Tuesday, February 22, 2022

එදා අප දුටු චිත්‍රපටයකින් - මී ධාවන තරගය (Rat Race)

ඩොනල්ඩ් සින්ක්ලෙයා ලාස් වේගාස්වල කැසිනෝ හලක් අයිති කෝටිපතියෙක්. ඔහුට අවශ්‍ය, තමන්ගෙ කෝටිපති මිතුරන්ගේ සූදුවට ඇති ආශාව දිගටම පවත්වාගැනීම සඳහා අලුත් අලුත් සෙල්ලම් හඳුන්වාදෙන්න. 

ඉතින් ඔහු තමන්ගෙ කැසිනෝ හෝටලයට ආ පුද්ගලයන් හය දෙනෙක් තෝරාගන්නවා, අහඹු ලෙස. ඒ හය දෙනාට යතුරු හයක් දෙනවා. ලාස් වේගාස්වල සිට සැතපුම් 563ක් දුරින් නිව් මෙක්සිකෝ හි සිල්වර් සිටි දුම්රිය ස්ථානයේ ලොකර් එකක තියෙනවා, ඩොලර් මිලියන දෙකක්. ඒ ලොකර් එකට යතුර තමයි අර හය දෙනාට දෙන්නේ. මොන විදිහකින් හරි ඉස්සෙල්ලාම එතනට යන කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින්, සින්ක්ලෙයාගේ සූදුකාර යාළුවන් අර හය දෙනා ගැන ඔට්ටු අල්ලනවා.


තක්කඩි සහෝදරයො දෙන්නෙක්, තමන්ගෙ ජීවිතය ඉතාම අහිංසක විදිහට ගෙනියන තරුණයෙක්, යුදෙව් පවුලක්, මහ අමුතු ඉතාලි කාරයෙක්, තරගයක් පාවාදුන්න අපකිර්තිමත් ෆුට්බෝල් විනිසුරුවරයෙක්, තමන් තරුණ කාලෙ දි හදාගන්න දීපු දුව මුල්වතාවට ආපහු මුණ ගැහුණු වයසක මවක් යන අය තමයි අර සූදුවට අහුවෙන පාර්ශ්ව හය. ඒ අය නිරූපණය කරන්නෙ ප්‍රසිද්ධ ප්‍රහසන නළු නිළියො සෙට් එකක්. රෝවන් ඇට්කින්සන් හෙවත් බීන්, වූපි ගෝල්ඩ්බර්ග්, බ්‍රෙකින් මේයර්, ජෝන් ලොවිට්ස්, ඒමි ස්මාර්ට්, කූබා ගූඩිං ජූනියර්, සෙත් ග්‍රීන්, කැතී නැජිමි... ඩොනල්ඩ් සින්ක්ලෙයාගෙ  නිරූපණය කරන්නෙ ප්‍රසිද්ධ ජෝන් ක්ලීස්. ඒ වගේම තමයි මේ කතාවෙ, මේ හය දෙනා දුවන රේස් එක අතරෙදි සිද්ධ වෙන සිදුවීම් සෙට් එක.

තක්කඩි සොහොයුරන් දෙන්නා රේස් එක පටන් ගන්නෙ ම, ලාස් වේගාස්වල ගුවන් තොටුපළේ රේඩාර් එක කඩලා. ඉතින් කාටවත් නිව් මෙක්සිකෝවට ගුවනින් යන්න බැරි වෙනවා. ඒ අතරෙ අර අහිංසක තරුණයාට හමුවෙනවා හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් වුණු හරිම ආකර්ෂණීය සහ මුරණ්ඩු තරුණියක්. මුලින් මේ තරගයට එකතු නොවන්නට තීරණය කළත්, යතුර ඩස්ට් බින් එකට දැම්මත්, ඔහු ආපහු යතුරත් අරගෙන අර තරුණිය එක්ක නිව් මෙක්සිකෝවට යනවා.

යුදෙව් පවුල අතරමගදි, දුවගෙ ආසාවට සහ බිරිඳගෙ කන්දොස්කිරියාවට ඉඩ දීමක් විදිහට යනව, බාබි කෞතුකාගාරයක් බලන්න. ගියාට පසුවයි දන්නෙ, හිට්ලර්ගෙ පාර්ශ්වකරුවෙක් වන බාබි නම් ෆැසිස්ට්වාදියෙක් සමරන්න පිහිටුවපු කෞතුකාගාරයක් මිස බාබි බෝනික්කන් පිළිබඳ කටුගෙයක් නොවන බව. එතනින් පැනල එද්දි ඔවුන්ට හිට්ලර්ගෙ කාර්එක පැහැරගෙන යන්න වෙනව. මේ තියෙන්නෙ ඒ සිදුවීම...


තක්කඩි සොහොයුරන් දෙන්නා තමන්ට ලැබුණු යතුරෙන් තවත් පිටපතක් ගහගෙන, දෙන්නා බෙදිලා යන්න තීරණය කරනවා. නමුත් ඔවුන් යන යතුරු කඩේදි, ඔවුන් ගෙ කතාබහ අහගෙන ඉන්න යතුරු කපන්නා, ඒ දෙන්නට හිස් යතුරු දෙකක් දීලා, ඔරිජිනල් යතුර අරගෙන සිල්ව සිටි වෙත යනවා. ඔහු අල්ලගෙන නියම යතුර ගන්න අර සහෝදරයන් දෙන්නට සිද්ධ වෙනවා උණුසුම් වායු බැලුනයක් අරගෙන යන්න.

මේ ඒ තක්කඩි දෙන්නට සිධවෙන තව සිදුවීමක්...


සම්පූරණ ෆිල්ම් එක මෙතනින් බලන්න පුළුවන්...


කලින් වතාවල ‌වගේ මම මෙතනදිත් කියලා තියෙන්නෙ කතාවෙන් බොහොම පොඩ්ඩයි.

28 comments:

  1. මේ දවස් ටිකේ වැඩත් ටිකක් අඩුයි. බලන්නම් කෝ මේක.

    ReplyDelete
    Replies
    1. ආ, බණ්ඩාර සර්, බලන්න - ස්පර්ෂ කරන්න.

      Delete
  2. හුම්.... හොඳ චිත්තරපටියක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. හොඳයි තමා. බලලා ම කියමු.

      Delete
  3. ආන්න ජංසන්. මේක ඉන්නෙත්, පට්ටම සැට් එකක්.
    කොහොමද දෙයියනේ, මම මේක අහලවත් නොතිබ්බෙ?

    දෙයියා: බොලං බස්සො, මේවා යක්කු බලන සිත්තරපට.

    ReplyDelete
    Replies
    1. මේක මරු ආතල් එකක්. ඕකෙ මැද හරියෙ තියේ සීන් එකක්. ඒක බලන්නමයි සීඩීයෙක ගත්තෙ. ඒ ටික බලල ඉවරවෙද්දි සීඩී එකට පුලුවන් නං අඩල. ඒතරං ඒ සීන් එක බැලුව. කරුමෙ කියන්නෙ ඕකෙ මතකත් ඒ කෑල්ල විතරයි. හරිම වෛවර්ණ විදිහට තාම මතකයි 😂😂

      Delete
    2. බකුස්,
      මං අහල තිබ්බෙත් නෑ. දෙදාස් දෙකේ විතර අපට පුරුද්දක් තිබුණා (අපි කිව්වෙ මායි ඇඩම් ඩේක් ඇන්ඩර්සන් හෙවත් රංග යි) බොරැල්ලෙ කොටා රෝඩ් තිබුණු ඩීවීඩී කඩේකිං ෆිල්ම් කලෙක්ෂන් තියෙන ඩීවීඩී ගන්න එක. හැම මාසෙකම පඩි දවස් අල්ලලා අපි දෙන්න මරදානෙ ඉඳං පයිම්ම යනව. ආං ඒ ඩීවී්ඩී ඒහෙක තමා ඔ්ක තිබුණෙ. තව ඔය වගේ සෙට් වෙච්ච අහලවත් තිබුණු නැති ෆිල්ම් තමා, soul plane සහ johnson familly vacation.

      යකො, දෙයියොත් උත්තර දීලනෙව මං නැති ටිකේ.

      මයියා,
      මොකද්ද බංස්? අර බොඩි පියර්සිං සීන් එකද? අන්තිමේ මන්ස්ට ට්‍රක් රේස් එකකින් ඉවර වෙන්නෙ...

      Delete
  4. ඒක තමයි.. මේක ගැන මාත් අහල තිව්නෙ නෑ නෙව බෂ්

    ReplyDelete
    Replies
    1. ආාාන්න ඒකයි. මට පින් දියව්!

      ආකසට්ඨාච බුම්මට්ටා!
      වවුලා අලයාච ගජබින්නා
      පුඤ්ඤංතං අනුමෝදිත්වා
      චිරං ලියහං මේ බ්ලොග් එකං...

      Delete
  5. හාන්කවිසියක් අහලා නැතිකොට
    පුදුමද බලලා නැහැයි කියන්නට
    වැඩ-කිඩ අඩු නෑ වගේ පෙනෙනකොට
    බලන්නමයි හිත ඩ්රැකියෝ හනිකට

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ film එක බැලුවා. ඇත්තම කියන්න එපැයි. මගේ අඩු ඉංගිරිසි දැනීම නිසා වෙන්නැති මට film එක එච්චර වැදුණේ නෑ.

      Delete
    2. ඉංගිරිසියෙ ගැටළුවක් නෙවෙයි ලොකු
      ටේස්ට් එකට ගැළපෙන්නේ නැතුවැති
      මුලහිට පොඩි ‌පොඩි එක්ස්ට්‍රිම් සිදුවීම්
      උංගෙ සපත්තුවෙ බැහැල විඳිය යුතු

      Delete
    3. අල්බොරාදා බලලා දැන් ටිකකට කලින් ගෙදර ආවේ.
      'පිරිපුන් සුන්දර කවියකි ඒ නෙක රස උපද්දන' මගේ අදහසයි ඒ.

      Delete
    4. හ්ම්... අල් කියා පටං ගන්නා සියල්ල මුස්ලිම් නොවේ වගේ? ඔය ෆිල්ම් එකත් දාගත්ත බලන්න තියෙන ලිස්ට් එකට.

      Delete
  6. අර ඕශන්'ස් මගුල් ටික බැලුවෙ නැද්ද? අටෙන්ශන් දීල ඉන්ග්‍රීසි සබ්ටයිට්ල් දාගෙන බලන්න ඕනෙ වංචාගොඩ හරියට අල්ලගන්න

    https://en.m.wikipedia.org/wiki/Ocean%27s_(film_series)

    ReplyDelete
    Replies
    1. ඔය සෙට් එක බලල නැත්තං ඩ්‍රැකියට වවුල් තට්ටක් වේලල ඇරං රෝල් කරල තලන්න ඕන 😂😂😂

      Delete
    2. ඔය ඔ්ෂන්ස් මගුල් ටිත මං ගාව තියෙනව. තාම බැලුවෙ නෑ. බලන්ඩ ම ඔ්නෙ...

      මහේෂ්,
      වවුල් තට්ටක් රෝස් කරලා, ගිනස් එකක් ගහමු!

      Delete
  7. රැට් රේස්. නේහ්.. රැට් රේස්.. අන්න ජංසන්.. 😂😂 මේක කියව්වම මට පෝස්ටු කෝටියකට ඉතර අයිඩියා ආවා අයියෝ. 😂😂😂
    අර බකමූණගෙ එකට රිප්ලයි කලා වගේ.. අදටත් මතක ඒ ⁣සුවර්ණමය සීනරි එක.. 😃😃😃

    වල් කොල්ලො නේ ඒයි 😂😂😂

    ReplyDelete
    Replies
    1. වල් මයි.........යොක්කා.

      ෆිල්ම් එක ආපහු ඉස්සරහට යව යවා බලපු මං...

      Delete
  8. තාම බැලුවෙ නෑ හුඟ කාලෙකින් ආවෙ. නියමයි කතාවනම්

    ReplyDelete
    Replies
    1. හ්ම්... වැවා දැකපු කල්! ආපහු ලියමු...

      Delete
  9. මම 1993 විතර කාලේ බලපු ඉංග්‍රිසි ටෙලි නාට්‍යයක් හොයනවා.
    ඒකේ තියෙන්නේ සුපිරි බල තියෙන කොල්ලෝ කෙල්ලා් කට්ටියක්.
    එකෙක්ගේ පිටට තට්ටු කලාම සිරුර කුඩා වෙනවා.

    ReplyDelete
    Replies
    1. Missfits of science මං ආසම ඉලෙක්ට්‍රික් කොල්ලට.

      Delete
    2. https://www.youtube.com/watch?v=WRZWKfeN1u4

      Delete
  10. බීන් ඉන්නවනම් ඉතින් බලන්ටම වටිනවා

    ReplyDelete
    Replies
    1. ඒකෙ ඉන්න හැමෝම සිරාවට පෆෝම් කරනව. කතාව තමයි පට්ට. සමස්තය එක්ක බැලුවොත් බීන් ඒ තරම් දෙයක් කරන්නෑ.

      Delete
  11. ඇටකිංසං ඉන්වනං ඉතිං මරු එකට ඇති. ලයිට් කැපිල්ල ඉවර වෙච්ච දවසක (හිටියොත්) බලමු.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි