ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවේ හිටපු ලොව දක්ෂතම ත්‍රස්ත විරෝධී සොල්දාදුවා සෝහාන්. ඔහු තරමට ම දක්ෂයෙකු ට හිටියේ පලස්තීන ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා වුණු ෆැන්ටම් හක්බාරා පමණයි.
සෝහාන්ට තිබුණා සිහිනයක්. ඒ කේෂ අලංකරණ ශිල්පියෙක්, නැත්තං සිංහලෙන් කිව්වොත් හෙයා ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න. ඔහු නිවසේ සිටින ඉතා කෙටි විවේක කාලවල හැත්තෑ ගණංවල සඟරාවක් බලමින් හෙයා ඩ්‍රෙසින් කරන හැටි ගැන සිහින මැවුවා.
දවසක් ඔහු ත්‍රස්ත විරෝධී මිෂන් එකක දී, ෆැන්ටම් හක්බාරා සමඟ ද්වන්ද සටනක් කළා. එතැනදී ඔහු මිය ගිය බව හඟවා නිව් යෝක් වෙත පැනගත්තා.
නිව්යෝක් නගරයේ දී ඔහු දකින්නේ ඔහු සඟරාවෙන් දුටු හැත්තෑ ගණංවල බටහිර සමාජයට වඩා වෙනස් සමාජයක්. නමුත් ඔහු අවසානයේ දී තමන්ගේ සිහිනය ජය ගන්නවා. ඔහු කේෂ අලංකරණය ඔහුට ම ආවේණික විලාසිතාවන්ට අනුව සිදු කරනවා. ඒ වගේ ම ඔහු ගෙන් කොණ්ඩය සකස් කරගන්නට එන සේවා ලාභිනියන්ට අමතර සේවාවකුත් සපයනවා. එයින් ඔහු ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒ වගේ ම ඔහු තරුණියකගේ ආදරයටත් ඉළක්ක වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඔහු වැඩ කරන සැලුන් එකේ හිමිකාරිය.
නමුත් එක් පලස්තීනුවෙක් ඔහු හඳුනා ගන්නවා. අවසානයේ ඔහුට තම විරුද්ධවාදියා වුණු ෆැන්ටම් සමඟ සැබෑ සටනක් කරන්නට සිදු වෙනවා.
මේ ගැනත් මම මෙතන ලියා ඇත්තේ පොල් කුඩු වැනි සාරයෙන් තොර කෙටි විස්තරයක් පමණයි. සැබෑ සාරවත් සහ රසවත් කොටස් ගැන ඉඟියක් පහත ට්‍රේලරයෙන් බලාගත හැකියි.
ඇඩම් සෑන්ඩ්ලර් හොලිවුඩ් රිදී තිරය ඒකාලෝක කළ, සුපිරි වීර, ක්‍රියාදාම සහ කොමඩි කැටගරිවලට වැටෙන මේ චිත්‍රපටය බාගන්න මෙන්න සබැඳිය.
ඉතිං තවත් අවුරුද්දක් ඉවරයි. ලබන්නාවූ අලුත් අවුරුද්ද හැමෝටම අත ගහන ගහන වැඩේ හිතුවටත් වඩා හරියන, ජයග්‍රාහී අවුරුද්දක් වේවා!
ලබන්නාවූ අලුත් අවුරුද්ද අපට වැඩි වැඩියෙන් පෝස්ට් කියවෙන, ලිස්සන සුළු අවුරුද්දක් වේවා!
ReplyDeleteආ ඒ අවුරුද්දම උඹට වැඩි වැඩියෙන් පෝස්ට් ලියවෙන, සෞභාග්‍යමත්, ප්‍රීතිමත් අවුරුද්දක් වේවා!
දෙවෙනි ප්‍රාර්ථනාව නං හරි, පළ වෙනි එක එසේ ම නොවේවා!
Deleteඅවිරිද්ධ ළඟ තියන් රාජ්‍යය විරෝධී ෆිලුම් බලන්න බෑ ඩ්රැකීයො බොට තේරෙන්නෙ නැතෙයි.
ReplyDeleteලබන ඖරුධ්ඩ නයිරෝගීමත්, සැපවුත් සෞබ උපන් අවුරුද්දැහැක් වේවා!!
මොකද්ද ඒ බාසාව?
Deleteමේ දාල තීන පෝස්ටරේ අරුන්දගේ පෙනුම රොබර්ට් ද නීරෝවගේ....
ReplyDeleteටිකක් ඒ වගෙත් තමා
Deleteඔබතුමා UFO ටෙලි නාටකය බල්ලා තියෙනවද?
ReplyDeleteටිකක් පරණ ටෙලි සීරීස් එකක් බලල තියෙනව අනූ ගණංවල. ඒකද දන්නෑ?
Delete+++++++
ReplyDeleteWish U the Same Pra Jay dear
Deleteයකඩෝ ඩ්රැකී පොළඹවමින් අප මෙහෙම
ReplyDeleteලියනකොට අහක බැලියෑකිද කොහොම
බැලුවා ට්‍රේලරය කියවන අස්සේම
අම්මට සිරි, තිබ්බෙ එළකිරි වාගේම
ඉතිං උදා වුණු විසිදෙක අවුරුද්දේ
ප්‍රමෝදය තමයි ලැබෙන්ට ඕනෑ දේ
ඉතිරේවා සතුට නැතිවම පරමාදේ
කියවමු, ලියමු අපි සුන්දර blog මූදේ!
අම්මට සිරි තමා ඇඩමගෙ වැඩ ගොන්න
Deleteඑකකට එකක් නොම වේ රසයෙන් ඌණ
නිදිටත් නිරෝගී සුව පතමින් මෙතන
බ්ලොග් ලොව දියුණු කරනට කරමු අදිටන
ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ.....
Deleteඅද හෙටම බලන්නයි ඉන්නේ. බාගෙන තියෙන්නේ. එතකොට කියන්නංකෝ අදහස.....
Deleteබැලුවා. හිතාගෙන හිටි තරම් දෙයක් දැනුණේ නෑ...
Deleteනමියා කලින් ලද විරුදාවලිය සම්මත කරගන්න යන්නෙ...
Deleteනිදි,
ඔබේ අපේක්ෂා භංග කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් බොනව ප්ලේන්ටි.
'නමියා කලින් ලද විරුදාවලිය සම්මත කරගන්න යන්නෙ' - අඩේ ඒ මොකක්ද ඩ්රැකී. වැඩ අස්සෙ හරි ඇවිත් කියල හිටු...
Deletehttps://drackey.blogspot.com/2021/12/blog-post.html?showComment=1639916461020#c8859600471815501826
Deleteඔය සොහාන් ගෙ වැඩේ මට ඇල්ලුවෙ නැත්තෙ සමහර විට ගොං ජෝක් තිබ්බ හිංදා. මං ගිය සතියෙ Shawshank Redemption බැලුවා. ඒකෙත් කියන තරං ආතල් එකක් නෑ....ලස්සන ඩ්රැකියුලා ෆිල්ම් හෙම නැද්ද?
ReplyDeleteලෝකය විවිධයි, විශමයි ගෝලාකාරයි කියල කියනවනෙ. Shawshank Redemption ඒකෙත් කියන තරං ආතල් එකක් නැති, ලොකු මලයගෙ රසවින්ඳනය ඒකාන්තයෙන්ම විවිධයි, විශමයි ගෝලාකාරයි. අමනාප නොවී කිව්ව නං, හිතට අල්ලලා ගිය ෆිල්ම් කීපයක නම්? 🤔🙏
Deleteඒක මේං මෙහෙමයි බස්සාතුමා...දැං ඔය හුගක් ෆිල්ම් අපි බලන්නෙ හොඳයි, මාරයි, ආතල් කියල කවුරුහරි කෙනෙක් කිව්වම. කතාව පටං ඇරං විනාඩි දහයක් යනකොට අන්තිමට වෙන්නෙ මේන්න මේකයි කියල හිතෙනවානං සහ අන්තිමට ඒ හිතුවිල්ල හරියනවානං මට ඒ ෆිල්ම් එක ගතියක් නෑ. Green Mile, Resistance Banker, Dunkirk, Two Popes මෑතකදි මං බලපු හිතට අල්ලපු කතා....
Deleteඑකඟයි. බොහොම ස්තූතියි. ඒව එකක්වත් බලල නෑ, බලන්නම්. වැරැද්දක් කිව්වා නෙමෙයි, මට මිස් වුනේ මොනවද කියල දැණගන්නයි ඕනෙ වුනේ.
Deleteකට්ටෙ,
Deleteඇත්ත. ගොම්පාට් තමයි ඔය ෆිල්ම් එකේ මූලික හරය. මං යමක් විඳින කොට ඒකෙන් දෙන්න යන දේට අනුගත වෙලා රසවිඳිනව. වෙන කරන්ඩ දෙයක් නෑනෙ. හැබැයි ගොඩක් හින්දි සහ සිංහල එව්ව නං බලන්ඩ බෑ විවේචන නැතුව.
බස්සා,
ඔව්. විවිධ රසඥතා තියෙන නිසානෙ විවිධ කැටගරිවල නිර්මාණ හැදෙන්නෙ.
බැලුවද ෆොරස්ට් ගම්ප්? තව මතක් වුනොත් දෙන්නං...
කට්ටෙ,
ඇත්ත. ග්‍රීන් මයිල් වගේම, ටොම් හෑන්ක් ගෙ ෆිල්ම් බහුතරයක් මරු.
ඔහේ The End of the F***ing World බල්ලා තියෙනවද?
ReplyDeleteඒක බලන්නම ඕනේ කතාවක්.
ඒ නම ලියලා තියෙන විදියෙනුත් යම් අදහසක් දෙනවා.
ඒක politically correctness සංකල්පය නිර්දය ලෙස විවේචනය කරන එකක්.
අපේ රටේ කලා කාරයෙක්ට නම් එහෙම කතාවක් හදන්න තරම් පුරුෂ ධෛර්යයක් නෑ.
උන්ට බුදුහාමුදුරුවන්ව විවේචනය කරන්න නම් පුළුවන්.
හිත ඇදිලා යන නමක්, හොයන්නම්. ස්තූතියි.
DeleteThis comment has been removed by the author.
Deletebaiscopelk.com අඩවියේ උපසිරැසි තියෙනවා.
Deleteස්තූතියි.ඒත් වැඩිය කැමති ඔරිජිනල් උපසිරැසි එකටයි.
Deleteගොඩක් ස්තූතියි ජගත්. හිත ඇදිලා යන නමක්. අපි වගේ උන්ට ගැළපෙයි කියල හිතනව.
Deletehttps://m.youtube.com/watch?v=dMbnfxwus0s
Deleteමේක බෝ ලියන ජාතියෙ කතාවක් නේද? මම නං ඇහැව්වෙ යූ-ටියුබ් වර්ශන් එක. ඇක්සෙන්ට් එක අවුල් නං, CC ඔන් කරගෙන ඇහැව්වෑකි.
ReplyDeletehttps://old.reddit.com/r/nosleep/comments/ii2ntr/how_i_became_a_god/
https://www.youtube.com/watch?v=LOm_Uw9Ck9c
හොඳ වස්තු බීජයක් වෙයි කියල හිතලයි දැම්මෙ. මයෙ බුදු සන්තෝ Reddit/ NoSleep එකේ තියෙන කතා තොගේ! පික්සු හැදිලා, ඒක ඩබල් වෙලා, ආයෙත් හැදෙනවා.😮😨
ඕං බලහල්ලකෝ... මේ දවස්වල නං එක සීරු වැඩ. මාස්ටරේ අන්තිම සෙමෙස්ටරේ. රිසර්ච් එහෙකුත් කරන්ඩ තියෙනව. එසයින්මන්ට් තුනකුත් දෙන්ඩ තියෙනව. විභාගෙකුත් එනව. ඒ හින්දා පරක්කුවට සොරි වෙන ගමං ම, ලිංක් දැමීම ගැන ස්තූතිය ප්‍රකාස කරනව හිටං.
Deleteඉන්දියන් ජාතියේ ෆිසික්ස් බොරු කරන ෆිල්ම් එකක්. හවසක නිකන් ඉන්න වෙලාවක් බලන්න පුළුවන් කොමඩියක්, සුභ අලුත් අවුරුද්දක්. (මේ බ්ලොග් මල්ලේ කෙහෙල්මල්දහයක් විතරක් මුලින් පෙන්වන මගුල නිසා මට බ්ලොග් මග හැරෙනවද කොහෙද. )
ReplyDeleteඑසේම වේවා!
Deleteඇත්ත. මේක සරළ කොමඩියක්. එච්චරයි. ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්නකොට රිලැක්ස් වෙන්න හොඳයි.
අර කෙහෙම්මල් දහය ගැන කතාව ඇත්ත.
Movies is a streaming portal have a user-friendly interface and host a huge variety of movies in various genres, along with additional. GoMovies also offer easy navigation and an interface to look for your favourite movies or TV shows to be streamed or downloaded by a simple search or list within the platform.
ReplyDeleteHealing Buddha's compassionate touch reaches beyond the physical, nurturing the soul and spirit with transformative energy healing sessions.
ReplyDeletehealingbuddha
This comment has been removed by a blog administrator.
ReplyDelete