මෙතෙක් කතාව
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
‘‘ඔයා කලින්ම ඇවිත්’’ ඔහු දිගු කළ අත විකුම් අල්ලාගත් විට තරුණයා ගේ
සිරුර පුරා සියුම් වෙව්ලීමක් දිව ගියේ යැයි අකිල සිතීය.
-------------------------------------------------
-----------------------------------------------------
4 කොටස
5 කොටස
6 කොටස
දෙදෙනාම බලා සිටියේ අඩක් විවර ලී
ගේට්ටු අතරින් ඇතුල් වන අඳුරුවන් රුව දෙස ය.
විකුම් වමත ඔසවා ඔරලෝසුව දෙස බැලීය.
‘‘හයයි..... හරියටම.’’
කළු වස්ත‍්‍රධාරියා අකම්ප්‍ය පද
පාතයෙන් මිතුරන් දෙදෙනා වෙත පියනඟා ආයේය.
විකුම් නැඟී සිටියේ ය. ඔහුගේ මුවෙහි
නැඟුණු සුහද සිනාව එලෙසම ගල් ගැසිණ. ආගන්තුකයාගේ හැඟීම් රහිත සුදුමැළි මුහුණින්,
තරුණයාගේ මිත‍්‍රශීලී බව නතර කෙරුණාක් මෙනි.
‘‘ඔයාගෙ යාළුවා.....’’
‘‘මේ අකිල.....’’ විකුම් තම මිතුරා දෙස බලා මඳ සිනාවක් පෑවේය. ‘‘මේ ඇඩම් ඇන්ඩර්සන්’’
‘‘අඳුනගන්න ලැබීම සතුටක්’’ ඇඩම් තම සුරත දිගු කළේය. එය අල්ලාගත් අකිලට
තම ඇඟිලි මත මෘදු සීතල පහසක් දැණින.එම දිගු ඇඟිලි තුළ වූ අයෝමය ශක්තිය ද ඔහුට
නොදැනී නොගියේ ය. කෙසේ හෝ එය සුරක්ෂිත බවින් පිරුණු සුරතක් විය.
‘‘ඉතින්,’’ ඇඩම් ඔවුන් දෙදෙනා අතරින් ඉඳගති. ‘‘අපි අඳුනගත්තා....., අපි
දෙගොල්ලොම එක පැත්තෙ බව දැන නොගන්න, ඔය
දෙන්නා අපරාදෙ මා පස්සෙ ඇවිත් මහන්සි වෙනවා.’’ ඒ සීතල ස්වරයේ, තමන් ගැනම වූ අධිතක්සේරුවක සේයාවක්
විකුම් ට හැඟිණ.
‘‘හොඳයි..... අපි කතාව පටන් ගමු එහෙනම්.
මම හිතන්නෙ ඉස්සරවෙලාම මම පැහැදිළි කරන්න
ඕනෙ, ඇයි මම මේකට මැදිහත් වෙන්නෙ කියන එක.’’ ඇඩම් දෙදෙනා දෙසම බැලීය.
‘‘මම පැරාසයිකොලොජිස්ට් කෙනෙක්.....’’
අකිල විකුම් දෙස බැලීය. ඔහුගේ දෙනෙතේ
වූ බැල්ම ඇඩම්ට හසු නොවී ගියේ නැත. ඔහු මඳ සිනාවක් පැවේය.
‘‘මම..... ඒ කියන්නෙ..... අපි මෙහෙම
තේරුම් ගමු. දැන්..... මේ ලෝකෙ, මේක භෞතිකයිනෙ. ඒ කියන්නෙ, අපිට පේන, ඇහෙන, ස්පර්ෂ වෙන දේවල් තමයි තියෙන්නෙ. ඒ
කියන්නෙ..... ඒ කියන්නෙ ඒ හැම දේකම පැවැත්ම අපිට තාර්කිකව ස්ථිර කරන්න පුළුවන්.
නමුත්, කොහොමද, අපට එහෙම තාර්කිකව ඔප්පු කරන්න බැරි දේවල් ගැන?’’
‘‘ඒ කිව්වෙ?’’ අකිල අමුතු දෙයකට හුරු වීමට තැත් කරන දරුවෙකු, වැඩිහිටි ගුරුවරයෙකු දෙස බලන්නා සේ ඇඩම් දෙස
බැලීය. විකුම් සිය සුරතේ ඇඟිලි තුඩු මතට හිස පහත් කරගති.
‘‘මේ ගැන හිතන්න, මනෝ විද්‍යාව කියලා ලොකු විෂයයක් තියෙනව,
යුරෝපයේ නම් දැනට අවුරුදු දෙසීයකට වඩා කල් ඉඳන්,
පෙරදිග නම් අවුරුදු දෙදාහකට වඩා කල් ඉඳන් මේ
ගැන කතිකාවල් ඇති වෙලා තියෙනවා. ඒත්, මිනිස්
මනස තියෙන්නෙ සිරුරේ මොන ප‍්‍රදේශයකද? සිරුර
මිය ගියාට පස්සෙ මනස ට මොකද වෙන්නෙ? මිනිස්
මනස අපි කොහොමද තියෙනවද නැද්ද කියලා භෞතිකව ඔප්පු කරන්නෙ?’’
අකිල ඇසි පිය නොහෙළා පාරමනෝවිද්‍යාඥයා
දෙස බලා සිටියේ ය. විකුම් සිගරැට්ටුව එක දිගට උරමින් ගැඹුරු කල්පනාවකට වැටී සිටින
බවක් පෙනිණ.
‘‘.....අන්න ඒක තමා මගෙ සබ්ජෙක්ට් එක. අරමුණක
දැඩිව එල්බ ගෙන හිටපු මනසක්, සිරුර මිය ගියාට පස්සෙත් ඒ අරමුණ ඉටුකර
ගන්න උත්සාහ ගන්න අවස්ථා, සෑම සංස්කෘතියකින්ම වගේ, සෑම කාලයකදිම වගේ වාර්තා වෙලා තියෙනවා......’’
‘‘හොල්මන්, අවතාර වගේ දේවල් කොහොමද අපේ කටයුත්තට සම්බන්ධ වෙන්නෙ?’’ අකිල හරස් කැපීය.
විකුම් සිගරැට්ටුව උගුරු දෙක කිහිපයක්
තිබියදී බිම අතහැර, එය නිවෙන පරිදි පයින් පෑගීය. අඳුරු
වස්ත‍්‍රයෙන් සැරසුණු මිනිසා අකිල දෙස හෙළූ බැල්මේ වූයේ අමුතුම හැඟීමකැයි තරුණයාට
සිතින.
‘‘මම එන්න ආවෙ එතනට තමයි.’’ ඇඩම් සෙමෙන් කීය. ‘‘.....කෙල්ලො දෙන්නෙක් දැනටම මැරිලා..... ඇඟේ ලේ
පොදක්වත් නැතුව..... මළ සිරුරු මල් වලින් සරසන පුරුද්දකුත් පේන්න තියෙන හින්දා මේ
දේවල් කරන්නෙ සතෙක් නෙවෙයි කියලා හොඳටම සහතිකයි..... කෙල්ලන්ගෙ ලේ උරාගෙන මරලා
දාන්නෙ වෙන මොකෙද්ද අමනුෂ්‍යයෙක් නෙවෙයි නම්?’’ ‘අමනුෂ්‍යයෙක් යන වදන ඔහුගේ මුවින් පිටවූයේ ඊටම
ආවේණික වූ ස්වරයකිනි.
දුර්මුඛ වූ අකිල ඔහු දෙස අසිපිය නොහෙලා
බලා සිටියේ ය.
‘‘ඔයාගෙ සබ්ජෙක්ට් එක අනුව නම් ඒක හරි.’’
විකුම් හරස් කැපීය. ‘‘.....ඒත් දන්නවද මානසික රෝග, ලේ සම්බන්ධ ජානමය රෝග තියෙනවා.....’’
‘‘පොර්ෆීරියා, හීමැටෝඩිප්සියා වගේ.....’’ කළු වස්ත‍්‍රධාරියා කීය. ‘‘මම දන්නවා මහත්තයා..... මේවත් බලන්න එහෙනම්.’’ ඔහු සිය කබායේ ඇතුල් සාක්කුවකින් ගත් ගොනුවක්
විකුම් වෙත දිගු කළේය.
පැරණි, අව පැහැ ගැන්වුනු ගොනු කවරයකට මැදිවූ කහ පැහැ ගත් පත්තර පිටු රැසක්
විකුම් දිගහැරියේ ය. දිවයිනේ උප නගර කිහිපයකින් වසර ගණනාවකදී වාර්තා වූ සිදුවීම්
එම ගොනුවේ පැවති බව පෙනිණ.
‘‘මේ සිද්ධි රැල්ල මම අධ්‍යයනය කරන්නෙ
කොයි කාලෙ ඉඳන්ද කියල පේනවා ඇති. පටන් ගත්තෙ බදුල්ලෙ ෆයර්මවුන්ට් වලින්. එක ටවුමක
මරණ දෙක තුනකට වඩා වුනේ නෑ. මම මේ තැනැත්තා හොයාගන්න ළං වෙනකොටම, ඒ ටවුමෙන් අතුරුදහන් වෙලා, ආයෙ ටික කාලෙකින් වෙන තැනකින් මතු වෙනවා. ’’ ඔහු තරුණයන් දෙදෙනා දෙස ක්ෂණික
බැල්මක් හෙළීය. ‘‘මේ වගේ දක්ෂ මිනිස්සුන්ගෙ උදව් මට
කලින් ගිය කිසිම තැනකින් ලැබුනෙ නෑ. මේ පාර අපිට මඟඇරෙන එකක් නෑ කියල මට විශ්වාසයි.’’
කොණක මේසය මත වූ ඉටි පන්දම් කොටය වටා
වූ කුඩා ප්‍රදේශය හැර, මුළු කාමරයම අඩ අඳුරේ ගිළී තිබිණ. මේසය
අසළ වාඩි වී, මේසය මත හිස ගසාගෙන සිටි තරුණයාගේ
දෙවුර හා හිස මත ඉටි පන්දමේ මළාණික ආලෝකය වැතිර තිබිණ.
ශාම් අත දිගහැර මේසය මත වූ වතුර
ජොග්ගුව ගත්තේය. මෙයින් පිළියමක් නොවන බව ඔහු දත්තේ ය. සිය නිදහස් චර්යාව තවදුරටත්
තාර්කිකව ‘සියල්ල හරි’ වූයේ නැත. පසෙකින් තම ශරීරාභ්‍යන්තරයෙන් පැණ නැඟී දින ගණනක් තිස්සේ
දැවෙන පිපාසිත බව ය. තවත් අතකින්.....
ශාම් නැගිට්ටේය. ජොග්ගුව වැරෙන් එසවූ
හෙතෙම, එය දෙතොළට තබා, එහි වූ දිය, උගුරු දෙක තුනට හිස් කළේ ය. අවසන් පොද දක්වා දැල්වුනු වූ ඉටි පන්දමේ
කිරි මත වැතිරුණු තිරයෙන් නැගි සිළ, දැවී
කෙළවර වන්නට පෙර දීප්තිමත් ආලෝකයක් විහිදා, අවසන් හුස්ම මරුවිකල්ලෙන් මෙන් දැඟලීය. තරුණයා වැසිකබායත්, කැප් තොප්පියත් ගෙන දොරින් පිටතට අඩිය තබනවාත්
සමඟ..... ඉටිපන්දම් දැල්ල එක්වරක් උඩ පැන අතුරුදන් විය.
සිතිවිලි වලට ඉඩ නොදීමට මෙන් ශාම්
සෙමෙන් නමුත් ඒකාතනමය පියවරින් ලී තරප්පු පෙළ බැස ආයේ ය. මීදුමින් හා අඩ අඳුරින්
වැසී ගිය පාරේ සෑම අතකම මිනිසුන්ගේ අඳුරු ඡායාවන් පිරී තිබිණ. හාත්පස සෙමෙන්
පැතිරී ගිය සීතල සුළඟින් ඔහුගේ ගත පුරා හිරිගඬු නැංවිණි. එතරම් ආයාසයක් නොදරමින්
හෙතෙම පාර මතට පිය ගැසීය.
භෝජනාගාරය ඇතුළත පැතිරුණු උණුසුම හුස්ම
හිර කරන්නට තරම් විය. සිගරැට් දුම මීදුමක් සේ තුනීව හාත්පස පැතිර තිබිණ. බීමත්
වූවන්ගේ ඝෝෂාවෙන් වායුගෝළය ඉතා ප‍්‍රාණවත් බවක් ඉසිළීය.
ඈත මුල්ලක වූ මේසයක කෙසඟ සුදුමැළි
තරුණයා වූයේය. ඔහු ඉදිරිපිට හිස්වන්නට ආසන්න බියර් බෝතලයක් විය. මත්පැනේ මෝහනයට
වෙනස්, ගැඹුරු මත් බවකින් අඩවන්ව තිබූ ඔහුගේ
ඇස්,පිටතට ප‍්‍රකට නොවූ දීප්තිමත්
ගින්නකින් ඇවිළෙමින් තිබිණ. පෙනෙන්නට තිබුණේ, ඔහු පීඩා විඳිමින් සිටි අභ්‍යන්තර ව්‍යාකූලත්වය තව තවත් වැඩි වන
බවකි.
‘‘මිනිහව මම කලින් මෙහෙදි දැකල නෑ.....?’’කවුන්ටරයට පිටදී ආලස්‍ය ලීලාවෙන් සිටගෙන සිටි
තරුණිය බාර් කරු ට කීවාය.
‘‘පුරුදු කාරයෙකුත් නෙවෙයි වගේ.....’’
බැරෑඬි කටහඬින් පිරිමියා පිළතුරු දුනි. ‘‘එක බියර් බෝතලේටනේ ඔය ඇද වෙලා ඉන්නෙ’’
තරුණිය මඳ සිනාවක් පෑවාය.
‘‘මිනිහට බියර් බෝතලේට වඩා දෙයක් නම්
දෙන්න පුළුවන් වගෙයි’’ බාර් කීපර් කෞතුක බැල්මක් මුහුණට නඟ
ගනිමින් කීය.
‘‘හ්ම්.....’’ තරුණිය ශාම් දෙස නැවතත් බැලූවාය. ‘‘මට දෙනවද කහපාට ටින් එකක්? වැඩ ඉවර කරල යද්දි ගෙවන්නම්...’’
සියුම් සිනහවකින් උඩු තොළ ඇද කරගත්
පිරිමියා පමණට වැඩි අවධානයක් යොමු නොවන සේ කවුන්ටරය පහතට අත යොමා බියර් කෑන් එකක් රැගෙන දුන්නේය. තරුණිය එයද රැගෙන අලස ලාලිත්‍යයෙන් ශාම් ගේ
මේසය වෙත පිය නැඟුවාය.
‘‘එක්ස්ක්‍යූස් මී.....’’
ශාම් ගේ හිස සෙමෙන් ඉහළට හැරවිණි.
මනස්කාන්ත සිනහවකින් මුව සරසාගත් යුවතියක්.....
‘‘මම මෙතන ඉඳගන්නද?’’
ශාම් හිස සැළීය. ඒ අතර ඔහුගේ අඩවන්
දෑස් නිදැල්ලේ ඇගේ සිරුර පුරා දිව ගියේය. සනීපාරක්ෂක සමාගමක නම සඳහන් වූ, ඇඟට ඇළුණු කළුවන් ඇඳුම, තද රත් පැහැ තොල් ආලේපන, අඳුරුවන් දෑස්..... ඇගේ සිරුරේ ආකර්ෂණීයත්වය
තවත් වැඩි කළේය.
මීළඟ කොටස...
මීළඟ කොටස...
ලියමු ලියමු දිගට ම.
ReplyDeleteටැංකුයි දිගටම කියවලා දිරි ගන්වනවට
Deleteදැන්නම් කතාව වෙන පැත්තකට ගලාගෙන යනව වගේ. මගෙ අනුමානයක් හරි. ශාම් වැම්පරයෙක්. ඔය කෙල්ල ඉල්ලගෙන කන්න හදන්නෙ. හැබැයි මේක අර තුන් දෙනාගෙ ගැටයක්ද දන්නෑ. එහෙම උනොත් නම් ශාම්ට ගේම සෙට්වෙනව.
ReplyDeleteශානගෙ අදහස් නම් මාරයි ඈ....
Deleteගැටළුව එන්න එන්නම සංකීර්ණ වෙන පාටයි.අද කතාව තව පැත්තකට යනවා.
ReplyDeleteආ... හැලපයිය මොකෝ බ්ලැක් ඇන්ඩ් වයිට්?
Deleteස්තූතියි හැලපයියෙ මගෙ ලියවිල්ල රස විඳින්න එනවට. තව ටිකයි.
හ්ම්... දැන් මොකද වෙන්නේ... බලාන ඉන්න තමයි වෙන්නේ.
ReplyDeleteවැඩි දවසක් බලන් ඉන්න වෙන එකක් නෑ අයිලාස්....
Deleteඊළඟ කොටස ඇඩල්ස් ඔන්ලිද .......?
ReplyDeleteචී..... ඉවෝන් වල් කතා කියනවා.... යන්න යන්න වල් පඳුර
Deleteපහුගිය දොහේ මේ පැත්තටත් එන්න බලා හිටියත් නිතරම දැක්කෙ - කොටස කියල තියෙනව, මැදින් කියවල වැඩක් නෑනේ, මුල ඉඳන් කියවන්නත් කම්මැලි නිසා කතාව ඉවර වෙනකන් බලං හිටියා. :)
ReplyDeleteකමක් නෑ, කතාව මුල ඉදන් කියවලාම ආයෙ කමෙන්ට් එකක් දාන්ට එන්නම්.
ඕන් කියෙව්වා, කමෙන්ටුත් සමඟම. අද මම පැය ගානක් මේ බ්ලොගේ.
Deleteඩ්‍රැකී හොඳට ලියනවනේ, හැබැයි මේ ඩ්‍රැකියුලා කතාවල (මේ කතාව ඕන නම් ඉදිරියට ඩ්‍රැකියුලාවෙක් නැතිගානට ම ලියන්නත් පුළුවන් වගේ, තවමත් ඔහු හරියට ම නිරාවරණය වෙලා නෑනේ) පසුතලය වශයෙන් සමකය ආසන්නයෙ රටකට වඩා, තෙත් අඳුරු මීදුම් සහිත පාළු ගුප්ත පරිසරයක් තියෙන, යුරෝපයෙ රටක පිටිසර පළාතක් ඉතාමත් ම උචිතයි කියල මට හිතෙනවා. කමක් නෑ, ඔබ අපේ රටෙත් ඊට හරියන පැත්තක් තෝරගෙන තිබෙනවා.
මම මුලින්ම වැම්පයර් කතාවක් කියෙව්වෙ නවයෙ පන්තියෙද කොහෙද ඉද්දි. ඒ චන්ද්‍ර අනගිරත්න මහත්මය පරිවර්තනය කරපු බ්‍රෑම් ස්ටෝකර්ගෙ කවුන්ට් ඩ්‍රැකියුලා පොත. මහ රෑ නිදි මරාගෙන ඔය පොත කියවද්දි ඇති වුනු හැඟීම දැනුත් මට මතක් කරගන්න පුළුවන්. පොතේ ඉතුරු උන ටික පහුවදා ඉස්කෝලෙත් ගෙනිහින් කියෙව්ව මතකයි. ඒ කතාවට අනුව ඔය ලේ උරාබොන ඩ්‍රැකියුලාවෙක්ට ගොදුරු උනු අයත් මරණින් මතු ඒ තත්ත්වෙට පත්වෙනවය කියනවනේ කවුරුන් හෝ ලී උලකින් හදවත සිදුරු කර ඔහුගෙ ආත්මයට ගැලවීම ලබාදෙන තෙක්. ඒ වගේම ඔහු නිදාගන්නෙ මවු රටේ පස් මත පමණය, බලය පතුරවන්නෙ හිරු බැසගිය පසුවය, සුදු ළූණු මල් - ලී උල් - (කුරුසය) මේ කතාවෙ නම් අපි තවම එතරම් දේ හමුවුනේ නෑ. ඒ නිසා ඩ්‍රැකී අන්තිම තුරුම්පු එළියට අදිනකන් බලාසිටීම තමයි හොඳම දේ.
චන්දන මෙන්ඩිස් මහත්මයගෙ ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් පොත ගැනත් කියවල තියෙනව දැක්ක කමෙන්ට් එකකදි,මතකද මෙන්ඩිස් මහත්මය පරිවර්තනය කරපු සිව් රහස් සලකුණ පොතෙත් තිබ්බා ‘ලේ උරාබොන වැම්පයර් භීෂණය‘ කියල කතාවක්. ඒකෙදි ෂර්ලොක් හෝම්ස් වොට්සන්ට කියන්නෙ මේ වැම්පයර් කතා පිස්සු විකාර කියල. ඒවා හුදු පුරාවෘත කියල විතරයි ඔහු හඳුන්වන්නෙ. ඉතිං ඩොයිල්ගෙ හෝම්ස් එහෙම කියද්දි චන්දන මෙන්ඩිස් මේ බ්‍රෑම් ස්ටෝකර්ගෙ පොතේ චරිත ටිකම දාලා අමුතු හෝම්ස් කෙනෙක් මවල වෑන් හෙල්සිං විකටයෙක් කළාම මම පොත කියවල චන්දන මෙන්ඩිස් මහත්මයගෙන් ඒ ගැන විමසල ලිපියක් දැම්මා. ඔහු මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරල පරිවර්තනයට යොදා ගත් මුල් ඉංග්‍රීසි පොතේ පිටු කිහිපයක් ෆොටෝ කොපි කරලත් එව්වා.
//‘‘මේ ෂර්මන් ෆර්නැන්ඩස්’’//
මේ නම වගේ එකක් අහල පුරුදුයි වගේ, දෙයියනේ.. පොරව විස්තර කරපු හැටි. මටම හිනහයි. :)
මේ පෝස්ට් එකේ උඩින් දාලා තියෙන ප්‍රොෆෙසර් සෙවරස් ස්නේප් මුල ෆිල්ම්වලදි නිකන් වැම්පයර් කෙනෙක් වගේ පෙනුනට අග හරියට යද්දි පෙන්නන්නෙ පෙන්නුව තරමට යකා කළු නෑ කියලනේ. පොරගෙ ලුක් එකනම් ඉතිං ඩ්‍රැකී වගේ තමා.
අම්මෝ ඩීඩීටී!
Deleteමුලින්ම මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා. මේ පැත්තෙ පැය ගාණක් ගත කරන්න කාලය කැප කළ එක නං මට මාර වටිනවා. මේ කමෙන්ට් එක කියවද්දි මගෙ පපුවට මාර විදිහට බරක් දැණුනා.
වැම්පයර්ද, නැද්ද කියන කුතුහලය බැලන්ස් කරමින් තමා මේ කතාව මට ලියන්න ඕනෙ වුනේ. එක කතාවක පොයින්ට්, ශෛලි සහ කථාංග කීපයක් ඇතුළත් කරන්න පුළුවන් බව අත්හදා බලන්න ත් මට ඕනෙ වුණා. පසුබිම තමන්ගෙ රටට අදාළ කරගත්තහම කතාව පාඨකයාට සමීප අත්දැකීමක් වෙනවා. ඒකයි බ්‍රෑම් ස්ටෝකර් ගෙ නවකථාවෙදි ඩ්‍රැක්‍යුලාව එංගලන්තයට ගෙන්නන්නෙ.
මාත් මුලින්ම කියවපු වැම්පයර් කතාව ඩ්‍රැක්‍යුලා. මාත් ඒක කියෙව්වෙ මහ රෑ ඉටිපන්දමක් පත්තු කරං, බය වෙන්නම හිතාගෙන. ඩීඩීටී සඳහන් කරන වැම්පයර් වරුන්ගෙ ලක්ෂණ වට්ටෝරුව, මගෙ මේ කතාවෙදිත් ෂර්මන් අනිත් දෙන්නට විස්තර කරන කොටසක් තිබ්බා. පස්සෙ මං ඒක අයින් කළා. මට හිතුනා ඒක හරියට ඩ්‍රැක්‍යුලා පොතේ කොටසක් උපුටාගෙන පේස්ට් කළා වගේ කියලා.
ඩ්‍රැක්‍යුලාට එරෙහිව හෝම්ස් පොත කියවපු වැඩිදෙනාගෙ අදහස ඕක තමා. ඒක චන්දන මෙන්ඩිස් ගෙ වැඩක් නෙමේ, පසුකාලීන ඉංග්‍රීසි ලේඛකයෙක්ගෙ වැඩක් කියලා මමත් හොයාගත්තෙ විකියෙන්. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ප්‍රතික්ෂේප කරන සංකල්ප සහ පිළිගන්න බොරු සංකල්ප කීපයක්ම ඔරිජිනල් හෝම්ස් කතා වලින් දැක ගන්න පුළුවන්.
ෂර්මන් ගෙ නම ගැන මට හම්බවුණ එකම කමෙන්ට් එක මේකයි. කමක් නෑ. එකෙක් හරි ඒක දැක්කනෙ නේද?
ස්නේප්ස් ට රඟපාන නළුවගෙ ලුක් එක, හැසිරීම ඔහොමමයි. එයාගෙ තවත් ෆිල්ම් එකක මම දැක්කා. ෂර්මන් ගැන 1999 දි මං විස්තර කරපු දේවල් 2013දි ආයෙ කියවද්දි මගෙත් හිතේ මැවුණෙ පොරයි, රොබින් හුඩ් එකේ බැරන් බෙලීමීවයි තමා.
ස්තූතියි ඩීඩීටී. ඔයාගෙ විචාරය, විග්‍රහය මට මාර විදිහට දැනුනා.
ඩ්‍රැකියෝ මට මේ කතාවේ මුල් කොටස් මගැරුණා. හැකි විදියට ඒවත් කියවලා බලන්නං. ඒත් මට අවංකව හිතෙනවා කොටස් ගණනාවකින් කියන කතා බ්ලොග් කලාවට එතරම් සුදුසු නොවේ කියා. උඹේ මුල් කතා මොනතරම් වටිනවද බලපං මේවට වඩා.
ReplyDeleteඇත්ත තමා නලීන්, මේ මාලා නාටකය මගෙත් අත පය බැඳ දාලා කියලා මට දැනෙනවා.
Deleteපුළුවං විදිහට මේක කියවලා අදහසක් දෙන්න. මේකෙ අනාගතය ගැන මට නිශ්චය කරගන්න ඒක ගොඩක් වටිනවා.
ඇදෙ මෙය එන්නෙන් එන්නම අපේ ඔලුව අවුල් කරනවා අප්පා ...... අපි මේවා කියවන්න එන්නේ ඕව කරගන්නද
ReplyDeleteඇයි රාළෙ, මිස්ටරි කතා කියවන්නෙ ආයෙ වෙන මොකටෙයි?
Deleteකතාව ලියවිල්ල/වචන හැසරවිල්ල,කුහුලත්වය ඇතුළු ඔය තව මොන මොනවද එක්ක ලියවිල්ල හරි අපුරුයි මල්ලියො.
ReplyDeleteස්තූතියි ස්තූතියි කෙංජි අයියා...
Deleteහ්ම්ම්ම් යන් යන්
ReplyDeleteහ්ම්ම්ම් වරෙං දමියා වරෙං දිගටම...
Deleteඅම්මෝ...
ReplyDeleteශාම් කියන්නේ වැම්පයර් කෙනෙක්ද එතකොට?? ලංකාවේ වැම්පයර් කතාවක් කියවන පලවෙනි වතාවද කොහෙද.
අඟහරුවා කියවල නැද්ද ඩීමන් ආනන්දගෙ ‘ඩ්‍රැක්‍යුලාගෙ මනාලියෝ‘ ? හැබයි ලංකාවෙ චරිත ඇති වැම්පයර් කතා නං මාත් කියවලා නෑ තමා. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගෙ ‘මහහේනේ රීරි යකා‘ ත් ටිකක් ඒ වගේ.
Deleteස්තූතියි මාර්ස්. දිගටම එන්න. මාත් ඔය පැත්තෙ එනව පුළු පුළුවන් විදිහට.
මේක සාම්ප්‍රදායික ඩ්‍රැකියුලාගෙ වර්ගයට අයත් නැති විද්‍යාත්මක ඩ්‍රැකියුලෙක් ගැන කතාවක් කියල මට හිතෙනවා. අර මනස ගැන කියන කතාව තමයි ඉඟිය..
ReplyDeleteසරත් ගොයිය හරි මිනිහා, කතාවෙ ඇතුලෙ දැකල තියෙන දේවල්.....
Deleteමම උඹේ ලියවිල්ල තව දියුණු කරගන්න පුලුවන් විදියක් කියන්නම් මට හිතෙන හැටියට.
ReplyDeleteලියවිල්ලේ තියෙන්න ඕනෙ consistency එකට පොඩි හානියක් වෙන තැනක් දෙකක් මම දැක්ක. මේ බලාපංකො.
>>කළු වස්ත‍්‍රධාරියා අකම්ප්‍ය පද පාතයෙන් ...<<
මේක හෙන බර කෑල්ලක්. ඇත්තෙන්ම මට තේරුනෙත් නෑ මේකෙ අදහස.
>>කොණක මේසය මත වූ ඉටි පන්දම් කොටය වටා වූ කුඩා ප්‍රදේශය හැර, මුළු කාමරයම අඩ අඳුරේ ගිළී තිබිණ. මේසය අසළ වාඩි වී, මේසය මත හිස ගසාගෙන සිටි තරුණයාගේ දෙවුර හා හිස මත ඉටි පන්දමේ මළාණික ආලෝකය තෛලාලේප කරන්නා සේ වැතිර තිබිණ.<<
මේක සාමාන්‍ය වාක්‍යයක් 'තෛලාලේප' කියන වචනේ ඇර. මම ඒ වචනේ අහලා නැති වුනත් තේරුම් ගන්න පුලුවන් මේ තෙල් ආලේප කරලා කියන අදහසයි කියලා.
>>කවුන්ටරයට පිටදී ආලස්‍ය ලීලාවෙන් සිටගෙන සිටි තරුණිය බාර් කීපර් ට කීවාය.<<
දැන් අර උඩ තිබිච්ච ඉට්ටැයිල් එකට 'බාර් කීපර්' කියන වචනේ එච්චර යන්නේ නෑ නේද?
අන්න ඒකයි CONSISTENCY ප්‍රශ්නේ.
@ හෙන් රි... ෂා!!!!!බොහොම හොඳ උපදෙසක් සරළව පැහැදිලි කරලා.අපිටත් ඉගෙනගන්න පුලුවන්.
Deleteහෙන්රි ඇවිල්ල අපි සැමගේ සම්පතක්.ඩ්‍රැකී මල්ලීය උපදෙස් පිලිපදියි.
Delete@ ඩූඩ්
Deleteකතාවෙ භාෂාවෙ මොකද්දෝ මෙව්ව එකක් තියෙන බව දැක්ක. ඒත් ඩූඩ් ඒක හරියට පොයින්ට් එකට පෙන්නල දීල තියෙනව. ඒකට ගොඩක් ස්තූතියි
1. ‘අකම්ප්‍ය පද පාතය‘ හරියට සංස්කෘතයි පාලියි එක තැනට වැටිල වගේ. මේ වචනෙ මං දැක්කෙ කේ. ජී. කරුණාතිලකගෙ මොන්තක්‍රිස්තෝ සිටුවරයා පරිවර්තනයෙ. ඒකෙන් කියවෙන්නෙ මං හිතන්නෙ ඇඟ ගැස්සෙන්නෙ නැති විදිහට අඩිය තියලා ඇවිදින එකට වෙන්න ඕනෙ. හරියට මාච් එකක වගේ.
2. ‘තෛලාලේප කරන්නා සේ‘ කියන එක ඒ වාක්‍යයෙන් අයින් කරන්න පුළුවන් වගේ එහෙම පිටින්ම. ඒකෙන් මගෙ අරමුණට බාධාවක් නෑ වගේ පේනවා.
3. ‘බාර් කීපර්‘ වෙනුවට නම් වචනයක් හොයාගන්න බැරි වුණා.
උදව්වක් කරන්න පුළුවන්ද?
@ අරූ සහ කෙන්ජි
හෙන්රි අපි හැමෝටම විශ්වකෝෂයක් වගේ තමයි.
හෙන්රි අයියගෙ කමෙන්ට් එක දැක්කම මට ලොකු දොළදුකක් විදිහෙ මෙව්වා එකක් ඇතිවුණා කේ. ජී. කරුණාතිලක, ඩබ්. ඒ. සිල්ව වගේ කෙනෙක්ගෙ පොතක් හෙන්රි අයියට කියවන්න දීල අදහස් දැනගන්න. කොහෙද ඉතිං ඩූඩ් ඉංගිරිස් පොත්නේ කියවන්නෙ. :)
Deleteඩ්‍රැකී, ඇත්තෙන්ම මම දන්නේ නෑ බාර් කීපර්ට සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා. මම අදහස් කලේ උඹ බර වචන පාවිච්චි නොකල යුතුයි කියන එක නෙවෙයි.
Deleteමම ඔය වචනේ රවියාගෙන් අහන්නම්.රවියා දවසක් මොකක්ද සයිට් එකකුත් දීලා තිබ්බා මට දැන් මතක නෑ.
මම මොන විශ්ව කෝෂයක්ද බංස්ලා. අන්න රවියා තමයි ඇවිදින විශ්වකෝෂේ. නොදන්න හුන්නස්ගිරියක් නෑ.
@ ඩූඩ්
Deleteනෑ මෙයා, බර වචන වුනත් පාවිච්චි කරන්න ඕනෙ සමාන පරිසරයකදියි. ඒක මට පැහැදිළියි. සමහර වෙලාවට මං කියවන්නන්ගෙ පහසුව තකා 'බයික් එක' වගේ වචනත් යොදාගන්නවා. මොකද තියෙන සිංහල පාරිභාෂික වචනෙ දැම්මම කියවන්න බාධාවක් වගේ වෙයි කියලා. ඉතිං මෙතෙන්දි 'බාර් කීපර්' කියල දැම්මා. මට සිංහල වචනයක් ඕන් නෑ, හරියන සමාන පදයක් තිබ්බනං ඇති.
'හුන්නස්ගිරිය' මාර පර්යාය පදයක් නෙ. :-)
රවි ගෙ බ්ලොග් එකට ලිංක් එකක් දෙන්න බැරිද?
@ ඩීඩීටී
නෑ බං, මයෙ හිතේ ඩූඩ් අපිට බොහොම කාලෙකට කලින් ඒ වගේ පොත් කියවන්න ඇති කියල මට හිතෙනවා. ඒ බව එයාගෙ පරිවර්තන වලින් පේනවා.
අපොයි දෙයියනේ එහෙම අදහසකින් කිව්වා නෙවී...... හෙන්රි අයිය බ්ලොග් ඇරුනම වැඩිපුරම කියවන්නෙ ඉංග්‍රීසියෙන් කියල මම හිතනව, ඒත් එයාට හොඳ කියවීමක් තිබෙනව. ඇඟේ පතේ නොගෑවි ලස්සනට ලියනවනේ. ඒ ස්ටයිල් එකට මම හරිම කැමතියි. ඩූඩ් ගැලපෙන කතාම පරිවර්තනයට තෝරගෙන අපි නිතර දෙවේලෙ පාවිච්චි කරන වචනත් එක්ක අපූරුවට ඒ වැඩේ කරනවා. ඊට අමතරව අනිත් කතා උනත් ඉදිරිපත් කිරීමෙදි බොහෝවිට උපරිම හාස්‍ය රසයෙන් චිත්තරයකුත් එක්ක ඉදිරිපත්කරනවානේ, ඒ ගැන ගැටළුවක් නෑ ඩ්‍රැකී.
Deleteදැන් ඔය ඩූඩ් කිව්ව වගේ වැඩක් මටත් වෙනවා සමහර වෙලාවට. ඔය සාමාන්‍යයෙන් මොනව හරි අවධාරණය කරල ලියන්න ඕන උනාම ලිඛිත භාෂාවෙන් කමෙන්ට් කරනවා, ඒ අස්සට ආයෙ සුපුරුදු විදියට කතාකරන විදියටත් ලියවෙනව. සමහර වෙලාවට කොටල ඉවර වෙලා කියවද්දි ආයෙ හදනවා, සමහර වෙලාවට කම්මැලි කමට එහෙම්මම තියෙන්න අරිනවා.
කරුණාතිලක මහත්මයගෙ පොත්වල අපේ සිංහල ඉගෙනීම අනුව අපිට තේරුම අනුමාන කරන්න වෙන හරියටම නොදන්න වචන හම්බ වෙනවා. ඩබ්. ඒ. සිල්වා මහත්මයගෙ ටිකක් වෙනස් රචනා ශෛලියක් තියෙන්නෙ. ඉතිං කළු වස්ත‍්‍රධාරියා අකම්ප්‍ය පද පාතයෙන් කිව්වම තේරුන්නෑ කිව්වම මට හිතුනෙ ඩූඩ් ඒ වගේ වචන තොගයක්ම කියවල මොනවගේ කමෙන්ට් එකක් දේවිද කියල. එච්චරයි, ඒක නිකන් විහිළුවක් විතරයි බං.
@ DDT...//ඩූඩ් ඒ වගේ වචන තොගයක්ම කියවල මොනවගේ කමෙන්ට් එකක් දේවිද කියල. එච්චරයි, ඒක නිකන් විහිළුවක් විතරයි බං.//
Deleteවිහිළු කරන්න බය වෙන්න එපා බං විහිළු දන්න මිනිස්සු එක්ක. ඔය අකම්පකේ පද පාත කියන අසබ්බෙත් ඔන්න අද ඉගෙණගත්තා.
@ DDT & Aru
Deleteවිහිළු කොරන්ඩ එපා හරිය....?
මාත් දේවල් ටිකක් දැනගත්තා කොමෙන්ට් වලින්,,දිගටම ලියන්න draki
Deleteඅපූ... සාදරයෙන් බොහොම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. ඔයා ආව බවට මං සළකුණක් තියපු පළමු අවස්ථාව නේද මේ? ස්තූතියි දිරිගැන්වීමට.
Deleteමම රවියාගෙන් මේක අහපු තැන ලින්ක් එකම දෙන්නම්. උඹ මං කියනවට ගිහින් ඒකත් කියවලා ගුරුවරියක සමඟ මගේ ජීවිතය සීරීස් එකත් බලාපංකෝ.
ReplyDeletehttp://ranrandil.blogspot.com/2013/09/214-3.html?showComment=1378280705635#c3322323944425629651
රොම්බ තෑන්ක්ස් ඩූඩ්
ReplyDeleteමරු මරු මරේ මරු රු රු රු රු රුඋ.......................
Deleteමොකද්ද මෙයා රු රු රු රු උ....... උඹ කුඹලෙක්ද ? :-ඩී
Deleteමොකද්ද මෙයා රු රු රු රු උ....... උඹ කුඹලෙක්ද ? :-ඩී
Delete