Thursday, December 17, 2020

අවසානයක් නොවේ - 23

"මීට අවුරුදු දෙදාස් දෙසීයකට විතර ඉස්සර, ඒ විදිහට ඈතට ගියපු එක නායකයෙක් වුණු 'යම' ආපහු අර උල්පත තිබුණු බිමට ආවා. ඒ ආවෙ, ඒ කාලයේ බිහිවුණු මහා දාර්ශනිකයෙක් එක්ක..." දුර්ගා නැවතත් කතාව ආරම්භ කළා ය.

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

විසි දෙ වන කොටස

"ඒ දෙන්නා ආවෙ, මේ දූපතේ හිටපු අයහපත් ගෝත්‍රයක් හරිමග ට ගන්න. ඒ ගෝත්‍රය තමන්ගෙ ශරීර ශක්තිය යොදාගෙන අනෙක් ගෝ්‍ත්‍ර, කණ්ඩායම් ඔක්කොම හාමත් කරන්න උත්සාහ කළා. ඇත්තටම ඒ ඉතිහාසය බොහොම සංකීර්ණයි. නමුත් කෙටියෙන් කිව්වොත් ඒ අය ට ඉතාම අසාමාන්‍ය තණ්හාවක් තිබුණා. ඒ කාලය වෙනකොට මේ බිම, මහාද්වීපයෙන් වෙන් වෙලා තිබුණෙ. මම කලිනුත් කිව්වා වගේ අර පුරාණ නායකයන්ගෙන් මේ දූපතේ ඉතුරු වුණු තුන් දෙනා, තමන්ගෙ පරණ මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලුවා මේ තත්ත්වය වෙනස් කරන්න. 

"ආත්මන් සහ ලිලි ස්වරූපයෙන් විතරක් නෙවෙයි මනසිනුත් විකෘති වෙලා තිබුණා කියලා තේරුණේ, මේ ගෝත්‍රය දෙවියන් විදිහට අදහමින් සිටියේ ඒ දෙපළට බව දැනගත්තට පස්සෙ. ඒ දෙන්නා උත්සාහ කළේ අර ගෝත්‍රය ට ඒත්තු ගන්වන්න, ඔවුන් පැවතෙන්නෙ රාක්ෂසයින්ගෙන් කියලා. ඒකෙන් ඒ මිනිස්සුන්ට තමන් ගොඩක් ශක්තිමත්, විස්මයජනක දේ කළ හැකි ජාතියක් බව ට ආත්ම විශ්වාසය ගොඩ නැඟුවා. ඒ නිසා මේ දූපතේ තනි අයිතිය රකුස් ගෝත්‍රයට හිමි යි, අනික් ගෝත්‍ර මර්දනය කරන්න ඔවුන්ට හැකියි කියන හැඟීම රකුසන් අතර පැතිරිලා ගියා, ඉතාම ඉක්මණින්.

"රකුසුු ගෝත්‍රය කුඩා කුඩා ගෝත්‍ර යටත් කරගනිමින්, එක්‌කෝ සමූල ඝාතනය කරමින් දූපතේ නැගෙනහිර පැත්ත අල්ලා ගත්තා. ඒක අපි සියල්ලන්ටම අභියෝගයක් වෙන මට්ටමට එද්දි ඉන්ද්‍ර, මිත්‍ර සහ මා එක්ක හිටපු ජන කණ්ඩායම් අපි සූදානම් කළා එළඹෙන මොන විදිහේ අභියෝගයකට වුණත් මුහුණ දෙන්න පුළුවන් විදිහට. ඉක්මණින් ම රකුස් ගෝත්‍රය අපිත් එක්ක සටන් කරන්න පටන් ගත්තා. ඒක අවුරුදු ගානක් පුරා ඇදිලා ගියා...

"ඒත් ආයුධවලින් කරන්න පුළුවන් දේ එතනදි සාර්ථක වුණේ නෑ. සටන් කරලා ජාතියක් මර්ධනය කරන්න පුළුවන් තමයි. ඒත් ඒක බොහොම තාවකාලිකයි. ගෝපාල ගේ කපටිකමින් සහ රුද්‍ර සහ ශක්ති ගෙ රණකාමීත්වයේ සහයෝගයෙන් ඉන්ද්‍ර, අග්නි සහ මිත්‍ර ට පුළුවන් වුණා අර රකුසු ගෝත්‍රය මර්ධනය කරන්න. එතනදි රුද්‍ර සහ ශක්තිගෙ පුතෙක් වුණු ස්කන්ධ හෙවත් මුරුගන් යුධ නායකයෙක් විදිහට ලොකු මෙහෙයක් ඉටු කළා. ඒ වගේම ගුරුළු, මයුර, සිංහ, වගේ දැනට මේ දූපතෙන් වඳවෙලා ගිහින් තියෙන දැවැන්ත සතුන් ඒ යුද්ධයට යොදා ගත්තා.

https://davidcharlesmanners.files.wordpress.com/2014/06/kartikheya.jpg
රුද්‍ර සහ ශක්තිගෙ පුතෙක් වුණු ස්කන්ධ හෙවත් මුරුගන් යුධ නායකයෙක් විදිහට...
ගුරුළු, මයුර, සිංහ, වගේ දැනට මේ දූපතෙන් වඳවෙලා ගිහින් තියෙන දැවැන්ත සත්තු...


"නමුත් ආත්මන් ට පුළුවන් වුණා ආපහු ඒ රකුස් ගෝත්‍රය ගොඩනඟලා සංවිධානය කරන්න. ඒ වෙනකොට අපට හොඳටම වැටහිලා තිබුණේ යුද්ධයෙන්, ආයුධවලින්, ලේ හැලීමෙන් මේක විසඳන්න බැරි බව.

"එතනදි තමයි, යම ආවෙ, උතුරු ඉන්දියාවෙ හිටපු දාර්ශනිකයෙක් කැඳවාගෙන... එතුමාට කිව්වෙ ගෞතම්..."

"ඒ කාලෙ උතුරු ඉන්දියාව මහා දර්ශනවාද ගණනාවක නිජ බිම වෙලා තිබුණා. එයින් වඩාත්ම සාමකාමී සහ මිනිස්සුන්ට අනුගමනය කරන්න ලේසි, දරාගන්න පුළුවන් දර්ශනය බිහි කළේ ගෞතම්... එතුමා රකුස් ගෝත්‍රය හමුවෙන්න ගියේ තනියම. එතුමා එක්ක ගියෙ යම විතරයි. එයා ගෙනිච්චෙත් දුන්න සහ ඊතල විතරයි, ඒකත් ඒ රකුසු ගෝත්‍රයෙ භාවිත වුණු ප්‍රධාන ආයුධ වුණු නිසා...

"ඒ දෙන්නා දැකපු රකසු ගෝත්‍රිකයෝ ආයුධ අමෝරාගෙන ඇවිත් වටකරගත්තා. ගෞතම් කිසිම බියක් පෙන්නුවේ නෑ. ඇත්තටම එතුමා බය වුණේ නෑ. එතුමා අහසට අත දික් කළා. එදා සූර්යග්‍රහණයක් ඇතිවෙන්න නියමිත වෙලා තිබුණා. ගෞතම් රකුසන් ඉදිරියට ගියේ හරියටම ඒ වෙලාව අල්ලලා. ඉතින් එතුමා ඉහළට අත දික් කරනවත් එක්කම ටිකෙන් ටික ඇඳිරි වෙන්න ගත්තා.

"අඳුර පැතිරෙද්දී රකුසන් කළබල වුණා. ඒ අයගෙ සෙන්පතියො ඉතුරු වෙද්දි ගොඩක් දෙනා ආයුධ අත ඇරලා පැත්තකට වුණා. එතනදි ගෞතම් ඒ අයට කතා කළා...

"එතුමා කතා කළේ බය ගැන. අපි නොදන්න දේට බය වෙනව. ඒ බය වෙන්නෙ අපි ජීවිතේ ට ආසා නිසා. අපි ජීවත් වෙන්න ආසයි වගේ ම, අනික් අයත් ජිවත් වෙන්න ආසයි. අපි වගේම අනික් අයත් මරණයට බයයි... අපි අපේ පැවැත්ම උදෙසා, අනික් අය බය ගන්වන එක හොඳ දෙයක් නෙවෙයි...

"එතුමා ඒ විදිහට පටන් ගෙන සූර්යග්‍රහණය ඉවර වෙනතුරු ම ඒ අයට ජීවිතය ගැන ගොඩක් දේ කියා දුන්නා. ඒ දේවල් වැටහුණු බහුතරයක් දෙනා හරිමග ට ආවා. ඒ දේවල් වටහාගන්න හැකියාවක් හරි උවමනාවක් හරි තිබුණෙ නැති ටික දෙනෙක් හිටියා. ඒත් කාලයක් යද්දි හරිමග තේරුම් ගත්ත අය සමාජයක් විදිහට දියුණු වෙද්දි, අනික් අය කැළෑවෙ ඉතුරු වුණා.

"ඔන්න ඔය ගෞතම් තුමා තමයි, මගේ හිතේ තිබුණු දෙගිඩියාව නැති කළේ..." දුර්ගා දිගු හුස්මක් පිට කරමින් නිහඬ වූවා ය.

"ඔයාට එතුමා මොනවද කිව්වෙ?"

"මට මහා එපාවීමක් තිබුණා. අමෘතය නිසා අපි මැරුණෙ නෑ. ඒත් අපට කරන්න විශේෂ දෙයක් තිබුණෙ නෑ. කන්න බොන්න නැතත් අපි ජීවත් වුණා. ඉතින් අනික් මනුෂ්‍යයන් වගේ අපට එදිනෙදා කෑම බීම හොයන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න සිද්ධ වුණේ නෑ. අපි දැනුම රැස් කළා. ඒත් ඒකෙන් ලැබුණු තෘප්තියක් නෑ. අපි ස්වභාව ධර්මයේ රහස් සහ රටාවන් ගණනාවක් අධ්‍යයනය කළා. ඒවා අනුකරණය කරමින් වැස්ස, සුළඟ, ගින්න... ඒ වගේ විවිධ දේ නිර්මාණය කරන්න අපට පුළුවන් වුණා. ඒත් එයින් කළ යුතු දේ මොකද්ද කියලා අපි දැනගෙන හිටියෙ නෑ.

"ගෞතම් තුමාගෙන් මම ඇහුවෙ එක ප්‍රශ්නය යි. මේ ජීවිතයේ තේරුම මොකද්ද කියන එකයි. එතුමා අපි හතර දෙනාටම ගැළපෙන්න ඒකට උත්තර දුන්නා..."

"හතර දෙනා කිව්වෙ කවුද?"

"ඉන්ද්‍ර, මිත්‍ර, යම සහ මම - අග්නි කියල තමයි මං ඒ කාලෙ හැඳින්වුණේ..."

"ඉතින් මොනවද ගෞතම් තුමා කිව්වෙ? සමහරවිට ඒ උත්තරය මටත් සැනසිල්ලක් ලබා දෙයි..."

"ඔව්. මාත් එහෙම හිතන නිසා තමයි ඔයාට මේ දිග කතාව කියන්න ගත්තෙ. මේ ටික හොඳට අහගන්න...

"එතුමා කිව්වා මෙහෙම, 'ජීවිතය කියන දේට තේරුමක් නෑ. අමරණීය කෙනෙක් වුණත්, මේ ලෝකයත් එක්කම විනාශයට යනවා. ඔබ අසීමිත කාලයක් ජීවත් වුණත්, මේ විශ්වයට ආයු කාලයක් තියෙනවා. එතනින් හරි ඔබගේ ජීවිත කාලය සීමා වෙනවා.

" 'ඉතින් ඔබට කරන්න තියෙන්නේ, හොඳින් ඔබ ගැන තේරුම් ගන්න එකයි. බාහිර ලෝකය, ස්වභාව ධර්මය ගැන ඔබ අධ්‍යයනය කරලා තියෙන ගැඹුරටත් වඩා, ඔබ ඔබ ගැන අධ්‍යයනය කරන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය තරමටත් වඩා කාලය තියෙනවා. ඔබ ඔබව ම වැඩි වැඩියෙන් තේරුම් ගන්න තරමට, ඔබට වැටහෙනවා, ඔබගේ ශක්තීන් මොනවද, ඔබගේ දුර්වලතා මොනවද කියන එක. ඒවා කායික වෙන්න පුළුවන්. මානසික වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ දෙකේම සම්මිශ්‍රණයක් වුණු හැකියාවන් හෝ බලයන් වෙන්න පුළුවන්...

" 'ඒත් එක්කම ඔබට තේරුම් යනවා බාහිර ලෝකයෙන් ඔබට ලැබෙන හොඳ සහ නරක අවස්ථාවන්. ඒක කාලයෙන් කාලයට, සිදුවීමෙන් සිදුවීමට වෙනස් වෙනවා...

" 'ඔබ ඔය කරුණු තේරුම් ගත්තට පස්සෙ, ඒ ලැබිලා තියෙන ශක්තීන් සහ හොඳ අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ ලෝකයේ ඔබ පවතිනතාක්කල්, මේ ලෝකයට යහපත් දේ කරන්න... මිනිසුන්ට, සතුන්ට, සොබා දහමට උදව් කරන්න... අයහපත් දේ සිදුවීම වළක්වන්න... සමහරවිට ඒ සඳහා ඔබේ ශක්තීන් විතරක් නෙවෙයි, දුර්වලතා වුණත් උපයෝගී වෙන්න පුළුවන්...'

"මම කිව්වෙ එතුමාගේ ම වචනවලින් නෙවෙයි. එතුමාගේ ම වචන ඒ හැටියටම කටපාඩම් කරගන්න පුළුවන් වුණු ශිෂ්‍යයෙක් එතුමා ට හිටියා. ආනන්ද කියලා. ඒත් එයා කටපාඩම් කරපු දේවල්, එයා තේරුම් ගන්න උත්සාහ කළේ නෑ. ඒක වෙනම කතාවක්... මේ දේවල් එතුමා අපට කියා දුන්නේ, ඔය මම කියපු විදිහට වඩා ඉතාම සරළ විදිහට. ඒ සඳහා එතුමා උදාහරණ කතා පවා යොදා ගත්තා..."

"ඒ දේශනාවෙ ලොකු ගැඹුරක් තියෙනවා." ඇඩම් කල්පනා බරව කීවේ ය. "කාලයක් තිස්සේ හිතේ තියාගෙන, මෙනෙහි කරමින් තේරුම් ගන්න දෙයක් එතන තියෙන්නේ..."

දුර්ගා හෙවත් අග්නි සිය යුරෝපීය සගයා හට ගෞතම දේශනාව සිතෙහි ධාරණය කරගැනීමට ඉඩ හරිමින් නිහඬ වූවා ය. 

සෑහෙන වේලාවක් තිස්සේ ඔවුන් දෙස විමසිලිමත්ව බලා සිටි ආගන්තුකයෙක් ගල් ගුහාව තුලින් පිටතට පිය එසවූයේ තවත් කිහිප මොහොතක් ගත වූ පසුව ය.


24 කොටස...

37 comments:

  1. මිනිස් දුවරුන් සුරූපි බව දුටු දිව්‍ය පුත්‍රයෝ තම තමන් රිසිවුවන් සරණ පාවාගත්හ. එවිට සමිදාණන් වහන්සේ " මිනිසා මැරෙන සුලු බැවින් මාගේ ජිවන හුස්ම ඔහු තුල සදහටම පැවතිමට ඉඩ නොතිබමි. මින්මතු ඔහුගේ ජිවිත කාලය අවුරුදු එකසිය විස්සකට වැඩිනොවන්නේය" යි වදාළ සේක.

    මිනිස්සු අමරණිය නොකලේ ලෝකය මැවු දෙවියන්...... දෙයියොත් කෝප වෙනවා අමරණිය බෙහෙත් හොයාගත්තොත්......

    දැන් මේකට අඩු ආදම්ගේ පුත්තු දෙන්නා කායින් හා ආබෙල් විතරයි....

    ReplyDelete
    Replies
    1. අසංග,

      මම හිතුවෙ දැනට පුරාණෝක්තිය නවත්තලා, ඇක්ෂන් පාට් එක පටං ගන්න කියලා. මේ විස්තර කිව්වෙ අත්තිවාරමක් දාගන්න, කතාවට. සමහරවිට මේක ආපහුු ලියන කොට මෙව්වා ගොඩක් විස්තර අඩු වෙන්නත් පුළුවන්...

      අනික, අමරණීයයි කියන්නෙ මොකද්ද? හැමදේම අන්තිමේ විනාස වෙනවනං... සමහරවිට භවය දිගින් දිගට සිද්ධ වෙන එක අමරණීයත්වයක් කියලා හිතන්න පුළුවන්. ඒත් අන්තිමේ විශ්වය වුණත් විනාශ වෙනවනෙ.

      කයින් ගැන මරු ෆිල්ම් එකක් මට බලන්න හම්බුණා, නම මතක නෑ.

      Delete
    2. ප්‍රා,

      මෙහෙ යෝධයො ඉන්නව. නෝඩික් කතාවල යෝටන් ඉන්නව. යුරෝපයට ජයන්ට්... ඔය හැම එකෙක්ම එක මුලකින් එන බව පේනව.

      වැටුණු සුර දූතයන් ගැන ලියන්න ආසාවක් තියෙනව. ඒත් මම මේ කතාව හරවල තියෙන පැත්තෙ හැටියට ලියන්න බැරි වෙයි වගේ... එහෙම උනොත් ලංකාවෙ ජනගහණයට වඩා මිතිකල් උදවිය ඉඳියි.

      Delete
  2. දුර්ගා තාම කාලි වුනේ නෑ මේකෙ.
    පැණි බිස්නස් එක ඉවර වුනාම මෙහෙ එයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. මං දැනගෙන උන්නෙ නෑ අටමස්ථානාධිපති කාලිගෙ පුතෙක් කියල... යකඩෝ මේ ඤාති සම්බන්ධතාවල් කෙහෙං කෙළවර වෙයිද දන්නෑෑ. රාවණ උන්නනං ආපහු ගලකිං පහළට පයිනව. හැක්!

      Delete
  3. නිදිගෙ පෝස්ට්වල පින්තූර බලන පුරුද්ද නිසා මේකත් නෝටිස් වුනා.
    මේ ලොන්ග්ශිප්ස්වල මකර හෝ වෙනත් සත්ව හිස් නෑ.
    නෝර්ස් බෝට්ටුවලත් ඒවා සමහර වෙලාවට විතරයි භාවිතා වුනේ කියලා බර්නාර්ඩ් කෝර්න්වෙල් පොත්වල තියනවා. Detachable. සතුරු ප්‍රදේශවලට යනකොට හයි කරනවා

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Longship

      Delete
    2. ඒක වෙන්න පුළුවන්. යුද්ධෙට යද්දි ලෝං බෝට් වල මකර හිස් දාගෙන යනව ඇති... මම දැනං උන්නෙ නෑ ඒ ගැන. මට ඉස්සෙල්ලම කියවන්න ලැබුණෙ අර රුසියන් පොතක් ඇසුරින් විජය පත්තරේට සපුමල් කියල කෙනෙක් ලියපු ලිපි වගයක්. ඒකෙ තිබුණා ඩ්‍රැගන් හෙඩ්ස් නැව් කණ්ඩායම ග්‍රීන් ලන්තය හොයාගත්ත හැටිත් නැවේ ලොක්ක මැරුණහම නැවත් එයා එක්ක වළලන කතාවත්.

      ඊට ගොඩක් ම පස්සෙ තමයි එරික් ද රෙඩ් සහ ලීෆ් එරික්සන් ගැන කියවන්න ලැබුණෙ.

      Delete
    3. මේ පොත් ලයිබ්‍රරි/ පොත් කඩවල/ ඔන්ලයින් ගන්න ලේසියි

      https://en.wikipedia.org/wiki/The_Saxon_Stories

      Delete
    4. ගන්න ලේසියි ලොකු අයියෙ. කියවන්න වෙලාවකුත් කඩෙම්ම තමා ගන්න වෙන්නෙ. මොනව කරන්නද? කොහොම හරි අරං කියවන්න ම කියලා, ඔලුව ඇතුලෙ ඉන්න පොත් කාව කියනව...

      Delete
    5. මට යාන්තම් මතකයි 'තෙල්මා' (පරිවර්තනයකි) පොතේ ඔය නැවක් එක්කම අවසන් ගමන් යවන චාරිත්‍රය තිබුණා වගේ!

      Delete
    6. මේ තියෙන්නෙ සමාන අවස්ථාවක්... වෛකිං වරු මළහම එක්කො නැව පිටිං ගිණිි තියනව. නැත්තං නැවත් එක්ක වලලනව...

      Delete
  4. සෝම පානෙ ඉවරද? මේක බලල තේරුං ගන්ට නං දෙකක් නමා ගන්නම වෙනවා. හැබෑටම කෝ අර රෝස්පාන් නොකන නයා?

    ReplyDelete
    Replies
    1. සෝම පානේ කියන්නේ... බොහොම හොද පානයක් තමයි ඉතිං...

      ඔය නයා අහුවුණොත් මට, ඌවත් දාල උණූකරල පෙරල ගන්නව කැරකිලා වයින් වෙලා යන්ඩ...

      Delete
  5. හුටා! මේක පට්ට.. දැන් ඉතින් බ්ලොග් බැලෙන්නැති හන්දා මෙවුවා මිස් වෙනවා..

    @පැතුම්,

    මම දැක්කා කලින් කොටසක Immortals of Meluha ගැන කමෙන්ට් එකක් දාලා තිබුනා. මම ඒ්ක කියෙවුවා e-books විදියට, අවුරුදු කීපෙකට කලින්. ඒ් පොත් 3යි, ඊට පස්සෙ ලියාපු සීතා සීරීස් ඒකයි දෙකම කියෝලා ඉවර කලා..

    ReplyDelete
    Replies
    1. අම්මෝ බුරතීනෝ... බෝ දැකපු කල්...! මේකට කැමති වුණා කියන්නෙ ම මට ඉතිං සම්මානයක් හම්බුණා වගේ තමයි...

      Delete
    2. ස්තුතියි බුරා. මම ඊ බුක්ස් කියවන්න කැමති නැහැනේ. මේ රටේ හොයා ගන්න නැහැ. amazon එකෙන්වත් ගෙන්න ගන්න ඕනේ. බුරා මොකද හිතන්නේ ඒ පොත ගැන ?

      Delete
    3. පොත් 3ම (The Immortals of Meluha, The Secret of Nagas, The Oath of the Vayuputras) එක පාර ගෙන්නගෙන කියවන්න. නැත්තං ගතිය යනවා.

      පොත් වල කතාව අවුලක් නෑ. හැමදේම scientific/ political විදියට explain කරලා රසවත් කතාවක් දෙන්න උත්හාස කරලා තියෙනවා. උත්සාහය සෑහෙන දුරට සාර්ථකයි.

      Delete
    4. එල එල. බොහොම ස්තුතියි. මම ගෙන්න ගන්නම්..

      Delete
  6. උඹ The old guard බැලුවද ? අමරණිය කෙනෙකුට දෙන්න පුළුවන් හොඳ දඬුවමක් ගැන ඒකෙ තියෙනවා...

    කොටසේ පොඩි අවුල් ගතියක් දැනුනා. අවුල මොකක් ද කියල හැබැයි ෂුවර් නැහැ. ඉතිරි කොටසත් බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. මොකද්ද අවුල, බෙහෙත් ගැන වැඩිපුර කතා කරන එක ද, නැත්තං හැම එකකම ඔරිජින් එක මෙහෙ වෙච්ච එකද, මට අවුල් කියල හිතුණෙ ඒවා...

      නාකි ගාඩ් මහත්තෙය බැලුවෙ නෑ. අද අද ම හොයාගන්නව...

      Delete
    2. [නැත්තං හැම එකකම ඔරිජින් එක මෙහෙ වෙච්ච එකද] අර රාවනා වගේ නොවී ලියන්න වෙනවා හෙහ් හෙහ් ...

      මට හිතෙන්නේ මේ ගතිය දැනුන එක එක අවුලක්, අනිත් එක, ගෞතම් ව දැන්ම නොගෙනාවනම් හොඳයි වගේ. මොකද අපි මේ කාගේවත් නරක පැති තාම හරියට නොදැකපු නිසා...

      මට මේ නිකන් හිතෙන දේවල්... උඹේ ඔලුවේ වෙන දේවල් ඇතිනේ .. හෙහ් හෙහ්

      Delete
    3. හරි හරි පැත්තො. මට උවමනා උනේ කතාවට පදනමක් දාගන්න. එයිට උනවමනා වෙච්ච තරම් ඉතිහාසය ලියල දැම්මා. ඇරත්, කවුද දන්නෙ අග්නි ඇත්ත කියනවද කියලා?

      Delete
    4. //අනිත් එක, ගෞතම් ව දැන්ම නොගෙනාවනම් හොඳයි වගේ//

      හූම්...x100

      Delete
    5. සක්වළ සරා හෙව්වත් දිවියෙහි අරුත
      දැන ගැන්මට හැකිද පැනයක් හිතට එත
      දැනගත් නමුදු ජීවිත ගඟ ගලන අත
      වෙනස් කළැකි සමතෙක් ඉන්නෙද දියත?

      Delete
    6. බකුස්,

      මට තේරුණේ නෑ ගෞතම දැම්ම ගෙනාව එකේ අවුල මොකද්ද කියල... එයා ගැන කියන්න ගිහිං තමා පරණ අඹෘත කතාව ඇදිල එන්නෙ. ඒ නිසාත්, අර ඇඩමගෙ හිතට අරමුණක් දෙන්නත් ගෞතම ඔ්නෙ ම යි මෙතන්ට.

      Delete
    7. නිදි,

      "සක්වළ සරා" කිව්වේ අපෙ යාලුවෙකි
      සරත් අයිය කෙටි කළ විට සරා වෙති
      "දියත" කියා කොල්ලෙක් අපෙ ගමේ ඇති
      හීංකොටා කිව්වේ ඌටය හිතැති

      Delete
  7. මේ කොටහ ගැන මට සැටිස් වීමට නොහැකි බැවින් වයිකිං කොටස අයිං කොට නැවත ලිවීමට බලාපොරොත්තු වන බව කණගාටු සහගත ප්‍රීතියෙන් යුක්තව දැනුම් දෙමි...

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නම්, ෆැන්ටසි, ෆැන්ටසි විදියටම තියපන්. මේ වගේ කතාවක් සාමාන්‍යකරණය කරන්න ගියාම ආතල් කුඩු වෙනවා.

      Delete
    2. ඉඳපං ඉඳපං දෙන්නං ෆැන්ටසි අමුතුම ආකාරයකින්...

      Delete
  8. මේ කෑල්ල හොඳයි කියන්නේ මෙහෙම. මාර්ටින් වික්‍රමසිංහ භාව තරණය ලිව්වා වගේ , ගෞතම කෑල්ල අල්ල ගියා. වෙනස් විදිහට කතාව කීම . බලදුර් වගේ නම් ඔයා හදපුවද , ඔය කතා වල තිබුන ඒවාද ?
    (ටින්ටින් පොතක කෑල්ලකුත් දැක්ක. අර සුර්යග්‍රහණ සීන් එක)

    ReplyDelete
    Replies
    1. ගෞතම ගැන නං මට සැටිස්. නමුත් බලදූර් (=Balduar), යෝධන් (=Odin), තාවුර් (=Thor), ලෙව්කි (=Loki) ගැන සතුටු නෑ. ඒක අයිං කරල ආයෙ ලියන්න ඔ්නෙ.

      අර සූර්යග්‍රහණ සින් එක බුද්ධ සාහිත්‍යයෙ තියෙනව. බුදුන් මහියංගනයට හරි නාගදීපෙට හරි වැඩිය වෙලාවක හාත්පස අඳුරු කරලා වටේ හිටපු උදවිය බය ගැන්වු බව...

      Delete
  9. ආ දැන් සෝයි.. අලුත් වීරයගේ වැඩ කිඩ එහෙමත් තියෙයි නෙ ඉස්සරහට... ස්කන්ධ කුමාර කියන හේතුව මොකක් ද?

    දැන් කියවද්දි ගෞතම්ගෙ පැමිනීම අවුල් කියල හිතන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි පැත්තො... කලිං වර්ෂන් එකේ ලොකු අවුලක් තිබුණා. දැන් හොඳයි.

      ස්කන්ධ කුමාර උත්පත්ති කතා කීපයක් තියෙනවනෙ. එකක් මේ:

      ඊශ්වර දෙයියො ළග තිබුණලු අල්ලට මතුරලා නලලට අත තියපුවාම
      ගිණි අරං අලුවෙන මන්තරයක්. ඔ්ක උන්දැට බෝලයක් බස්සලා අසුරයෙක් ඉගෙනගත්තලු. මට මතක හැටියට ඔ්ක ඉගෙන ගන්ඩ ඊශ්වරයව මෙනෙහි කරගෙන අවුරුදු සිය ගාණක් අරූ තපස් රැක්කා වගේ කතාවක් තියෙන්නෙ. පස්සෙ ඊශ්වරයා ගෙන් අරූ ඒ මන්තරේ ඉගෙන ගෙන, ඒක ටෙස්ට් කරන්ඩ තමන්ගෙ අල්ලට මතුරගෙන, ඊශ්වරය පස්සෙන් පැන්නුවලු. උන්දැව බේරගන්ඩ විෂ්ණු ගෑණු රූපයක් මවාගෙන පාර අයිනෙ හිටියලු. අර අසුරයා එයාව දැකල, (ගාන්ධර්ව ක්‍රමේට වෙන්ඩැති) කසාද බඳින්න ඇහුවලු. ඒ ගමන විෂ්ණු කියලා, පොරට එයාව කවදාවත් අතාරින් නෑ කියල, තමන්ගෙම ඔලුවෙ අත තියලා දිවුරන්ඩ කියල. අරූ දිවුරන්ඩ ගිහිං අලු වුණා ලු. ඊට පස්සෙ විෂ්ණුව බඳින්ඩ ඊශ්වරයටත් ඔ්නෙ වුනා. ඒ ගමන විෂ්ණු කිව්වලු, පාර්වතිගෙන් කැමැත්ත අරං එන්ඩ කියල. (ඒ කාලෙ බහු භාර්යා සේවනය අවුලක් නෑ. නමුත් පරණ භාර්යාවගෙ කැමැත්ත ඔ්නෙ.) ඉතිං ශිව ගිහිං නෝනගෙ අවසරේ අරගෙන ඇවිත්. ඒ එනකොට විෂ්ණු ගාව ළමයෙක් ඉඳලා. ඒ ගමන ශිව ට කිව්වලු ළමයෙක් ඉන්න කාන්තාවක් ගේන්න පාර්වතිගෙ කැමැත්ත ගන්න කියලා. ඒක අරං එනකොට ළමයි දෙන්නෙක් හිටියලු විෂ්ණු ගාව. ඔය විදිහට ළමයි හය දෙනෙක් වෙනකල්, ඊශ්වරයා සැරින් සැරේ පාර්වතී ගාවට ගිහිං කැමැත්ත ගන්ඩ. අන්තිමේ මේක නං විෂ්ණු ගෙ ම කපටි ගැටයක් කියලා තේරුං ගත්ත පාර්වතී ඊශ්වරයත් එක්ක එතනට ඇවිත්. ඒ එනකොට ළමයි හයයි. ඒ ගමන පාර්වතී "අයියේ (විෂ්ණු එයාගෙ අයියලු...) ළමයි කන්දක්...!" කියලා ළමයි හයදෙනාව බදාගෙන. එතකොට ඒ ළමයි හයදෙනා ම එකෙක් වෙලා. "ළමයි කන්ද" තමයි සංස්කෘතෙන් "කුමාර ස්කන්ධ" කියන්නෙ...

      මං කිව්වෙ බං, ගෞතම ඔතෙන්ට ඔ්නෙ ම යි...

      Delete
  10. තමන් ගැනම ආපහු හැරිලා බැලුම
    උතුම් පුරුද්දකි - නිරතුරු සිදු කෙරුම
    එවිට අනුන් ඇස රොඩු නොව, ඇසෙහි තම
    තියෙන කුණු පොදත් නොවෙතිය මඟ හැරුම

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ඔබෙ අදහස මහට වටී
      සිංහාවලෝකනය කියන්නෙ ඒකෙ හැටී
      කොහොමත් මගෙ කතා නිතරම වෙනස් වෙතී
      අන්තිම සැරේ පොත ගැහුවම මොකක් වෙතී?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි