Saturday, December 9, 2023

පුදුම පහුරු ගමන

ලොකු නැවකින් තරණය කළ යුතු මහා සාගරයක් ‘බල්සා’ කඳන්වලින් තැනූ පහුරකින් තරණය කළායයි යමෙකු ඔබට කීවොත් ඔබ පුදුම වනු ඇත.

යුරෝපීයයෝ ශාන්තිකර සාගර තරණයේදී ලෝකයේ අනෙක් ගොඩබිම්වලට බොහෝ ඈතින් පිහිටියාවූ ද, එකිනෙකින් ඈත්වූ ද කුඩා දූපත් හා පැතලි හිරිගල් පර සමූහයක් සොයා ගත්හ. මේ මහ සයුර මැද දූපත් ඇතැයි ඔවුහු නොසිතූහ. මේ දූපත් ජනාවාස ව ඇතැයි ඔවුහු කිසිසේත් ම බලාපොරොත්තු නොවූහ. හැඩ රුව ඇති, උස මනුෂ්‍ය වර්ගයක් මේ දූපත්වල වාසය කළහ. හැම දූපතක ම ගම්බිම් හා පැල්පත් ද, වගා කරන ලද කෙත්වතු හා පූජනීය ස්‍ථාන ද තිබිණ. සමහර දූපතක පිරමීඩ ද, ගල් අතුළ මංමාවත් ද, සිවු මහල් ගෙයක් තරම් උස ගල් පිළිම ද විය. මේ අද්භූත දර්ශනය තේරුම් ගැනීමට යුරෝපීයයෝ අපොහොසත් වූහ.

විශේෂඥයෝ නොයෙක් මත පළ කළහ. අන්‍ය විශාරදයෝ මේ මත නිෂ්ප්‍රභ කළහ. මේ දූපත් වාසීන් කිනම් රටකින් පැමිණි අය ද කියා ඔවුන්ට තීරණය කළ නොහැකි විය. විද්‍යාඥයන්ට මේ ප්‍රහේලිකාව විසඳා ගත නොහැකි වූ විට විද්‍යාඥයන් නොවන අය වෙනත් මත පළ කළෝය. එක සමාන නටබුන් තිබුණු සියලු ම දූපත් ඉතා ඈත කාලයකදී දකුණු අමෙරිකාව වැනි මහා ද්වීපයකට ගොඩ බිමකින් සම්බන්ධ ව තිබෙන්ට ඇතැයි ඇතැමෙක් කීහ. භූවිද්‍යාඥයෝ මේ අදහස නොපිළිගත්හ. මේ දිවයින්වල ක්ෂුද්‍ර ජීවීන්, ගොලුබෙල්ලන් වැනි සතුන් ගැන හදාළ සත්ව විද්‍යාඥයෝ මේ දිවයින් එකිනෙකින් ද, අවට මහාද්වීපයන්ගෙන් ද, මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිට ම සම්පූර්ණයෙන් ම වෙන් ව තිබුණු බව ඔප්පු කළහ.

නොයෙක් දෙනා පළ කළ මනඃකල්පිත මතාන්තර ද විද්‍යාඥයන්ගේ සියලු මත ද සලකා බැලූ නෝර්වීජියානු ජාතික මානව විද්‍යාඥයෙකු වූ තෝර්හෙයර්ඩාල් මේ දිවයින්වල වැසියන් පෙර කවර අවස්ථාවකදී හෝ දකුණු අමෙරිකාවේ සිට මෙහි පැමිණෙන්නට ඇතැයි අදහසක් පළ කෙළේය.

ඒ අදහස පහළ වූයේ මෙසේය. ඔහුට ඇහුම් කන් දෙමු.


“වෙනත් බොහෝ දිනවල මෙන් හඳපානේ මුහුදට මුහුණ ලා අපි වෙරළේ ඉඳ ගතිමු. විශාල රළ පෙළ මුහුදෙන් නැගී අවුත් වෙරළේ ගල්පරවල හැපී බිඳෙන ඝෝෂාව සියලු ශබ්ද මැඩගෙන නැගිණි.

“හරි පුදුමයි නේ, මේ වගේ රළ දූපතේ අනිත් පැත්තේ කවදාවත් නැහැ.” මගේ බිරිඳ කීවාය.

“මේ සුළං මූණත නේ, ඒක නෙ හැමදා ම රළ මේ පැත්තෙන් ගහන්නේ” මම කීමි.

තෝර් සහ ඔහුගේ බිරිඳ ලිව්

මුහුදු රළ පෙළ දිගට ම පෙරළී ආවේ නැගෙනහිරින් ය. මුහුද මතුපිට කැළඹුණේ මේ සදාතන නැගෙනහිර වෙළඳ සුළඟිනි. නැගෙනහිර ක්ෂිතිජයේ සිට මේ දෙසට මුහුදු රළ පෙළ පෙරළීගෙන ආවේය. නොනැවතී ඉදිරියට ආ රළ පෙළ වෙරළේ ගල්කුළුවල හා හිරිගල් පරවල හැපී බිඳිණි. සුළඟ වෙරළින් ද, වන හිසින් ද, කඳු මුදුනින් ද, ඉහළට නැග බාධා නොමැති ව බටහිර දෙස දූපත් හරහා හමා ගියේය. ඈත නැගෙනහිර ක්ෂිතිජයෙන් නැග ආ සුළඟ හා මුහුදු රළ, කාලයාගේ ආරම්භයේ පටන් නැගෙනහිර සිට බටහිරට ආවේය.

නැගෙනහිර දෙස, දකුණු අමෙරිකාව පිහිටි බව අපි දැන සිටියෙමු. ඒ සැතපුම් 4,300ක් ඔබ්බෙනි. එතෙක් දුර සාගරය විනා අන් කිසිවක් නොවීය.

ඉදිරියේ සිටි මහල්ලාට අපි කන් දීගෙන සිටියෙමු.

“ටිකී දෙවියෙක් වාගේ ම නායකයෙක්. අද අපි ඉන්න මේ දූපත්වලට අපේ මුතුන් මිත්තන් එක්කරං ආවෙ ටිකී. ඊට ඉස්සර අපි හිටියෙ මූදෙං එතර ලොකු රටක.” යනුවෙන් මහල්ලා ඔහුගේ කතාව කියාගෙන ගියේය.

අපි වාඩි වී සිටි මාර්තියස් කොදෙව් වැලේ පාතිහිවා දූපතේ නැගෙනහිර වෙරළේ විසූ ගෝත්‍රිකයන්ගෙන් ඉතිරි ව සිටි අයගෙන් මේ මහලු ටෙයිටෙටුවා ද කෙනෙකි. පොලිනීෂීයානුවරුන් විසින් සූර්යයාගේ පුත්‍රයා ලෙස සැලකුණු ශ්‍රේෂ්ඨ නායක දෙවියා වූ ටිකී ගැන තම පියාත්, ඊට පෙර තම පියාගේ පියාත් කියූ කථා තවමත් විශ්වාස කරන්නා වූ ද, ඒවා බොහොමයක් මතකයෙහි රඳවාගෙන සිටින්නා වූ ද අය අතුරෙන් ටෙටුවා ද කෙනෙකි.

අප එදින නිදන්නට පැල්පතට රිංගා ගත් විට මේ දූපත් වාසීන්ගේ මුල් බිම හා ටිකී පිළිබඳ මහලු ටෙයිටෙටුවාගේ කතාන්තරය මගේ සිතේ රැව් දෙන්නට විය. මට නින්ද ගියේ නැත. මම බිරිඳ ඇමතීමි. 

“මේ අහන්නකෝ, අර වනාන්තරේ තියෙන ටිකීගෙ ලොකු ගල් රූප අපි දකුණු අමෙරිකාවේදී දැක්ක ගල් ටැම් වගේ නේ ද?” මගේ සිතිවිල්ල අනුමත කරන්නාක් මෙන් මුහුද හඬ නංවනු මට ඇසිණ. ටිකෙන් ටික මට නින්ද ගියේය.



පාතිහිවා දූපතේදී දුටු දෙයින් හා මහලු ටෙයි ටෙටුවාගේ කතාව ඇසීමෙන් පහළ වූ අදහස ඔස්සේ වැඩිදුර කරුණු සෙවීමට හෙයර්ඩාල් දකුණු අමෙරිකාවට ගියේය. පොලිනීෂීයානු ගෝත්‍රිකයන්ගේ දෙවියා වූ ටිකී පිළිබඳ ඉන්කාවරුන්ගේ ප්‍රවාද පීරු රටේදී ඔහුට අසන්නට ලැබිණ.

ඉන්කාවරුන් අතර ප්‍රචාරය වී තිබී කටින් කට ආ ජනප්‍රවාදයක් මෙසේය:

“ඉන්කාවරුන් පීරු රට ආක්‍රමණය කරන අවධියේ ටිටිකාකා විල බඩ දියුණු ශිෂ්ටාචාරයක නටබුන් ඉතිරි කර අතුරුදහන් වූ සුදු මිනිසුන්ගේ ප්‍රධාන පූජකයා ‘විරකෝචා’ නමැත්තෙකි. කොකියුම්බා නිම්නයේ සිට පැමිණි කාරි නමැත්තෙක් විරකෝචාගේ ගෝත්‍රිකයන්ට පහර දුන්නේය. මේ සටන වූයේ ටිටිකාකා විල් මැද දූපතකය. මේ සටනින් දිගු රැවුල් ඇති සුදු මිනිස්සු වැඩි දෙනා ඝාතනයට ගොදුරු වූහ. නායක විරකෝචා සහ ඔහුගේ කුලුපග මිත්‍රයෝ අතලොස්සක් මරණයෙන් ගැළවී ශාන්තිකර වෙරළට ආහ. ඊට පසු ඔවුහු අභිරහස් ලෙස අතුරුදහන් වූහ.”

විරකෝචා යනු ඉන්කාවරුන් විසින් දෙන ලද නමක් බව හෙයර්ඩාල්ට පැහැදිලි විය. මොහු ආදී ම කාලවල වැඩි වශයෙන් හැඳින් වුණේ සූර්යටිකි යන අරුත් ඇති කොන්ටිකි හෝ අග්නිටිකි යන අරුත් ඇති ඉලාටිකි යනුවෙනි. පීරු රටෙන් ලබා ගත් තොරතුරු අනුව ද අවුරුදු දහයකට පෙර පාතිහිවා දූපතේ දී ලබා ගත් තොරතුරු අනුව ද ටෙයිටෙටුවා සඳහන් කළ ටිකී සහ පීරු ප්‍රවාදයේ විරකෝචා නැත්නම් කොන්ටිකි එක් අයෙක් ම යයි හෙයර්ඩාල් නිගමනය කළේය.

ස්ථිර ව මේ නිගමනයට බැස ගත් හෙයර්ඩාල්, කොන්ටිකි යන්නට ඇතැයි සිතූ පරිදි බල්සා ලීයෙන් පහුරක් තනා තම මිත්‍රයන් ද කැටුව ශාන්තිකරය තරණය කළේය. නැගෙනහිර වෙළඳ සුළ‌ඟේ ආධාරයෙන් ඔවුහු පොලිනීෂියානු කොදෙව්වලට ගොඩ බැස්සෝය. කොන්ටිකි ද පහුරුවලින් සාගරය තරණය කළ බවට කිසිම සැකයකුදු නැති විය. ආදී ම මිනිසුන් පහුරකින් සාගරය තරණය කළා යයි කීවොත් දැන් ඔබ පුදුම වන්නේ නෑ නේ ද?

ධෛර්යය ඇත්නම් සාගරය තරණයට පහුරක් වූවත් ඇති.




ඉහත ලිපිය උපුටා ගත්තේ හැත්තෑව - අසූව දශකයේ සිංහල කියවීම් පොතකින්. රවි අයිය කියන විදිහට ඒ හතේ නැත්තං අටේ පන්තියෙ පාඩම් පොත.

තෝර් හෙයර්ඩාල්ගේ කොන්ටිකි ගවේෂණය ගැන, එයා ම හදපු වාර්තා චිත්‍රපටියක් තිබෙන අතර, එයා ම ලියපු පොතකුත් තිබෙනවා. 2012 දී ඒ ගැන වික්‍රමාන්විත චිත්‍රපටියකුත් හැදුණා.




කොන්ටිකි ගවේෂණය ගැන අපේ අංග සම්පූර්ණ බ්ලොග් කරුවෙකුව සිටි විචාරක ලියා තිබෙන ලිපි පහතින්.

පළමු කොටස

දෙවන කොටස

තෙවන කොටස

අවසාන කොටස

43 comments:

  1. මේ ලියන විදිහ හොඳයි. විචාරකගේ එකත් බලන්න ගියාට, ඉක්මනට ආපහු ආවා. අනේ ඉතිං එහෙමත් කාලයක් තිබ්බා නෙව?

    ReplyDelete
    Replies
    1. ඇත්තට බස්සෝ... මට මතකයි ඔය සන්දියෙ පොඩි කුමාරිහාමි වටේට පිරිවරක් උන්නා. බස්සා, බුරා, කවිකාර එහෙම ඒකෙ නිත්‍ය සාමාජිකයො... විචාරක සෑහෙන්න නිවැරදිව ලියන්න මහන්සි ගත්ත, ලියන හැම ලිපියකම වැදගත් කරුණු ඇතුළත් කරපු බ්ලොග් කාරයෙක්.

      Delete
  2. හම්මේ.... කියෙව්වා දිගටම.. රසවත් තැන් තිබුනා... නොතේරෙන තැනුත් නොතිබ්බාම නොවෙයි ඈ. කොහොම උනත් අන්තිමටම හිතුනේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සිතිවිලි...

      සමහරු ඔය දිගින් දිගටම කියවන්නෙ, බස් එකේ. කඩපිලේ එහෙම, ඒ ඇවිල්ලා තව ම සම්පූර්ණ වෙලා නැති උදවිය. (විහිලුවක් කොළේ යෝදියෙ, ගහන්ඩ එපෝ!)

      Delete
  3. "බල්සා" නම දැකපු ගමන් මට විචාරකව මතක් වුනා. ඔහු මේ ගැන අපූරු ලිපියක් ලිව්වා නේද කියලා මතක් වුනා. රසවත් කතාවක්.. විචාරකගෙ ලිපියෙ ඒ රසය උපරිමයෙන් තිබුනා මතකයි..ස්තූතියි ඩ්‍රැකියා මේක ආයෙ ඇදලා ගත්තට..විචාරක වයිකිංලා ගැනත් ලියුවා වගේ මතකයක් තියනවා..

    ReplyDelete
    Replies
    1. හරියට හරි සෙන්නා. විචාරක මාමා බල්සා ලී ගැනත් වෙන ම හොයලා ලියලා තිබුණා. කොහොමත් එයාගෙ ලිපි අංග සම්පූර්ණයි, විස්තර අතින්, නණලළ අතින් සහ ව්‍යාකරණ අතින් පවා.

      Delete
  4. ලිපිය අගෙයි!
    සිංහල පරිවර්තනයේ නම 'කොන්ටිකී යාත්‍රාව' වගෙයි මතක.
    විචාරක අඩවියට පස්සේ යන්නන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි. ඒ පැත්තෙ ඇවිත් මරණය ගැන කියෙව්වට මොකද, කමෙන්ට් එකක්වත් දාන්ඩ බැරි උනා. රජයේ සේවයට වෙලා තියෙන වින්නැහිය ගැන කමෙන්ට් එකක් නං දාන්ඩ ම ඔ්නෙ.

      Delete
  5. පහු ගිය ටිකේ ටිකක් කාර්‍ය බහුල උනා.මේ ලිපිය ටිකක් කියවගෙන යද්දි වීරකෝවා කියන නම දැක්කහම මතක් උනා වීරකෝවා කියල පෝස්ට් එකක් දැක්කට කියවන්න බැරි උනානේද කියල.
    ඒක කියවන්න යනකොට වයිතාල කතා 5 මිස් වෙලා තියන බව දැක්ක.ඉතින් මේ එහෙම වට වන්දනාවෙ ගිහින් එන ගමන්.හරි මහන්සි නිසා ලිපි තුනටම පොදු කොමෙන්ටුවක් දාන්නම්.හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ආාා හරි හරි සරත් අයියා... කොහෙ ගිහිං හරි වෙමෙහ ඒනකොට වෙල්කම්.

      Delete
  6. Thor Heyerdahl මේ පොත පබ්ලිෂ් කරන්නේ 1948 දී Kon-Tiki Ekspedisjonen කියන නමින්.
    මේක F.H. Lyon විසින් 1950 මාර්තු මස ඉංග්‍රීසියට පෙරලා පළකරනවා.
    මේ පොතේ මට ඇති සමීප භාවය නිසාම ඔරිජිනල් නෝර්වීජියානු පොත හෝ මුල්ම ඉංග්‍රීසි පරිවර්තනය සෙවුවත් හමුවුනේ නෑ.
    නමුත් මට 1952 ජනවාරි වල පලකල seventeenth impression එකේ කොපියක් ලබාගැනීමට හැකි වුනා.
    ttps://www.kon-tiki.no/expeditions/kon-tiki-expedition/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... මේ ගවේෂණයෙ හැට්ටර්ට තියෙන සමීපතාව ගැන ලියන්ඩ නං එපා රජෝ බ්ලොග් එකේ. මේ යන විදිහට ඒකත් කොටස් දාහක්වත් ලියයි, ළඟින් ලඟ කඩලා...

      Delete
  7. Replies
    1. පතෑංංං ඈ...

      ආ... සොරි සොරි. ටැංකිව්. දුවන්ඩෙපා ඉඳිං සිද්ධාලේප ටිකක් ගාන්ඩ.

      Delete
  8. //ධෛර්යය ඇත්නම් සාගරය තරණයට පහුරක් වූවත් ඇති//
    මේ ප්‍රකාශය කරන ලද්දේ කෙහෙල් කොට වලින් පාරු තනාගෙන ගංවතුරේ පැදි කොල්ලන් කණ්ඩායමක් විසින් බව සැලකුව මනාය.

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කොට පාරුවක, නයි සැට් එකක් ගංවතුරේ පාරු පදිනවා මැවිලා පෙනුනා. තව සරං කොටේ, කොන් දෙක දෙපැත්තෙන් අල්ලගෙන පාරු පදිනවා දැකලා තියනවද?

      Delete
    2. ඒ බෝට්ටු නෙමෙයිද?

      Delete
    3. ආ හරි තමයි, පාරු නෙමෙයි බෝට්ටු තමයි. 🤔

      Delete
    4. ප්‍රසඤ්ඤ,

      කෙහෙල් කොට පාරුව කියපු සැනින් මතක් වුණේ සුරංගයගෙ විලෙජ් වෝටර්...
      https://yanhella.blogspot.com/2015/11/village-water.html

      බකුස්,
      අපිත් නටල තියෙනව ඔය බෝට්ටුව. මං මේ තකහණියක් ගිහිං හෙව්වා ඔබේ බටේ, "මම ගන්නෙමි කරකෝලා..." සිංදුවෙ තිබුණා ඔය ඩෑන්ස් එක. හම්බුණේ නෑ.

      Delete
  9. ඉන්කා වරුන් ගැන රස බරටම ලියනා
    මන් දුටුවානෙ මින් පෙර තැනකදි තිබුණා
    දැන් මෙහි කරුණු දැනුමට මගෙ එක් කෙරුණා
    යන්නම් ඩ්‍රැකී මට අද වැඩ ගොඩ පිරුණා...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ලිපියක් නෑර ඇවිදින් කවි පද ගොතන
      දුමියත් රත්තරන් මිතුරෙකි මට පෙනෙන
      දිරිමත් කෙරුම ගැන පිං දෙමි මං මෙතන
      පමාවට සමාව බාජනයට දෙන්න

      Delete
  10. https://thattayagekolama.blogspot.com/2017/05/blog-post_16.html මෙන්න මෙතන මමත් ඔය ගැන ලියලා තියෙනවා! සත්තකින්ම ඔවුන් මොනතරම් නිර්භීතදැයි සිතා ගැනීමටවත් බැහැ! මම ගංගා ඔස්සේ කල ගමන් බිමන් වලට මූලික උත්තේජනය ලැබුනේ ඔය කොන්ටිකි ගවේශනයෙන්!
    බොහොමත්ම ස්තීතියි මේ ගැන ලිව්වාට!
    විශේෂයෙන් සවිස්තරාත්මකව සිංහල ලිපියක් හොයා ගන්න නෑ!

    ReplyDelete
    Replies
    1. ලොකු සර්ට මගේ පොත ගෙනත් දෙන්නං මේ පාර වත්.

      Delete
    2. ස්තූතියි තට්ටයියෙ ඔයාගෙ ලිපියෙ ලිංක් එකත් දැම්මට. මට ඒක මගෑරිලා.

      කොන්ටිකි යාත්‍රාව ගැන සිංහල පොතක් ම තියෙනව. ඔය උඩ නිමල් අයියත් කියල තියෙන්නෙ ඒ ගැන. විදචාරකගෙ ලිපි හතර මාර ම විස්තරාත්මකයි. වෙන එකක් තියා එයා බල්සා ලී ගැනත් වෙන ම ම කරුණු හොයලා ලියලා තියෙනව.

      හැට්ටර්,
      මගෙ බ්ලොග් එකේ ගනු දෙනු තීන්දු කරනව නං මට ඔ්නෙ බිං කුළිය.

      Delete
  11. ටිකීගෙ ගල් රූපෙ හරියට ලාෆින් බුද්ධාගෙ වගේ...ලිපිය රසවත් ..පින්තූරත් හරි අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේ දවස්වල ගොඩක් වැඩ. ඒ පැත්තෙ එන්නත් බැරි උනා. වෙලාවක එන්නං තේ එකක් කාරිය බීල යන්න.

      Delete
  12. මට මතකයි නවයුගයෙත් ඒ කාලේ මේ ගැන ලිපියක් තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. විචාරකයි රවි අයියයිත් ඒ ගැන ලියලා තිබුණා.

      Delete
  13. මේ කොන්ටිකි කතාව තිබ්බ නේද ඉස්කෝල පොතක. මට කියෙව්වා මතකයි. ඉතින් මෙහෙමෙ කතා තියෙද්දී තමා ලංකාවේ සහ ඉන්දියාවේ මිනිස්සු ක්‍රි.පූ 3000-500 කාලයේ ග්‍රීසියේ මිනොවන් අධිරාජය පැත්තට ඔස්ට්‍රේලියාවට සහ අමෙරිකානු මහද්වීපයට ගිය බව විශ්වාස කරන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. සිංහල කියවීම් පොතක තිබිලා තමයි මටත් මේක මුලින් ම හම්බුණේ. පස්සෙ Age of empires 2 - Forgotten ගේම් එකේ දැක්කා විරකෝචා දේවාලයක්. ඒ අනුව තමයි විරකෝචාගේ ලෙජන්ඩ් එක ගැන හොයල බැලුවෙ.

      නමුත් පස්සෙ තැනක දැක්කා තෝර් හෙයර්ඩාල් ගෙ උපන්‍යාසය දැන් වෙනකොට වැරදියි කියලා සනාථ වෙලා තියෙනව කියලත්. වැඩිය කියවන්න ලැබුණෙ නෑ.

      ඔය රාවණා ජනාවාස ගැන නම් වැඩියෙන් ම අවිශ්වාස කරන්නෙ අර වැට ගහන පෙරකොදෝරු මහත්තැන් තමයි.

      Delete
  14. බොහොම ස්තුතියි ඉතිහාස පොත් පිටුවලින් අපව ගෙනයන ගමනට. ආසාවෙන් රසවින්දා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට, මේ කතාව මං අවුරුදු දහයෙදි විතර කියවලා, මාර රසයක් වින්දා. තවමත් ඒ රසය දැනෙනවා කියවද්දි. අර අපේ ලේවල තියෙන, දේශ ගවේෂණයට ඇති ඇල්ම අවදි වෙනව ඇති මේ වගෙ දේවලින්.

      Delete
  15. https://en.wikipedia.org/wiki/White_gods

    ReplyDelete
    Replies
    1. මේ වගෙ දෙයක් වෙන්ඩත් පුළුවනං...
      https://archive.org/download/Asterixcompleteset/Asterix/22-%20Asterix%20and%20the%20Great%20Crossing.pdf

      Delete
  16. ත්වුසේ ඉතිහාසය ටියුෂන් ක්රනවාකෝ.. සහස්‍රයේ ඉතිහාස පන්තිය. Drakey සර්

    ReplyDelete
    Replies
    1. හැක්...! පැන්ෂන් ගිය දාක බලමු. එතකං පණ ගැට ගහගෙන උන්නොත්.

      Delete
  17. හුම්... දැන් අපිට මක්කද කියන්නෙ හිටං. ඔරැවක් පාරැවක් හදන් වෙන අහකට යන්න කියලද 😁

    ReplyDelete
    Replies
    1. මොකද නමියගෙ අදහස? යං ද වෙන කොහෙ හරි?

      Delete
  18. ශනිදා දහයෙන් යළි ඇරඹුනු සිංහල බ්ලොග් රැල්ල නැවැත්විමට සිංහල බ්ලොග් විනාසකෙරුවන් යළිත් අනවශ්‍ය මඩ ගැහිලි හිංසාකාරි හා ප්‍රකෝපාකාරි කෙමෙන්ටු දැමිම පටන්ගෙන ඇත. රංග තේනුවර හා අජිත් ධර්මකුමාර නමින් හා වෙනත් ඇනෝ නම් වලින් පෙනි සිටින්නාවු දුර්ජන සිතුවිලි පිරුන මානසික ලෙඩුන් පිරිසක් අපගේ බ්ලොග් අතර මළපහකරන්නට සැදිපැහැදි ඇත. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි. එවාට ගොදුරු නොවන්න. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් හරියට, අර "සාසනේ විනාශ කරනව, රැකගනිමු" වගේ දෙයක්. ඔය කොයිවත් විනාශ කරන්නවත්, රැක ගන්නවත් පුළුවන් දේවල් නෙමෙයි. අපි ආත්ම තෘප්තියට ලියනව, සහ කියවනව. එච්චරයි. වැඩිය කළබල වෙන්ඩ එපා, සිද්ධ වෙන දේවල් ගැන.

      Delete
  19. මේක කියවන කොට රෝද උඩ ජීවිතය නමින් ෆෙස්බුක් එකේ ඉන්න ඩිලන් ව මතක් උනා...එයාගේ පාරුවෙ නම් බ්‍රිජට් ...එයාත් ඔය වගේ වැඩක් කලා - Mayya

    ReplyDelete
    Replies
    1. ඒ විස්තර තියෙනව ද, ෆේස්බුක් එකේ? බලන්න ඔ්නෙ.

      Delete
  20. මේ කතාව බලන්න. මේ පැසිෆික් සාගරය පහුරකින් ජයගත් ලාංකිකයෙකුගේ කතාවක්...

    https://www.youtube.com/watch?v=PMbC0XdSdhw

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි