මේත් ෆේස්බුක් හි අමිරු ජයමහ මහතාගෙන් උපුටා ගත් ලිපියක්...
ක්ලැරන්ස් විජේවර්ධන සහ මූන්ස්ටෝන්ස්
මේත් ෆේස්බුක් හි අමිරු ජයමහ මහතාගෙන් උපුටා ගත් ලිපියක්...
ක්ලැරන්ස් විජේවර්ධන සහ මූන්ස්ටෝන්ස්
අද අපි කියවන්න යන්නේ මේජර් රොජර්ස් ගැන.
ලංකාවේ වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් දඩයම් කළ තැනැත්තා වන මේජර් තෝමස් විලියම් රොජර්ස්, 19 වන සියවසේ මෙහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ස්ටෝරි (1907) සඳහන් කරන හැටියට 1400 කට වැඩි ගණනකුත්, ග්‍රිල්ස් (1848) සඳහන් කරන හැටියට 2000 කුත්, ඔහු මරා දැමූ අලි ඇතුන් ගණන හැටියට සඳහන් වෙනවා.
1804 දී උපන් තෝමස් විලියම් රොජර්ස් ලංකාවට ආවේ 1824 දී කියා වාර්තා වෙනවා. ඔහු ලංකාවේ යුධ හමුදාවේ රයිෆල් රෙජිමේන්තුවට බැඳෙන්නේ 1824 ජනවාරි 7, දෙවන ලුතිනන් වරයෙකු හැටියට. 1826 දී ඇජුටන්ට්වරයෙකු වන ඔහු, 1827 දී කපිතාන් තනතුරට පත්වුණා. අලුපොත අණ දෙන නිලධාරි හැටියට 1828 සිට 1833 දක්වා සේවය කළ ඔහු, 1834 දී බදුල්ල උප දිසාපති සහ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් තනතුරට පත්වුණා. දක්ෂ පරිපාලකයෙකු වූ මේජර් රොජර්ස්, බදුල්ලේ තිබෙන බොහොමයක් තානායම් ද, බොහොමයක් මං මාවත් ද තැනවූවා. ඌව පළාතේ තිබෙන අනෙක් මං මාවත් සළකුණු කළේ ඔහු යි. මේ අතර නුවරඑළිය - බදුල්ල මාර්ගය ද ඔහු විසින් තැනවූණක්.
වෙල්ලස්සේ කැරැල්ළ, මාෂල් ලෝ මඟින් කෲර ලෙස මර්ධනය කළ පසු, බොහෝමයක් ගම්මාන පාළු වුණා. කැළෑව විසින් ගිළ ගැනුණු පිටිසර ප්‍රදේශවලට අලි ඇතුන්ගෙන් හානි වීම නිතර අසන්නට ලැබුණු පුවතක් වුණා. මේ වගේ පසුබිමක යුරෝපීය කෝපි වවන්නන්, හමුදා සහ සිවිල් නිලධරයන් අලි ඇතුන් දඩයම් කිරීම, ත්‍රාසජනක ක්‍රීඩාවක් වුණා. ඒ වගේ ම, මහජනතාවට කරන සේවයක් විදිහට පිටිසර ජනතාව සැළකුවා.
ඒ අනුව ලංකාවේ අලි ඇතුන් දඩයම් කළ දක්ෂතම දඩයක්කාරයා වුණේ මේජර් රොජර්ස්. ඌව ට සංක්‍රමණය වීමෙන් පසු ගත කළ අවුරුදු 11 තුළ ඔහු දඩයම් කළ අලි ඇතුන් ගනන 1400 කට වැඩියි. ඉන් 60කට වැඩි ගණනක් දළ ඇතුන්. 1840 ගණන්වල ඔහු හමුවීමට වෝල්ඩමර් කුමරු සමඟ පැමිණි වෛද්‍ය හොෆ්මයිස්ටර් වාර්තා කරන විදිහට, "ඔහුගේ මුළු නිවස ම පිරී තිබුණේ ඇත් දළවලින්. ඒ, ඔහු මැරූ සතුන් අතරින් හැටකට වඩා දල ඇතුන් වූ බැවින්. ඔහුගේ බරාඳයේ සෑම දොරක ම සිටුවන ලද දැවැන්ත ඇත් දළ තිබූ අතර, ඔහුගේ කෑම කාමරයේ සෑම මුල්ලක ම ඊට සමාන ජයග්‍රාහී සංකේත තිබුණා..."
![]() |
| මේජර් තෝමස් විලියම් රොජර්ස් |
ඔහු ගේ අවසාන අවුරුදු දෙකේ දී, කෝපි වවන්නන් අතර ඔහු හැඳින්වුනේ ක්‍රීඩකයෙකු ලෙස නොව දරුණු ඝාතකයෙකු ලෙසයි. ලංකාවේ සිටි සිංහල බෞද්ධයන් මේ දැවැන්ත සත්ත්ව ඝාතන හෙලා දුටු නිසා, ඔහුට සේවය කිරීම පිළිකෙව් කළා. ඔහුගේ පෞද්ගලික සේවක, කෝකි අප්පු, තුවක්කුව රැගෙන යන්නා ආදී සියලු ම සේවකයන් මැලේ හෝ දෙමළ ජාතිකයන් වුණා.
1845 ජනවාරි මාසයේ දී තවත් දඩයමක් සඳහා මොරවල කෝරළේ කෝපි වැවිලිකරුවන් කීප දෙනෙකු සමඟ, ඔහුගේ නිල නිවාසය පැවති බදුල්ල පැරණි ගම්මානයේ සිට, මින්නේරි පාරේ ගමන් කරමින් සිටින විට, ඔවුන් ට බෞද්ධ භික්ෂුවක් මුණ ගැසුනා. ඒ, මාර්ගය අසළ බෝ ගස් ගොන්නක් මැද පැවති පුරාණ දාගැබක් අසළ දී.
භික්ෂුව සන්සුන් ලෙස තම අත මේජර් රෝජර්ස් වෙත දිගු කොට මෙසේ කීවා, "සුදු මහත්තයෝ, තමුන්නාන්සෙගෙ වෙලාව බොහොම ළඟයි. තමුන්නාන්සෙ අපේ සහෝදරයන් මරා දමමින්, ඔවුන්ගේ ආත්මවල සැනසීම විනාශ කර දමමින් යන්නෙ. තමුන්ගෙ පවු මල්ල දැන් පිරිලා තියෙන්නෙ, හොඳට ම. ආපහු ඒ වගේ දරුණු වැඩකට තමුන්නාන්සෙ ගෙ ආවුදේ ඔසවන්න කලින්, තමුන්නාන්සෙ ට හෙණ ගහණව!"
බොහො ම ශාන්ත විදිහට ඒ වචන කියා, භික්ෂුව ආපසු ගියත්, අවට සිටි වැවිලිකරුවන් තුළ ඒ වචනවලින් ඇති කළ බලපෑම අති මහත්. මේජර් රොජර්ස් සෑහෙන වෙලාවක් ගත වන තුරු අශ්වයා පිට නොසෙල්වී සිටි අතර, ඔහුගේ දෑස් භික්ෂුව සිටි ස්ථානය වෙත එල්ල වී තිබුණා.
මේ කතාව සෑම තැනක ම පැතිරී ගියා. ඔහු ගිය සෑම තැනකදී ම පාහේ ඒ ගැන විහිළු කතා ඔහුට එල්ල වුණා. උදාහරණයක් හැටියට, ඔහු කොළඹ නාවුක සහ යුධ හමුදා සමාජ ශාලාවල දී ඔහු පිළිගැනුණේ මේ විදිහට, "හෙලෝ රොජර්ස්, තවමත් පණපිටින් නේ? අකුණ තාම වැදුනෙ නෑ නේ? අනතුරු ඇඟවුණු මිනිස්සු දිග කාලයක් ජීවත් වෙනවා..."
නමුත් මේජර් රොජර්ස් වෙනස් වුණා. ඔහු අලි දඩයම ගැන සඳහන් වුණු සෑම අවස්ථාවක දී ම වේදනාත්මක මුහුණකින් ඊට මුහුණ දුන්නේ.
නමුත් මාස කීපයකින්, බදුල්ලට ආසන්න ස්ථානයක, තනි අලියෙකු පහර දී කරත්තකාරයන් දෙදෙනෙකු මරා දැමුණා. උප දිසාපති හැටියට ඔහු ඒ තනි අලියා ගේ උවදුර අවසන් කිරීම සඳහා දඩයම් පාටියක් සංවිධානය කළා. ඊට ඇතුළත් වුණා, මධ්‍යම පළාතේ දිසාපතිවරයාත්, ඔහුගේ බිරිඳත්. ඔවුන් බදුල්ලෙන් පිටත් වී දවල් කෑමට හපුතලේ තානායමට ආවා. එතන දී හදිසියේ ඇදහැළුණු ඝර්ම කළාපයට පොදු අකුණු සහිත වැස්සකට ඔවුන් කොටු වුණා.
වැස්ස නැවතුණු පසු, වැස්ස හොඳට ම නතර වුණා දැයි බලන්න මේජර් රොජර්ස් තානායමින් එළියට අඩිය තිබ්බා. එවිට එකපාරට ම වැදුණු අකුණකින් පිළිස්සී ඔහු එතැන ම මිය ගියා. ඒ 1845 ජූනි 7...
මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 41 ක් පමණයි. ඔහුගේ දේහය භූමදාන කළේ, නුවරඑළියේ කුඩා දේවස්ථානයක සුසාන භූමියේ. අපි මේ සුසානය බලන්න ගිය විට එහි සිටි ආරක්ෂකයෙකු මට කීවා, එය බැලීමට ආ තවත් කෙනෙකු කී හැටියට, මුලින් ම ඔහු භූමදාන කළේ බදුල්ලේ වූ අතර, එතැනට අකුණු ගසන නිසා පසුව හපුතලේටත්, අවසානයේ නුවරඑළියටත් දේහය ගෙනැවිත් තිබෙන බව. කොහොම නමුත් වාර්තාවල සඳහන් වන ආකාරයට මෙහි සොහොන මත තබා තිබෙන සොහොන් ගළට සිය වතාවක් පමණ අකුණු ගසා තිබෙනවා. අදටත් ඒ සොහොන් ගල කැබලිවලට කැඩී ගොස් තිබෙනවා දැකගන්නට පුලුවන්.
මේ සොහොන තිබෙන්නේ, නුවරඑළිය ගෝල්ෆ් පිටියට අයත් භූමියේ. ඊට ප්‍රවේශ වන්නට පුළුවන්, සම්පත් බැංකුව සහ අගමැති නිල නිවාසය පිහිටි හතරමං හංදියෙන් ග්‍රෑන්ඩ් හෝටලය පාරට හැරී අඩි විස්සක් පමණ ගිය තැන ඇති ට්‍රාන්ස්ෆෝමරය අසළින් වමට හැරී, පඩිපෙල දිගේ ඇවිද යාමෙන්. ගොල්ෆ් පිටියේ කාර්ය මණ්ඩලය ඉතා ම මිත්‍රශීලී මිනිසුන්. ඔවුන් අදාළ ස්ථානය පෙන්වීමටත්, ඒ ගැන කරුණු කියා දීමටත් ඉතා කැමැත්තෙන් මැදිහත් වනවා.
මේ තියෙන්නේ ඒ ගැන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා කළ විඩියෝව...
පහතින් තියෙන්නේ අපේ හුටංබරස් මහතා කළ විඩියෝව...
හොඳයි - වටියි කියලා හිතනවා නං, Eco with Savidu යූ ටියුබ් චැනල් එක බලන්න... මේක හැදුවෙ, පාසලේ පරිසර කමිටුවේ අමතර වැඩක් හැටියට.
මූලාශ්‍ර
https://amazinglanka.com/wp/major-rogers-en/
https://www.greenholidaytravels.com/cemetery-of-major-thomas-william-rogers/
මේ මම ෆේස්බුක් හි දී කියවූ ලිපියක්. ලියා ඇත්තේ අමිරු ජයමහ නම් මහත්මයෙක්.
විද්‍යුත් ගිටාරය දේශීයකරණය කරපු පළමු වගේම එකම සංගීතඥයා කියලා කිව්වොත් ඒක හරි කියලා මට හිතෙනවා. මොකද ඒ කාලේ විද්‍යුත් ගිටාරය බොහොමයක් (ඔක්කෝම) සංගීත කණ්ඩායම් පාවිච්චි කලේ බටහිර ගීත වලට. ලංකාවේ කවුරුත් ඒ වන විට විද්‍යුත් ගිටාරයට කැමති වුනෙත් නෑ. කොහොමත් ලංකාවේ මිනිස්සු අදටත් එහෙමනේ. අලුත් දෙයක්/සංකල්පයක් දුටු සැණින් හොයන්නේ බලන්නේ නැතුව ඒක හොඳ නෑ කියනවා. නමුත් acoustic ගිටාරයෙන් පටන්ගෙන සරල පදවැල් වලට තනු නිර්මාණය කරලා ඒ ගීත අපේ මතකයේ රැඳෙන විදිහට ගායනා කරපු ගායකයෙක්, පද රචකයෙක්, තනු නිර්මාපකයෙක්, වගේම වාදකයෙක් ක්ලැරන්ස් විජේවර්ධන.
පොඩි කාලයක් ගියා ආපහු බ්ලොග් එකට එන්න. ඒ ගැන සමාව ඉල්ලන ගමං, පහුගිය බ්ලොග් ලිපියට 137ක් කමෙන්ට් ලබා දෙන්න දායක වුණු හැමෝට ම හෘදයංගම ස්තූතිය පළ කරනවා. මෙන්න කලින් ලිපියෙන් කිව්ව වගේ ම ප්‍රහේලිකා දෙකට උත්තර.
මුලින් ම, අර වැලි ග්‍රෑම් 500 ගැටළුව.
කීප දෙනෙක් ම හරියට උත්තර දුන්නා වගේ ම, මුලින් ම වැලි ග්‍රෑම් 500 තරාදියේ එක පැත්තකටත්, අනික් පැත්තට බර මැන ගන්න තියෙන ද්‍රව්‍යයත් දාලා, ග්‍රෑම් පන්සීයක් කිරා ගන්නවා. ඊට පස්සෙ ඒ ටික අයින් කරලා, වැලි ග්‍රෑම් 500 ඇස් මට්ටමින් දෙකට බෙදලා, තරාදියේ දෙපැත්තට දාලා, පොඩ්ඩ පොඩ්ඩ දෙපැත්තෙන් මාරු කරමින් හරියට ම දෙකට බෙදා ගන්නවා. එතකොට එක පැත්තක ග්‍රෑම් 250 යි. ඒ වැලි ටිකෙන් තවත් අර ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් කිරා ගන්නවා. ඊට පස්සෙ තමයි අමාරු ම හරිය. කිලෝ එකේ පඩිය දාලා අර ද්‍රව්‍යයෙන් කිලෝ ග්‍රෑම් එකක් කිරා ගැනීම. ඒ ටික කතු කළා ම කිලෝ ග්‍රෑම් 1කුත් ග්‍රෑම් 750 ක් ලැබෙනවා.
නිවැරදි පිළිතුරු දුන් අය...
1. අජිත් ආගාර්කාර්
2. ඇනෝ @ මැයි 24, 2025 11:44 ප. ව. මේ පිළිතුර වඩාත් නිර්මාණාත්මකයි - වැලි ඕනේ ම නෑ)
ඒක කිව්ව ම මට මතක් වුණේ ශික්ෂා රසය පොතේ (නැත්නම් කුමාරෙදයක?) තිබුණු කතාවක්...
බළල්ලු දෙන්නෙකුට කේක් කෑල්ලක් හම්බවුණා. ඒ දෙන්නට සමාදානයෙන් ඒක බෙදා ගන්න බැරි වුණා. එතනින් යන්න ගියපු නරියෙකුට ඒ දෙන්නා කිව්වා, මේ කේක් කෑල්ල හරියට ම දෙකට බෙදලා දෙන්න කියලා.
![]() |
| අඩේ! ඒකෙ ස්ට්‍රෝබෙරිත් තියෙනව... |
මේකත් මම දාන්නෙ බුරතීනෝ පවරපු කොන්තරාත්තුව ඉවර කරන්න සෑහෙන කල් ගත වෙන නිසා, එතෙක් මේ බ්ලොග් එකේ පාලුව යන්නත්, ඒ වගේ ම මම තාම මැරිලා නැති වග මට හීනෙන් පෙනී "බොලා බ්ලොග් එක ලියන් නැද්ද?" කියා අහන උදවියට දන්වා, හුදී ජනයාගේ ටෝච් සංවේගය නැංවීම උදෙසා ය.
මම මුළින් ම ගණිත ගැටලුවක් කියල එකක් විසඳුවේ විදුසර පත්තරේ පිටුවක් පුරා තිබුණු භෝජනාගාරයේ ගැටළුව යි. ඒකෙ තිබුණු ඉඟි මොකක්වත් මතක නැතුව ඉද්දි, පුතාගෙ ශිෂ්‍යත්ව පංතියේ කරපු ප්‍රශ්න පත්තරයක තිබුණු ගැටළුවක් මම ChatGPT එක්ක සාකච්ඡා කළා.
ඒ ගැටළුව මෙන්න මෙහෙමයි.
ඔබ සතුව 1Kg තරාදි පඩියක් සහ, 500g බරැති වැලි ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම්කිසි ද්‍රව්‍යයක, 1Kg 750g ක බරැති කොටසක් මැන ගත හැකි ද?
ඒකට උත්තරය ChatGpt මට පැහැදිලි කළාට පස්සෙ, (ඔබට පුළුවන් උත්තරය අනුමාන කරලා, කමෙන්ට් කරන්න. මම මීළඟ පෝස්ට් එකෙන් ඒකට උත්තරයත් කියන්නම්.) මායි පුතයි ChatGPT එක්ක IQ ගැටළු ගැන පොඩ්ඩක් වෙලා කතා කළා.
ඒ අතරෙ මට මතක් වුණා අර උඩ මම කියල තියෙන, විදුසර පත්තරේ ගණිත ගැටළුව. ඒ විදිහෙ ගැටළුවලට කියන්නෙ සිංහලෙන් "තර්කරාමු" ඉංග්‍රීසියෙන් Logic Grid (ඉංග්‍රීසි නම කිව්වෙත් ChatGPT ම යි.) ඉතින් මම අර උඩ කියපු ගැටළුවෙ මට මතක ටික කිව්වහම, ChatGPT මට ගොඩනගල දුන්න ප්‍රහේලිකාව මම මෙතන පහතින් දානවා. මේකෙ ඉඟි ටික සාහිත්‍යමය බවක් එක් කරමින් මම වැඩිදියුණු කළා.
පුළුවන්නම් විසඳුමත්, විසඳුමට එළඹුනු පියවරත් එක්ක කමෙන්ට් කරන්න.
![]() |
| වැරදීමකින් මේ පොටෝ එක මෙතන වැටිල තියෙන්නෙ. ගැටළුවට අදාළ නියම පින්තූරය ගැටළුවට පහතින් තිබෙන බව කරුණාවෙන් අලකන්ඩ! |
විවිධ වෘත්තීන්වල නිරත වී සිටින හතර දෙනෙක් භෝජනාගාරයක ඇඳි පුටු දෙකක් සහ ඒ අතර තිබුණු කවිච්චියක වාඩි වෙලා වෙනස් වෙනස් බීම වර්ග හතරක් ඇණවුම් කළා. ඒ හතර දෙනා: ගුරුවරයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ඉංජිනේරුවෙක් සහ වෛද්‍යවරයෙකි. ඔවුන් ඇණවුම් කළේ: තේ, කෝපි, පළතුරු යුෂ සහ වතුර.
කෝපි ඇණවුම් කළ තැනැත්තා ඔවුන් ඉදිරියේ තිබුණු ගිණි උදුනට ඉහළින් ඇති කණ්නාඩියෙන්, වේටර් වරයා ආපසු යන හැටි බලාගෙන සිටියා. ඉන්පසු ඔහු තමන් අසල කවිච්චියේ වාඩි වී සිටි ගුරුවරයා සමග කතාවට වැටුණා. වෛද්‍යවරයා පළතුරු යුෂ ඇණවුම් කළේ, තේ සහ කෝපිවල තිබුණු කැෆේන්වලට අකමැති නිසා ය. ඔහු තමන්ට වම් පසින් වාඩි වී සිටි තැනැත්තා තේ ඇණවුම් කළාට පසුව කැෆේන්වල ආදීනව ගැන දීර්ඝ දේශනයක් කළා. පුවත්පත් කලාවේදියාගේ වම්පසින් වාඩි වී සිටි ඉංජිනේරුවරයා කෝපි ඇණවුම් කළ තැනැත්තාගේ සහෝදරිය විවාහ කරගන්නට අදහස් කර සිටි නමුත් එය පසුව අත්හැරී ගියා.
ඉහත තොරතුරු ඇසුරින් මේ හතර දෙනා වාඩි වී සිටි පිළිවෙලත්, ඔවුන්ගේ වෘත්තීන් සහ ඇණවුම් කළ බීම වර්ගත් නිර්ණය කරන්න.
මේ ගැටළුවට උත්තර වශයෙන් කමෙන්ට් සීයක් වැටුන් නැත්තම්...
පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා මරාල කොන්ත්‍රාත්තුවක් පංගනාර්තු කරපු අතර, ඒ කොන්ත්‍රාත්තුව මේ වන තුරුත් ඉවර කරගන්න බැරි උනේ ය. ඒ උනත් බ්ලොග් එක පාලුවට අරින්න බැරි කැසීමක් තිබෙන නිසා, සුනන්ද කෝදාගොඩ මහතාගේ විනෝද රසාංග පොතෙන් උපුටා ගත්ත කතාවක්, හුදී ජන රසවින්දනය උදෙසා මෙහි පල කර සිටිනවා ඇත. මීට පෙරත් ඒ පොතෙන් ම කතා දෙකක් මං පල කර ඇති අතර, ඒවාට ලිංක් පහළින් දක්වා ඇත.
1. පවු(ල්)කාරයින්ගේ සංගමය මෙහෙයවන අවුරුදු සැණකෙලිය
2. බඩුපෙට්ටියක කොළඹට ගිය ගමනක්
* * *
"දඩාස්..."
"බුදු අම්මෝ..."
ආච්චිගේ ලතෝනියෙන් මම මුසපත් උනෙමි. අහළ පහළ සියලු දෙනාම ඒ දෙසට දුවගෙන එන්නට විය. ආච්චි කෙඳිරි ගාමින් සිටී.
"ඇයි...? ඇයි...?"
අල්ලපු ගෙදර පොඩි එකා ආච්චිට ළංවිය.
"කොස්... මස්... වැටුණා" උන්දෑට කියා ගන්නට ලැබුනේ එපමණකි. සිහිසන් නොමැතිව ගිය ඇය ළඟට කිට්ටු වන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය.
"එක්කෙනක්වත් අල්ලන්න එපා..." "අයින් වෙන්න. අයින් වෙන්න." "කෝ කෑලි එහෙමත් තියෙනවද?" ගත වූයේ තත්පර කීපයකි. දහසකට අධික සංඛ්‍යාවක් අපේ ගෙවත්තට එකතු වී සිටිති. ඒ සියලු දෙනාම කොස්මස් යානය ලංකාවට කඩා වැටෙන තුරු බලාගෙන සිටි අයය.
"ඕකුන්ට ඕක උන්ගෙ රට වටේ කරකවන්න තිබුනනේ... අහවල් මගුලකට ලංකාවට එව්වද? ඕක අපේ වත්තට වැටිල මගේ පොඩි එකෙකුට තුවාලයක් උනානං එහෙම ඕකුන්ගෙ..." ඇමෙරිකාවට එදා සිටම විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් සිටින ඒබරංමාමා ද අඩියක් ගසා ගෙන එතැනට පැමිණ දත්මිටි කෑවේය.
සෙනඟ හැසිරවීම සඳහා පොලීසියෙන් පැමිණි මහත්තැන්ලා බයිනෙත්තු, රයිපල් මානාගෙන අවට විපරම් කරන අයුරු මම දුටුවෙමි. රස පරීක්ෂකයන් යැයි සිතිය හැකි පිරිසක් ඒ අවට ගල්, වැලි බොරළු, අළු දූලි ආදිය එකතු කරන්නට විය. පුවත්පත් නියෝජිතයෝ හතර වටින්ම කැමරා මානාගෙන ප්‍රදේශය දෙවනත් කරමින් තොරතුරු සෙවූහ.
"කවුද මේක ඉස්සෙල්ලම දැක්කෙ...?"
"මම... මම දැක්කෙ" පුංචි කොළු ගැටයෙක් ඉදිරිපත් විය. ඌ දැක්ක කෙංගෙඩියක් නැත. සිදු වූ සියල්ල දුටුවේ මමය. එහෙත් මට ඔවුන් ඉදිරියට යා ගත නොහැකිය.
"කියන්න බලන්න මොකද්ද උනේ කියල..." කැමරා එකින් එක ළමයා වෙත උළුක් වන්නට විය. විදුලි වරුසාවක් ලෙසින් පොටෝ ගණනාවක්ම වැදුණි.
"දඩාස් ගාලා සද්දයක් ඇහිල මං කක්කුස්සියෙ ඉඳල දුවගෙන ඇවිත් බැලුව."
වාර්තා කාරයෝ නාස් තද කර ගන්නට වූහ. ළමයාට මේ වෙනස දැනුණි.
"නෑ මං හෝදගෙන ආවෙ..." එකෙනෙහිම ඇඟිලි තුඩුවලින් නාස් පොලු නිදහස් විය.
"ඉතිං ඉතිං..." පුවත් පත් වාර්තා කරුවෝ සියලු දෙනාම තවත් ළංවී කරුණු විපරම් කරන්නට වූහ.
"ඊට පස්සේ මේ ආච්චි මෙතන වැටිල ඉන්නව මම දැක්ක..."
"ඉතිං ඔය ළමට ළඟට ආව...?"
"ඔව්"
"ආච්චි ඇල්ලුවද?"
"නෑ..."
"කතා කළාද?"
"ඔව්"
"මොනවද කිව්වෙ...?"
"හරියට කතා කරගන්නවත් බෑ!" ඔව්හු සියලු දෙනාම එකම නිගමනයකට එළඹුනහ.
"කාගෙද ඔය සරම?"
"ඒකත් මේ ආච්චිගෙ ඇඟට වැටිල තිබුණෙ."
"ඉතිං මොකටද ඕක අතට ගත්තෙ. බිම දාන්න. බිම දාන්න."
කීප දෙනෙක්ම කෑගසන්නට විය. ළමයා සරම විසි කරනවාත් සමගම පොටෝ කීපයක්ම වැදුණි. රසපරීක්ෂකයින් එක්වී කිසියම් උපකරණයකින් සරම ගෙන රස පරීක්ෂණාගාරයට ගෙන යෑම සඳහා වීදුරු පෙට්ටියකට දමා ගත්තේ ය.
කිසි දිනක පිජාමා සරමක් නොදුටු එවුන් සේ හැමදෙනාම ඒ සරම නරඹන්නට විය. වෙනදා මා දෙස හොරැහින්වත් නොබලන අහළ පහළ තරුණියන් සියලුදෙනාම ඇස් කරකව කවා ඒ සරම දෙස ඉතා ආසාවෙන් බැලීම මාගේ අධිකතර චිත්ත ප්‍රීතියට හේතු විය.
"තව කවුද මේ සිද්ධිය ඇහින් දැක්කෙ...?" පොලෝසියේ මහත්තැන් කෙනෙක් මහ හඬින් මුරගාන්නට විය. එහෙත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් වෙන පාටක් නොවීය.
"බය වෙන්න එපා... තව කවුරුහරි මේ සිද්ධිය දැක්ක කෙනෙක් ඉන්නව නම් කියන්න..."
පත්තා වාර්තාකරුවෙක් පිරිසගෙන් විමසන්නට විය.
"මමත් දැක්ක..." රූමත් තරුණියක් ඉදිරියට පැමිණියාය. මගේ ඇස් මටම අදහා ගැනීමට නොහැකි විය. මම විළි ලැජ්ජාවෙන් හතර අතට ඇඹරුනෙමි. මේ සියලු විනාශයට මුල ඇය බව ඇයවත් නො දන්නවා විය හැකිය. ඒ මැගිලින් නැන්දාගේ දුවය.
"ඉතිං...? ඉතිං... මොනවද දැක්කෙ නංගී...? කියන්න බලන්න..." පුවත්පත් වාර්තාකරුවෙක් ඇගේ ඔළුව අතගාන්නට විය. මට යකා නැග්ගේය. මහසෝනා මෙන් ගහ උඩින් බිමට පැන බෙල්ල අනිත් පැත්තට කරකැවීමට සිතුනද, මා පත්ව ඇති අසරණ තත්ත්වය නිසා එම අදහස අකැමැත්තෙන් නමුත් යටකර දැමීමට සිදුවිය.
"උදේ නාන්න යන කොට මම දැක්ක... මේ ගෙදර මහත්තයයි මේ ආච්චියි මෙතන ඉන්නව."
"මොනව කර කරද හිටියෙ...?"
"උඩ බලාගෙන හිටියෙ. ඒත් එයා මං දැකලා හිනාවෙලා ආච්චිට හොරෙන් මට ඇහැකුත් ගැහුව."
"කවුද ඒ...?"
"මේ ගෙදර ඉන්න මහත්තය..."
"කවුද මේ ගෙදර ඉන්නෙ...?"
"අර නරනාටක එහෙම ලියන එක්කෙනා..."
"නෑ...! ඒ හාදයත් මෙතන හිටියද...? කෝ... ඉතිං?"
ඉන්පසුව සියලු දෙනාම මා ගැන සොයන්නට වූහ.
මා අතුරුදහන් වී ඇතැයි සමහරෙක් සැක කළහ.
"මේ තියෙන්නෙ... මේ තියෙන්නෙ..."
කවුදෝ කෙනෙක් අළු ගොඩක් පෙන්නුවේය. ඒ ඊයේ රාත්‍රී මා විසින් මරා පුච්චා දමන ලද කුණකටුවාගේ අළු ගොඩය. සියලු දෙනාම එතැනට එකතු විය. "මිනිහත් ඉවරයි එහෙනං" හිතවත් පත්‍ර කලාවේදීහූත්, රැස්ව සිටි සියලුදෙනාත් සංවේගාත්මක සුසුම් රැල්ලක් පිටකරන අයුරු මම අසා සිටියෙමි.
පරීක්ෂණය සඳහා එතැන තිබූ අළු ගොඩ එකතු කර ගන්නා විට මා පිළිබඳව දන්නා නොදන්නා හැම දෙනම මහ හඬින් හඬා වැළපෙන්නට විය.
"අයියෝ අහිංසකය..." සෙලෝ ආච්චි කම්මුලේ අත ගසා ගත්තාය.
"කාටවත් හිරිහැරයක් නැති මනුස්සය..." මැගිලින් නැන්දා කිඹුල් කඳුලු හෙලන්නට වූවාය.
"කොහේ හරි හොඳ තැනක උපදින්න ඇති." මා දුටු තැන "තුඃ!" ගා කෙළ ගසා අහක බලාගන්නා ජුසේ සීයා කොඳුරා කුරුසය ලකුණු කළේය.
දැන් ඔවුන් සිතා සිටින්නේ "කොස්මස්" යානය හිස මත පතිත වී මා අළුදූලි වන්නට ඇතැයි කියාය.
එහෙත් මම සුවසේ හිඳිමි. එනමුදු වෙනස්කම් කීපයක් සිදුවී තිබේ. මා ඉස්සර සිටියේ බිමය. දැන් උඩය. එනම් කොස් ගහ මුදුනේය. ඉස්සර සියලු සම්පත් තිබුණේය. දැන් ඇඳි වතත් අහිමි වී ඇත.
ඔබ සැමගේ දැන ගැනීම පිණිස කොස්ගස මුදුනේ අසරණව සිටගෙන වුවද ඇත්ත හෙළිකිරීම මගේ යුතුකම යැයි සිතමි.
දිවා ආහාරය සඳහා තම්බා ගෙන කෑමට කොස් ගෙඩියක් කඩා ගැනීමට අපේ වත්ත පහළ කොස් ගස ළඟට ආච්චි සමග ගිය මම ආච්චි ගහ යට තබා කොස්ගහට නැග්ගෙමි.
කොස් ගහ මුදුනේ සිට අවට සිරිනැරඹූ මට මැගිලින් නැන්දාගේ රූබර දියණිය දිය නාමින් සිටින මනස්කාන්ත විලාසය අපූරුවට දර්ශනය විය. ඒ චමත්කාර ජනක දර්ශනයෙන් මන්මත් වූ මම ගහ මුදුනේ සිටම කරණමක් ගසා ඇයට අත්පුඩියක් ගැසුවෙමි.
උඩබිම නොබලා ගැසූ කරණම නිසා කොස් අත්තක තිබූ දිමි ගොටුවක් මා හිස මතට වැටී දිමියන් මට වද දෙන්නට විය. දැවැන්ත කොස් අත්තක් අල්ලා ගත් මා බිම නොවැටී බේරී සිටියද ඇසිල්ලකින් මා හැඳ සිටි සරම ආච්චිගේ ඔළුවට වැටුණි.
සිදුවූ අකරතැබ්බයෙන් හතර විලි ලැජ්ජාවෙන් ඇඹරෙමින්, ඒ කුරිරු දිමියන්ගෙන් බේරීම සඳහා අත්තෙන් අත්තට පැන යද්දී මාගේ වම් පාදය වැදී කඩා වැටුණු කොස් ගෙඩියක් ආච්චිගේ පිට කොන්දට වැටී විසිවී ගොස් පහළ ළඳට වැටෙනවා මා බලාගෙනය.
මෙම සිද්ධියේ ආරම්භය එතැනය. එහෙත් ආච්චි සිතන්නට ඇත්තේ ද හිටිහැටියේ "කොස්මස්" යානය කඩා වැටුනා කියා විය යුතුය. සිද්ධිය පිළිබඳ සැලවූ රෝහල් නිලධාරීහු ඇම්බියුලන්ස් එකක දමාගෙන ප්‍රතිකාර සඳහා ආච්චි රෝහලට ගෙන ගියාය.
පරීක්ෂණ කටයුතු අවසන් වී පත්තර වාර්තා කරුවෙන්, රසපරීක්ෂකයන්, විද්‍යාඥයන් හා අසල්වැසියන් බොහෝ දෙනෙක් විසිර ගියද, ඒ දූෂමාන ආරංචිය ඇසූ හැම දෙනාම "කොස්මස්" යානය වැටුණු ස්ථානය හා මා මියගිය ස්ථානය නැරඹීමට වැල නොකැඩී පැමිණෙන්නට විය. ඒ අතර මා ළඟින් ඇසුරු කළ කාන්තාවෝ සහ තරුණියෝ මා මියගිය බව අසා මහ හඬින් වැළපෙන්නට වූහ.
දැවැන්ත කොස් අත්තකට මුවා වී රාහු අසුරේන්ද්‍රයා සේ දිවැසින් මෙන් මේ සියල්ල බලාගෙන සිටිය ද, සරමක් නෙමැති කමින් ගසින් බිමට බැස මට ඔවුන් සනසාලිය නොහැකි ය. ඒ නිසාම හතර වටින්ම ඝණාන්ධකාරය ගලා එනතුරු හතර විළි ලැජ්ජාවෙන් ඇඹරෙමින් මා කොස්ගහ මුදුනට වී සිටිමි.
"වේතාලය, භවතා කී හෙතු දෙක ම පිවිතුරු චරිත ඇති අගමැතිහුගේ ලය පැළීමට හෙතු නො වී ය. හුදක්, 'මේ රජ සාමාන්‍යස්ත්‍රීන් කෙරෙහි ආලය කිරීමෙන් ම රාජ්‍ය පාලනය නො සලකා සිටියේ ය. දැන් වනාහි දෙවඟන කෙරෙහි ඇලුනු මොහු ගැණ කියනු ම කිම? එහෙයින් මා විසින් අපවාදයෙන් බේරීමට කෂ්ට (අමාරු) ක්‍රියාවක් කළ නමුදු දොෂ ම අධික වී ය'යි සිතා තමන්ගේ අවස්ථාව ගැණ ම ශොකයට පැමිණීමෙන් මන්ත්‍රිහු ගේ පපුව පැළුනේ ය යි හඟිමි"යි රජ තෙමේ පිළිවදන් දින.
වේතාලතෙමේ පෙර මෙන් රජු කෙරෙන් පලා ගියේ ය.
9 තරංගය
1
නැවත ද වේතාලතෙමේ රජුගේ කර පිට යන්නේ "රජ්ජුරුවෙනි, අපූර්‍ව එක් කථාවක් කියමි. අසව" යි කියා තවත් කථාවක් ඇරඹී.
ජිමුතවාහන චරිතය
"රජතුමනි, හිමාලයපර්‍වතය ලොකයෙහි ඉතා ප්‍රකට ය. එතැන් සිට උත්තරමෙරුව (උත්තරධ්‍රැවය) තෙක් ලොකයෙහි තිබෙන සියලු දෙශගුණත් වැවෙන සියලුගස්වැල්ජාතිත් එක් තැන් කොට නිමවන ලද්දාක් වැනි වූ ඒ කන්දෙහි මුදුන නිතර ම හිමෙන් ගැවසී ගත්තේ ය. එය සාමාන්‍ය මිනිසෙකු තබා හිරු විසිනුදු මේ තාක් නො දක්නා ලද්දේ ය. සියලු රුවනුන්ට ආකරයක් වූ එහි තැනිතලාවෙක්හි කාංචන පුර නම් පුරයක් හිරු විසින් එක් තැන් කොට තැබූ රැස් පිඩක් මෙන් බබලයි. මහමෙරමුදුනෙහි සක්දෙව් රජු මෙන් ඒ නුවර ජිමුතකෙතු නම් විද්‍යාධරරාජයෙක් විසී ය. ඔහුගේ ගෙවුයනෙහි පරපුරෙන් පැවත එන කප්රුකෙක් පිහිටියේ ය. ඒ රජ තෙමේ ඒ කප්රුකෙහි බෙලෙන් පෙර උපන් කඳපිළිවෙළ (පංචස්කන්ධපරිපාටිය - මදැයි පාද සටහනෙන් තේරුම හෙව්වා...) සිහි කරණ, දානපති වූ, සියලුසතුන් කෙරෙහි පතළ කුළුණු ඇති, ගුරුන්ගේ වචනයන්ට නිතර අවනත වූ, බොධිසත්ව චරිත ඇති, ජිමුතවාහන නම් පුතෙකු ලැබී ය.
රජතෙමේ සියපුතුගේ යහපත්ගුණයන් හා ගුණවත් ඇමැතියන් ද විසින් මෙහෙයනලද්දේ සුදුසුකල්හි යොවුන් වයසට පත් ඒ කුමරා යුවරජකම්හි අභිෂික්ත කෙළේ ය. එක්දිනක්හි එතුමා යුවරජඅසුනෙහි වැඩහුන් කල්හි පියරජුගේ ඇමැතියෝ එතුමන් වෙත අවුත් "යුවරජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේගේ උයනෙහි තිබෙන, කැමැති හැම දෙය දෙන, සියලුසතුන් විසිනුදු නො මැඬිය හැකි, මේ කප්රුක ඔබවහන්සේ විසින් හැමදා පිදිය යුතු ය. මේ කප්රුක අපට අනුකූල ව සිටිකල්හි ශක්‍රතෙමේ ද අප මැඬ පවතින්ට සමත‍්ථර් නො වේ. අන් කෙනෙකුන් ගැණ කවර කථා ද? එහෙවින් මේ දිව්‍යවෘක‍්ෂයට ඔබ විසින් බුහුමන් කළ යුතු ය"යි සැළ කළහ.
ජිමුතවාහන යුවරජ තෙමේ එබස් අසා "අඳෝ ම ය! (අඳෝමය! යනු 'අනේ පුදුමයි' (Alas!) යන අත්ථර් ඇති නිපාතයකි.) මෙබඳු කාමදායක වූ කප්රුකක් ලැබ ගෙණත් අපගේ පූර්‍ව පුරුෂයන් විසින් කිසි ම මහත්ඵලයක් නො ලබන ලදි. හුදෙක් ඒ සමහර දිළින්දන් විසින් ස්වල්පමාත්‍ර ධනයෙක් ම ලබන ලදි. එයින් ඔවුන් විසින් තුමූ ද මේ මහත්ආනුභාව ඇති වෘක්ෂරාජයා ද යන දෙ පක්ෂය ම සැහැල්ලුබවට පමුණුවන ලදහ. එහෙත් මම මේ දිව්‍යවෘක්ෂයාගෙන් මහත් ඵල ලබන්නෙමි" යි සනිටුහන් කොට ගෙණ පියරජු වෙත ගොස් වැඳ එකත්පස් ව සිට මෙසේ සැළ කෙළේ ය:-
"පියානන් වහන්ස, මේ සසරසයුරෙහි සියලු ධන සම්පත්තිය ස්ථිර නො වෙයි. ශ්‍රී තොමෝ නො බෝ කල් සිටිනා, දුටු කෙණෙහි ම නැති වන, සැන්දෑවිදුලියක් මෙන් අස්ථිර ය. කිසි කලෙක්හි කිසිතැනෙක රඳා නො සිටියි. මේ සංසාරයෙහි එක ම පරොපකාරය නො නස්නාසුලු වූයේ යුග සියගණන් පවත්නේ පින් හා යශස් උපදවයි. පියානන් වහන්ස, එහෙයින් නැසෙනසුලු වූ මේ ධනසම්පත්තිය උදෙසා අප විසින් කවර හෙයින් කප්රුක රකිනු ලැබේ ද? 'මගේ කප්රුක ය, මගේ කප්රුක ය' යනාදීන් තෘෂ්ණා උපදවමින් මේ රුක රැකි අපේ මුතුන්මිත්තෝ කොහි ගියෝ ද? එයින් ඔහු කුමක් කළෝ ද? ඔවුනතුරෙන් කාහට මේ රුක අයිති ද? මේ රුකට ඔහු කවරහු ද? එහෙයින් ඔබ වහන්සේ අවසර දෙතොත් මේ කල්පවෘක්ෂයෙන් පරොපකාර නැමැති උතුම් ඵලය සිද්ධ කරන්ට කැමැත්තෙමි."
ඉක්බිති පියරජහු විසින් අනුදන්නා ලද්දේ (යහපතැයි පිළිගන්නා ලද්දේ) කප්රුක වෙත ගොස් "දෙවය, ඔබ විසින් අපගේ පුරාතනයන්ට සිතූ පැතූ සැපත් දෙන ලදි. මවිසින් ද පතනු ලබන එක ම කැමැත්තක් සිද්ධ කෙරේවා. යම් සේ මුලුපොළොව නො දිළිඳු වේ නම්, දෙවය, ඔබ එසේ කරණු මැනව. එහෙයින් මම දිළිඳු ලොකයාට ඔබ දෙන්නෙමි. පොහොසත් වූ අපට ඔබෙන් කම් නැත. එහෙයින් ලොව සුවපත් කරන්ට යනු මැනව. ඔබට යහපතක් වේවා" යි පැතී ය. "මම එසේ කරන්නෙමි"යි වචනයක් කප්රුකින් පහළ වී ය. එකෙණෙහි ම ඒ කප්රුක අහසට නැඟ මුලුලොවට ධනය වස්වා දෙව්ලොවට ම ගියේ ය. එයින් ජිමුතවාහනයුවරජහුගේ කීර්‍තතිය ද මුළුලොව පතළේ ය.
ඉක්බිති ඔහුගේ ගොත්‍රයෙහි වූවෝ මසුරුකමින් හා ජිමුතවාහනගේ රාජ්‍යයට ලොභ කිරීමෙන්ත ද නො ඉවසන්නාහු කප්රුක රහිත ඒ ජිමුතවාහන හා ඔහු පියරජ ද පහසුවෙන් පැරදවිය හැකිකැයි සිතා යුද සඳහා ආහ. ජිමුතවාහන තෙමේ පියරජු වෙත ගොස් "පියානන් වහන්ස, අවි දැරූ ඔබවහන්සේ හා යුද කරන්ට කවරෙකුට ශක්තිය ඇද් ද? එහෙත් කවරෙක් මේ වැනසෙනසුලු සිරුර පිණිස නෑයන් මරා රාජයය රැකගන්ට සතුටු වේ ද? එහෙයින් අපට රාජ්‍යයෙන් කිම? අන් තැනකට ගොස් දෙලෙව්හි ම යහපත සිද්ධ කරණ පින්දහම් කරමු. රාජ්‍යලොභී වූ මේ දීන බන්ධූහු තුටු වෙත්වා"යි සැළ කෙළේ ය.
පියරජ තෙමේ ද "මම නුඹ උදෙසා ම රාජ්‍යය රැක ගන්ට කැමැති වෙමි. ඉදින් නුඹ විසින් නෑයන් කෙරෙහි කරුණාවෙන් එය අත්හරිණු ලැබේ නම්, මේ මහලු මට ද එයින් පලක් නැත. එහෙයින් නුඹේ අදහසට මම ද සතුටු වෙමි"යි කියා බිසොව හා පුත්‍ර වූ ජිමුතවාහන ද සමග වින්ධ්‍යපර්‍වතයට ගොස් එහි විසී ය. එහි දී ජිමුතවාහනයුවරජ එහි වසන සිද්ධ රාජයෙකුගේ පුත් වූ මිත්‍රාවසු නම් කුමරෙකු දැක කථා කොට මිත්‍ර වීය.
2
ලොවට මිහිරි වූ වසන්තකාලය සම්ප්‍රාප්ත වී ය. දකුණු දිගින් හෙමින් හෙමින් පවන් හමන්ට පටන් ගත. මීඅඹ, නික, රත්හෝපලු, කෑල ඈ රුක් මල්බරින් නැමීගත. බිඟූහු ගුමුගුමුනද කරමින් මලින් මලට පියාඹමින් මුවරද රොන් රැස් කළහ. කොවුලෝ පලරස විඳ මිහිරිනදින් ගයන්ට වන්හ. තරුණතරුණියෝ ලඟ දී පැමිණෙන අවුරුදුඋලෙළ සඳහා අළුත්රෙදිපිළි ආදිය පිළියෙල කළහ.
මේ මනරම් වූ වසන්තකාලයෙහි එක්දිනෙක්හි යුවරජ තෙමේ එහි වූ උමාදෙවොලකට ගියේ දෙව්පුදට වෙණ වයමින් සිටි මනරම්රූසිරින් සිරිකත දිනූ කිසියම් කාන්තාවක දැක්කේ ය. එකෙණෙහි ජිමුතවාහනතෙමේ ඇස් නැමැති දොරටුවෙන් ඇතුල් වූ ඒ කාන්තාව විසින් පැහැරගන්නාලද සිත් ඇත්තේ වී ය. ඕතොමෝ ද ඒ උයනට අබරණක් වූ, මෙහෙසුරා විසින් අනඞ්ගයා දැවීමෙන් හටගත් ශොකයෙන් තපස් රකිනු පිණිස වනයට පැමිණි අනංගමිත්‍ර වූ මධූහු (වසන්තකාලය) වැනි ලලනාවන්ගේ නෙත්‍රයන්ට මිහිරක් වූ, ඒ යුවරජු දැක කලබල සහිත වූවා.
ජිමුතවාහනතෙමේ ඇගේ යෙහෙළිය ලඟට ගොස් "භද්‍රාව, ඔබගේ යෙහෙළියගේ නමෙහි ඇතුළත් වීමෙන් කවර අක්ෂරයෝ පින්වත් වෙත් ද? මෑ විසින් කවර වංශයෙක් අලඞ්කාර කරණු ලැබේ ද? මෑගේ මුවසඳමඬලින් කවර දෙසක්හි භාග්‍යවත්තරුණයන්ගේ නෙත්‍රචකාරයෝ (නෙත් නමැති ඇටිකූලෝ) සැනසෙත් දැ"යි විචාළේ ය.
"මෝ තොමෝ වින්ධ්‍යවතී නමු. මෙතුමියගේ පියානෝ විශ්වාවසු නම් සිද්ධරාජයන් වහන්සේ ය. මිත්‍රාවසු කුමර තෙමේ මෑගේ සහෝදරයා ය"යි පිළිවදන් දී "ඔබතුමානන්ගේ භාග්‍යවත් නාමය කුමක් ද? කවර දෙසක් ඔබගේ උත්පත්තියෙන් පවිත්‍ර වූයේ ද? කවරහෙයින් මෙහි පැමිණීම වී දැ?"යි ඕ තොමෝ ද විචාළා ය. යුවරජ තමන් පිළිබඳ පුවත් සැකෙවින් දැන්වී ය.
ඉක්බිත්තෙන් ඒ යෙහෙළිතොමෝ වින්ධ්‍යවතියඅමතා "යෙහෙළිය, මේ විධ්‍යාධරරාජකුමාරයෙකි. අප විසින් අතිථි (ආගන්තුක) සත්කාරයෙන් පුදන්ට වටී. මෙතුමා මුළුලෝවැසියා විසින් ම පුදනු ලැබේ ය"යි කීවා.
වින්ධ්‍යවතිතොමෝ ද ලැජ්ජාවෙන් අවනත වූ මුඛ ඇත්තී 'මාගෙන් පූජා ගණු ලැබේවා'යි කියමින් යුවරජුහට මල්මාලාවක් පිළිගැන්වූ ය. ජිමුතවාහනතෙමේ ද ප්‍රෙමභාරයෙන් නැමුනේ මාලාව පිළිගෙණ ඇගේ ගෙලෙහි ම පැලඳවී ය. ඕතොමෝ ද සිනිඳු කටාක්ෂනිරීක්ෂණ (ඇස්කොණින් බැලීම්) නමැති නිල්මහනෙල්මල්දම් ඔහුගේ සිරුරෙහි පැලඳවූ.
මෙසේ ඔවුන් දෙදෙනා ස්වයංවරය කොට සිටි කල්හි එක්තරා වේටිකාවක් අවුත් සිද්ධරාජදුහිතෘවට "රජකුමරිය, මවුමෙහෙසිය ඔබ කැඳවයි. වහා වඩිනු මැනවැ"යි සැළකළා.
ඕතොමෝ සියගෙට ගියා, ප්‍රියවරහයෙන් පීඩිත වූවා, මවුබිසොව දැක, යහනට ගොස් සැතපුනා ය. මෙසේ ආතුර වූ ඒ රජකුමරියගේ නෙත් කැලඹුනේ ය. උණුසුමින් ගත දැවුනේ ය. කඳුලු වැගුරුණේ ය. යෙහෙළියන්ගේ චන්දන විලේපනයෙන් (ඇඟ ගානා සඳුන් කල්කයෙන්) හා පියුම්පතින් ගැසූ පවනින් ද මඳක් සැනසුම් ලද්දී කොතැනක වත් සැපතක් නො දැක්කා ය. ඉක්බිති සුදුවන්දහවල්දවස රත්වන්සැන්දෑවත් සමග කිසියම් තැනක ගියකල්හි, සඳ ද සිනාසෙන පෙරදිගඟනගේ (නැගෙනහිර දෙස නැමැති කාන්තාවගේ) මුව සිඹිනාකල්හි, ඒ කාන්තාතොමෝ ජීවිතාශාවක් නැත්තී ලජ්ජාවෙන් ස්වකීය මනොරථය සම්පූර්‍ණ කිරීමට උපා යෙදීමෙහි අසමත්ථර් වූවා, ඒ රැය දුක සේ ගෙවා අලුයම ඒ උමාදෙව්මැඳුරට ම ගියා ය.
ජිමුතවාහන ද එහි ගොස් සැඟවී සිටියේ ය. ඒ අතර රාජදුහිතෘව ද එහි පැමිණ උමාදෛවිය පිදූ. පුදා මෙසේ පැතූ. "මෑනියන් වහන්ස, මේ අසරණ මට පැහැදෙනු මැනව. මේ ජාතියෙහි ම ජිමුතවාහන මාගේ ස්වාමියා වන සේ කරුණා කරණ සේක්වා! එසේ නො හැකි නම් අනතුරු (ඊලඟ) ජාතියෙහි වත් එසේ වන ලෙස අනුකම්පා කරණ සේක්වා!"
"දුව, විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන මේ ජාතියෙහි ම නුඹගේ ස්වාමියා වන්නේ ය! යන ශබ්දයෙක් අහසින් ඇසින. ජිමුතවාහන තෙමේ ද එකෙණෙහි ම එහි පැමිණියේ ප්‍රියාව සැනසී ය.
එකෙණෙහි ම එක් යෙහෙළියක් කුමරිය වෙත පැමිණ මෙසේ සැළ කළා ය: "පින්වතිය, කැමැත්ත සිද්ධ වන හෙයින් භාග්‍යයෙන් වැඩෙන්නෙහි ය. අපේ මිත්‍රාවසු කුමාරයා අපේ දෙවයන් වහන්සේ වෙත ගොස්, මාත් අසා සිටිය දී "පියානන් වහන්ස, සියකප්රුක පරොපකාරය පීණිස පරිත්‍යාග කළ, තුන්ලෝවැසියා විසින් බුහුමන් කරණු ලබන, යම් ඒ ජිමුතවාහන නම් විද්‍යාධරයුවරාජයෙක් වේ නම්, හෙතෙමේ මෙහි පැමිණ සිටියි. එතුමා අප විසින් ද පිදිය යුතු ය. භාර්‍ය්‍යාවකට එතුමා වැනි හිමියෙක් ලොව කොතැනක වත් නැත. එහෙයින් එතුමාට කාන්තාරත්නයක් වූ වින්ධ්‍යවතිය පුදමු" යි සැළ කෙළේ ය. අපේ දෙවයන් වහන්සේ ද ඒ අදහස අනුමත කළ සේක. දැන් ඔබගේ සොහොයුරු ඒ මිත්‍රාවසු කුමාරතෙමේ ජිමුතවාහන යුවරජ්ජුරුවන් වහන්සේගේ නිවාසස්ථානයට ගියේ ය. ඔබගේ විවාහය වහා ම සිද්ධ වන්නේ ය යි සිතමි. එහෙයින් මෙහි නො සිට වහා රජමැඳුරට ම යනු මැනව."
යුවරජතෙමේ ද මේ කථාව අසා මිත්‍රාවසුකුමරා පිළිගැණීමට සියනිවෙසට ම ගියේ ය. මිත්‍රාවසු ද අවුත් සිය අදහස දැන්වී ය. යුවරජු හා එතුමාගේ මව්පිය දෙදෙන ද මිත්‍රාවසුගේ යොජනාව පිළිගත්හ.
සුබදවසෙක්හි ඒ තරුණයුවලගේ විවාහමඞ්ගලය මහොත්සවයෙන් සිද්ධ කරණ ලදි.
3
එක් දිනෙක්හි කෞතුකදර්‍ශනයෙහි (පුදුම දේවල් දැකීමෙහි) ලොල් වූ යුවරජ තෙමේ මිත්‍රාවසු සමග තන්හි තන්හි හැසිරෙන්නේ මුහුදු තෙරට පැමිණියේ එහි වැටී තුබුනු ඇටසැකිලි රැසක් දැක්කේ ය. "මේ ඇටසැකිලි කාගේ දැ?"යි විචාළේ ය. මිත්‍රාවසු ඒ පිළිබඳ වෘත්තාන්තය සැකෙවින් කී ය:-
"පෙර නාගමාතෘ වූ කද්‍රැ තොමෝ ගරුඬ ('ගරුඬ' යනු මහාපක්ෂිජාතියකි) මාතෘ වූ විනතාව සූදුවෙන් පරදවා සිය දැස්සක කළා ය. විනතාපුත්‍ර ගරුඬරාජ තෙමේ ඒ නිමිති කොට වෛර බැඳ, සියමව දාසභාවයෙන් මුදා, බලාත්කාරයෙන් පාතාලලොකයට වැද නයින් මරා කන්ට පටන් ගත්තේ ය. මෙසේ කල් යන අතර නාගයෝ පිරිහෙන්නට වන්හ. னாගරාජ වූ වාසුකී තෙමේ මෙය දැක ගුරුළු රජු වෙත ගොස් සියනයින් නො මරණ ලෙස අයැද සිටියේ ය.දිනපතා ගුරුළුරජුට අහර පිණිස එක් නයෙකු දකුණුදිග මුහුදුවැල්ලට එවන ලෙසට ද පොරොන්දු වූයේ ය. ගුරුළුරජ ද 'එකවිට බොහෝ නයින් මැරුණු කල්හි මගේ භොජනාගාරය වහා පිරිහෙයි. මෙසේ වූ කල මගේ කිසි වෙහෙසක් නැති ව ම මගේ ආහාරය මා වෙත ම පැමිණේ ය'යි සිතා නා රජුගේ ඉල්ලීම පිළිගත. එදා පටන් ගුරුළුරජ දින පතා එක එක නයා බැනිග් මේ වැලිතෙලෙහි දී කා දමයි. මේ පර්‍වතශිඛරයක් වැනි ඇට රැස කනලද ඒ නයින්ගේ ය."
ජිමුතවාහන මේ කථාව අසා ශොකයට පත් වූයේ "තමන්ගේ ප්‍රජාවන් සියඅතින් ම සියසතුරු වූ ගුරුළුරජුට බිලි දෙන ඒ නාරජ දීනයෙකි. ඔහුට ඇතැයි කවීන් විසින් කියනු ලබන මුව දහස අතුරෙන් එක් මුවෙකින් වත් 'එම්බල ගුරුළ, මා පළමු කොට කව'යි කියන්නට නො හැකි වූ හෙතෙමේ පිරිමියෙක් නො වේ. කෙසේ නම් ඒ නපුංසකයා සියකුලනෑයන් නසන ගුරුළාට යටත් වූයේ ද? ඒ වීර වූ ගුරුළුරජ මෙබඳු නිහීන ක්‍රියාවක් කෙසේ නම් කෙරේ ද? අහෝ! මොහයක මහතැ!"යි කියා "තමන්ගේ නිසරුසිරුස පුද කිරීමෙන් එක් නයෙකුගේවත් දිවි රැක දුන හොත් යෙහෙකැ"යි සිතී ය.
එකෙණෙහි ම පියරජුගේ පනිවුඩයක් ගෙණ දූතයෙත් මිත්‍රාවසු වෙත පැමිණියේ ය. මිත්‍රාවසු පියරජුගේ අණ අසා යන්නට සැරසින. ජිමුතවාහන ඔහු පළමු කොට යවා තෙමේ නැවැත්තේ අදහස් කළ ක්‍රියාව සිදු කරන්ට කැමැත්තෙන් ඔබ මොබ හැසුරුණේ ය. එකෙණෙහි ම මඳක් ඈත උස් ගලක් වෙත රාජපුරුෂයෙකු විසින් ගෙණවුත් නවත්වන ලද මනහරඅයුරු ඇති දුඃඛිත වූ එක් තරුණපුරුෂයෙකු හා ඔහු විසින් සියගෙට වහා යන මෙන් ඉල්ලනු ලබන, කඳුළින් තෙත් මුහුණු ඇති ව වැලපෙමින් සිටි, මැහැල්ලක ද දැක්කේ ය.
ජිමුතවාහන ඒ දෙදෙනා ගැණ දැනගන්නා අටියෙන් ලං ව සැඟවී සිටියේ ය. මැහැල්ල ද "අනේ! මගේ එක ම පුතේ, ශංඛවුඩ, උඹේ පෙම්වත් මුහුණ දැකීම අදින් ඉවරයි! අහෝ! උඹ හැදුවේ කොපමණ දුක් ගෙණ ද? ඉතින් උඹ කවදා දකින්ට ද? අය්යෝ! උඹ නැති වුනා ම උඹේ මහලු පියා කෙසේ ජීවත් වේ ද?" යනාදිය කියමින් අඬමින් සිටියා ය. තරුණයා ද "අම්මේ, දුකින් පීඩිත වූ මට උඹේ වැලපීම ඉතා දුක් දෙයි. මට ආදරය ඇත් නම්, මට තවත් දුක් නො දී ගෙදර යන්න. මේ නුඹගේ අවසාන දැක්මයි. අන්තිමප්‍රණාමය යි. (වැඳීම) ගුරුළා එන්නට ලඟයි. ඉක්මනින් ගෙදර යන්නැ"යි කී ය. මැහැලිතොමෝ ඒ අසා "අනේ මගේ රත්තරන් පුතා රැකගන්ට කවුරු වත් නැත් දෝ"යි කියමින් වටපිට බැලුවා ය.
ජිමුතවාහන මේ සියල්ල දැක ද අසා ද "අඳෝ ම ය! මේ ශංඛවුඩ නම්, වාසුකි විසින් ගුරුළාට අහර පිණිස එවන ලද්දෙකි. මේ මැහැල්ල මොහුගේ මවු ය. එක ම පුතු නැති වීමේ දුකින් වැලපෙන්නී ය. මෙසේ සොවින් පෙළුනු මැහැල්ල නො සැනසුවොත් මගේ උත්පත්තිය නිෂ්ඵල ය! එසේ නො කළොත් පරහිතකරණයෙහි නිරතුරු බද්ධපක්ෂ වූ (අනුන්ට උපකාර කිරීමෙහි නිතර ම ලෑස්ති වූ.) මට නින්දා වේවා!" යි සිතා මැහැල්ල ලඟට ගොස් "මෑනියෙනි, මම නුඹගේ පුතා රැක දෙන්නෙමි. අඬන්නට එපා. මගේ මේ නිසරුසිරුර ගුරුළාට දී සරු වූ පරොපකාරය කර ගන්නෙමි"යි කී ය.
මැහැල්ල එය අසා ඒ අමුත්තා ගුරුළා ම ය යි සිතා තැති ගෙණ "ගුරුළුරජතුමනි, මා කා මගේ මේ එක ම පුතා හරිණු මැනවැ"යි යාච්ඤා කළා ය. ශංඛවුඩතෙමේ එය දැක "මෑනියන්වහන්ස, මේ උතුමා ගුරුළා නොවේ. මෙතුමා සඳ සේ සෞම්‍ය මුඛයක් ඇත්තේ කෙසේ නම් ඒ කුරිරු ගුරුළා හා සම වේ ද? එහෙයින් තැති නො ගත මැනවැ"යි සැනසී ය.
"මම විද්‍යාධරයෙක්මි. නුඹගේ පුතා රැක දෙනු පිණිස පැමිණියෙමි. මේ සිරුර වස්ත්‍රයෙන් මුවහ කොට කෂුධිත (බඩගිනි ඇති) වූ ගුරුළාට දෙමි. නුඹ පුතා සමග ගෙදර යනු මැනව. මම පරොපකාරය උදෙසා දිවි පුදා පින් සිදු කර ගන්නෙමි"යි ජිමුතවාහනතෙමේ මැහැල්ලගෙන් ඉල්ලා සිටියේ ය.
වෘද්ධාව (මැහැල්ල) එය අසා "මගේ මෙබඳු දුකක් බලා මට පිහිට වන්ට ආ භවත්තෙමේ මගේ මේ කුසින් වැදූ පුතුට ද වඩා ආදරවන්තදරුවෙකි. ඉතින් නුඹ බඳු කරුණාවන්ත පින්වත් දරුවෙකු කුරිරුගුරුළාට කෙසේ දෙම් දැ?" යි ජිමුතවාහනගේ යාච්ඤාව ප්‍රතික්ෂෙප කළා ය.
ජිමුතවාහන ද නැවතත් බොහෝ කරුණු කියා සිය මනදොළ පුරාගන්නට අවකාශ ඉල්ලී ය. ශංඛවුඩතෙමේ ජිමුතවාහනගේ ඉල්ලීමට විරුද්ධ වූයේ ය. "උතුමානෙනි, ඔබ විසින් සැබවින් ම කරුණාව දක්වන ලදි. මම වනාහි ඔබගේ සිරුර දී මගේ පණ රැක ගන්ට කැමති නො වෙමි. රුවන් නසා කලුගල්කැබැල්ලක් රැකගන්නේ කවරෙක් ද? මුළුලෝවැසියන්ට ම අනුකම්පා කරණ ඔබ වැනි උතුමෝ විරලයහ. පින්වතානන් වහන්ස, මම අකටයුත්තක් කොට සක්පල් නාරජකුලයට කැලලක් ඇති කරන්ට සතුටු නො වෙමි"යි කියා මවට ද ගෙදර යන්ට අවවාද කොට දෙවියන් පුදනු පිණිස මුහුදුබඩ පිහිටි එක් දෙවොලකට ගියේ ය.
"මේ වේලෙහි ගුරුළා ආවොත් මාගේ මනදොළ පිරෙන්නේ ය"යි ජිමුතවාහන සිතී ය. සිතනු සමග ම ගුරුළා ද අවුත් ඔහු ඩැහැගෙණ ගොස් එක් ගල්කුළකට බැස කන්නට වන. "උපනුපන් ජාතියක් පාසා මෙ පරිද්දෙන් ම මාගේ දෙහය පරොපකාරය පිණිස වේවා!. පරොපකාරය රහිත වූ සවර්‍ගමොක්ෂයෝ පවා නො වෙත්වා!"යි ජිමුතවාහන තෙමේ ගුරුළා සියසිරුරෙහි මස් උදුර උදුරා කද්දීත්, ප්‍රාර්‍තථනා කෙළේ ය. එකෙණෙහි ඔහු මත අහසින් මල් වැසි වට. දෙවියෝ අහස පුරා සිට සාධුකාර දුන්හ.
ගුරුළා ජිමුතවාහන ඩැහැ ගෙණ යන අතර ඔහුගේ සිළුමිණ (ඔටුන්න මුදුනෙහි බැඳි මැණික) වින්ධ්‍යවතියගේ ඉදිරියෙහි වැටින. ඕ තොමෝ ලෙයින් වැකුනු එය දැක ඉතා කැලඹුනී නැඳිමයිලන්ට දැක්වූවා ය. ඔහු ද එය දැක "මේ කිමෙක්දැ?"යි භ්‍රාන්ත වූහ. ඉක්බිති ඔහු තුමූ ස්වකීයවිද්‍යාබලයෙන් සියලු තොරතුරු දැන වින්ධ්‍යවතිය ද සමග වහා එහි යන්ට පිටත් වූහ. ශංඛවුඩතෙමේ ද දෙව්පුද කොට පූර්‍වස්ථානයට ආයේ ලෙයින් වැකුනු ගල්පව්ව දැක "අහෝ! පවිටු මම නැසුනෙමි. ඒ කරුණාවන්ත උතුමා මා උදෙසා සියසිරුර ගුරුළාට පුද කළ බව පෙණේ. හතුරා විසින් ඒ උතුමා කොහි ගෙණ යන ලද දැ යි සෙවිය යුතු ය. ඉදින් එතුමා ජීවත් ව සිටියොත් අපවාද නමැති මඩෙහි නො ගිලෙන්ට හැකි වෙමි" යි සිතා වැටුනු ලේදහර අනු ව වහවහා ගියේ ය.
4
මේ අතර ඒ ජිමුතවාහන කමින් සිටි ගුරුළුතෙමේ කිසි දුකක් නො පෙන්වා හුදක් සතුටු වෙමින් සිටි ඔහු දැක "අහෝ, මෙතෙමේ කිසියම් ආශ්වය්‍ය ර් මහාසත්වයෙකි. මවිසින් කනු ලබන්නේ ද සතුටු වෙයි. නො මැරෙයි. මා උපකාරිකයෙකු කොට සිතන බව පෙණේ. තව දුරටත් මොහු නො කමි. කරුණු විචාරමි"යි සිතන්නට වන.
ජිමුතවාහනතෙමේ ඔහුගේ ප්‍රමාදය බලා "පක්ෂිරාජය, කවර හෙයින් නැවැත්තෙහි ද? තව ද මාගේ දෙහයෙහි ලේමස් තිබේ. ඔබ තෘප්තියට පැමිණි බවකුදු නො පෙණේ. එහෙයින් තවත් කව"යි පක්ෂියා මෙහෙයී.
ගුරුළා ඉතා පුදුම වූ මෙබස් අසා "මහතානෙනි, මම රැවටුනෙමි. ඔබ නාගයෙකු විය නො හැකි ය. භවත්තෙමේ කවරෙක් ද? කියනු මැනැවැ"යි ප්‍රශ්න කෙළේය.
"මා னයෙකු වීමෙන් හෝ නො වීමෙන් නුඹට කම් කිම? නුඹේ මේ ප්‍රශ්නය කුමක් ද? පටන් ගත් ක්‍රියාව කරව. පටන් ගත් ක්‍රියාවට විරුද්ධ දෙය කරන්නේ කවර මෝඩයෙක් දැ?"යි ජිමුතවාහන කියන කෙණෙහි ම "ගුරුළුරජානෙනි, මහපව් නො කරව. මේ තාගේ කිනම් මොහයෙක් ද? තා විසින් කනු ලබන්නේ නාගයෙක් නො වේ. තට ආහාර පිණිස එවන ලද නාගයා නම් මම"යි කෑ ගා කියමින් ශංඛවුඩතෙමේ ද එහි පැමිණියේ ය. ගුරුළුතෙමේ ඒ දෙදෙනාගේ බස් අසා ඉතා කැලඹුනේ ය.
ශංඛවුඩ ගුරුළාගේ සැකය දුරු කරණු පිණිස තව දුරටත් කථා කෙළේ ය:- "ගුරුළානෙනි, නුඹේ මේ මෝහය කුමක් ද? මාගේ පෙණය හා දිව් දෙකත් නො දක්නෙහි ද? තා විසින් කනු ලබන උතුමාගේ සෞම්‍යාකාරය නො දක්නෙහි ද? එහෙයින් එතුමා හැර වහා මා කා දමව. දැන දැන මේ ගුණවත් උතුමා තව දුරටත් කෑවොත් තාගේ උදරය එකාන්තයෙන් ම පැළෙන්නේ ය. මට අනුකම්පා කරව. මගේ කිත්සිරුරෙහි (කීර්තිශරිරයෙහි) කළු ලප නො උපදව."
එකෙණෙහි ම ජිමුතවාහනගේ මවුපිය දෙදෙනා හා භාර්‍ය්‍යාවත් එහි පැමිණියාහු, "අහෝ! ජිමුතවාහන, කවර හෙයින් අපට නො දන්වා මෙසේ සැහැසිකමක් කෙළෙහි දැ?"යි වැළපෙන්නට වන්හ.
ගුරුළා ද තමන් විසින් කනලද්දේ ලොව පතළ යශස් ඇති ජිමුතවාහනයුවරජතුමා ය යි දැන පසුතැවෙන්නට වන. "අහෝ! මා විසින් කුමක් කරණ ලද ද? මෙතුමා මළ කල මා ජීවත් ව සිටීමෙන් පලක් නැත. ගිනි වැද මිය යෑම සුදුසු ය. අධර්‍ම නමැති විෂවෘක්ෂයෙහි මිහිරි ඵලයෙක් කෙසේ හටගණී ද?" යනාදීන් සිතමින් ගුරුළා සිතිවිලි අවුලෙන් වෙළී සිටින අතර ජිමුතවාහනතෙමේ ව්‍රණපීඩාවෙන් (තුවාලවල වේදනාවෙන්) මළේ ය.
ඒ දැක සියල්ලෝ අඬන්ට වන්හ. ශොකය නිසා 'කටයුතු කුමක් දැ'යි නිශ්චය කිරීමෙහි අසමර්‍ථ වූහ. ගුරුළා හා ශංඛවුඩ ද තමන්ට ම නින්දා කරගත්හ. වින්ධ්‍යවතීතොමෝ පෙර වර (තපස් රැකීමාදියෙන් දෙවියන් ආදීන්ගෙන් බලාපොරොත්තු වන දෙය) දුන් උමාදෙවියට දොස් කියන්ට වූවා ය:- "උමා දේවියනි, 'විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන නුඹගේ ස්වාමියා වන්නේ ය'යි ඔබ විසින් කියන ලදි. එහෙයින් දැන් මාගේ අභාග්‍යයෙන් ඔබවහන්සේ මිථ්‍යාවාදී (බොරු කියන කෙනෙක්) වූ සේක."
එකෙණෙහි ම උමාව පහළ වූවා. "පුත්‍රිය, (දුව) මාගේ වචනය බොරු නො වන්නේ ය"යි කියා කෙණ්ඩියෙන් අමා පැන් ගෙණ ජිමුතවාහනගේ, ඇට පමණක් ඉතිරි වූ, සිරැරට ඉස්සේ ය. එයින් ජිමුතවාහන පෙරට ද වඩා ශොභාසම්පන්න රූපයෙන් යුක්ත ව සියල්ලන්ගේ හර්‍ෂයත් සමග නැගී සිටියේ ය.
උමාදේවිය ද, "පුත්‍රය, ජිමුතවාහන, නුඹගේ මේ පරොපකාරයෙන් මම නුඹ කෙරෙහි පැහැදුනෙමි. මම දැන් නුඹ විද්‍යාධරචක්‍රවර්‍තතිපදවියෙහි අභිෂෙක කරන්නෙමි"යි කියා ඔහු මත අමාපැන් වක්කර අතුරුදහන් වූවා ය. අහසින් මල්වැසි වැස්සේ ය. දිව්‍යභෙරීහු ගුගුළහ.
ගුරුළුරජ විද්‍යාධරචක්‍රවර්‍තතිරජු වැඳ සිටියේ "සක්විති රජතුමනි, උදාර අදහස් ඇති ඔබ විසින් මුළුතුන්ලොව ම පුදුමයට පත් කරණ විසිතුරක් කරණ ලදි. ඔබගේ මේ අධික වීර්‍ය්‍යයෙන් පැහැදුනෙමි. එහෙයින් මට අණ දෙනු මැනව. මගෙන් ද අභිමතවරයක් ගණු මැනවැ"යි වර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.
"තෝ මා කෙරෙහි Praසන්ன වූයෙහි නම්, මට අනික් වරයකින් කම් නැත. මම එක ම වරයක් ඉල්ලමි. මෙතැන් සිට මේ නයින් නො කව. පෙර කෑ නයින් ද ජීවත් වන ලෙස සලසව"යි සක්විතිතෙමේ ගුරුළාට අණ දින. ගුරුළුතෙමේ 'එසේ කෙරෙමැ'යි ගිවිස දෙව්ලොවට ගොස් අමා පැන් ගෙණ අවුත් තමන් විසින් කන ලද නයින්ගේ ඇට රැස මතුවෙහි ඉස්සේ ය. මළා වූ සියලු නාගයෝ පෙර මෙන් ම නො බුන් (නො කැඩුනු) සිරුරු ඇති ව නැගී සිටියහ.
* * * *
වේතාලතෙමේ මේ කථාව කියා, "රජතුමනි, ශංඛවුඩ, ජිමුතවාහන යන දෙදෙනා අතුරෙන් කවරෙක් වීර්‍ය්‍යයෙන් අධික තර වේ දැ?" විචාරා පෙර මෙන් ශාපය ද සිහි කරවී ය.
-------------------------------------------
මේ මට අලුතෙන් හම්බ වුණු බ්ලොග් එකක්. නම අන්ධකාරය. තියෙන්නෙ ම කෙටියෙන් ලියපු අන්ධකාර කතා. ගිහින් ධෛර්යවත් කරල එන්න...