රුහිරෙන් පුදමි - 13

මෙතෙක් කතාව

නිවසේ පසුපස පැත්තට වන්නට තනා තිබූ බරාඳයෙන් දුර්වල එළියක් තරුණ යුවළ දුටහ. ශාම් නිර්මළී දෙස බැලීය. නිහඬව තමා පසුපස එන ලෙස ඇයට ඉඟි කළ ඔහු සෙමෙන් සෙමෙන් ඒ දෙසට ඇදුනේය. තණකොළ පොඩිවන තරමේ ඉතා සිහින් හඬක් හෝ නොනැඟෙන පරිදි.....

ඔහු කැළයට ගිය මල් පඳුරක් අසළ ගුළි ගැසී පරෙස්සමින් එතැනින් එබී බැලීය. එසැණින් ඔහු නැවත සිය හිස පිටුපසට ගති. නිර්මලී ඔහු අසළම වූවා, ඔහුගේ මුහුණ දෙස බැලූවාය.

එබී බලන ලෙස ඔහු ඇයට මුහුණින් ඉඟි කළේය.

බියපත් තරුණියද ඔහු අනුගමනය කළාය.

අඩ අඳුරින් පිරි බරාඳයේ බිම අවුරුදු දහයත්, දාහතරත් අතර වියේ පසුවූ කුඩා කොල්ලන් කිහිප දෙනෙක් වූහ. ඔවුන්ගෙන් වඩා වැඩිමල් බව පෙනුණු දෙදෙනකු අත දැල්වුණු සිගරැට් විය.

ඉන් එකෙක් පහත් හඬින් කතාවක් කියමින් සිටියේය.

‘‘.....මිනිස්සු හිතුවෙ ඒ දෙන්න ඇත්තටම නැන්දයි බෑණයි කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි..... ඒ කොල්ලා..... වැම්පයර් එකෙක්.....’’ ඔහු දෑස් විදහා ගනිමින් අවට වූවන් දෙස බැලීය.

බියපත් ළමයින් උනුන් වෙත තුරුළු වෙමින් කතාව අසා සිටියහ.

‘‘..... නැන්දා කියපු ගෑණි අරූට උදව් කළා..... ඌ කවද හරි යන්තමින් හරි ලස්සන කෙල්ලෙක් දැක්කොත්..... එතනින් එහාට ඒ කෙල්ල ඉවරයි. නැන්දා කොහොමහරි ඒ කෙල්ල එක්ක යාළු වෙනවා. යාළු වෙලා කොහොම හරි ඒකි එක්ක ගෙන එනවා මේ ගෙදරටම..... පහුවෙනිදා ඉඳන් ඒ කෙල්ල ආගිය අතක් නෑ.....

‘‘.....මේ වැඩේ අවුරුදු ගාණක් මෙහෙම සිද්ධ වුණා. ඒත් අන්තිමේ මූට දකින්න හම්බවුණා නැන්දගෙ ළඟම නෑයෙක් වෙන කෙල්ලෙක්. එතනින් මේ සේරම වෙනස් වුණා.

‘‘..... නැන්දා ඌට කෙළින්ම කිව්වා ඒ කෙල්ලව ගේන්න බෑ කියලා. ශාම්..... ඒ වැම්යර්ගෙ නම ශාම්..... ඌ කිව්වා කමක් නෑ කියලා. ඒත් උගේ හිතේ තිබ්බ දේ එළියට පෙන්නුවෙ නෑ. ඒත් අන්තිමේ අර කෙල්ලගෙ මළ මිනිය හම්බ වුණා මේ ගෙදර උඩ තට්ටුවෙ තිබිලා.....

‘‘ඇඟ ඔක්කොම සුදුමැළි වෙලා..... ලේ පොදක්වත් නැතුව..... දරදඬු වෙලා..... නැන්දාට යකා නැග්ගා. ඒකි කෙළින්ම කිව්වා,  ‘ශාම්, උඹේ වැඩ අදින් ඉවරයි. මම ඔක්කොම දේවල් පොලිසියට කියනවාකියලා..... එච්චරයි.’’

කොලූවා කතාව නවත්වා තම කතා කීමේ හැකියාවේ ප‍්‍රතිඵලය මැන බැලීමට මෙන්, තමන් වටා වූ පිරිස දෙස බැලීය. සියලූ දෙනා අයාගත් නෙතින් යුතුව ඔහු දෙස බලා සිටියහ. ශාම් ඒ අතර සිය බෑගයෙන් වැසි කබාය ගෙන පොරවාගනිමින් සිටියේය.

‘‘ඉතින්..... එයා කිව්වද?’’ එකෙක් අවසානයේ වෙව්ලන කටහඬින් ඇසිය.

කොලූවා නැවත කතාව පටන් ගති.

‘‘නැන්දාට කවදාවත් පොලිසියට යන්න හම්බවුණේ නෑ. ඊට පස්සෙ මිනිස්සු දැක්කෙ එයාගෙත් මළ මිනිය විතරයි. ඒකත් අර වගේම සුදුමැළි වෙලා තිබ්බා.’’

අස්වාභාවික නිහඬතාවයක් පැතිර ගියේය.

‘‘ඊට පස්සෙ..... ඊට පස්සෙ ශාම්ට මොකද වුණේ.....?’’ අවසානයේ එකෙක් ඇසීය.

‘‘මමයි ශාම්.....!’’ මහ හඬින් කියමින් ශාම් බරාඳය දෙසට කඩා පැන්නේය.

කළුවන් වැසිකබාය දෙපසින් විදහා ගත් ඔහු භයංකර අවතාරයක් සේම දිස් විය. බියපත් කොලූවෙකුගේ අතේ වූ විදුලි පන්දමක එළිය කෙළින්ම ශාම් ගේ සුදුමැළි මුහුණට වැදිණ.

ගත වූයේ නිමේෂයකි. කොලූවෝ සියළු දෙනාම කෑගසමින් සීසීකඩ දිව ගියහ.

----------------------------------------------

අකිල සහ ෂර්මන් රැගත් දුම්රිය ෆයර්මවුන්ට් වෙත ළඟාවෙද්දී රෑ බෝවී තිබිණ. රැයේ සීතල සහ මීදුම් බර සුළඟ සිහින් හඬක් නංවමින් ගළා බැස්සේය. තරුණයාගේ විඩාබර ගත යම් තරමකට පුබුදුවමින්.....

දුම්රිය පොළෙන් පිටතට පැමිණි ෂර්මන් තරුණයා වෙත හැරිණ.

‘‘අපට පරක්කු වෙන්න බෑ. අපි පරක්කු වෙනවයි කියන්නෙ මේ වැම්පයර් වරයට තව අඩියක් ඉස්සරහට තියන්න ඉඩ ලැබෙන එකයි.

‘‘ඉතින්..... අපිට මහන්සි නොබලා තව පොඩි ගමනක් යන්න තියෙනවා.....’’

‘‘කොහෙද?’’ අකිල ඇසීය.

‘‘යමුකො..... මම පෙන්නන්නම්.’’

දෙදෙන පාරට බටහ. දුම්රිය පොළ සමඟ සමාන්තරව දිවුණු අඩිපාර හරහා යාර දෙතුන් සීයක් ඔබ්බෙන් පුළුල් පාරක් වැටී තිබිණ.

‘‘මේ පාර යන්නෙ ටවුන් එකට.....’’ මංසන්ධියේදී ෂර්මන් පුළුල් පාර දක්වමින් කීය.

‘‘අපි යන්නෙ.....?’’

‘‘කෙළින්ම ඉස්සරහට.’’

‘‘දුරයි නම් අපිට ටැක්සියක් ගන්න පුළුවන්.’’

ෂර්මන් එකඟ නොවීය.

‘‘අපි වැඩ කරන්නෙ සූක්ෂ්ම සතුරෙක් එක්ක. ඌ අපේ සළකුණක්වත් දැක්කොත් ආපහු පැනලා යයි, අපිට ආයෙ හොයාගන්න සෑහෙන්න අමාරු වෙයි.’’

දෙදෙන මං සන්ධිය පසු කර අඩිපාර දිගේ ඉදිරියටම ගියහ. හන්දියේ දී ආලෝකමත් වූ අඩිපාරතවත් ඉදිරියට යද්දී දෙපස ඝනව වැවුණු ගස් වදුලින් වැසී තද අඳුරේ ගිළී ගියේය.

දෙදෙන ඉදිරියටම පිය නඟා ගියහ. කළුවර අතරින්..... දෙපස හෙවුණු ගස් අතරින් වංගු ගැසි දිවගිය පටු මාවත පුරා රජැයූ පාළුව අතරින්.....

මඟ දෙපස වූ පියවි ඇසට නොපෙනුණු සළකුණු පිරික්සමින් ගිය කළුවන් වස්ත‍්‍රධාරියා එක් තැනක නැවතිණ. වලට වැවුණු කෝපි ගස් වලින් අඩක් වැසී ගිය කුඩා නාම පුවරුව ඔහුට අඳුර අතරින් දැකිය හැක්කා සේ පෙනිණ. එතැනින් දකුණත් පසට හැරුණු ඔහු, පසුපස එන තරුණයාද කැටිව, කාලයට හසුව වියැකී ගිය පටු පාරක් දිගේ යන්නට ගති. ඒ පාර කෙළවර වූ ගරා වැටුණු මන්දිරයක නටඹුන් අඳුර අතරින් නැඟී සිටි බියකරු භූතාත්මයක් සේ දිස් විය.

පාර දෙපස වූ වල් බිහිවූ බිම එක් කාලයක ක‍්‍රමනුකූල වැවිල්ලක් පසුබිම් කරගත් සුන්දර උද්‍යානයක් ව තිබූ බව පෙනිණ. තැන තැන වූ ගරා වැටුණු ප‍්‍රතිමා, ජරාවාස වූ පෙඳ පාසියෙන් පිරි පොකුණු, ඒ වටා වැවුණු වල් තණ පඳුරින් ආකූල වී ගොස්.....

ෂර්මන් තම දිග පිට කබායේ සාක්කුවක් තුළින් ගත් යමක් අකිල වෙත දිගු කළේය. එය කුඩා ටෝච් එකක් විය. තරුණයා එය දල්වා ගති. නමුත් හාත්පස ගිළගත් අන්ධකාරයට එරෙහිව එය ප‍්‍රමාණවත් වූයේ යන්තමිනි.
දෙදෙන මන්දිරයේ නටඹුන් වෙත පියනඟා එනු, එහි ප‍්‍රධාන දොරටුවට ඉහලින් වූ පුළුල් දෙනෙතක් බලා සිටියේය.

සෙමෙන් නැඟුණු ස්..... ස්..... ස්.....හඬකින් තරුණයාගේ සියොළඟ හිරිගඩු නැංවින. ඔහු සිය විදුලි පන්දම ඒ වෙත..... ප‍්‍රධාන දොරටුවෙහි ආරුක්කුව වෙත එල්ල කළේය. සට සට හඬින් නැඟුණු තටු ගැසීමෙහි හඬක් සහිත බියකරු අඳුරු ගුළියක් එහි සිට අහසට නැගී, තරුණයාගේ හිසට ඉහළින් ඇදී ගියේය. ඒ තරමක බකමූණෙක් විය. ඌ නැඟූ මූසල හඬ අවට පැතිරුණු නිසලතාව මධ්‍යයේ පහත් තාරතාවකින් පැතිර තුනී වී ගියේය.

ෂර්මන් නොසැළී ඉදිරියටම ඇදිණ. ස්ථාවර පියවරින්..... අකිල ඔහු පසුපසින් පිය එසවූයේ, තමා පසුකර යන බිත්ති වල අඳුරු හැඩතල දෙස බැලීමකිනුදු තොරවය.

මන්දිරයේ සාලය වී තිබූණු හිස් අවකාශය තුලින් ගිය ඔවුහු එහි කෙළවරකින් විහිදුණු පටු කොරිඩෝරයකට වන්හ. යාර ගණනක් දුරට කෙළින් වැටුණු එහි අනෙක් කෙළවරෙහි පිරී තද වුණු ඝණ අන්ධකාරය දෙසට, කළු වස්ත‍්‍රධාරියා පසුපසින් තරුණයා පිය නැඟීය. කොරිඩෝරයේ දෙපස දුහුවිල්ලෙන් හා මකුළු දැලින් වැසුණු බිත්ති මත අකිලගේ විදුලි පන්දම් එළිය බොඳ දිස්නයක් දුනි.

කොරිඩෝරයේ කෙළවර වූ කාමරයක විවට දොර උළුවස්ස වසා පැතිරි, අවුරුදු ගණනක් පැරණි ඝන මකුළු දැල් ඉරා දැමූ ෂර්මන් එහි ඇතුල් විය. කෙළින්ම ගමන් කළ ඔවුහු කාමරයේ ඈත කොණක් දක්වා ගියහ. එතැන වසා දැමුණු ඉතා පැරණි දොරක් විය.

ෂර්මන් එතැන නැවතිණ. ඔහු සිය සිරුරේ වූ සියළු ශක්තිය යොදා ඒ දොර විවර කරන්නට තැත් කළේය. සිය බෑගය බිම තබා, විදුලි පන්දම සාක්කුවේ ලාගත් තරුණයාද එයට හවුල් විය. එහෙත් දැවැන්ත ලී දොර ඔවුන්ගේ ශක්තියට නිගා කරන්නා සේ තදින් පියැවී ගත් වනම පසුවිය.

මිනිත්තු කිහිපයක අසාර්ථක තැතකින් පසු ෂර්මන් නතර විය.

‘‘මෙතනම ඉන්න. මම වෙන විකල්පයක් හොයාගෙන එන්නම්.’’ ෂර්මන් නැවත කොරිඩෝරයේ අන්ධකාරය දෙසට පිය නගමින් කීය. කාළකණ්ණි බවින් පිරුණු ඝන අඳුරේ තනි වූ තරුණයාට සිය සගයාගේ පියවර කොරිඩෝරය දිගේ දෝංකාර දෙනු ඇසෙන්නට වන.

නිසල නිහඬ මිනිත්තු කිහිපයක් ගත විය. එක්වනම දැවැන්ත දොර කිරි කිරි හඬ නංවමින් මළ බැඳුනු සරනේරු මත කරකැවෙමින් විවර විය. අකිල විදුලි පන්දම ඒ වෙත එල්ල කළේය. ඔහුගේ හදගැස්ම ඔහුටම ඇසෙන්නට විය. එහි වූයේ ෂර්මන් ය.

‘‘මට වෙන පාරක් හම්බවුණා.’’ ඔහු කීවේය.

ඉහළට ගත් හුස්ම සැහැල්ලූවෙන් පිටකළ තරුණයා ඔහු වෙත ගියේය. විවට දොරට ඔබ්බෙන් පහළට බැස යන පඩිපෙළක් විය. දෙදෙනාම එය දිගේ පහතට බසින්නට ගත්හ. අකිල අතෙහි වූ විදුලි පන්දම් එළියෙන් පඩිපෙළ පාමුලෙහි වූ කොළ පැහැති දෙනෙතක් දිළිසුම් දින. මඳ වේලාවක් නිසලව තරුණයා දෙස බලා සිටි ඒ දෑස්..... එක්වනම ඔවුන් වෙතට පැනගෙන එන්නට විය. ඒ මහළු බළලෙකි. ඌ අකිලගේ දෙපා අතරින් පැන එළියට දිව ගියේය.

පඩිපෙළ කෙළවර වූයේ නෙළූ කළුගලින් තැනුනු කුඩා කාමරයකටය. පුස් ගඳින් ද, ඇති තරම් දුහුවිල්ලෙන් ද, පිරුණු එහි කෙළවරක වූයේ අඩක් දිරා ගිය හිස් මිනී පෙට්ටියකි. ඒ අසළම බිම හිස්කබළ දෙපළු වූ ඇට සැකිල්ලක් වැතිර තිබිණ. එහි වමතෙහි ඇට කැබළි අතර සිරවූ ලොකු රිදී කුරුසියක් විදුලි පන්දම් එළියට දිළිසිණ. රක්ත වර්ණයෙන් මළ බැඳුණු පුළුල් තලයකින් යුත් බරැති පොරවක් ඒ අසළම වැටී තිබිණ.
වසර ගණනාවකට පෙර සිදුවූ දරුණු අපරාධයක නෂ්ඨාවශේෂයන් මේ අයුරින් දෙදෙනාගේ දෙපා මුළ වැතිර තිබිණ.

ඇට සැකිල්ලට අඩි කීපයක් නුදුරින් බිම වැටී තිබුණේ බරැති මිටියකි. මිටියකින් අපේක්ෂිත ඇණගැසීමට හෝ ගල් කැඩීමට හෝ නොව වෙනත් විශේෂිත කාර්යයකට සුදුසු වන පරිදි එය සකසා තිබිණ. ශක්තිමත් ලී මිට, බර යකඩ කුට්ටියකට නොගැළවෙන පරිදි වද්දා තිබිණ.

ඒ අසළම රවුම් ලී දඬු තුනක් විසිරී තිබිණ. ඒවා අඩි එක හමාරක් පමණ දිගු වන සේ සාදා, අගිස් තියුණු ලෙස උල් කොට, ගින්නෙන් දැඩි බවට පත් කොට තිබිණ.

‘‘මේවා දශක ගණනාවකට කලින් මැරුණු වැම්පයර් දඩයක්කාරයෙකුගේ.....’’ ෂර්මන් ගේ පහත් කටහඬ නැගී ආයේය. ‘‘..... මේවා වතිකානුවෙන්, ලාසා වලින්, අනුරාධපුරෙන් සහ මක්කමෙන් ආශීර්වාද කරලයි තියෙන්නෙ. නියම ආවේගශීලී, සෘජු අරමුණක් ඇති, අරමුණට කැපවුණු කෙනෙක් ගෙ අතේදි මේවා බොහොම බලවත්.....’’

ඔහු සිය සාමාන්‍ය පිළිවෙතින් බැහැරව දිගු කතාවක් කරන්නට යන්නා සේ පෙනිණ. ඔහුගේ දෙතොළින් ගිළිහුණු සෑම වචනයක්ම කුඩා බිම් කාමරයේ බිත්ති මඟින් පරාවර්තනය කෙරිණ.

‘‘..... මාත් විකුමුත් තීරණය කරලයි තිබුණෙ මේ වැඬේ ඔයාටම කරන්න ඉඩ හරින්න. ඒක ඔයාගෙ හිතේ තියෙන පීඩනයට සහනයක් වෙයි කියලා හිතුවා. මේවා එකතු කරගන්න. මේවා අපිට ප‍්‍රයෝජනවත් වෙන්නෙ වැම්පයර් වරයෙකුට එරෙහි සටනකදි ආයුධ විදිහට.’’

තරුණයා පහත් වී ලී උල් ටික වමතට එකතු කරගෙන, මිටිය සුරතට ගති. එහි බර තම අතට වැටෙද්දී අති මානුෂික ශක්තියක් සිය සිරුර පුරා ගළා යන්නා සේ ඔහුට දැනිණ. ඔහු පහත් වී ඇටසැකිල්ලේ වමතෙහි පැටළී තිබූ කුරුසියද මුදවා ගෙන, සාක්කුවේ ලා ගති.

‘‘එහෙනම්.....’’ ෂර්මන් හඬ නැගීය. ‘‘ආපහු ටවුමට.....’’



------------------------------------------------

උදෑසන පැහැදිලි හිරු එළිය හාත්පස වැතිර තිබිණ. අවන්හල ඉදිරිපස අගුවේ රැස්ව සිටි මිනිස්සු අපූර්ව උද්යෝගයකින් යුතුව එක් සිදුවීමක් දෙස බලා සිටියහ.

බල්ලෙක් ඉතා වේගයෙන් පාර දිගේ දිව ගියේය. එක් තැනක නතර වූ ඌ තම පිටේ එක තැනක් කීපවිටක් තදින් ලෙවකෑවේය. මොහොතකින් ඌ නැවත දුවන්නට විය.

මෙය යටකී මිනිසුන්ගේ මහත් විනෝදයට හේතු වූ බව පෙනිණ.

‘‘පෙට්රල් ඉවර වුනහම නවතියි.....’’ එකෙක් කීය.

අනෙක් මිනිස්සු හඬනඟා සිනාසුණහ.

නැවතත් වේගයෙන් දිව ආ බල්ලා, අවන්හලෙන් එළියට බසිමින් සිටි සුදුමැළි කෙසඟ තරුණයෙකුගේ දෙපයේ වැදී, කෑගසමින් ඉවතට දිව ගියේය.

තරුණයා අත කුඩා මල්ලක් විය. අවන්හලේ කවුන්ටරයට පිටුපසින් සිටි මැදිවියේ ගැහැණිය විදහාගත් දෑසින් ඔහු දෙස බලා සිටියේ වශීකරණයකට ලක් වූවක සේය. ඇය යමක් මතක් කරමින් සිටියාය.
‘‘ශාම්.....’’ ඈ තමාටම කියාගනිමින් ආපසු හැරුණාය. ‘‘.....එහෙනම් ආයෙත් ඇවිත්.....’’


මෙතෙක් පැවති පැහැදිළි හිරු එළිය කෙමෙන් ගළා එන්නට වූ වැසි අඳුරකින් වැසී යන්නට විය. උදෑසනකට සුදුසු නොවූ සීතල වැසි පොදින්, පාර මත වූ දුහුවිල්ල කෙමෙන් කෙමෙන් මඩ දිය බවට හැරෙන්නට ගති. අඩි කිහිපයක් දුරින් ඇති දෙයක් පවා නොපෙනෙන තරමින්, හාත්පස වැසි අඳුරින් හා මිහිදුමින් වැසී ගියේය. පෙඟුනු පුස් ගඳක් තුනීවට පැතිර යන්නට විය.

33 comments:

  1. අද නම් ත්‍රාසය එහෙමත් එකතු කරලා කතාව ලස්සනට ලියල තියනවා. ඇස් ගැන කියද්දීම මම හිතුවේ ශාම් දැන් පනී දැන් පනී කියල. කලින් ප්‍රශ්නෙට උත්තරේ ලැබුන උනාට, එතකොට අරහෙම ඉතුරු වෙන වැම්පයර් ලට මොකද වෙන්නේ? ඒ කිව්වේ දැන් අර බ්රෑම් ස්ටෝකර් ගේ කතාවේ ලුසී නම් මරනවනේ. ඒ උනාට කවුන්ට් මරනකල් එයා ලේ බීපු අය වැම්පයර්ල උනාම ඒ අයව මරන්නේ නෑනේ.. එන්න එකයි මම ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අඟහරුවා....

      ඔය ගැ‍ටළුව ගැන ඔයා මොකද හිතන්නෙ?

      Delete
    2. අගහරුගෙ ඔය ප්‍රශ්නෙ තමා මටත් තියෙන්නෙ. මේකෙ ශාම් ලේ බීපු කෙල්ලො කිසිම එකෙක් වැම්පයර් කෙනෙක් උනා කියල කොහෙවත්ම සදහනක් නැහැ. හැම කෙනෙකුගෙම බොඩිඑක හම්බවෙලා තියෙනව. එතකොට ඒ කිසිම තැනක වෙන වැම්පයර් කෙනෙකුගේ ආගමනයක් දකින්නත් නැහැනෙ. අපි අනුමානයක් ගොඩ නගමු. මේක කතාවට මගේ අදහසක් විතරයි. එහෙම එකක් කොහෙවත් දැකල නෑ. මෙන්න මගේ අනුමානෙ.

      ශාම් අර්ධ වැම්පයරයෙක්. ජීවිතය පවත්වාගෙන යන්න මිනිස් ලේ අවශ්‍යයි. ඒ නිසයි ලේ බොන්නෙ. හැබැයි අර්ධ වැම්පයරයෙක් නිසා ඒ ලේ බොන කිසිම මනුස්සයෙක් වැම්පයරයෙක් වෙන්නෙ නැහැ. අනිත් දේ තමා අර්ධ වැම්පයරයෙක් නිසා වෙනත් වේශයක් (මං කිව්වෙ වවුලෙක් වෙන්න) බැහැ.

      Delete
    3. ඔය වැදගත් ප්‍රශ්නෙ මතුකරපු අය හිටියෙම දෙන්නයි. ලොකු ශානායි, අඟහරුවයි විතරයි.

      අර්ධ වැම්පයර් කෙනෙක් අපි දකින්නෙ, බ්ලේඩ් ෆිල්ම් එකේ නේද? ඒකෙ හැටියට නං, වැම්පයර් සහ මනුෂ්‍ය හයිබ්‍රිඩ් සත්ත්වයෙක්ට ඒ දෙගොල්ලන්ගෙම යම් යම් ලක්ෂණ තියෙනවා.

      ලොකු ශානගෙ අනුමානය බොහොම දියුණු එකක් කියලා විතරයි මට මේ වෙලාවෙදි කියන්න වෙන්නෙ. තව දුරට කියන්න ගියොත් කතාවෙ අවසානයට හානියක් වෙන්නෙ. ඊළඟ කොටසින් හරි ඊට පස්සෙ කොටසින් හරි ශාම් ගෙ යටගියාවත් එක්ක සුළමුළ හෙලිවෙනවා.

      Delete
    4. අර්ධ වැම්පයර්ලා ගැන ට්ව්ලයිට් එකේ කතා කරනවා නේද?

      Delete
    5. ට්වයිලයිට් අන්තිම කොටස තාම බැලුවෙ නෑ. බලලම ඒ ගැන කියන්නම්.

      Delete
    6. මම පොඩි අනුමානයක් කරන්නම්.. මම මේකට ශාම්ව වගේම අපේ කවුන්ට්වත් ගාවගන්නම්.. ශාම් අර්ධ වැම්පයරයෙක් උනත් කවුන්ට් සම්පූර්ණ වැම්පයර් කෙනෙක්.. ඒ උනත්, මම හිතනවා ඒ ලේ බීපු අයගේ මරණින් පස්සේ වැම්පයර්ල වෙන කට්ටිය එයාල බිහි කරන්න දායක වෙච්ච වැම්පයර්ල මැරුණම ඒ ජීවිතත් ඉවර වෙනවා ඇති කියල. එක්කෝ එයාල පත් වෙන්නේ අර්ධ වැම්පයර් තත්වෙට වෙන්න පුළුවන්.. අනික තමා මම බලපු චිත්‍රපටියක්,, නම මතක නෑ.. ඒකෙ තියන හැටියට වැම්පයර් කෙනෙක් අව්වට නිරාවරණය වෙලා ආපහු ජලයට වැටුනම එයා ආපහු සාමාන්‍ය තත්වෙට එනවා. ඒ වගේම වැම්පයර් කෙනෙක් තව වැම්පයර් කෙනෙක්ගේ ලේ බිව්වම ඒ බීපු කෙනා සාමාන්‍ය තත්වෙට එනවා..

      Delete
    7. ඩ්‍රැක්‍යුලා ලුසීගේ ලේ බිව්වම, ලුසී වැම්පයර් කෙනෙක් වුණේ එයයාගෙ මරණින් පස්සෙයි. එයා මැරුණෙ ලේ අඩුකමින්, ඒකියන්නෙ ඩ්‍රැක්‍යුලා දිගින් දිගටම එයාගෙ ලේ බිව්ව නිසා. ඒත් වැන්හෙල්සිං ලුසීගෙ වැම්පයර් ආත්මය මරලා දාලා තමයි ඒ ශාපය නැවැත්තුවේ. මීනා වැම්පයර් කෙනෙක් නොවුනේ එයා මැරුණෙ නැති නිසයි. ඒකෙන් මට නම් තේරෙන්නෙ, ඇල්ෆා වැම්පයර් මැරුවත් නැතත්, එයා නිසා වැම්පයර් වෙච්ච අය මැරිය යුතුයි.

      අනිත් දේවල් ගැන නම් මට මොකුත් කරුණු හම්බවෙලා නෑ.

      අඟහරුවගෙ උනන්දුව ගැන ගොඩක් ස්තූතියි.

      Delete
  2. එදා ශෘංගාරය..අද ත්‍රාසය...මේ අලුත් වෙනස හොදයි..මේ කථා මාලාව අවසන් උනාට පස්සෙ මේක පොතකට ගත්තොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. සිරාගෙ අදහස නං සිරා.... ඉදිරියෙදි කරමු!

      පොතකට වඩා මං ආසයි බයිස්කෝප් එකකට...

      Delete
    2. ඔන්න එහෙනම් මමත් සුබ පැතුවලු!

      Delete
    3. තැන්කිව් කිව්වලු එහෙනං...

      Delete
  3. ඒ උනාට ගියපාර එක තරම් අද ගතියක් නැ අප්පා....... නිකන්ම බය උනා විතරයි ......... බොරුනම් හෙන්රිගෙන් අහන්න

    ReplyDelete
    Replies
    1. අඩුගානෙ රාළව බය කළානේ. ඒකම ලොකු දෙයක් නේ.... නැද්ද ඩූඩ් ?

      Delete
    2. මොකක් කිව්වා? හිටිං බලන්න.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මෙහෙමයි. ගිය පාර එකේ තිබ්බේ එක රසයක්. මේකෙ තියෙන්නෙ තව රසයක්. ඒක අපි කොයි රසයටද ප්‍රිය කරන්නේ කියන එක මතයි රඳා පවතින්නේ. මට නම් කියන්න වරදක් නෑ.

    මට මතුවුන ප්‍රශ්ණෙ අහන්නද?

    මෙතන අකිලයි, ෂර්මනුයි දෙන්නගෙන තරුණයා අකිල, කලු වස්ත්‍රධාරියා ෂර්මන් නේද? ඔය දෙන්නා ඒ විස්තරම්දෙකට ගැලපෙනවද කියලා තේරුම් බේරුම් කරගන්න මට ඒ කොටස ආයේ කියවන්න වුනා. තරුණයා අකිල, කලු වස්ත්‍රධාරියා ෂර්මන් කියලා පහුගිය කොටසක කියලා තිබුනද? මම බැලුවේ නෑ. එහෙම නැතිනම් එක පාරටම එහෙම වුනාම පොඩි විමතියක් ඇති වෙනවා. :)

    ඒ වගේම ඩ්‍රැකියා උඹ ..... (තිත් පහ) දාලා තියෙන තැන්වල එන්න ඕනෙ සම්මත ගාන ... (තිත් තුනයි) යි. :D

    මේකෙ ඒක කියන එකේ ඒ වෙනුවට ප වැදිලා තුන් පාරක් හදලා දැම්ම බං

    ReplyDelete
  6. ඕං බලන්ටකො වරදින දේවල් ඈ...

    අර රස විවිධත්වය තමයි කාරණේ. මටත් ඒක වැටහුණා මැලේ රාළ කියද්දි. මෙහෙම කතාවල ඔය රස විවිධත්වයක් තියෙන එක නූතන කතා ශෛලියෙ දකින්න තියෙන දෙයක් නේද?

    කළු වස්ත්‍රධාරියා මැදි වියේ කෙනෙක්, අකිල හෙණ ළාබාල තරුණයෙක්. ඒබව ගොඩක් කලින් කොටස් වල තිබ්බා. ‍මෑත පෝස්ට් වල ඒ අය ගැන ඒතරම් කියවුනේ නැති නිසා ඒ විමතිය එන්න ඇති. මං ඒ ගැන සැළකිලිමත් වෙන්න තිබුණා.

    ස්තූතියි ඩූඩ් නිවැරදි කිරීම් වලට.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන් ඩ්‍රැකියෝ .....මොන ජගතෙක් උනත් වැඩක් නැහැ ගුරු බවතෙක් නොවී. උඹේ මේ ලිපි කොටස් එක්කම මම ඩූඩ් ගුරුතුමාගේ කමෙන්ට් එක කියවනවා. ඌ තමයි නියම ආකාරයෙන්ම කතාව රස විඳින්නේ. මම මේක කීප වතාවක්ම දැක්කා.

      Delete
    2. ඒ කතාව නං ඇත්ත අරූ. ඩූඩ් ගෙ අදහස් වලිනුයි, පරිවර්තන වලිනුයි මාත් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.

      Delete
    3. ඩුඩ්ඩාට අලි හැකියවක් එක්ක ඕනෙ තරම් වෙලාව තියෙනවානෙ.. අපි වගෙ අසරනයො ඉතින් කොහොමද තරඟයක් දෙන්නෙ..

      Delete
    4. තරගයක් දෙන්න තරාතිරම, දැනුම වැදගත් නෑ නේද? උනන්දුව තමා මූලික දේ...

      Delete
  7. උඩින් කමෙන්ට් එකකට උත්තර දුන්නට කමෙන්ට් එකක් කොටන්න ඕනමයි කියල හිතුන. අර කලිනුත් කිව්ව වගේ මං මේකට ඇබ්බැහි වෙලා බොලල්ල.

    ඩ්‍රැකිය අහල තිබුනනෙ මම ඇයි ෂර්මන්ට අකමැති කියල. පොරත් එක්ක මගේ ගේම මේකෙදි තව ටිකක් වැඩි උනා. අද කියන්නම් ඇයි කියල. ෂර්මන්, ශාම් ගැන ඕනවටත් වඩා දන්නව. අද කොටසෙ අකිලව එක්කන් ගියෙ කලින් ශාම්ව මරන්න උත්සහ කරපු තැනකට වෙන්න ඕන. ඒකියන්නෙ ෂර්මන් ඒ ගැන දන්නවනෙ. එක්කො ෂර්මන් එතන ඉදල තියෙන්න ඕන නැත්නම් අකිලලට වගේ උදව් කරල තියෙන්න ඕන. මටනම් හිතෙන්නෙ ශාම් වැම්පයරයෙක් වීමේ කොනකත් ෂර්මන් කාරය ඉන්නව. ඊලග කොටස් දෙක තුනේදි කව්රුත්ම හිතන්නැති කතා ටිකක් අහන්න ලැබෙයි කියලයි මට හිතෙන්නෙ. මේ වැම්පයර් පැත්තක් පෙන්නල ඩ්‍රැකිය අපි ඔක්කොම අමාරුවෙ දාල තියෙන්නෙ.

    ඔන්න තරහ වෙන්න ඒපා ඩ්‍රැකියෝ මේක එලි කලාට. ඔය ශාම් වැම්පයරයෙක් නෙමෙයි. මොකක් හරි අට මගලෙකට ගිහින් වෙච්ච වැරුද්දක ප්‍රතිඵලයක්. මම නම් මේ කතවා ඉවර කරන්නෙ මම ගෙනියනව මෙතනින් පස්සෙ මේක අමුතුම පාරක අනිව. මට හිතෙනව ඒ පාරෙම ඩ්‍රැකියත් අපිව අරන් යයි කියල.

    බලමු ඩ්‍රැකිය මේකට මොනාද කියන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ශානා කියන අදහස් හරිම දියුණුයි කියන එක විතරයි මට කියන්න පුළුවන් මේ වෙලාවෙ. තව කොටස් දෙකකින් විතර මේ ඔක්කොම එළිවෙනවනෙ.

      :-))

      Delete
  8. හැමදාම මොකක් හරි අඩුවක් කියනවා කියන්න එපා බන්. ඒ උණාට පොඩි උන් ඉස්සරහට ශාම් පැන්න එක නිකන් දෙමල film එකක කෑල්ලක් වගේ. පස්සේ විස්තරය නම් නියමෙට තියනවා. මේ උඹ සර්වආගමික ගැටයක් ගහලා අරු අල්ලගන්න හදනවා වගේ.

    ReplyDelete
    Replies
    1. අර සින් එක ටිකක් බොළඳයි වගේ තමා. මම ඒ වගේ එකක් මිලේනියම් එකේ දැක්කා.

      වැම්පයර් ගැන විකියෙ සර්ච් කරද්දි, ලෝකය පුරා සංස්කෘතින් වල වැම්පයර් කතා තියෙන බව දැක්කා. ඉතින් කතෝලිකයන්ට විතරක් වැම්පයර්ලා බය කරන්න දෙන්න බෑනෙ, නේද?

      Delete
  9. අද කොටසින් ත්‍රාසය මතුකරලා තියෙනව පොඩ්ඩක් බයත් හිතෙනව,හැබැයි අර ඩූඩ් කියනවා වගේ අද තියෙන්නෙ වෙනස් රසයක්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි හැලපයියා...

      කොහොමත් ත්‍රාසය ලියලා ලියලා, පස්සෙ ෆැන්ටසි ලියන්න අරං ආපහු ත්‍රාසයට යනකොට කොහොමත් ටිකක් බලාපොරොත්තු කඩවීමක් වගේ දෙයක් පේනවා...

      Delete
  10. අද තමා ඔක්කොම කොටස් කියෙව්වේ. ඒත් අන්තිම එක ආපහු කියවන්ට වෙයි වගේ. දැන් ශ්‍යාමුයි, ෂර්මනුයි දෙන්නම වැම්පයර්ලාද? ඔන්න ඒ ටික ටිකක් පැටලුනා. අනෙක් එක ලේ බීව හැටියේ වයසක වැම්පයර්ලා තරුණ වෙනවා නේද?

    අනේ එඩ්වඩ් නම් මේ වගේ කෙනෙක් නෙමේ. හොඳ ආදරවන්තයෙක්...:)

    ReplyDelete
    Replies
    1. පොඩි කුමාරිහාමි අදමයි ඕං මේ පැත්තෙ එනවයි කියලා පියසටහන් ඉතුරු කරලා ගියේ. මුලින්ම සාදරයෙන් පිළිගන්නවා. මං කාලයක් තිස්සෙ බලාන හිටිය කෙනෙක් ගෙ ආගමනය ඉහළින්ම සමරනවා.

      කොහොමත් මේ වගේ කතා දෙපාරක් බලන්න වෙන එක සාමාන්‍ය දෙයක් නේද? අපි පොඩිකාලෙ එක්ස් ෆයිල්ස්, මිලේනියම් වගේ ටෙලි කතා බලලා, සතියක් විතර කල්පනා කරන්නත් දේවල් ඉතුරු වෙනවනෙ. මටත් කරන්න ඕනෙ වුණේ ඒකයි. ආයෙත් බලලා, ශාම් සහ ෂර්මන් ගැන තීරණයකට එන්න ඈ...

      ලේ බිව්ව හැටියේ තරුණ වෙන එක නෙවෙයි මං නම් දැකල තියෙන්නෙ තමන්ට ඕනෙ වුණොත් තරුණ වෙසක් ගන්න පුළුවන් වගේ දෙයක්.

      කොහොමත් එඩ්වඩ් ගැනත් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න එක හොඳයි රෑ දොළහ විතර වෙනකම්. හොඳම ආදරවන්තයො තමයි දක්ෂම වැම්පයර්ලා වෙන්නෙ... :-)

      හදවතින්ම සුභපතනවා පොඩ්ඩිගෙ යුග දිවියට...! ආයෙ එන්න ඈ...

      Delete
  11. බලපන් මන්් මේ හිරු කියන පට්ට වේසිගෙ බ්ලොග් එකේ කමෙන්ට් දෙක තුනක් දැම්මා .මේ කැරි බැල්ලි ඒවා මකැැලා. තෝ ආයේ බ්ලොග් ලියලා ඉවරයි බැල්ලි . මගේ කමෙන්ට් ටික දාපන් හුකා ගන්නේ නැතුව . තොට මොකක්ද මගේ අැඩුව ? තොගේ කිම්බ අල්ලන්නේ ලොකු පකව්්ල් වලට විතරද ? හ්

    ReplyDelete
    Replies
    1. අයියෝ චාමි, කමෙන්ට් එකක් නිසා ඇයි තමන්ගෙ තත්ත්වය මේ තරම් පහළට දාගන්නෙ?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි