තනිවිය.

‘‘මේ’’

ඇගේ සිහින් කටහඬින්, වරදක් කළ එකෙකු මෙන් ඔහු තිගැස්සිණ.

‘‘දැන් බස් එකක් උඩහට ගියාද?’’

‘‘නෑ’’ ඔහු පිළිතුරු දුනි. ‘‘පැය බාගෙකට විතර..... තවම බස් එකක් ගියෙ නෑ’’

‘‘එහෙනම්, දැන් එයි නේද?’’

‘‘ඔව්. අපි බලමු.’’

නැවත තරුණයා සිගරැට්ටුව එසවීය. නමුත් එය දෙතොළට තබා නොගෙන, ඔහු කන්‍යා සොයුරිය දෙස බැලූවේය. ඈ දෙස ඔහු පළමුවරට බැලූවේ එවේලේ යැයි කිව හැක. ඈ, සිහින්, ළාබාල තරුණියක බව ඔහු දුටුවේය. ඇගේ ශීර්ෂාවරණයෙන් මිදී, මඳ සුළඟට හසු වූ කියඹු රොදක් සෙමෙන් සැළෙමින් තිබිණ.

‘‘මේ දුම ඔයාට කරදරයි නේද?’’ ඔහු සිගරැට්ටුව පසෙකට හරවාගනිමින් ඇසීය. ඇගේ කල්පනාබර මුහුණ, සිනාරැල්ලකින් මොහොතකට එළිවිය. තරුණයා ඈ දෙස බැලූවේ සුමුදු ලෙසිනි.

‘‘මම ඔයාව කීප සැරයක් දැකලා තියෙනවා.’’ ඔහු සෙමෙන් කීය. ‘‘ඒ හැම සැරේකම මීට වඩා ගොඩක් වෙනස්.....’’

ඈ සියුම් දුක්මුසු සිනාවක් පෑවාය.

‘‘මම මළගෙදරක ඉඳන් එන්නෙ.’’ මුමුණන්නාසේ වූ ඇගේ කටහඬින් ඔහු තිගැස්සිණ. ‘‘.....මට හිටිය එකම යාළුවා..... ඉගෙනගන්න කාලෙ ඉඳන්.....’’ ඈ දිගු හුස්මක් හෙළුවාය.

තරුණයා අඩක් පමණ ඉතිරිව තිබූ සිගරැට්ටුව විසි කළේය.

‘‘.....මම නොවීෂියේට් එකට ගියාට පස්සෙත් ..... මට එයාගෙ කිසිම රහසක්වත් තිබුණෙ නෑ.....’’
ඇගේ සියුමැළි දෙතොල් වෙව්ලීය. දිගු ඇසිපිය අග වූ කඳුළු බිඳු හිරුගේ අන්තිම රැස් දහරට හසුව ළා රත් පැහැයෙන් දිළිසුණි.

‘‘මෙහෙම දෙයක්..... දරාගන්න බෑ..... ඒ තරම් අහිංසක කෙල්ලෙකුට.....’’

කන්‍යා සොයුරියගේ දිගු සුසුම්, තරුණයාගේ හදවත ගැඹුරට කිඳාබසින්නා සේ විය. විශේෂයෙන්..... තමන් වගකිව යුතු වන විට..... මෙවැනි වදන් පිට නොවන පරිදි ඈ දෑතින් වැළඳගන්නට ඔහුට සිතුණි. ඔහු සෙමෙන් අත දිගු කොට, බංකුව මත වූ ඇගේ අත අල්ලාගති. තෙත් ලේන්සුව ගුළි වී තිබූ ඇගේ අත සෙමෙන් දිගහැරිණි. ඇගේ සිහින් ඇඟිලි හා පැටළි ගිය ඔහුගේ සැලෙන ඇඟිලි..... කණගාටුව ප‍්‍රකාශ කරන වචන දහසකටවත්, හදවතක පිරුනු සන්තාපය බෙදාගැනීමෙහි ඊට වඩා හැකියාවක් නොවීය.

නිසල, නිහඬ මිනිත්තු කිපයක් ගතව ගියේය. උනුසුම් හෘදයංගම බව පිරුණු මිනිත්තු කීපයක්..... ඒ අතර මඳ අඳුර හාත්පස මීදුමක් සේ පැතිර ගියේය. පාර දිගට විදුලි කණු වල වූ ලාම්පු, එකිනෙක දැල්වෙන්නට ගති.
හුදෙකලා මඟීන් දෙදෙන බංකුව මතින් නැගිට ගත්හ. බසයක සේයාවක්වත් ඇත්දැයි තරුණයා විපරම් කළේය.

‘‘මම දන්නෙ නෑ ඔයාගෙ නමවත්.....’’ කන්‍යා සොයුරිය තෙපළාය. ඇගේ කොපුල් දිගේ පෙරුණු කඳුළු බිඳු නිකට දෙපස රැඳී තිබිණ. ‘‘මම සිස්ටර් නිර්මලී. ඔයා.....?’’

‘‘මම ශාම්.....’’ තරුණයා කීවේය.

‘‘ශාම්.....’’ ඈ සෙමෙන් පුනරුච්ඡාරණය කළාය.

දෙදෙනා හෙමින් සීරුවේ මඟට බටහ. කන්‍යා සොයුරියගේ අතැඟිලි අතර, ඇගේ කඳුළින් පෙඟුණු ලේන්සුව මත තෙරපී, තරුණයාගේ ඇඟිලි තවමත් රැඳී තිබිණ.

-----------------------------------------

මළානික සඳ එළියෙන් ලා සුදකට හැරුණු තුනී මීදුම් පටළය මැදින් දෙදෙනා පියනඟා ආහ. තරුණයාගේ අතැඟළි හා වෙළුණු කන්‍යා සොයුරිය ගේ සිහින් අතැඟළි..... සඳ රැසින් නැහැවුණු ගස් වැල් වල ඡායාවන්, දුබල සුදුමැළි අවතාර මෙන් හිස් ඔසවා, අතු පතර විදහාගෙන නැඟී සිටියහ. මඳ හෝ සෙළවීමක් නොවූ සීතල වාතස්කන්ධය එකතැනම ගල් ගැසී.....

සවිමත් යකඩ ගේට්ටුව සීතල වාතයෙන් තෙත්ව පැවතිණ. දෙදෙන එතැනින් නැවතුණහ. තරුණයා ගේට්ටුවේ ඉහළ වූ කුරුසිය දෙස බැලූවේ එක්වරකි.

‘‘මම..... යන්නම්’’ ශාම් ඇගේ අතැඟිළි මුදුව අත්හළේය. ඇගේ සුරතෙහි ගුළි වූ තෙත් ලේන්සුව මත ඔහුගේ උණුසුම තවමත් රැඳී තිබිණ.

කන්‍යා සොයුරිය හිස ඔසවා ඔහු දෙස, බැලූවාය. දයාන්විත ඒ මුහුණ දෙස.....

ඈ ගේට්ටුව විවර කරගෙන ඇතුල් වූවාය. ගේට්ටුව වසමින් ඈ නැවත ඔහු දෙස බලද්දී, ඔහු ආපසු හැරී පියවර කිහිපයක් ගොස් තිබිණ.

‘‘ශාම්.....,’’ ඈ කොඳුළාය.

තරුණයා සාක්කුවෙන් රතු පැහැ පැකට්ටුවක් එළියට අදිමින් ආපසු හැරිණ. ඇගේ හදවත පිරී තිබිණ. ඔහු එය ඇගේ දෑසින් දිටීය. තම සිතට නැඟුණු අපූර්ව තෘප්තිකර හැඟීම ඔහු මවිත කරවීය.

ශාම් ආපසු හැරිණ. සක්කුවෙන් ගත් පැකැට්ටුවෙන්, සිගරැට්ටුවක් ගෙන මුවග රඳවාගත් ඔහු, අනෙක් සාක්කුවෙන් ගත් ලයිටරයකින් එය දල්වා ගති.

කන්‍යා සොයුරිය බරාඳය වෙත පිය නැඟුවාය. එහි පිරුණු අඳුරේ සිට තමා දෙස බලා සිටින රුව ඇගේ නෙත ගැටිණ.

‘‘බොහොම හොඳයි නේද සිස්ටර් කෙනෙක් එන වෙලාව.....?’’ ඒ රව සෙමෙන් කීවේය. එම ස්වරයේ වූ වියළි බව, නිර්මලී ගිළී සිටි සුවදායක මානසිකත්වයෙන් ඇය අවදි කරවූයේය.

‘‘මළ ගේ ඉවර වුනේ දැන්ද.....?’’

‘‘නෑ සිස්ටර්..... පාරෙ බස් තිබුණෙ නෑ’’

‘‘ආ..... එකක්වත්.....?’’

නිර්මලී වෘද්ධ කන්‍යා සොයුරිය අසළින් බරාඳයට ගොඩ වූවා ය.

‘‘කවුද එතකොට අර ඉළංදාරියා?’’

කුඩා කන්‍යා සොයුරිය බිම බලා ගත්තාය.

‘‘කතා කරනවා..... ඒ රැකවල් දේවදූතයෙක්ද?’’

නිර්මලී ඇතුළට දිව ගියාය. ඇයට තවත් ඒ අකාරුණික මුහුණ දෙස බැලීමට හැකියාවක් නොවීය.
තම කුටියට දිව ගිය ඈ නිල ඇඳුම පිටින් ඇඳෙහි වැටුණාය. ඇගේ සුරතේ ගුළි වී තිබූ ලේන්සුව තව තවත් තෙත් වන්නට විය.

ඇගේ කුටියේ දොර විදැහී විවර විය. ඈ ඒ දෙස හිස ඔසවා නොබැලූවද, ඒ කුමක්දැයි ඈ පුරුද්දෙන් දැන සිටියාය.

‘‘මම දැනං හිටියා  ඕක.....’’වෘද්ධ කන්‍යා සොයුරියගේ හඬ. ‘‘..... තමුසෙ කවදාවත් හොඳ සිස්ටර් කෙනෙක් වෙන්නෙ නෑ.’’

නිර්මලී ඉකි ගසමින් හඬන්නට වූවාය. ඇගේ දෑතින් වැසුණු මුහුණ කඳුළින් නැහැවෙන්නට විය.
දොර මහ හඬක් නඟමින් වැසී ගියේය.

තරුණ කන්‍යා සොයුරිය ඇඳ ඉහ ඉද්දර වූ මරිය මවු තුමියගේ කුඩා සුරුවම ඉදිරිපිට බිම දණින් වැටුණාය, දරාගත නොහැකිව..... ඇගේ කුඩා දෙවුර ගැහෙන්නට ගති.

ඇගේ දෑස් කඳුලින් තෙත්වී බොඳ වී තිබිණ. ඇගේ මතකය ඈතට දිව ගියේ නිරායාසයෙනි,

දීප්තිමත් හිරු රැසින් නැහැවුණු තණ පිටියක කුඩා දැරියන් රැසක් කෑකෝ ගසමින් වර්ණවත් විශාල බෝලයක් පසුපස දිව ගියහ. ඒ දසුනේ කෙළවරක වූ දැවැන්ත ගසක සෙවණ යට, ලොකු පොතක් උකුලේ දිගහැරගත් කුඩා දැරියක් තණපත් මත වාඩි වී සිටියාය. ඇගේ පිවිතුරු ළා වන් ගවුමත්, දිගු කෙහෙරැළිත්සිහින් සුළඟින් රැළි නැඟිණ. ඇගේ උකුළේ වූ ලොකු පොතෙහි පෙරැළී තිබූ පිටු දෙකෙහි වූයේ සාන්ත මරියා ගොරෙත්ති ගේ ජීවිත කතාවය.

සිඟිත්තියගේ මනස නව ජීවයකින් පුරවාලූ, සාන්තුවරියගේ පිවිතුරු චරිත කතාව කියවා අවසන් කළ ඈ, පිටු කිහිපයක් ආපසු පෙරළා එහි ඇඳ තිබූ ඇගේ රූපය දෙස බැලූවාය. එහි, සාන්තුවරියට වූයේ ළදැරියකගේ බඳු මුහුණකි. ළය මත වූ ඇගේ සියුමැලි දෑත් අතර සුදුවන් ලිලීමල් පොකුරක් විය. සාන්තුවරියගේ නිර්මල හිස ඉහළට..... ස්වර්ගය දෙසට එසවී තිබිණ.



දරා ගත නොහැකි ඉකියකින් කන්‍යා සොයුරියගේ සිහින් සිරුර නොනැවත ගැහෙන්නට විය.

 ----------------------------------------------------

සැඳෑවේ ඇති වන මඳ අඳුර, එයට හැකි උපරිම කාන්තියෙන් බැබළිණ. තැන තැන නැඟී සිටි ගස්වල අතු පතර රජැයූ තද අඳුර අතර කොළ මතු පිට වූ දිස්නය කැපී පෙනුණේ ය.

සියල්ලම..... දීප්තිමත් සැඳෑවක් මැවීය.

විකුම් සිගරැට්ටුවක් දල්වා ගති. නිසල වාතයේ, ගිණි සිළුව ගිණිකූරේ සිට කෙළින් ඉහළ නැඟිණ.

දෙදෙනා සිටියේ තණ පිටිය මැද වූ ලී බංකුව මත ය. දින කිහිපයකට කලින් සිදු වූ සිදු වීමත්, ගොම්මං වේලාවත් විසින් ඔවුන් ගේ සිත් තුළ අමුතුම ගුප්ත බවක් ඇති කළේය.

දෙදෙනාම බලා සිටියේ අඩක් විවර ලී ගේට්ටු අතරින් ඇතුල් වන අඳුරුවන් රුව දෙස ය.

විකුම් වමත ඔසවා ඔරලෝසුව දෙස බැලීය.


‘‘හයයි..... හරියටම.’’

32 comments:

  1. අනේ තවත් ලංස්සන කතාන්දරයක් කියන්නකෝ ඩ්‍රැකී පප්පේ.
    - කා(Ka)

    ReplyDelete
    Replies
    1. කෝ බං ඩ්‍රැකී පප්පේ කොමන්ට් කොටන අනිත් පප්පලා. මට පාළුවේ බෑ. උන් ඔක්කෝම අවතාරයා ගිල්ලද. නැත්නම් සාටකයා ගිල්ලද? ඒත් නැත්නම් සීසර්ට අහු වුනාද?
      - මම කා(Ka) සාටකේට යටවූ ගෝල් දේශේ සිට

      Delete
    2. ගෝල් ඇනෝ, කමක් නෑ බං උඹවත් ආවනෙ. අනිත් උන් ටිකත් අද එයි.

      Delete
    3. ඩ්‍රැකී පප්පේ, සුකිරි පැටියා, පැණි බෝලේ, ලොලේ ලෝල්........ මට හිතෙන්නේ උබේ කතාව දිග ගියා වැඩියි කියා. ඒ කියන්නේ උඹ අපේ කාලය කිසිම ලෝබකමක් නැතුව කනවා. එත් උඹේ ලිවීමනම් ඉතා හොඳා. ඒත් පොඩ්ඩක් අපි ගැනත් අනුකම්පා කරලා සැම දේම පතඅට එකට හින්දාපන්.
      ආපු එකේ ටොක්කක් අනින්න පල්ලෙහා එකෙක් ඉන්නවා. මම ඌට ටොක්කක් ඇනගෙන යන්නම්. මොනවා කරන්නද ඌ අහින්සකයා තමයි.
      - මම කා(Ka) සාටකේට යටවූ ගෝල් දේශේ පප්පා ගමේ සිට

      Delete
    4. ඇනෝ පප්පෙ, උඹෙත් එක්තරා දැක්මක් ඇති බව පේනවා. ලියහංකො බ්ලොග් එකක්. උඹට කියන්න කරන්න දේවල් ගොඩක් තියෙන බව පේනවා. මේ කතාව මෙගා නෙවෙයි බං. කතාවට ඕනෙම කරන සිදුවීම් විතරයි ලියල තියෙන්නෙ.

      Delete
  2. Replies
    1. ඩ්‍රැකී තවදුරටත් කතාව දිගු කරනවානම්, දඩුවම් වශයෙන් බල්ලන් ලවා සපා කවුවන්න අපේ පප්පලා ගමේ ලොක්කා කීවා.
      පොඩ්ඩක් අවදානෙන් හිටහන්, ආයේ ඔය වැරැද්ද කළෝත් ඌව හපා කන වැඩේ උබට තමයි බාර.
      - මම කා(Ka) සාටකේට යටවූ ගෝල් දේශේ පප්පා ගමේ සිට

      Delete
    2. @ දමිත්
      හිතෙන දේවල් බය නැතුව කියන්න. මම හිනාවෙන්නෙ නෑ.

      @ ඇනෝ පප්පා
      අනේ බං මාව දමියට කියල හපවන්න උඹට දුක නැද්ද අෆ්ෆා....?

      Delete
  3. ඔන්න ඇදිල්ල පටං ගත්තො !

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඉලාස්ටික් නෙවෙයි ලංකයියා... අෆහාස විතරක් කොරන්න එපා.

      Delete
  4. ඒ ගමන සිස්ටර් කෙනෙකුට ගේම දෙන්න වගේ යන්නෙ. ඔතන තමයි ඕක වැඩේ වරද්ද ගන්නෙ ඔන්න බලහන්කො. ඔය මොන යක්ෂය උනත් ආගම දහමට යටයි බොලව්.

    තුන් දෙනා සෙට් වෙලා මේ වෙලාවෙම පස්සෙන් එලවන්න ගත්තහම බඩුම තමා.

    ReplyDelete
    Replies
    1. ශානා ගෙ විචාරය හරි වටිනවා. අපි බලමුකො ඉදිරියට.... කතාවක් නැගල යන්න හොද ක්ලයිමැක්ස් එකක් එන්නත් එපැයි.

      Delete
  5. ඔන්න මමත් මේ පැත්තේ ආව.. අද ඉඳන් ඔන්න ඩ්‍රැකී පස්සෙන් මමත් එලවනවා..

    ReplyDelete
    Replies
    1. අඟහරුවත් සාදරයෙන් පිළිගන්නවා. උඹ ඔය පොඩි වයසට කරන තරම අපි හැමෝටම ආදර්ශයක් කියල මට හිතෙනවා. උඹට ජය!

      Delete
  6. මේකේ ඌරුව ටිකක් "චන්දන මෙන්ඩිස්ගේ "පරිවර්තන වගෙයි, මම හිට්නාන්නේ උඹ සාර්ථකව ගුප්ත් බව රඳවා ගන්නවා කියලයි.

    ReplyDelete
    Replies
    1. පොර ටෝක් දෙනව නෙමේ ඉවෝන්. මේ කතාව පාරාදීසය සඟරාවෙ පළ වුනේ 1999 දි. එතකොට චන්දන මෙන්ඩිස් පරිවර්තන ක්ෂේත්‍රයට ඇවිත් නෑ. මගෙ උත්සාහය අගය කිරීම ගැන ගොඩක් ස්තූතියි. මං හිතනවා තව ඉස්සරහට කතාවෙ ශෛලිය වෙනස් වෙයි කියලා.

      Delete
  7. කියවූවෙමි අදත්

    ReplyDelete
    Replies
    1. කියවූවෙමි මමත්.

      Delete
    2. දියව් අදහසක්
      (පද පූර්ණය මිසිස් ඩ්‍රැකියා විසිනි)

      Delete
  8. ඕකනෙ බොල කරන්න බැරි...කාලෙකට පස්සෙ එද්දි කොටස් බර ගාණක් එකතු වෙලා...ලියහංකො එක දවසින් ඉවර වෙන ඒවා....මාලා නාටක නැතුව...

    ReplyDelete
    Replies
    1. අම්මෝ සිරා! උඹ දැක්කම දැනෙන සනීපෙ. කොටස් හයයිනෙ බං. බලල අදහසක් දියං. උඹට මැලේ රාළ හම්බුණාද?

      Delete
    2. මම තාම උගෙ බොග කියවලත් නෑ...මේ සැරේ ඔලුව දාපුවාම තමයි එහෙම එකෙක් ඉන්නවා කියලා දන්නෙ.මැලේ රාල ඉන්න පලාතෙම තමයි මමත් ඉන්නෙ...ඉදිරියට බලමු.

      Delete
    3. ඉතිං, උඹේ තොරතුරු මොනවද?

      Delete
  9. විවේචන වලින් සැලෙන්නෙ නැතිව දිගටම ලියපං,කතාව ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි හැලපයියේ. දිරිගැන්වීම මාර වටිනවා.

      Delete
  10. මාත් කියවලා ගියා.. ඔහොම ලියාගෙන යමු කො.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන, සටහනට....

      Delete
  11. ඇත්තටම? මේ කතාව 1999දි පළවුනා කිව්වා? ඒ කියන්නේ ඩ්‍රැකී වෙනත් නමකින් පත්තර සඟරා වලට ලියපු ලේඛකයෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඩූඩ් මේ කොටස කියෙව්වද? ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා.

      Delete
    2. හ්ම් හ්ම්.. ඒක කියවලා තිබ්බේ නෑනේ. ස්තුතියි ඩ්‍රැකී ලින්ක් එකට.

      Delete
  12. මේක ඉංගිරිස් නම් වලින්ම දැම්මා නම් ගොඩක් හොඳයි draki.. අපේ හිතින් ඉල්ලන්නේ ඉංගිරිස් උරුව .. 7 වෙනි කොටසට යමු බලන්න...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙත් කීප දෙනෙක්ම කිව්වා සහන්, මට ඕනෙ වුනේ සිංහල කතාවක් ලියන්නයි. ස්තූතියි මේ විදිහට කියවන්න වෙලාව කැප කිරීම ගැන.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි