Friday, November 26, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - හිච් - Hitch

මූලික සිද්ධාන්ත...

ගෑණු ළමයෙක් උදේ නැඟිටිනකොට, අධිෂ්ඨාන කරගන්නෙ නෑ "අද කොල්ලෙක් මගෙන් අහන්න නම් එපා" කියලා. නමුත්, කොල්ලෙක් ඇහුවොත්, එයා කියාවි:

"‌ඒකට මේ වෙලාව ඉතා ම නරකයි"

"චුට්ටක් ඈත් වෙලා, මට පොඩ්ඩක් ඉඩ දෙන්න..."

"මම මේ දවස්වල රස්සාවත් එක්ක ගොඩක් බිසී"

 මේ කතා විශ්වාස කරනවද? ඒ ගෑණු ළමයත් විශ්වාස කරන්නෑ ඒ කියන දේවල්.

ඇයි?

එයා කියන්නෙ බොරු.

ඔව්. බොරු. මොකද, ගෑණු ළමයෙක් කියන්නෙ හරිම සුහද කෙනෙක්. එයාට උවමනා නෑ ඔයා ගෙ හිත රිද්දන්න. ඒකයි...

ඇත්තටම එයා කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්...

"යනව යන්ඩ මෙතනිං...!"

එහෙමත් නැත්තං වඩාත් ම වෙන්න පුළුවන් ප්‍රතිචාරය...

"ඔයිට වඩා හොඳට උත්සාහ කරන්න"

ඕනෙ ම ගෑණු ළමයෙක් යාළු කරගන්න පුළුවන්. ඒකට නියම උපක්‍රමය හොයාගන්න වෙනව. 

අන්න එතනදි තමයි ප්‍රේම දොස්තර අවශ්‍ය වෙන්නෙ.


ඇන්ඩි ටෙනන්ට් හදපු චිත්‍රපටයක් - හිච්... මේකෙ රඟපාන්නෙ නාරද බක්මීවැව විල් ස්මිත් සහ ඊවා මෙන්ඩෙස්.

ඇලෙක්ස් හිචන්ස් හෙවත් හිච් (විල් ස්මිත්) ව්‍යාපාරයක් විදිහට කරන්නෙ, ගෑණු ළමයෙක් යාළු කරගන්න පිරිමි උදවියට උපදෙස් දෙන එක. ඔහු නියම විදිහට අදාළ ගෑණු ළමයා ගැන රිසර්ච් කරල, ඇයගෙ හිතට වදින දේවල් ගැන පිරිමියට උපදෙස් දෙනව. මෙය කරන්නෙ ඉතා ම රහසිගතව. 

චිත්‍රපටියේ මුල දි ම ඔහුටත් ගෑණු ළමයෙක් ගැන හිතෙනව. නමුත් ඔහු ගේ වෘත්තිය හෙළිදරව් වීම නිසා, ඒ ප්‍රේම සබඳතාව බිඳෙනව. ඒ අතරෙ, ඔහු කෝටිපති කාන්තාවක් සමඟ ප්‍රේමයක් පටන් ගන්න, ඇගේ උපදේශක මණ්ඩලයේ ඉන්න තරුණයෙකුට උදව් කරනව. ඒ තරුණයා හිච් කියන දේවල් කරන්නේ ම වැරදි විදිහට. නමුත් අර කාන්තාව ඒ වරදින තැන්වලට කැමති වීම නිසා, අර තරුණයාට ආදරය කරන්න පටන් ගන්නව.

අවසානයේ හිච් ට තේරෙනව, ආදරය ගැන ඇත්ත ම ඇත්ත සිද්ධාන්තය මොකක්ද කියලා...

ඒ මොකද්ද කියලා බලන්න, මෙන්න ටොරන්ට් එක,

මෙන්න අයිඑම්ඩීබී දත්ත.

මේ චිත්‍රපටිය ඇසුරින් තමයි, සල්මාන් ඛාන් රඟපෑ, පාට්නර් චිත්‍රපටිය හැදුවෙ...

29 comments:

  1. හරි වැඩේ තවම මේක බලල නෑනේ, ඔයි කවර් ඒක නිතරම දැකල තිබ්බට ටෙක්ස්ට් ඒක කියෙව්වාමයි ඒ වග තේරුං ගියේ, මම හිතන්නේ ඔයි බක්මීවැවගේ බොලද අැට්ටිං අැලජික් හින්ද කවරේ අැරල බලල නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. නට් මෑන් කාලෙකින්...? ආපහු ලියමුද බ්ලොග් දෙක?

      විල් ස්මිත් එච්චර අවුලක් නෑ කියල මට නං හිතුණෙ. උන්දැගෙ විවිධ ජෙනර්වල ෆිල්ම් තියෙනව.

      Delete
  2. මට එඡාරම් අල්ලලා ගියේ නැති එකක් විල් ස්මිත් ගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...! ඔව් ඉතින්, අපි එකිනෙකාගේ රස වින්දනය වෙනස් නේ...

      Delete
  3. අද නං කියන්නට වෙන්නේ නොකී දෙයක්
    මෙය නං බැලුව වගෙ කියලා නැහැ මතකක්
    කියවල බෙහෙත් තුණ්ඩුව වගෙ post එකක්
    ලියන්නට හැකිද ඩ්රැකියෝ කමෙන්ටුවක්

    ReplyDelete
    Replies
    1. එක එක පෝස්ටුව එක එක දිගින් ඇත
      කලින් එකේ දිග දෙක තුනකට සෑහෙත
      එනිසා මේක මේ තරමින් නතර වෙත
      ඊළඟ සැරේ දිග කොටසක් ලැබෙනු ඇත

      Delete
  4. මටනම් මුල හරිය හොඳයි අන්තිම වෙනකොට ටිකක් අතාත්විකයි

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඇමරිකන් රොමෑන්ටික් කතාවල අග අතාත්වික ගතියක් තියෙනව.

      වෙල්කම් බෑක් ඉයන්... දාගමුද වලියක්?

      Delete
  5. னයෙක් යාලුකරගන්න හැටි ගැන වවුලෙක්ට උපදෙස් දෙන එකෙක් නැද්ද හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. බකමූණෙක්ගෙං හරි, නරියෙක්ගෙං හරි අහන්ඩ පුළුවං වෙයි, කැමතිනං.

      Delete
    2. පිඹුරෙක්ව යාලුකරගන්න හැටි නං තියනවා.
      https://www.youtube.com/watch?v=pxD30yZJHKs

      Delete
    3. https://www.youtube.com/watch?v=HWJn6yzw7Vg

      Delete
  6. බලල තියනවා. නරකම නෑ, ඒත් කියන්න තරම් විශේෂත්වයක් මතක හිටියෙ නෑ. අවුලක් නෑ, ඔහොම යනකොට, මම කැමති එව්වත් වැටෙයි නෙව?

    //ඔව් ඉතින්, අපි එකිනෙකාගේ රස වින්දනය වෙනස් නේ//
    හ්ම්...ඒ කොටසට නං සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. මේකෙ ඒතරම් විශේ්ෂයක් නෑ තමා. නමුත් කෙනෙකුට අධ්‍යාපනික චිත්‍රපටියක් වෙන්නත් පුළුවන් කියල හිතුණා. :D

      කොහොමත් ඉතිං කෙනෙක්ගෙ රසවින්දනය හැඩගැහෙන්නෙ පොඩි කාලෙ ඉඳන් විඳපු දේ අනුවනෙ. ඉතින් වෙනස් තමයි.

      Delete
  7. බැලුවාද නොබැලුවාද කියා නිච්චියක් නෑ නොවැ..

    ReplyDelete
    Replies
    1. එහෙනං ආපහු බලල ම කියන්ඩ!

      Delete
    2. හ්ම්. හ්ම්. දැන් බාන්න විදිහක් නෑ ඩ්කී. ඔයා කිව්ව නිසා jim cary එක බෑවා. එකනම් හොඳයි. අර over acting එහෙමත් නෑ...

      Delete
    3. තව එනව ෆිල්ම් වැලක් ම මග... අපි බලමු!

      ජිම් කැරිගෙ පසුකාලීන ෆිල්ම්වල ඔ්වඇක්ටිං නෑ. නමුත් මුල්කාලීන එව්වයෙ තිබුණු ඔ්වඇක්ටිං නිසා ම තමා ඒව නැගල ගියෙ...

      Delete
  8. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් දාහක් ඈ...? මා දුටු විශාලතම සින්ඩිය. ජයවේවා!

      Delete
  9. Alfred Hitchcockගෙ films බලල තියෙනවද.

    ReplyDelete
  10. Alfred Hitchcockගෙ films බලල තියෙනවද? මොකද මට hitch කියනකොටම මතක් උනේ පොර තමයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මං සම්පූර්ණෙම්ම බලල තියෙන්නෙ සයිකෝ විතරයි. ඇත්තට ඔය ෆිල්ම් එක ඉස්සෙල්ලම දැක්කම මටත් මතක් උනේ හිච්කොක් තමා

      Delete
  11. පොඩි කොටසක් බැලුව වගේ මතකයක් තියෙනව...

    ReplyDelete
    Replies
    1. ඉතිං ඉතුරු ටිකත් බලමු...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි