Thursday, December 10, 2020

අවසානයක් නොවේ - 22

 "ඒත් මේ තැනිතලාව අල්ලගෙන තනි පාවිච්චියට නතු කරගන්න උත්සාහ කරපු තවත් ගෝත්‍රයක් හිටියා. නිතරම ආත්මන් ගේ මෙහෙයවීම යටතේ මේ ගෝත්‍රය එක්ක සටන් කරන්න ඔවුන්ට සිද්ධ වුණා.

"අවසානයේ එක දවසක් හවස ගෝත්‍රයේ නායකයන් ගේ රැස්වීමකදී ගෝපාල යෝජනාවක් කළා. ඔවුන් ළඟ තිබුණු ඖෂධීය දැනුම එකතු කරලා, සටනේදී ඇතිවන තුවාල, වේදනාවල් තුරන් කරන, ධෛර්යය සහ ශක්තිය වැඩි කරවන මහා ඖෂධයක් හදන්න...

පළමු වෙනි කොටස

තුන් වෙනි කොටස

විසි එක් වෙනි කොටස


"ගෝපාලගෙ යෝජනාව ගැන ගෝත්‍රයෙ වැඩිහිටියො ඒ තරම් තැකීමක් කළේ නෑ. ඒත් ආත්මන් ඒක පිළිගත්තා. පීතෘ මූලික සමාජයක් වුණු ඒ ගෝත්‍රයෙ ආත්මන් ට කවුරුත් කිව්වෙ 'ආදි පියා' කියලයි. ඔහු සමාජයෙ තමන්ට තිබුණු ගෞරවණීය තැන උපයෝගී කරගෙන, ඒ යෝජනාවෙ වාසිදායක පැත්ත ගැන පැහැදිළි කරලා ගෝත්‍රයෙ සියලුම දෙනා ඒකට කැමති කරවගත්තා. 

"ඉතින් ඊළඟ දවස් දෙකේ හැම දෙනෙක් ම තම තමන් දන්න පෝෂ්‍ය දායක, රසවත්, ඖෂධීය ශාක කොටස්, පස් වර්ග, තෙල්, වගේ දේවල් එකතු කළා. ඒ ගෝත්‍රය හිටපුු තැනිතලාවෙ එක් ගල් කන්දක, ගලෙන් ම හැදුණු පොකුණක් තිබුණා. තුන්වෙනි දවසේ අර නායකයො හත් දෙනා ඒ පොකුණ ඉහළා පිරිසිදු කළා. ඒකෙ තිබුණු උල්පත්වලින් ආපසු පිරිසිදු වතුර පිරී ගෙන එද්දි, අර එකතු කරගත්ත බෙහෙත් ජාති ඒ පොකුණට දැම්මා. ගෝපාල ම හදාගෙන ආවා, ගල් යෂ්ටියක්. ඒක මිනිහෙක් විතර උස, වියත් දෙකක් විතර වටප්‍රමාණය තිබුණු වටකුරු ගලක්. ඒක අර පොකුණට දාලා, ආත්මන් සහ ගෝපාල පොකුණ දෙපැත්තෙන් හිටගෙන යෂ්ටියෙ උඩින් අල්ල ගත්තා. රුද්‍ර එතනට අරගෙන ඇවිත් තිබුණා, පිඹුරු හම් පදම් කරලා අඹරපු දිග යොතක්. ඒක අනික් හය දෙනා අර ගල් යෂ්ටිය වටේ ඔතලා, දෙපැත්තට අදින්න ගත්තා. ඒකෙන් අර ගල දෙපැත්තට කැරකෙමින්, පොකුණට දාපු බෙහෙත් ඇඹරිලා ඒකෙ උනන වතුරට කළවම් වෙන්න ගත්තා.

"පැය ගාණක් ඔය වැඩේ දිගට කරගෙන ගියා. ශක්ති සහ අග්නි වේලාසන ම වෙහෙසට පත් වුණා. ඒත් පිරිමි හතර දෙනා නවත්වන්නෙ නැතුව දිගටම අර හම් යොත දෙපැත්තට ඇද්දා. වෙහෙස නිවෙන තුරු පැත්තකට වෙලා හිටපු ගැහැණු දෙන්නත් ආපහු ඒ වැඩේ ට උදව් වෙන්න ආවා. අන්තිමේ දී, පොකුණෙ තිබුණු මිශ්‍රණය හොඳටම ඇඹරිලා, දිය වෙලා ඉතාම පැහැදිලිව කොටස් දෙකක් විදිහට වෙන් වෙලා පේන්න ගත්තා. එක කොටසක් කොළ පාටත්, අනික් කොටස නිල් පාටත් වුණා. එතනදි ටික වෙලාවකට බෙහෙත මත් ගාන වැඩේ නතර වුණා. 

"ගෝපාල් ට ත් කියන්න බැරි වුණා මේ කොටස් දෙක මොනවද කියලා. මත ගෑම නවත්තනවත් එක්කම අර නිල් පාට දියරය තිබුණු පැත්තට ගහක කොලයක් වැටුණා. වැටුණා විතරයි, ඒ කොළය ඇඹරිලා කලු වෙලා වාෂ්ප වුණා.

"ශක්ති බෙහොම පරිස්සමට ඒ නිල්පාට දියර කොටස බිංදුවක් වත් අහක නොයන විදිහට මැටි භාජනයකට ගත්තා. ඒත් තප්පර ගාණකින් ඒ මැටි භාජනය ඇතුල් පැත්තෙන් දිය වීගෙන යනවා පේන්න තිබුණා. ගෝපාල ගෙනත් තිබුණා ඖෂධය පුරවගන්න, ගල් පාත්‍ර කීපයක්. රුද්‍ර, ශක්ති ගෙ අතින් අර මැටි බඳුන අරගෙන ඒ විෂ දියරය ගල් පාත්‍රයකට පුරවන්න පටන් ගත්තා. ඒත් ඒක ගල් බඳුනට වැටෙන කොටම, සිහින් දුමක් දමමින් ගල් පාත්‍රය ගෙවීගෙන යන්න ගත්තා. 

" 'මේකට තියෙන්නෙ එකම විසඳුමයි' කියපු රුද්‍ර, එක පාරම අර විෂ භාජනය කටේ තියාගෙන බීගෙන බීගෙන ගියා. අනික් අයට එයා නවත්තන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒක ඒ තරම් ක්ෂණිකව සිදුවුණා. ඒ වගේ වැඩක් රුද්‍ර කරාවි කියලා කවුරුවත් හිතුවේ නෑ.

"ශක්ති එතනට දුවගෙන යද්දි එයා විෂ ඔක්කොම බීලා ඉවරයි. ඔහුගෙ මුහුණේ ඉඳන් පහළට කලු වේ ගෙන ආවා. ඒ එක්කම එයා බිම වැටුණා. ශක්ති එයා බිම උඩු අතර වැතිරවලා, පිට ට ගළක් තියලා, හිස පිටුපස ට පාත් කළා. එයා හැදුවේ විෂවල බලපෑම බෙල්ලෙන් පහළට යන්න නොදී ඉන්න. ගල් දණ්ඩ අතෑරපු ගෝපාලුත්, ආත්මනුත්, අනික් අයත් ඒ දෙන්නව වට කරගත්තා...

"බෙහෙත් මත ගෑම ගොඩක් වෙලා යන වැඩක් නිසා ඒ අය වැඩ කරන අතරෙ කන්න බොන්න දේවල් ගෙනත් තිබුණා. එතන තිබුණු එළකිරි බඳුනක් ගත්ත අග්නි, ඇය දන්න බෙහෙත් ජාති කීපයක් කළවම් කරලා, අර පොකුණේ හැදුනු කොළපාට බෙහෙතෙනුත් ටිකක් ඒකට මුසු කරලා, රුද්‍ර ගේ ඔලුව ආපහු ඔසවලා, එයාගෙ කටට වත් කළා. 

"ටික වෙලාවක් යනතුරු මොනවත් වුණේ නෑ. ශක්ති බොහොම හෙමින් අඬන, ඉකි ගහන ශබ්දය විතරයි ඇහෙන්න තිබුණෙ. ඒත් ටිකෙන් ටික රුද්‍ර ගෙ හුස්ම වැටෙන බව, නාඩි ඉතාම දුර්වල විදිහට ගැහෙන බව දැනෙන්න ගත්තා. ඒකෙන් හැම දෙනාගෙම බිය දුරු වුණා.

"අන්තිමේ රුද්‍ර ආපහු සුවපත් වුණා. ඒ වෙනකොට රෑ බෝ වෙලා. ඉතින් අර පොකුණෙ හැදුණු කොළපාට දියරය ගෝපාල් ගෙනියලා තිබුණු ගල් පාත්‍රයකට පුරවගත්ත නායකයො ටික ආපහු ගෝත්‍රයේ උදවිය වාසය කරපු ගල් ගෙය ට ආවා. එදා හැම දෙනාට ම ඉතාම ප්‍රීතිමත් දවසක්. ඒ, බෙහෙත හදා ගන්න පුළුවන් වුණා ටත් වඩා, රුද්‍ර ගෙ ජීවිතය බේරුණු නිසා. හැම දෙනාගෙම යහපත වෙනුවෙන් තමන්ගෙ ජීවිතය නැති කරගන්න පසුබට නොවුණු නිසා හැම දෙනා ම එයාට ගරු කළා..."

"ඒ වගේම අග්නි ටත් ගරු කරන්න ඇති එයාගෙ පණ බේරපු නිසා...?" ඇඩම් දුර්ගා දෙස ට සිය සුරතේ දබරැඟිල්ල දිගු කරමින් ඇසී ය. 

ඇගේ මුහුණ සිනා රැල්ලකින් රැළි වැටුණේ ය. "ඒක තමයි සිදුවුණු ඇත්ත ම සිදුවීම. කාලයත් එක්ක අර කුඩා ගල් පොකුණ සාගරයක් වෙලා. ඊශ්වර දෙවියන්ට තාරා දෙවඟන මව් කිරි ත් පොවලා..." 

"ඉතින් ඊට පස්සෙ අර කියපු ගෝත්‍රය තැනිතලාව අල්ලගෙන අනික් ගෝත්‍රය පන්නා දැම්ම ද?"

"ඒ මොනවත් වුණේ නෑ. එදා මහ රෑ ගැහැණියකගෙ විළාපයක් ඇහිලා ගෝත්‍රයෙ හැමෝම ඇහැරුණා. විළාපය ඇහුණෙ ගුහාවෙ ඉස්මත්තෙ ආත්මන් නිදා හිටපු කොටසින්. ආදි පියා ගෙ බිරිඳ වුණු ලිලී, බිම වැටිලා වියරුවෙන් වගේ දඟලමින් හිටියා. ඒ අසළම ආදි පියා බිම ඇණ තියාගෙන හිසේ අත් ගහගෙන... හැමෝටම සිදු වෙලා තියෙන දේ තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

"ලිලී ට උවමනා වුණා අර බෙහෙත බීලා බලන්න. ඈ කෑදර කෙනෙක්වත්, බලයට හෝ ශක්තියට තණ්හාවක් තිබුණු කෙනෙක්වත් නොවෙයි. ඒත් ඒක කුතුහලය, සාමාන්‍ය මනුෂ්‍ය ගතිය... ඇය ආත්මන් ටත් පෙරැත්ත කරලා, බෙහෙත තිබුණු බඳුනෙන් අරගෙන බීලා. ඒක බීපු ගමන් ම තමන්ට දැනුණු ප්‍රබෝධමත් බව ගැන කියලා, ඔහුටත් ඒ බෙහෙත ඇය පොවලා. ඔය විස්තරය කියලා තප්පර ගාණකින් ආදි පියාත් බිම වැටිලා දඟලන්න ගත්තා. 

"අග්නි ආපහු ගියා රුද්‍ර ට පොවපු කිරි බඳුන අරන් එන්න. ගෝත්‍රයේ හැම දෙනාම ඇය ට උදව් කරන්න ආවා. ඒත්  කණ්ඩායමේ කළබලයට ඒ බඳුන අතෑරුණා. ආපහු ඖෂධ ජාති හොයලා, කිරි දොවලා, ඒක හදාගෙන එද්දි, ආදි පියාත්, ලිලීත් හිටියෙ නෑ. ඔවුන් දෙන්නා ම විනාඩි කීපයක් ඇතුලත ඉතාම විරූපී බිහිසුණු පෙනුමකට හැරුණු බවත්, ඔවුන් ගල්ගුහාවෙන් එළියට දුවපු බවත් ළඟ හිටපු දරුවෙක් කිව්වා. ඒ ගමන නායකයො හත් දෙනා එළියට බැස්සා ඔවුන් හොයන්න. ඒත් ආපහු කවදාවත්, ඒ අය දකින්න හම්බ වුණේ නෑ...

"එතකොට ඒ හැදුණු බෙහෙත, බෙහෙතක් නෙවෙයි ද?" ඇඩම් විමසී ය.

"ඒ බෙහෙත සාන්ද්‍රණය ඉතාම වැඩියි. ඒකයි ලිලිත්, ආත්මනුත් අර තත්ත්වයට පත් වුණේ. ඊට පස්සෙ ගෝත්‍රයෙ කවුරුවත් ඒ බෙහෙත බොන්න එඩිතර වුණේ නෑ. 

"දවසක් රුද්‍ර දඩයමේ යද්දි ඇතෙක් ඔහු හොඬවැලෙන් අල්ලලා උඩ දාලා, බිම ගහලා පාගලා දැම්මා. ඒත් ඔහු ආපහු නැගිට්ටා, කිසිම හාණියක් නැතිව. තමන්ට කිසිම වේදනාවක් නොදැනුණු බව ඔහු කීවා. ඒ ගමන තමයි අග්නි සකස් කරලා ඔහුට පොවාපු බෙහෙත ගැන ආපහු නායකයො හත් දෙනා කතා කරන්න පටන් ගත්තෙ. 

"දිග විස්තරයක් කෙටියෙන් කියනව නම්, අග්නි කලින් හදපු බෙහෙත ආපහු හැදුවා. ඒත් සාර්ථක වෙන්න නම් අර කොළපාට බෙහෙත වගේම නිල්පාට විෂත් පොඩ්ඩක් මිශ්‍ර කරන්න උවමනා වුණා."

දුර්ගා දිගු හුස්මක් හෙළුවා ය. "විශ්වය පවතින්නෙ ඒ විදිහටයි, ඩ්‍රේක්... හොඳ සහ නරක දෙකම එකම විශ්වයෙ කොටස්..."

විශ්වය පවතින්නෙ ඒ විදිහටයි... හොඳ සහ නරක දෙකම එකම විශ්වයෙ කොටස්...
https://dbdzm869oupei.cloudfront.net/img/sticker/large/22428.jpg

"එතකොට ඔයා කියන්නෙ..." ඇඩම් තරුණියගේ දෑස් දෙස බලමින් මඳක් පැකිළුණේ ය. "ඔයා කියන්නෙ, මා ලවා ලෝකී හොයාගන්න හදන අමරණීයත්වය ලබාගන්න තියෙන ක්‍රමය ඒ බෙහෙත ද?"

ඇය කිංකිණි හඬින් සිනා සුණා ය... ඒ දෙස නාවුකයා බලා සිටියේ මව දෙස බලා සිටින නොදරුවෙකු සේ ය.

"ඒක තමයි ඔයා අර අධ්‍යයනය කළාය කියපු පාරාදීසයේ උල්පත ගැන ඇත්ත කතාව. අර ගෝත්‍රයේ නායකයො හත් දෙනා ඒ විදිහට සකස් කරගත්ත බෙහෙත බීවා. ඒ අය ඒකට කිව්වෙ 'අමෘත' කියලා. මොකද කිව්වොත්, ඇත්තටම ඒක බිව්ව අය කවදාවත් මැරුණෙ නෑ. ඒ අයට කන්න බොන්න හුස්මගන්න, ඔය ආකාරයෙන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට පවතින්න උවමනා කිසිම දෙයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් වුණා. ඒත් ඒ ගෝත්‍රයෙ අනික් අය ඒක බොන්න පසුබට වුණා, බය වුණා. අර නායකයො හත් දෙනා, තමන්ට ලැබුණු අමරණීයත්වයත් එක්ක, කල් ගත වෙද්දි එකතු වුණු අත්දැකීම් සහ දැනුම සම්භාරත් එක්ක, සාමාන්‍ය මිනිස්සුන්ට වඩා මනසින් වෙනස් වුණා. ඒ අයගෙ අරමුණු වු‌නේ තව තවත් දැනුම එකතු කරලා, එයින් මේ ලෝකය වඩා යහපත් තැනක් කිරීම...

"ඒ වගේම ආත්මන් අදහස් කරපු විදිහට ගෝත්‍ර අතරෙ සටනක් ඇති වුණේ නෑ. නායකයො හත් දෙනා අනික් ගෝත්‍රයත් එකතු කරගෙන මහා සමාජයක් ගොඩ නැගුවා. ඔවුන්ට තැනිතලාව ඉඩ මදි වුණාම ඔවුන් මුළු දිවයිනේම, ඊට පස්සෙ එයිනුත් ඔබ්බට පැතිරිලා ගියා. සමාජය පැතිරෙනවාත් එක්කම නායකයොත් තම තමන්ගේ උප ගෝත්‍ර කොටස් එක්ක ඒ ඒ ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. කාලය ගත වෙනවාත් එක්ක ඉතිහාසය කතන්දර බවට පත් වුණා. මුත්තලා අත්තලා ඒ ඉතිහාසය ඉදිරි පරම්පරාවලට කියා දෙද්දි අතිශයෝක්තිය මිශ්‍ර වුණා. ඒකෙන් වුණේ නායකයන් අමතක වෙලා දෙවිවරුන් ගැන කතන්දර නිර්මාණය වීම. ඉතින් නායකයන්ටත් තමන් ම බිහිකරපු මහා සමාජය එක්ක මුහු වෙන්න සිද්ධ වුණා..."

...වුණේ නායකයන් අමතක වෙලා දෙවිවරුන් ගැන කතන්දර නිර්මාණය වීම
https://ramona15274028595534.googuu.xyz/
api/get.php?id=d3cc571045553498882adbb1d54

දුර්ගා මොහොතකට සිය කතාව නතර කර දෑස් පියා ගත්තා ය. "මම කිව්වෙ මේ ගතවුණු අවුරුදු හයදාහ පුරා සමාජය පැතිරිලා ගිය හැටි..."

තමන් අරමුණු කරගත් පිළිතුර ඇගෙන් නොලැබීමට ඉඩ ඇති බව ඇඩම් වටහා ගත්තේ ය. ඇයට උවමනා විදිහට කතාව විස්තර කිරීමට ඉඩහැරීම වඩා සුදුසු බව අත්දැකීමෙන් ම ඔහුට වැටහිණ. කතා කිරීමට කැමති පුද්ගලයා හට කතා කිරීමට ඉඩ හැරිය යුතුය, අනුබල දිය යුතු ය. එවිට වැල්වටාරම් දහසක් මැදින් උවමනා එකම එක කරුණ උකහා ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

"මීට අවුරුදු දෙදාස් දෙසීයකට විතර ඉස්සර, ඒ විදිහට ඈතට ගියපු එක නායකයෙක් වුණු 'යම' ආපහු අර උල්පත තිබුණු බිමට ආවා. ඒ ආවෙ, ඒ කාලයේ බිහිවුණු මහා දාර්ශනිකයෙක් එක්ක..." දුර්ගා නැවතත් කතාව ආරම්භ කළා ය.

"ඒ දෙන්නා ආවෙ, මේ දූපතේ හිටපු අයහපත් ගෝත්‍රයක් හරිමග ට ගන්න... 


ඊළඟ කොටස ඊබී විභාගයට පාඩම් කරන අතරතුර...

34 comments:

  1. එක හුස්මට ඇදලා ඇරියා. දැන් නිකං ඔලුව වටේ කුරුල්ලො සැට් එකක් කැරකෙනවා වගේ දැනෙනවා :)

    හොඳයි. මම කැමතියි, මේ යන විදිහට

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ නේද බකුස්? මේක මගෙ ඔලුවෙ දැං සෑහෙන කාලෙක ඉඳං වැඩකරන සංකල්පයක්. ඔය හැම එකක් ම එකම කතාවක කෑලි කියන එකයි, අතීත කතාව = දේවකතාවල තියෙන අතිශයෝක්තිය අයින් කලහම එන සරළ කතාව කියන එකයි. අපි බලමුකො ඉස්සරහට මොන මොනව ලියවෙයිද කියල...

      Delete
    2. කිසිම අවුලක් නෑ. ඔහොම යං

      Delete
    3. ඔහොම ගිහිං මහා ජලගැල්මත් එයිද දන්නෑ?

      Delete
    4. @ බස්සා,
      ඔහේ බිව්වෙ නිල් පාට එකද, කොළ පාට එකද? නැත්තං දෙකම කවලමේ ද?

      Delete
    5. බොට ඕනෙ මොන පාටද?

      Delete
    6. @නයා

      පාට මොකක්ද කියලා බැලුවෙ නෑ. අර ගල්තලාව උඩ ගුරුලේත්තුවෙ තිබුනෙ. මයෙ හිතේ ඒ කස්ටිය ඒකට කිව්වෙ සෝම පානෙ කියලයි. ගහපු ගමන් නාගසලං, නියම අමෘතෙ.

      මං උනත් ඉන්නෙ මේ,,ඒ අවුසදේ බලෙන්

      Delete
    7. නාගසලං කිව්වම, අර ටෝච් පාරට னයාගෙ பයන්න පාරෙ හැළුණු හැටි මතක් වුණා.

      Delete
  2. එළියෙ අරුම වැටහෙන්නට අඳුර නැතිව පුළුවන් වෙද
    කළුවර විතරක් තිබ්බොත් ලෝකෙ පැවැත්මක් තියෙයිද
    අප හැම තුළත් ඇත්තේ හොඳ වගෙම නොහොඳ
    සමබර කෙරුම අපටම පැවරිලයි නේද?

    ReplyDelete
    Replies
    1. යින් සහ යැං කියන්නේ ම පෙරදිග දර්ශනයෙ කොටස්
      ඒ දෙක සමබරව ගියොත් අපි හැමෝම වේවි උසස්
      අවසානෙදි හොඳයි නරක තෝරන්නට ගියොත් වෙසෙස්
      මිනිහට සහ සමාජයට සාපේක්ෂ බව වැටහෙස්

      (කොහොමද එළිවැට විතරක්?)

      Delete
    2. එළිවැට හොඳයි - ඕනා තැනදී බිඳිනූ
      ඒ වාගෙමයි 'මත්' ගණනත් ගැණ බලනූ
      එතකොට 'විරිත' රසවත් වේමැයි සිතනූ
      උපදෙස් දුන්නෙ මට කවියෙකි කවිය දිනූ

      Delete
    3. ඉඩම් කියන්නේ කුමකටදෝ මම දන්නේ එකම එකයි - ඉඩම් බදු මිල විතරයි
      ධනය කියන්නේ කුමකටදෝ මම දන්නේ එකම එකයි - ධනයට ගෙවනා පොළිය විතරයි
      ශ්‍රමය කියන්නේ කුමකටදෝ මම දන්නේ එකම එකයි - මිනිහට ගෙවනා මිල විතරයි
      'මත්' ගණන කියන්නේ කුමකටදෝ මම දන්නේ එකම එකයි - මත් පැන් මත විතරයි...

      Delete
  3. තව ටිකදවසකින් මොකක් හරි බේතක අව්‍යාජබව හා ඉතිහාසය තහවුරු කරන්න සාධකයක් ලෙස ඩ්‍රැකීගෙ අඩවිය යොදා ගැනීමට මේ බුද්ධිමත් දිවයින්වැසියන් කටයුතු කරනු ඇතැයි රාවණා හීනෙන් කිව්ව

    ReplyDelete
    Replies
    1. ඔව්. මං මේ රස්සාවෙන් අස්වෙලා, සිනි උණු කරන්නයි, පුන්නක්කකු කුඩු කරන්නයි පටං ගත්තා. දෙක කලවං කරලා ඩ්‍රැකියා පැණිය ළඟදීම බලාපොරොත්තු වන්න...

      Delete
    2. රාවණාගේ ආච්චි අයත් වූ හැල ද්‍රැකිරුද්‍ර ගෝත්‍රයේ නීල ගෝපාල් අමුත්‍ර පැණිය

      Delete
    3. රාවණාගෙ ආච්චිගෙ නෑඹිලිය හම්බුණා ලකේගල කැණීමෙදි. මං දැං ඒකෙන් හාල් ගරන්ඩ යන්නෙ... හැක්!

      අර නම ෂෝක් ඈ... සංස්කෘත පෙනුමක් තියෙන දිව නැටවෙන නමක් තමා දාන්න උවමනා

      Delete
    4. ඔය වගේ අමුර්ත පැණියක්, මතක විදිහට රුසියන් රටක
      හාදයො කස්ටියක් අත්හදා බැලුව. ඒක නං 100% කොරෝනා වයිරසේ විනාස කරන බවට ඔප්පු වෙච්ච පැණියක්- සාන්ද්‍ර ඇල්කොහොල්. වයිරසේ මලා- රෝගියත් මලා.

      Delete
    5. ලෙඩා මළත් බඩ සුද්දයි නං එච්චරයි බකුස්. අනික ඇල්කොහොල් නෙ, ලෙඩා මළාම පුච්චන්නත් ලේසියි. ගෑස් ඔ්නෙම නෑ. ගිණිකූරක් ළං කරපු ගමං සුරුස් ගාල ඇවිළෙනව...

      Delete
    6. තුන්මන්හන්දියි කොල්ලෝ ටිකත් පුනක්කු කෑව නේද? ඕක හොඳ බෙහෙතක් වෙන්න ඕනේ

      Delete
    7. ඔව් ඉතිං. අපිත් පොඩි කාලෙ පොඩ්ඩක් කනව... ඒකනෙ අපි මෙහෙම ඉන්නෙ.

      Delete
  4. එතකොට කිරි සයුර වුනේ බෙහෙත් අඹරාපු පොකුණ?
    හලාහල විෂ අරගත්තු ගල් පාත්තරෙත් දියවුනා නම් ඒක බිව්ව රුද්‍ර ගේ සරිරාංග දියවෙලා නොගියේ ඇයි? මටත් කල්පනා වෙන අරුම දේවල් ????

    ReplyDelete
    Replies
    1. නෑ. කිසිම අරුමයක් නෑ අසංග... ඒක හොඳ ප්‍රශ්නයක්. විසි වෙනි කොටසෙදි ද කොහෙද රුද්‍ර කියනව ඒ විෂ වල බලපෑම තවමත් කායිකව හා මානසිකව තියෙනව කියල. සමහරවිට අග්නි හදපු බෙහෙතෙන් බොහෝ කොටස් ප්‍රකෘතිමත් වෙන්න ඇති. ඒක දෙන්න පරක්කු වුණ නිසා අර කියන පර්මනන්ට් ඊෆෙක්ට් එක ඇති රුද්‍ර ට. එයා කොහොමත් සොහොන්වල ගැවසෙන, තපස් රකින, හෙණට කේන්ති යන, සම්ප්‍රදාය ගරු කරන්නැති, යකාටවත් බය නැති, එක වෙලාවකට හරිම විනාශකාරී පුද්ගලයෙක් නෙව...

      Delete
    2. මටත් කල්පනා වුනේ කිරි සයුර අඹරපු කටහ්ව (අසුරයෝ නේද )

      Delete
    3. ඔව්. මහ කෙළ නාගයා මහා මේරුව වටේ ඔතලා අදින්න සුරයො විතරක් මදි වුණ නිසා අසුරයන්ටත් එන්න කිව්වා, අමෘතය දෙකට බෙදාගන්න එකඟ වෙලා... ඒ කතාව තමයි මෙතන ලිව්වෙ.

      Delete
  5. ගල් පොකුණෙ ගල් යෂ්ටියක් දාගෙන කරකෝනකොට ඕකට ගල් කුඩු කොච්චර විතර එකතු උනැයි කියලද බොලා හිතන්නෙ.

    මොනව උනත් ඔය ඕනම පැණියක් සැන්ඩි කරන්නැතුව අමුවෙන් ගහන එක ඇඟට හොඳ නැතිවෙන්න පුලුවං.

    අන්න රා බුවෙක් අවුරුදු 9500 ක් පැරණි පැණියක් හොයාගෙන ලු.

    ReplyDelete
    Replies
    1. අඩෝ ගල් කුඩු ගැන මට හිතුණෙ ම නෑනෙ... ඒක මාර කේස් එක...

      අවුරුදු 9500 ක් පරණ නං, අර පරණ විස්කි - රම් වගේ වදිනව ඇති කැරකිල යන්ඩ! (මං කිව්වෙ වෛරස් එකට)

      Delete
    2. මට නං ටක් ගාල මතක් වුනා ගල් කුඩු ඒත් මං හිතුවා ඔය වගේ හෙන ඖසද වලදී ගල් කුඩුත් ඕනේ ඇති කියල හෙහ් හෙහ් .. නයි ප්‍රසන්න උඹත් අන්න එහෙම හිතල හිත හදා ගනින් අනවශ්‍ය ප්‍රස්න අහන්නේ නැතුව..

      Delete
    3. මට හිතෙන්නෙ, දේව කතාව හදපු උදවිය, ගල් කුඩුයි, මඩයි ගැන කලින්ම හිතල තිබුණා. ඒ්කනෙ විෂ්ණු දෙයියො තඩි ඉබ්බෙක් වෙලා මුහුද පතුළට ගිහිං, අර මහ මෙර පරුවතේ පිටේ තියාගන්නෙ... මට ඒ්ක හිතුණෙ නෑ.

      Delete
  6. බෙහෙත හොයා ගත්තොත් මෙතනම් හිමින් සැරේ දානවද , කොවිඩ් වලින් බේරෙන්නත් පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. මං අර උඩ, ප්‍රාජේ ට රිප්ලයි කළේ මගෙ වට්ටෝරුව තමයි. කෝවිඩ්වලින් බේරීම කොහොම වෙතත්, පැණි හොයාගෙන පෝළිමේ යන උදවියට ඒක පත්තියම් නම් වෙයි...

      Delete
  7. උඹ මෙහෙම සරල කරලා කිව්වම එකේ ගතිය යනවා හැබැයි... සුර අසුර සෙට් එක ප්‍රසන්නයව මැද්දට දාල මහා මුහුද කළඹල බෙහෙත හදනවා කිව්වම තියෙන ගැම්ම එන්නේ නැහැ එතකොට ... හෙහ් හෙහ්

    උඹගේ ඔය සංකල්පේ ලෝකීට සහ ඇස්ගාර්ඩ් වලට වලංගු නැද්ද ? ඒ කියන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ දෙවිවරු කියන්නේ මිනිස්සු හැබැයි ඇස්ගාර්ඩ් කියන්නේ අහසේ තියෙන දිව්‍ය ලෝකයක් වගේ ගතියක් එනවා නේද ?

    මට හිතෙන්නේ කතාව ආතල් වෙන්නේ අර මිත්‍යාව සහ ෆැන්ටසි ගතිය තියෙන කොට...





    ReplyDelete
    Replies
    1. එහෙනං උං ගැනත් ලියන්නං නේද? තව ඉදිරියට...

      මිත්‍යාව සහ ෆැන්ටසිවලින් එන ගැම්ම නිසා තමා අපේ මී මුත්තො ඔය විදිහට ඉතිහාසය දේව කතාවලට හරවලා තියෙන්නෙ කියල හිතෙනව. අපි බලමුකො පැත්තා,‌ මේ කතාව ටික ටික ඩිවලොප් වෙමින් තියෙන්නෙ, මේ වගේ විචාර නිසා මම කලින් කොටස්වල සෑහෙන වෙනස්කම් කළා, ඒ් වගේම ලුණු ඇඹුල් එකතු කළා...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි