Saturday, February 13, 2021

අවසානයක් නොවේ - 29

කුඤ්චනාද දහසක් එකපිට නැඟෙන්නා සේ කණ හිරිවැටෙන සුළු තියුණු හඬක් ඇසු‌නේ එක් වරමය. හාත්පස හෙවුණු ගස් අතු පතර කුණාටුවකට අසුවුණාක් මෙන් කරකැවෙන්නට විය. අශ්වයන් දෙ දෙනා කුළප්පු වී වනය තුළට දුවද්දී, දැවැන්ත අත් පසුරු දෙකකින් ඒ සතුන් දෙ දෙනා අල්ලා ගැනෙනු මඟියෝ දෙ දෙනා දුටහ. අත්තටු ගැසෙන හඬ, ගස් අතු වැනෙමින් කඩා වැටෙන හඩ, සමඟ මුසුවූ අශ්වයන්ගේ විළාප හඬ... අතර මැද, නාවුකයා සහ දුර්ගා තමන් සිටි දැවැන්ත ගසෙහි මුල් අතර ගුළි වූහ.

28 කොටස...

දෑත් හිස පිටුපසින් යවා, හිස පහත් කරගෙන, උක්කුටියෙන් බිම වාඩි වූ ඇඩම් යළි හිස එසවූයේ අග්නි ගේ තියුණු කටහඬිනි.

"යක්ෂ සුමන...!"

ප්‍රචණ්ඩව ඒ මේ අත හමන සුළඟ තවමත් සංසිඳී නැත. සුළඟින් ඇවිස්සුනු දුහුවිලි හා කොළ රොඩු වළාව අතරින් ඉදිරියට ඇවිද යමින් සිටි අග්නි ගේ සිහින් සිරුර... සුළඟ සමඟ ඉගිළෙන්නට තැත් කරන ඇගේ කළුවන් ඝන කේෂ කළාපය... යුරෝපීයයාගේ නෙතට ලක් විය.

ඩ්‍රේක් නැඟිට සිය සහචරිය වෙත දුවන්නට පළමු පියවර තැබුවා පමණි...

මාරක කුඤ්චනාද හඬ නඟමින්, දැවැන්ත පියාපත් ගැටෙන ශබ්දය හාත්පස පතුරවමින්, අති දැවැන්ත පක්ෂි රූපාකාර සත්ත්වයෙක් බිමට පහත් විය. උගේ හිසෙහි තිබුණේ හොටයක් නොව, හොඬවැලක් බඳු ව්‍යුහයකි. එහි මුලිින් එළියට ඇදුනු දිගු උල් දත් අතර, අශ්වයන්ගේ ශරීර කොටස් රැඳී තිබුණි. 


බොරළු කැට, තණ පඳුරු හා කොළ රොඩු අවුස්සමින්, දැවැන්ත නිය පහුරු බිම ගැසූ ඇත්කඳ ළිහිණියා, පියාපත් අකුළාගෙන බිමට නැඹුරු වෙද්දී, උගේ කර මත පුද්ගලයෙකු සිටි බව පෙනුණි. සුදුවන් වස්ත්‍රයෙන් සැරසී, සුදුවන් ජටාවක් හිස පැළඳි ඔහු, සිය වමතෙහි වූ මහනෙල් මලක් අග්නි දෙස ට විසි කළේ ය. කාන්තාව වම් පාදය බිමට තෙරපමින් මඳක් ඉදිරියට පැන ඒ මලෙහි නටුවෙන් අල්ලාගත්තා ය.

එක් අවස්ථාවක දී තම ජීවිතය බේරා දුන්, තමන් රහස් දූරයට බඳවාගත් තැනැත්තා වූ සුමන අඳුනාගැනීමට ඩ්‍රේක් හට හැකි වුයේ දුහුවිලි වළාව සංසිඳී යද්දී ය.

"නුඹ නම් වෙසමුණි කියන නමට ම ගැළපෙන විදිහටයි වැඩ කරන්නෙ..." අග්නි කීවේ මැඬගත් කෝපයෙන් බව ඇඩම් හට වැටහිණ.

"දහස් වාරයක් සමා වෙන්න සහෝදරී..." සිය වම් පය ළිහිණියාගේ හිසට ඉහළින් කරකවා දකුණු පැත්තට ගෙන බිමට පනිමින් සුමන කීවේ ය. "මේක ඉතාම හදිසි අවස්ථාවක් නිසයි මේ විදිහට ආවේ. එන්න පුළුවන් වේගවත් ම ක්‍රමය විදිහට පෙනුණෙ ඓරාවණ..." ඔහු වමතින් ඇත්කඳ ළිහිණියාගේ බඳට තට්ටු කළේ ය.

"මේ වගේ වැඩ කමක් නෑ, මීට අවුරුදු දෙදාහකට විතර උඩදි කළා නම්. දැන් මේ රට මිනිස්සුන්ගෙන් පිරිලා. නුඹ මේ කරපු දේ මිනිස්සු දැක්ක නම්, අනවශ්‍ය අවධානයක් ඇති වෙනව. අන්තිමේ කෙළවර වෙන්නෙ මෙතන මහ දේවාලයක් හැදිලා, වන්දනාකාරයො ගැවසෙන්න අරන්, මේ ලස්සන වනාන්තරයත් විනාශ වෙලා..."

"කාරණේ බරපතළකම එයිට වැඩියි" සුමන තමා පසුපසින් එන දෙදෙනා ද කැටිව දොළපාර වෙත ගියේ ය. එහි වූ මඳක් උසැති වටකුරු ගලක් මත වාඩි වූ හෙතෙම, ඉණතුරේ මඩියෙන් ගත් පුවක් කැබැල්ලක් කටේ දමාගෙන හපමින්, බුලත් කොලයක දෙකෙළවර කැඩී ය. 

ඩ්‍රේක් සහ දුර්ගා ඔහු ඉදිරිපසින් වූ ගල් මත වාඩි වූූයේ කුතුහලයෙන් පිරී යමිනි.

"මතක ඇති අවුරුදු කීපයකට උඩදි මහ රජ්ජුරුවො නටාපු නිල්ලඹේ කැරැල්ල නාඩගම?" සුමන අග්නි දෙස බැලී ය. 

"මට මතකයි හොඳටම. ඒත් ඩ්‍රේක් ඒ ගැන මොනවත් දන්නෑ නෙ." ඇය නාවුකයාගේ දෑස් දෙස බැලුවා ය. "මම ඒ ගැන ‌කෙටියෙන් කියන්නං...?" සුමන එකඟත්වය පළ කරමින් හිස සැළී ය.

"අවුරුදු කීපයකට කලින් වල්ග තරුවක් පෑයුවා මතක ඇති?" 

"ඔව්?" ඇඩම් කීය. "ඒ වෙනකොට මම හිටියෙ ඇලෙක්සැන්ඩ්‍රියාවෙ..."

"ඔන්න ඔය වල්ගා තරුවත් එක්ක, මේ රටේ මිනිස්සුන්ගෙ මිත්‍යා විශ්වාසත් අල්ලලා, රාජසිංහ රජ්ජුරුවන්ට විරුද්ධව කැරැල්ලක් ඇති වුණා. පෝයමළු විහාරෙ සිරිනිවාස තෙරුන්නාන්සෙ ගෙ මෙහෙයවීමෙන්, අඹන්වෙල රාළ කියලා දිසාවෙ කෙනෙක් මිනිස්සු සංවිධානය කරවලා, නිල්ලඹේ මාළිගාවට කඩා පැනලා, රජ්ජුරුවො ළඟින්ම හිටපු මිනිස්සු මහ ගොඩක් මැරෙව්වා. ඒ කැරැල්ල වෙලාවෙදි රජ්ජුරුවො දෙගල්දොරුව හරහා ගලබොඩ වත්තට ගිහිං උන්නෙ. එක රැයින්, ඇත්තටම කියතොත් පාන්දරක පැය කීපයක් ඇතුළත, මුළු මාළිගාව ම යටත් කරගත්ත කැරළි කාරයො, රජ්ජුරුවන්ගෙ පුතා මහස්ථානෙ කුමාරයා රජකමට පත් කරගත්තා. රජ්ජුරුවො රට පාලනය කරපු නපුරු ක්‍රමය තමයි කැරැල්ලට හේතුව කියලා ඉස්මතු වුණේ. රජතුමා දඩයමත්, ගැහැණු ඇසුරත් මිස රාජසභාවෙ උපදෙස් අනුව රට පාලනය කරන්නෙ නෑ කියන එක ඒ වෙලාවෙදි කතා බහට ලක් වුණා.

"නමුත් දවස් කීපයකින් ම අලුත් රජතුමා තමන්ගෙ නැන්දා වුණු, රාජසිංහ රජුගේ අක්කා, උඩුමාලේ අදසින් එක්ක වෙනම සුළු සේනාවක් සහ චර පුරුෂයන් මාළිගාවට රැස් කළා. එතනදි කැරළි කාරයො පසු බැහැලා ලන්දේසි පාලන ප්‍රදේශයට යන්ට, කටුගස්තොට ට ගියා. එතනදි ඒ අය රාජකීය හමුදාවට කොටු වුණා. කැරැල්ලෙ නායකයො හැම දෙනාම මැරෙව්වත්, රාජසිංහ රජතුමා අඹන්වෙල රාළ ව මැරෙව්වෙ නෑ. ඉබ්බා දියේ දැම්මා වගේ අඹන්වෙල රාළ ලන්දේසීන් ළඟට යවාපු එක තමයි රජතුමා දුන්න දඬුවම..."

ප්‍රසන්න වීරක්කොඩි ගේ චිත්‍රයකි

"මොනවා?" ඇඩම් ගේ දෑස් මවිතයෙන් විදැහිණි. "ඒ මොකටද?"

"සිංහලේ තියෙන දෙතිස්වධ මේ වගේ රාජ ද්‍රෝහියෙකුට ප්‍රමාණවත් නැති නිසා, ලන්දේසීන් දන්න වධ පමුණුවන්නයි යැව්වෙ කියලා තමයි ඒ ගැන රජවාසල කිව්වෙ..." සුමන පැහැදිළි කළේ ය.

"ඇත්තටම ඒක රජතුමා ම, ඇති කරවපු කැරැල්ලක් බව අපටත් තේරුණේ පස්සෙයි." අග්නි කීවා ය. "මොකද, කැරැල්ලෙ මහමොළකාරයො වුණු සිරිනිවාස තෙරුන්නාන්සෙ යි, අඹන්වෙල රාළයි රජ්ජුරුවන් අතින් ජීවිතේ බේර ගත්තා. රජ්ජුරුවො කළේ, කාලයක් තිස්සෙ තමන් ට සමීපව ඉන්න ගමන් විවිධාකාර හතුරුකම් කරපු වාසලේ නිළමක්කාරයො සෑහෙන ප්‍රමාණයක් කැරැල්ල පිටින් දාලා මරවපු එකයි. ඊට පස්සේ ඒ උදවියගෙ දරුවන්ට, එක එක දිසාවනිවල තාන්න මාන්න දීලා ඇතුල් නුවරින් පිටමං කළා.

"මේ පාර රාසිං දෙයියන්ට ලැබෙන්න යන්නෙ නිල්ලඹේ කැරැල්ලෙ ප්‍රති විපාකය..." සුමන කීවේ ය. "පහුගිය වතාවෙ කැරලි කාරයො අතින් මැරුණු අලුවිහාරෙ වනිගසේකරගෙත්, කොබ්බැවැල්ලෙගෙත්, මාතර කුරුප්පුරාළගෙත් පුත්තු ගන්තලාවෙ දිසානායක රටේ රාළයි සේරුවිල විහාරෙ ලුණුගල තෙරුන්නාන්සෙයි එක්ක එකතුවෙලා මේ පාර රාසිං දෙයියො චුත කරන්න ම දිවුරලා තියෙනවා කියල ආරංචිය. ඒ ගැන සෑහෙන විස්තර ඉන්ද්‍ර හොයාගෙන තියෙනව. මම තකහණියක් ආවෙ ඒකයි. කලින් වතාවෙ අපි මධ්‍යස්ථව හිටියට, සිදුවුණු ජීවිත හාණිය වගේම, අඹන්වෙල රාළගෙන් ලන්දේසින්ට තොරතුරු ලැබීමත් වළක්ව ගන්න අපට බැරි වුණා. මේ වතාවෙ අපි මේ ගැන මොනව හරි කරන එක හොඳයි කියලා ඉන්ද්‍ර හිතනවා. ඒ ගැන කතා කරන්න ඔය දෙන්නත් එක්කගෙන යන්න මං ආවෙ."

"අපි දෙන්නා?" අග්නි ඇසුවේ එක් වරම ය.

30 වෙනි කොටස

24 comments:

  1. ++++++++++++++++

    වෙන අය ගහන්න කලින් ඔන්න ගැහැව්වා, වැට. දැන් එනවා ඇති ඇණ, මිටි, දඩු අරගෙන :)

    අද කොටස බැලුවාම හිතුනෙ ලංදේසි හටන වගේ කියලා. ඒ කිව්වට ලංදේසි හටන මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️

      Delete
    2. බකුස්,

      ඕං ගහල අලි වැටක්. විදුලියත් සපයලා. දැන් මොකද කියන්නෙ?

      ඇත්තට ලන්දේසි හටන මොන වගේද? මටත් මේකට පයිට් සීන් ටිකක් දාන්ඩ ඕනෙ. ඒකට අදහසක් ගන්ඩ ඇහුවෙ.

      Delete
    3. //ඇත්තට ලන්දේසි හටන මොන වගේද?//
      මතක නැත. අස්පයක් පිට, කඩුව අමෝරා ගත්ත හේවායෙක්ගෙ පිංතූරයක් විතරයි මතක. ෆයිට් සීන් අදහසක් ගන්න ඒක හරි යාවිද බලන්න, ඉස්සෙල්ලම පොත හොයා ගන්න එපෑ?

      Delete
    4. අලුත් මුද්‍රණය සූරිය පබ්ලිශර්ස්ලා ගාව තියනවා . හැබැයි දැන් සමහර කොටස් විකිණිලා ඉවරයි

      Delete
    5. මේ කියන්නෙ චිත්‍රකතා පොත් සෙට් එක නේද? මදැයි කොලා... දැං ඉතිං ඒක හොයන්ඩ ඕනෙ. රන් දිවයිනත් මුද්‍රණය ඉවර වෙලා මං හොයනකොට...

      Delete
  2. ටක් ගාලා ඉවර උනානේ..
    ඇත්කඳ ලිහිණිත් ඉන්නවනම් යුද්ධ කරන එක මහ වැඩක් ද...

    චීනේ මකරු පියාඹන කාලේ ලංකාවේ ඇත්කඳ ලිහිණි ඉඳල තියෙන්නෙ එහෙනම්.. චීන්නු ඔය මකරා තාම උන්ගෙ චිත්‍රපට වලට ගන්නවා වගේ ඔය ෆැන්ටසි සත්තු අපිත් ගේන්න ඕනෙ එලියට..

    ReplyDelete
    Replies
    1. ඒක හොද අදහසක්. ඒත් මෙහෙ පරණ ෆැන්ටසි ගෙනාවාම ඒවා රස විදිනවා වෙනුවට අපේ අය ඒවා ඇත්තයි කියලා, ලෝකෙටම අපි තමයි ඒවා දුන්නෙ කියලා, ෆුල් xenophobic කතා කියලා, දේවාලෙකුත් හදලා පූජාවකුත් තියල තමයි නතරවෙන්නෙ.
      හැල යක් රකුස් ජාන තාක්ෂණයෙන් GM කරපු සතෙක් කියයි ඔය ලිහිණියා

      Delete
    2. ඒ කාලෙම මාවල්, DC කොමික් ලංකාවෙත් නැගල ගියා නම්, සමහර විට අපේ මිනිස්සුන්ගේ රසවින්දනය මිට වඩා දියුණු වෙන්න තිබ්බා... අපිට තිබ්බේ ජාතක කතා 550යි, අන්දරෙයි, කැකිල්ලෙයි. මහදැන මුත්තයි විතරනේ ... හෙහ් හෙහ්

      Delete
    3. //හැල යක් රකුස් ජාන තාක්ෂණයෙන් GM කරපු සතෙක් කියයි ඔය ලිහිණියා// +++++++++++++

      Delete
    4. ????? පැතුම්, අපිට ඔය ඔක්කොටම හරියන්න රාවණා ෆැන්ටසි තියෙන්නෙ. වෙනකොහෙවත් නැති විදිහට ෆැන්ටසි ඇත්තෙයි කියල අදහන අයත් ඉන්නෙ. ඉතින් වෙන මොනවද

      Delete
    5. ඔය රාවණා ෆැන්ටසිය නැගල ආවේ දැන් අවුරුදු 10-15 වගේ කාලේ නේද..? ඊට කලින් නිකන් කතාව විතරනේ.. අපි පොඩි කාලෙ නම් වාල්මිකීගේ රාමායණය ඇරුනම ඕක ගැන එච්චර උනන්දුවක් තිබුනා කියල මතක නැහැ..

      මම අදහස් කරන්නේ රාවනා ෆැන්ටසිය දැන් ජෝක් එකක් වෙලානේ තියෙන්නෙ.. එහෙම නැතුව ඉස්සර පොඩි කාලෙ ඉඳල ළමයින්ට ෆැන්ටසි ශානරයට ආස හිතෙන දේවල් තිබ්බෙ අඩුවෙන් කියන එක.. නමුත් දැන් තත්වය වෙනස්.. තව අවුරුදු 10-20 ක් යද්දී සමහරවිට අලුත් පරම්පරාවෙන් අලුත් දේවල් කරයි..

      Delete
    6. පැතුම්,

      සමහරවිට ඔය විෂ්ණු ගෙ ගුරුළා, ස්කන්ධගෙ මයුරා, ගණ ගෙ මීයා, එහෙම මිතිකල් සත්තු වෙන්න පුළුවන්, දැන් අපි දකින සත්තුන්ට වඩා... ඒ විස්තර ඉස්මතු කරල ගන්න ඕනෙ. මට වුණේ, කතාවට ගත්තට මොකද, ඇත්කඳ ලිහිණියා හෙණ විසාලයි. අලි අල්ලගෙන කන්ඩ තරං ලොකුයි. ඉතිං සාමාන්‍ය මිනිස්සුන්ට නෝටිස් වෙන් නැතුව ඌව එළියට ගන්න බෑ.

      ප්‍රා, පැතුම් සහ අජිත් අයියා,

      ඇත්තට රාවණ ෆැන්ටසියත් එක්ක මේව ගැන ලියද්දි හෙණ ම පරිස්සමින් ලියන්න වෙනව. නැත්තම් අපිත් ජෝක් වෙන සයිස් එකක් තියෙන්නෙ.

      Delete
  3. ඔය ඇත්කදලිහිණියාගෙ ස්කෙච් එකක්වත් දාන්න බැරිද? බැරිනම් පොඩ්ඩක් උගේ කට ගැන විස්තර කරන්න පුලුවන්ද ? හොඩේ දත් කිව්වාම මතක්වුනේ ‍‍‍රයිස් බරෝස්ගේ ජෝන් කාටර් ඉන් මාර්ස් සීරිස් එක. පොඩ්ඩක් Dune වගෙත් තියනව. Dune movie එක එනකම් මං බලං ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. Foundation Tv Series එකක් එනවා. 2021 එනවා කියල තමා කියන්නේ Apple Tv වලින් කරන්නේ ...

      මම Dune කියවල නැහැ. ෆිල්ම් එක නම් ඔක්තෝම්බර් වගේ එනවා කියල තියෙන්නේ ..

      Delete
    2. ඇත්කඳ ළිහිණියගෙ පින්තූරයක් මම කලිං කොටසෙ දැම්මා. මේකටත් ඒ පින්තූරෙම දාන්නං...

      මට උවමනා, ඇත්කඳ ළිහිණි, ඪේරුණ්ඩ පක්ෂි වගේ සත්තුන්ට නව මුහුණුවරක් දීලා කතාවට ගන්න. ඉදිරියට බලමු.

      Delete
  4. ඉක්මනින්ම වගේ මේ කොටස ඉවර කරලා , රජ්ජුරුවරු ඔහොම දහ පදුරා වැඩනම් කරනවා තමයි හේ හේ

    ReplyDelete
    Replies
    1. මේ කතාව ලියාගෙන ලියාගෙන ගියා, පහුගිය දවසක මහ රෑ. පාඩම් වැඩ කරන ගමං. ඔය ටික ලිව්වට පස්සෙ අලුත් ජවනිකාවක් එන නිසා, එතනිං එහාට ලියන්න ඔලුවට මොකවත් ආවෙ නෑ. ආපහු ලියන්න වෙන්නෙ තව සතියකිංවත් නිසා, ඒ ටික එහෙම්ම පබිලිස් කළා.

      නිල්ලඹ කැරැල්ල රාජසිංහ රජ්ජුරුවංගෙ ම වැඩක් කියල කවුරුවත් කියන් නෑ. ඒක මගෙ එකතු කිරීමක්. ඔය අඹන්වෙල රාළ ඒ ගැන කියන ප්‍රකාශයක් තිබුණා, ඒකෙ ගොඩක් විස්තර තියෙනව. ඒකෙවත් කියවෙන් නෑ, රජ්ජුරුවන්ගෙ ම වැඩක් කියලා...

      Delete
  5. හපොයි මං හිතුවෙ කුරුදු ලිහිණියා ගෙන් කුරුදු එකතු කර ගත්තා වගේ මේලිහිණියා ගෙන් අැත්දල එකතු කර ගන්න යැවුව කියල

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවෙ එහෙම. ඒත් කලිං කොටසක සුමන ම ද කොහෙද කියනවනෙ, ඇත් සොහොන කියල එකක් නෑ කියල. ඉතිං ඇත් සොහොනක් ගාව ගන්න බැරි වුණා. අනික ෆැන්ටසි පස්සෙ ම ගිහිං බෑ, මේ කතාවෙ අරමුණ පස්සෙ යන්න ඕනෙ. ඒකයි ඔතනිං බ්‍රේක් කළේ...

      Delete
  6. මේ අඩවියත් කියවන්නවත් එන්නවත් බැරි විදිහට මොකක්ද මරාලයක් ගූගල් එකේ වෙලා තිබ්බනේ පහුගිය ටිකේ, ඒ නිසා මේ පෝස්ටුව කියෙව්වේ fb එකෙන්. එදා දැමූ කමෙන්ටුවයි මෙතනට ආයෙම ඔබන්නේ. දැන් අවුල හරි ගිහිල්ලා තියෙන නිසා.

    මොකද වුණේ වැඩ ගොඩ ගැහිලාවත්ද
    ඇපෙන් බේරෙන්න ලිව්වා වගෙයි අද
    ඇත්කඳ ලිහිණියට හොඬකුත් තිබුණාද
    දේව පුරාණෙත් අලුතින් ලියනවද?

    ReplyDelete
    Replies
    1. ඔන්න මාත් ෆේස්බුක් එකේ දාපු පිළිතුරම මෙතනත් දැම්මා...

      වැඩ ගොඩ ගැහී ඇති බව හෙණ ඇත්තක් ය
      එනමුත් මෙය ලියන එක ඇබ්බැහියක් ය
      ඇත්කඳ ළිහිණි රූපය පෙර කොටසේ ය
      දෙවිවරු හැවොම ගත්තොත් එක මූලෙක ය

      Delete
  7. දෙවන රාජසිංහ රජුජුරුවන් කුමාරයා කාලේ යුද කරන්න වුනේ පෘතුගිසින් එක්ක පෘතුගිස්ින් එපා වෙච්ච රජුජුරුවො ගිවිසුමක් ගැහුවා ලන්දේසින් එක්ත 1658 දි ඉගරු දිල මිරිස් ගත්තා කිවේ ඒකයි ලන්දේසින් පෘතුගිසින්ට වැඩිය කපටි ජාතියක් හටන් කරන්න අපේ අය සුරයි
    යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා
    පරංගි උන්නමුත් මෙ ලක්දෙරණට ගොඩ බැහැල‍ා
    අන්දමත් සොඳයි කිසි බිසි ගාලා
    එතැනදි කම්පලක් නැතත් සෙනගක් මරාදාලා.............
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ආාාන්න බලන්න... එකතු කරන්න දේ බොහොමයි මෙතනට.

      ගොඩක් ස්තූතියි.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි