Posts

Showing posts from June, 2013

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

ඩ්‍රැකියට ඇයි ඩ්‍රැකී කියන්නෙ? - ඩ්‍රැකියාගේ නවකතාවට පෙරවදනක්

Image
මේ දවස් වල ඩ්‍රැකී බොහොම කාර්ය බහුල වුනා. ඒකට හේතුව ඩ්‍රැකියා අන්තර්ජංජාලයේ සැරිසරන්නේ වැඩපොළේ දී වීමයි. ළඟදිම ස්ථානමාරුවක් ලබා අලුත් ඔෆිසියකට යන්න පුල පුලා සිටින ඩ්‍රැකියා, ඉඩ ලැබුණු වෙලාවේ කොටලා, ෂෙඩූල් (ඇමරිකන් විදියට ස්කෙජූල්) කරලා දාපු පෝස්ට් කීපයක් තමා මින් පස්සේ හුදී ජනයට කියවන්න ලැබෙනවා ඇත්තෙ. ඒ නිසා, ඩ්‍රැකියා මහත් සේ අගය කරන ප්‍රතිචාර හෙවත් කොමෙන්ටු වලට පිළිතුරු ප්‍රමාද වෙන්න පුළුවන්. මේ බ්ලොග පටන්ගනිද්දිම ඩ්‍රැකියා පොරාන්දු වුන විදිහට ඩ්‍රැකියා පරක්කු වෙලා හරි හැම කොමෙන්ටුවකටම උත්තර බඳිනවා. ඒ නිසා කමෙන්ට් දාන උදවිය ඊට පහළින් තියෙන ඊමේල් සබ්ස්ක්‍රයිබ් මෙව්වා එකත් කොටනවා නම් පිළිතුරු ඊමේල් එකටම ගෙන්න ගන්න පුළුවන් වෙයි.

බ්ලොගට හා හා පුරා කියලා ආපු වෙලාවේ කීපදෙනෙක්ම මතු කරපු ප්‍රශ්නයක් තමා ඇයි මූ මෙහෙම නමක් දාගෙන ඉන්නෙ කියන එක. ඒකට පිළිතුරු ඉදිරියෙදි දෙඤ්ඤං කියලා ඩ්‍රැකියා කිව්වෙ, මග අරින්න හිතාගෙන නෙවෙයි. ඒක දිග කතාවක් නිසා.

ඒලෙවල් කරපු කාලේ ගොඩක් දෙනාට වගේම ඩ්‍රැකියටත් මාර ෆැන්ටසි බහුල කාලයක් උනා. කොමස් කරපු ඩ්‍රැකියා පාඩං කොළේ ගොඩක්ම ආට්ස් කරපු උං එක්ක. එකට පාඩං කරපු උන් වු…

ඇත් පියසටහනේ උපමාව - ඩ්‍රැකියාගේ පොසොන් කළාපය - 2 කොටස

Image
පොසොන් කළාපය පටන් ගත්තට පස්සේ මාර විදිහේ කාර්ය බහුල බවකට ඩ්‍රැකියා පත්වුණා. ඉතින් ඩ්‍රැකියාගේ පළවෙනිම පොසොන් කළාපය පෝස්ටු දෙකකට විතරක් සීමා වෙන බව තමා පේන්නෙ.

චුල්ල හත්ථිපදෝපම සූත්‍රයේ පිලෝතිකා පාරිව්‍රාජකයා සහ ජාණුස්සෝණි බමුණා අතර ඇති වූ කතාවත්, ඒකට පැහැදිලා බමුණා බුදුන් හමු වූ ආකාරයත් පොසොන් කළාපයේ මුල් ලිපියෙන් සඳහන් වුණා. අද එතැන් සිට...



බුදුන් වහන්සේ ජාණුස්සෝණි බමුණාට කියනවා: ‘ඇත් පියසටහනේ උපමාව එතනින් නවතින්නෙ නෑ. තව විස්තර තියෙනවා‘ කියලා.

බුදුන් කියනවා: ඇතුන් වසන කැළෑවක් ආශ්‍රිතව වාසය කරන දක්ෂ මිනිහෙක් කැළේට ගිය වෙලාවක දකිනවා, දිගිනුත්, පළලිනුත් වැඩි ඇතෙකුගේ පිය සටහනක්. ඒකෙන් පමණක් එයා ‘මේ විශාල ඇතෙක්‘ කියා නිගමනය කරන්නේ නෑ. මොකද, පතුල් මහත් වුනත්, උසින් අඩු වාමනිකා කියන ඇතින්නියොත් කැළෑවෙ ඉන්න නිසා. එයා ඒ පසුපස තවත් දුරට යනවා. එතකොට දකිනවා, ගස් වල රියන් හතක් අටක් උසින් පිට අතුළ්ලපු පාරවල්. ඒකෙනුත් එයා ‘විශාල ඇතෙක්‘ කියලා නිගමනය කරන්න හදිසි වෙන්නෙ නෑ. මොකද, උස මහත වුනත් දළ උසින් පහතින් තියෙන උච්චා කාළාරිකා කියන ඇතින්නියොත් ඉන්නවා. තවත් දුර යනකොට එයා දකිනවා, උස් ගස් වල දළ පාරවල්…

ධම්මස්සවණ කාලෝ.... ඩ්‍රැකියාගේ පොසොන් කළාපය ආරම්භ වෙයි

Image
මහින්දාගමනය ලංකාවේ ජනතාවට වැදගත් වෙන්නෙ ඇයි?

ඩ්‍රැකියා දකින්නෙ මේ විදිහට.

මිහිඳු රහතන් වහන්සේ ත්, සමකාලීනව ඊට පස්සෙ ආව සංඝයා වහන්සේලා ත් සමඟ දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුදහම ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් කිරීම නිසා, ලාංකීය ජනතාවගෙ දාර්ශනික සහ ආධ්‍යාත්මික පැත්ත බුද්ධ දර්ශනය සමඟ හැඩ ගැසීම,

ඊට කලින් ලංකාවෙ බුදු දහම තිබුණද? මහාවංශය ප්‍රමුඛ ලිඛිත මූලාශ්‍ර වල හැටියට නං බුදුන් ලංකාවට තුන් වරක් වැඩම කරලා, ලංකාවෙ මුල්ම චෛත්‍ය වන ගිරිහඬු සෑය සහ මහියංගන චෛත්‍යය ඉදි වෙලා, සිරිපතුල පිහිටුවලා, ආදී වශයෙන් බුද්ධාගම ලංකාවෙ තහවුරු වෙන්න ගොඩක් වැඩ කටයුතු කෙරිලා තියෙනවා. ඒ විතරයැ, පෙර බුදුවරුන් තුන් නමත් ලංකාවට වැඩම කරලා තියෙනවාලු.

ආසියාතික වෙනත් බෞද්ධ රටවලත් මේ වගේම මූලාශ්‍ර වල තියෙනවා බුදුන් තමන්ගෙ රටට වැඩම කළ බව සහ ඒ ආශ්‍රිත කටයුතු ගැන. ඒත් බුද්ධ චරිතය හැටියට අපි ඉගෙන ගන්නා කතා වල ඒ කිසිම දෙයක් ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ නෑ. මෑත කාලෙදි රාවණා පාක්ෂිකයන්ගෙන් නොසෑහෙන්න බැණුම් අහපු සහ ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට තම ජීවිතය කැප කරමින් සේවය කළ මහාචාර්ය පරණවිතාන ත් කිව්වනේ බුදුන් ලංකාවට වැඩි බවට පුරාවිද්‍යා…

හුදෙක් ආතල් එක සඳහා පමණි

Image
ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හිතුනෙමි.

ඕං ඒ කාලේ, ඒ කියන්නේ අපේ තාත්තලා කොලු ගැටවු සන්දියේ පොසොන් නාට්‍යයක් පෙන්නුවා අපේ ගමේ. ඒකත් අභාවයට ගිය ගැමි රසාංගයකි. ඩ්‍රැකියා හෝඩියේ ඉන්න සන්දියේ තමා අපේ ගමේ පෙන්නුව අන්තිම නාට්‍යය පෙන්නුවේ. ඒවයෙ ඉතිං රඟපාන්නේ ගමෙ ම තරුණ කාණ්ඩෙ සාමාජිකයොනෙ ඉතිං. වේදිකාවට ගාම්භීර විදිහට සම්ප්‍රාප්ත වෙන නළුවන්ට, කොච්චර කලින් කටපාඩම් කළත් දෙබස් අමතක වෙනවනේ, ඒකට තිරෙන් පිටිපස්සෙ දෙබස් පොත තියාගෙන හිමින් හිමින් දෙබස් කියවන්න ප්‍රොම්ටර් කෙනෙකුත් යොදා ගන්නව ගොඩක් වෙලාවට. ඔහොම එක නාට්‍යයක, මහා ඇලෙක්සැන්ඩර් හෙවත් අලිසන්දිරි රජ්ජුරුවො වේදිකාව වටේ නටාගෙන එද්දි, රජ ඇදුමට යටින් සරම එළියට පැනලා. ඉතින් ප්‍රොම්ටරුත් පොතේ තියෙන සංදුව හිමින් කියන ගමන් ‘ඔන්න ඕයි සරම පේනවා‘ කියලා කියපි. අලිසන්දිරි රජ්ජුරුවොත් මහ හඬින් කියනවලු සිංදුව,

‘ගම්බිර තෙදැති කුන්ස්තන්තීනු පුරේ - කුන්ස්තන්තීනු පුරේ
පුර වර්ධන කරන ඔන්න ඕයි සරම පේනවා....‘

කියලා.

(අපේ මහරජවරු ප්‍රොම්ටර් මගින් දෙමළ රැස්වී…

අන්දිරිස් ආතගෙ මුහුදු වික්‍රම - ගජබින්නාලංකාරයේ හය වැනි කොටස

Image
ඩ්‍රැකියා ගජබින්නාලංකාරය පටන්ගත්තේ උගේ බාප්පා ගෙන්. එහෙත් ලිවීම දිගින් දිගට යද්දී හිට් වුනේ ඩ්‍රැකියාගේ තාත්තාගේ ත්, තාත්තාගේ ත්, තාත්තා වූ සුවාරිස් අප්පු හෙවත් සුවාත යි. මේ හත්මුතු පරම්පරාව ගැන ඩ්‍රැකියා තමන්ගේ මුල්ම පෝස්ටුව වූ මුල් කියන ලිපියෙන් විස්තරාත්මකව ලියා තියෙනවා. ගජබින්නාලංකාරයේ හයවැනි කොටසින් ඩ්‍රැකියා සුවාතාගේ ත් තාත්තා වූ අන්දිරිස් ආතගෙ වික්‍රමයක් මුල් වරට එළිදක්වන්නට බලාපොරොත්තු වෙනවා.

අන්දිරිස් අප්පු ආතා දකුණේ ගොයියෙක්. උන්දෑ කොල්ලා කාලේ, තව කොලු රෑනක් එක්ක ඉංග්‍රීසි දේශ ගවේෂණ කණ්ඩායමකට බැඳිලා මුහුදු ගියා. උන්දැලා ගියපු තැන්, වෙච්ච සංගෙදි ආදී කරුණු ගැන විස්තර තිබුණාවෙකො. ඒ කාලේ දේශ ගවේෂණයත් හරියට මුහුදු කොල්ල කාරයන්ගෙ කතා වගේම හරි ත්‍රාසජනකයි. (ඩ්‍රැකියත් මොන වැඩේ කරන්න ගියත් ඒක ත්‍රාසජනක අත්දැකීමක් බවට පත් කරගන්නෙ, මේ හත් මුතු පරම්පරාවෙ ආභාසය නිසාය කියලා විචාරකයෝ පවසති.)

අන්දිරිස් ආත ගියපු නැව අනිත් නැව් කණ්ඩායමෙන් වෙන් වුනේ ඕස්ට්‍රේලියාව හරියෙදි අහු වුණු තද කුණාටුවක් නිසයි. කුණාටුවට අහුවෙච්ච නැව අබලන් වුණා විතරක් නෙවෙයි, හැරුණු අතේ ගහගෙන ගිහිං අන්තිමේ දිහාව හොයාගන්න …

ඉර හඳ පල්ලා බොරු නෙවේ... ගජබින්නාලංකාරයේ පස් වන අදියර

Image
මේ ගජබින්නය එකතු කළේ සරුබීජ ලියන අපේ පර්යේෂක මහත්තයා. පන්සලක ඉන්න ඇබිත්තයෙක් තමා මේ ගජබින්නයෙ නිර්මාතෘ. මොඩිෆයි කළ ස්ටෝරියේ අයිතිය පරම සත්‍යවාදී ඩ්‍රැකියා සතුයි.

ඉර හඳ හැදුනෙ කොහොමද කියන එක විවිධ ආගම් වල සහ ජනශ්‍රැතියේ විවිධාකාරයේ කතා මඟින් පැහැදිළි කරනවා. ඒ වුනාට ඇත්තම ඇත්ත සිද්ධිය තමයි මේක.

ඕං අපේ සුවාතා දවසක් දඩයමේ ගිහිං නොසෑහෙන්න රෑ බෝ වෙලා, හිස් අතින්ම ගෙදර ආවා. එනකොටම, ටෝච් එකකුත් පත්තු කරං මග බලාන හිටිය සුවාච්චි උන්දැගෙ ඇඟට ගොඩ වුණා.

‘කොහෙද මිනිහො රෑ බෝවෙනකල් ඇවිදින්නෙ?...‘ යනාදී වශයෙන් උන්දෑ කෑගහන්න පටන් ගත්තා.

සුවාතා ඒකාලෙ හොඳ ගිණි විසික් වෙන පෙනුමක් ඇති ගජ ඉළන්දාරියා නෙව, කවුරු හරි සුවාච්චිට කේළමක් කියලා තියෙනවා සුවාතට වෙන වෙන ස්පෙයා වීල් තියෙනවා කියලා. ඒකයි මේ ගෝරියට හේතුව.

ආච්චිගෙ බැණිල්ලට හොඳටම මල පැන්න සුවාතත් උන්දැගෙ මී මුණුපුරා වන ඩ්‍රැකියා වගේ ම, බොරුවට කෑගහ ගහ ඉන් නැතුව කෙළින්ම ඇක්ෂන් එකක් ගත්තා. අංගම්, කරාටේ ආදී අඩි දැනං හිටිය ආතා, උඩ පැනලා ගැහුවා වම් පයින් සුවාච්චිගෙ මූණ ළඟින් යන්න බටර්ෆ්ලයි කික් එකක්. (කොච්චර කළත් සුවාච්චිට ආදරෙයි නෙව. වදින්න ගැහුවෙ නෑ. බයකරන්නයි…