Tuesday, December 5, 2023

විරකෝචා


ආරම්භයේ දී පැවතුනේ අන්ධකාරය පමණකි. අන්ධකාරය තුළ, ටිටිකාකා නම් වූ මහා විලේ ජලස්කන්ධය විය. මේ ජලය තුළින් විරකෝචා හෙවත්, ඉල්ලා ටික්සි විරකෝචා හෙවත්, දීප්තිමත් තැනැත්තා නොහොත්, මූලාරම්භකයා නොහොත්, සමුදුරේ පෙණ පිඬ, හටගත්තේ ය. ඔහු පෘථිවිය සහ ආකාශය නිර්මාණය කෙළේ ය. ඔහු මුල් ම මනුෂ්‍යයන් තැනී ය. ඉන්පසු ඔහු අතුරුදන් විය. ඒ වනවිටත් පැවතුනේ අන්ධකාරය ම ය.

නමුත්, මුල් ම ජීවීන් තමන් අප්‍රසාදයට පත් කළ හෙයින්, විරකෝචා නැවතත් ටිටිකාකා විලෙන් මතු වී ය. ඔහු වැනි තවත් බොහෝ තැනැත්තන්, බොහෝ විරකෝචාවන් ඔහු සමඟ වූ හ. ඔහු මුල් ම ජීවීන් ගල් බවට පත් කළේ ය. ඒ ඔවුන් ඔහු තුළ ඇති කළ කෝපයට දඬුවමක් ‌වශයෙනි. ඉන් පසු ඔහු සූර්යයා මවා, එය, ඊට අදාළ ගමන් මාර්ගයේ යන ලෙස ට සැළැස්වී ය. ඔහු චන්ද්‍රයා සහ තාරකා ද නිර්මාණය කළ අතර, ඒවා ආකාශයේ පිහිටුවී ය. මේ දේවල් ඔහු තිවනාකූ හි දී සිදු කෙළේ ය.

තව ද, ඔහු තිවනාකූ හි දී අලුත් මනුෂ්‍ය ගෝ‍ත්‍ර බිහි කළේ ය. ඒ එක් එක් ගෝත්‍ර ඔහු මැවුවේ, පාෂාණවලිනි. ඒ සෑම ගෝ‍ත්‍රයකට ම නායකයෙකු ද, ගර්භණී වූ ස්ත්‍රීන් ද, දරනිවල ලූ දරුවන් සහිත ස්ත්‍රීන් ද, ඇතුලත් විය. මුල් ගෝත්‍රය මැවූ පසු ඔහු එය තිවනාකූ හි පසෙකින් තැබී ය. ඉන් පසු ඔහු තව තවත් ගෝත්‍ර මැවී ය. මේ සෑම මැවුමක ම, ඔහු ඔවුන් පැළඳ සිටිය යුතු වූ ඇඳුම් ද සායම් කෙළේය. එසේ ම දිගු කෙස් සහිතව සිටිය යුතු වූ තැනැත්තන්හට දිගු කෙස්වැටි ද, කෙස්ස කපා දැමිය යුතුවන් කෙටි කෙස්වැටි සහිතව ද මැවී ය.

ඉන්පසු ඔහු තම විරකෝචාවන් කැඳවා, ඒ ගෝත්‍ර පෙන්වා,  එක් එක් ගෝත්‍රය හැඳින්විය යුතු නම් ද, වාසස්ථාන පැවතිය යුතු ස්ථාන ද කීවේ ය. ඔහු කියමින්: "මා ඔවුන් පාෂාණවලින් මවා, සායම් කරන ලද හෙයින්, ඒ අයුරින් ම ඔවුන් මා ඔබට පෙන්වා දුන් පළාත්වල උල්පත්වලින්, ගංගාවලින්, ගුහාවලින්, සහ කඳුවැටිවලින් පැමිණිය යුතු ය."යි පැවසී ය.

ඉන්පසු ඔහු තම විරකෝචාවන් හිරු නැඟෙන දෙසට යවමින්, ඒ එක් එක් ගෝත්‍ර කැටිව යන ලෙස නියම කළේ ය. එහෙත් දෙදෙනෙක් ඔහු තමන් වෙත රඳවා ගෙන, ඉන් එකෙකු නිරිත දෙස සමුද්‍ර තීරයටත් අනෙකා වයඹ දෙස කැලෑ සහිත පහත් බිම් දෙසට ද යැවී ය. ඔවුන් ඉන්පසුව තවත් ගෝත්‍ර කැඳවාගෙන උතුරු ‌දිශාභිමුඛව ගමන් කළ හ. විරකෝචා තමන් ම ඔවුන් දෙපළ ට මැදින් කූස්කෝ සහ කෂමාර්කා දෙසට වැටුණු රාජකීය මාවත දිගේ යමින් තවත් ගෝත්‍ර කැඳවාගෙන ගියේ ය.

ඔහු ගමන් කරද්දී යෂ්ටියක් රැගෙන ගියේ ය. ඔහු මහළු වූ අතර, ඔවුන් පවසන පරිදි, ඉදිරියට නැඹුරු වූ සිරුරකින් සහ දිගු රැවුළකින් යුක්ත විය. ඔහුගේ ප්‍රාවරණය දිගු වූ අතර, කෙස් වැටිය ද දිගු විය.

ඔහු කානා ගෝත්‍රය සඳහා ලබා දුන් කාචා ප්‍රදේශයට පැමිණ, කානා ගෝත්‍රය කැඳවූයේ ය. නමුත් ඔවුහු ආයුධ අතැතිව ඉදිරියට ආහ. ඔවුන් විරකෝචා දුටුවිට, ඔහු ඇඳිනීමට නොහැකි ව, ආයුධ අමෝරාගෙන ඔහු මැරීමේ අදහසින් කඩා පැන්නහ. ඔවුන් එනු දැක, ඔහු ආකාශයෙන් ගින්දර කඩා වැටීමට සළස්වා, ඔවුන් සිටි තැන ට ආසන්නව පිහිටි කන්දක් ගිණි ගැනීමට සැළැස්වූයේ ය. ඔවුහු ගින්දර දැක බියපත් වූ හ. ඔවුන් තම ආයුධ බිම දමා විරකෝචා අසළට දිව ගොස් ඔහු ඉදිරිපිට බිම වැටුණාහ. ඔවුන් එසේ කරනු දැක විරකෝචා සිය යෂ්ටිය ඔසවා ගින්දරට තට්ටු කළෙන්, ඒ ගින්දර නිවී ගියේ ය. 

ඉක්බිති, ඔහු ඔවුන්ගේ මැවුම්කරුවා තමන් වූ බව ඔවුන්ට කීවේ ය. ඔවුහු ඔහු වෙනුවෙන් මහා දේවස්ථානයක් ගොඩ නඟා රන් සහ රිදී බොහෝ ප්‍රමාණයක් පූජා කළ හ.

පසුව ඔහු උර්කොස් වෙත පැමිණියේ එහි වූ උස් කඳු මුඳුනකට නැංගේ ය. එහි මුඳුනේ ඔහු අසුන් ගෙන, ඒ ප්‍රදේශයේ වාසය කළ මිනිසුන්ට කන්දෙන් නැඟ එන ලෙස ට නියෝග කෙළේ ය. විරකෝචා එහි වාඩි වී සිටි හෙයින් ඔවුහු ඔහු වෙනුවෙන් එහි ස්වර්ණමය සිංහාසනයක් ඉදි කළෝ ය.

එතැනින් ද ඔහු විවිධ ගෝත්‍ර කැඳවමින්, කුස්කෝ වෙත ළඟා වන තුරු ඉදිරියට ම ගියේ ය. ඒ ස්ථානයේ දී ඔහු ඇල්කහුයිසාවුන් බිහි කළේ ය. තව ද ඔහු එම ස්ථානය කුස්කෝ යැයි නම් කෙළේ ය. එසේ ම, තමන් පිට ව ගියාට පසුව, ඉන්කාවන් බිහි කරවනු පිණිස උපදෙස් තබා ගියේ ය. එතැනින් ඔහු උතුරු දෙසට තවත් ගෝත්‍ර කැඳවමින් ගමන් කෙළේ ය.

අවසානයේ දී ඔහු මැන්ටා ප්‍රදේශයේ දී මුහුදු තීරයට එළඹියේ ය. එතැන දී ඔහු සිය ප්‍රාවරණය විහිදුවා, ඒ මතින් මුහුදු රැළිවලට ඉහළින් ගමන් කෙළේ, නැවත කිසිදාක දර්ශනය නොවී ය. ඔහු වෙන් වී ගිය ආකාරය අනුව, ඔහුට විරකෝචා, සමුද්‍රයේ පෙණපිඬුව යැයි කියනු ලැබේ.

පින්තූරය, මී ළඟ කොටසකට අදාළ යි.

මූලාශ්‍ර

https://www.limaeasy.com/peru-guide/history-of-peru/peruvian-legends-myths-tales/the-legend-of-viracocha

32 comments:

  1. හනුමා විතරනේ ඉතින් අපි දන්නේ

    ReplyDelete
    Replies
    1. හෑ...! තීන්ත වේලෙන්ඩත් කලිං මෙන්න මූ කමෙන්ට් කරලා...!

      Delete
    2. අපි දැන් සීන්නේකේ ඉන්නේ ඇයි

      Delete
    3. දැන් සීන්නෙකේ ද ඉන්නෙ, ලන්ඩන් නෙවෙයි ද?

      Delete
    4. https://www.doggingaction.co.uk/dogging-news/lets-go-dogging-in-banbury/

      Delete
    5. ඒ මොකද්ද අනේ ඒ...?

      Delete
    6. https://www.dictionary.com/browse/dogging

      Delete
    7. ඒ කියන්නෙ ඉවානෙයට උතුර දකුණ මාරු වෙලා ද, එහෙ තියෙන දේවල් දැකල?

      Delete
  2. ඉතිහාස කතා කියවද්දි අමුතු ආතල් එකක් තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මේවයින් ඉතිහාසය පෙරලා ගන්න ඕනෙ

      Delete
  3. විරකෝචා...මරු නම හැබැයි-Mayya

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... වෙන මෙසොඇමරිකන් නම්වලට වඩා මේක අපේ කටට හුරුයි

      Delete
  4. හැම සංස්කෘතියකටම වාගේ මැවුම්කාරයෙක් ඉඳලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒක හැම සංස්කෘතියකට ම පොදු ගැටලුවක්. උත්තරය විවිධයි...

      Delete
  5. ඕක පරණ ඉස්කෝලේ පොතක පාඩමක්.
    ඔයවගේ කතා ලියනකොට බයිබල් උප භාෂාවෙන් ලියන්න උත්සාහ කරන්න. ඒකෙ වෙනම ආතල් එකක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි... මී ළඟට ඒක ට්‍රයි කරනව.

      අර පරණ පාඩම් පොතේ කතාව මී ළඟ පෝස්ටුවකින්. බලමු තව කාට ද මතක කියලා...

      Delete
  6. I.T. වීරකෝචාගෙ කතාවනං නියමයි.
    මීළඟ කොටස් වලට අදාල පින්තූර දාල පාට කයා මුලා කරන්න එපා ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කුතුහලය අවුස්සලා බැලුවෙ. පොඩි ආතල් එකක් ගන්ඩ දියකො 🐍!

      Delete
  7. //Viracocha was commonly pictured in human form as white and male. When the Spanish conquistadors entered Inca lands in the 16th century, landing on modern Peru’s Pacific coast, the Inca thought the Spaniards were deities because of their resemblance to popular conceptions of Viracocha. In turn, Spanish missionaries equated Viracocha with the Christian God.//

    https://www.deseret.com/2019/6/21/20676116/william-hamblin-daniel-peterson-viracocha-and-the-gods-of-the-inca-empire

    ReplyDelete
  8. වීරකෝචා ගැන අහලම නෑ. ඉන්කා කතාවක් නිසා හොඳ වේවි.

    ReplyDelete
    Replies
    1. කතාව නං ඉවරයි. 💔

      මොකක්හරි මතක් වෙනවනං ආං ඒක තමයි ඊ ළඟ කොටස...

      Delete
  9. වීරකෝචා..අඩේහ් ඒ නම මාරයිනේ..

    ReplyDelete
    Replies
    1. නවසිලන්තෙ ඉඳන් හවායි වලට ගිහින් තියෙනවා

      Delete
    2. පේරු ඉඳං පොලිනීසියන් දූපත්වලට, ජගත්...

      Delete
  10. මම ඉන්න කලාපේ ඔය වගේ අමුතු අමුතු මනුස්ස නම් තියෙනවා . ඒ නිසා මේ කතාව පුරුදුයි වගේ දැනෙනවා

    ReplyDelete
  11. මේක පේරු වල ටිටිකාකා විල අසල ජිවත් වෙන මිනිසුන්ගේ ජන කතාවක් නේ නේද? https://en.wikipedia.org/wiki/Lake_Titicaca

    ReplyDelete
  12. ටිටිකකා විලෙන් උපතක් නිති රැගෙන
    විරකොචා නමින් හැදුණුම්කම ලබන
    විහිදුවා බලෙන් වර්ගය දස බෙදන
    මරුතමා මෙයත් කියවා ඉමි තුටින...

    ජයවේවා !!!

    ReplyDelete
  13. තාක්ෂණය නොදියුණු වුණු ඒ කාලේ
    මෙහෙම කතාවලටයි තිබ්බේ ලීලේ
    තවමත් හිඳී නැත එව්වට ඇති ආලේ
    Adventure කතා කොච්චර රහද බොලේ

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි