Tuesday, March 1, 2016

කලබලේට විසුරුවපු කෙටි සරළ ගජබින්න (-:

බහුතරය‍කගේ ඉල්ලීම සහ මරණ තර්ජන හේතුවෙන් ඉතාම සරළ ගජබින්න දෙකක් මෙහි ලියා දක්වනවා ඇත.

දවසක් මං පොල් වත්තක් මැදිං යනව... අපේ ගමේ තිබුණ ලොකු පොල් වතු දෙකක්. එකක් නිළමෙගෙ වත්ත, අනික මුර වත්ත. මුර වත්ත මැදිං තමා මං ගියෙ. අපේ වත්ත පල්ලැහැං වෙළට පැනල, වෙළෙං එගොඩ වෙලා මුරවත්ත මැදිං ගියාම පරකන්දෙණියට යාගත්තෑකි කෙටි පාරක් තිබ්බ.

ඉතිං මං දවසක් පොල් වත්තක් මැදිං යනව. යද්දිං මට ඇහෙනව බොහොම හීනි කටහඬිං මොනවද කියනව. කවුරුවත් පේන්නත් නෑ. පේළිියට වවපු පොල් ගස්, අතරිං පතර වැවුණ කුරුඳු, ගොරක, කජු වගේ ගස් කීපයක් විතරයි තිබුණෙ. මං කන්දීල බැලුව... ඇහෙනව තමා... 

“මෙන්න.“ 
“මේකත් ගනිං.“ 
“කෝ මෙහෙ දියං.“ 
“ඉඳා ගනිං“ 
“අල්ල ගනිං“ 
“දීපං ඉතිං“ 
“ඕං“
"කෝ බං ටිකක් අත ඉක්මං කරහං"
"දීපිය හු$#"
"ආ ගනිං ප#$"

වගේ වචන තමා ඇහෙන්නෙ. ඒ වුනාට කවුරුවත් නෑ පේන මානෙක. මං තවත් අවධානයෙන් කන් දීගෙන ඒ සද්දෙ එන පැත්ත හොයාගත්ත. එතන තිබ්බෙ තඩි කුරුඳු ගහක්. ඒකෙ පාත අත්තක දිමියො සෙට් එකක් කොළ එක එක වකුටු කර කර දිමි ගොට්ටක් හදනව. උං වැඩකරද්දි උං අතරෙ වෙන කතා බහ තමා මට අර ඇහිල තියෙන්නෙ....

-----------####----------

තව දවසක් මං පොඩි කාලෙ. අපේ ගමේ තිබ්බ බේකරි කඩයක්. ඕකට මං යනව රෑ හතට අටට විතර ටෝච් එකකුත් අරං. යනකොට පාර අයිනෙ රිදී පාටට බැබළි බැබලි ඉන්නව - කවුද? නයිහාමි. මේං මේ සයිස් පත නයා. මං මොකද කළේ? කෙලල ඇරිය ටෝච් එකෙං නයාට. ඌට වැදුනද කියල බලන්නවත් උන්නෙ නෑ, දුවන්ඩ ගත්ත දෙපයට වැර දීලා.

දුවගෙන දුවගෙන යද්දි, මේං බොලේ පස්සෙං ටෝච් එළියක් වැදුන. තව කවුරු හරි වැඩිහිටියෙක් බේකරිය පැත්තට යනව ඇති. මටත් උන්දැත් එක්ක යන්න පුළුවං. කියල හිතල මං පස්ස හැරිල බලද්දි...

මේං බොලේ නයා ටෝච් එක ගහ ගහ මාව හොයාගෙන එනව පාර දිගේ...

http://freedesignfile.com/upload
/2012/05/0021a7f2_medium23.jpg


කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

129 comments:

  1. ෂාඃ මාර පෝස්ටුව. එළකිරි ඈ... තව ලියහං දෙයියෝ
    - මං මේ වෙන එකෙක්.

    ReplyDelete
    Replies
    1. මොකද බොල මඤ්ඤං ද?

      මම මේ ලඟදි දවසක රෑ නිදාගෙන ඉන්නකොට (ඔව් බොල, අපිටත් රෑට නින්ද යනවා) ඇහුණා බර බර බර බර, ගාලා සද්දයක්. නැගිටලා කන්දීගෙන හිටියා. ආයෙත් ඇහෙනවා බර බර, බර බර, සද්දේ. ගත්තා බැස්ටිය, ගහලා බැලුවා ගේ වටේට, ම්හු, මොකෙක්වත් නෑ. ගෙට එනකොට මෙන්න ආයෙත් ඇහෙනවා, බර බර බර, බර බර බර, සද්දේ. ආයෙත් බැස්ටිය ගහල බැලුවා. හොඳ හුප්පද දෙකක් කියලා ඇහුවා, කවුද යකෝ කියලා. ම්හු, කවුරුවත් නෑ. මොකෑ දන්නවද සංගෙදිය. අපේ ගේ පිළිකන්නේ මඤ්ඤොක්කා පඳුරුවල අල බහින සද්දේ මේ ඇහිලා තියෙන්නේ.

      Delete
    2. මං මේ පෝස්ට් එක පබිලිස් කරලා, බලාගෙන ඉන්නවා ඉන්නවා... කොහෙද? එක කමෙන්ට් එකක්කත් නෑ. බැරිම තැන මංම දැම්ම කමෙන්ට් එකක්.

      අර අල බහින සීන් එක නං ඇත්ත ඈ. අපේ බාප්පගෙ කන්තලේ හේනෙත් ඔය වැඩේ වෙලා තියෙනව. මේං...
      http://drackey.blogspot.com/2013/12/blog-post_31.html

      Delete
    3. මං වෙන හොල්මනක් කියලා දාහං.

      Delete
    4. "නෑ මාතියා යේක මේ තව පූෂෙක් තමා" කිව්වලු... හෙහ් හෙහ්... ඒක සිරා කතාව.

      Delete
    5. නයා ටෝච් එකෙන් ඔලුවටම දීල ඇදලද කොහෙද හිකිස්

      Delete
    6. නෑ. නයා කිව්ව “ඊළඟ දවසෙ ගහනවනං ගහපිය බිත්තරේකිං“ කියල.

      Delete
  2. ෂාඃ මාර පෝස්ටුව. එළකිරි ඈ... තව ලියහං දෙයියෝ

    ReplyDelete
  3. අනේ තොගෙ ගජබින්න. හැක් හැක්.

    මාත් මේ වෙන එකෙක්.

    ReplyDelete
    Replies
    1. හුකෑස්... (-:
      මං මේක ලියපු එකා...

      Delete
  4. ෂාඃ මාර පෝස්ටුව. බොරු කිරි ඈ... තව ලියන්න උඹව ඉතුරු කරන්නෑ. වෙලාවට බැට්‍රිය බැස්සනෙ. මීට පස්සෙ ටෝච් එකට වාට කෑලි දෙකක් දාපං.
    -මං උඹ ටෝච් එකෙන් ගහපු නයා-

    ReplyDelete
    Replies
    1. සදාදර නයෝ,
      ආ... මල්ලී... කොහොමද මයෙ ෂොට් එක? ගෙදර ගිහිං සිද්ධාලේප ගාගනිං ඔළුවෙ.

      ඒක නෙමෙයි, මොනවද බං වාට කෑලි කියන්නෙ?

      Delete
    2. තව පොඩ්ඩෙං ප යන්න හැලෙනව බොල.

      හඳට අරං ගිය බැටරිය වාටා

      Delete
    3. ඊට නරකද - එවරෙඩි - එවරෙඩි - එවරෙඩි - දෙකක් දාලා...?

      Delete
    4. ඒවා රෙඩි නිසා වැඩක් නෑ.. ගනින් ලක්ෂපාන.

      Delete
    5. එවරෙඩි දැන් එන්නෑ බොලවු. ලක්ෂපාන ගේන්නෙත් චීනෙං.

      Delete
    6. සිංහ,
      හුකෑස්...

      නයෝ,
      ඇත්තට බං? ලක්ෂපානත් චයිනිස්ද? මං හිතුවෙ ලංකාවෙ හදන්නෙ කියල.

      Delete
    7. ඉස්සෙල්ල ලංකාවෙ හැදුව. දැං ගේන්නෙ චීනෙං.

      Delete
    8. ඕං අපේ දේශීය කර්මාන්ත. කවද හරි ජර්මන් කාරයොත් කියයි නේ, "වොක්ස්වාගන් ඉස්සර අපේ රටේ හැදුව තමා. දැං ගෙන්නන්නෙ ලංකාවෙං" කියල...?

      Delete
  5. මුගේ බොරුද කොහේද?

    ReplyDelete
    Replies
    1. මොනවද "බොරු" කියන්නෙ? මං ‍ඒ වචනෙ දන්නෑනෙ...

      Delete
    2. බොරු=කෙබර
      දැන් තේරුනැයි. බොට

      Delete
    3. මූ බොරු දන්නෑ. මූ දන්නෙ ගජබින්න.

      Delete
    4. සිංහ,
      කෙබර කියන්නෙ මොනවද බං? අහන්ඩ කෙබරාධිපති චන්දනෙයත් නෑනෙව...

      නයෝ,
      තව ටෝච් පාරක් කන්ඩ තමා ඔය...

      Delete
    5. னයාට ගහල ‍ටෝච්එක වරද්දගන්න තමයි ඔය හදන්නෙ. හැක්..

      Delete
    6. னයාට අඳුකොළ එහෙනං?

      Delete
  6. ඇත්තමයි පලවෙනි පාර කියවද්දී මම හිතුවේ බොරුවක් කියලා

    ReplyDelete
    Replies
    1. බින්න කියන්නෙ භේද කරවන කේළම් වැනි දෑය. භාවිතයෙන් බොරු ය. ගජ බින්න යනු, අලි තරම් ලොකු බොරු ය.

      ඒ වුනාට මෙව්ව නං බොරු වෙන්ඩ බෑය. මොකද නියම ගජබින්න තරම් ලකයක් මෙහි නෑ ය.

      Delete
  7. උබ හිතුවයි මේ දෙකෙන් බේරෙන්න පුලුවන් කියලා.......

    සිරාවටම ලස්සනයි
    සිරාවටම බොරු නෙමෙයිනේ..

    ReplyDelete
    Replies
    1. සිරාවට බොරු නෙමෙයි. ඒත් දමනියට බොරු. හැක්..

      Delete
    2. මොකක් ඔය හරුපේ.. "දමනිය"

      Delete
    3. ඒක ගැන එච්චර හිතන්න එපා.

      Delete
    4. සිංහ,
      රියල් ගජබින්න ඔන්ද වේ...

      නයෝ,
      කේෂනාලිකා වලට මොනවද දන්නෑ...?

      සිංහ,
      උඹ දන්නවද "නාලා ආ ගිරි දමනිය"?

      Delete
  8. මේක නං සිරාවට ම ඇත්ත වගේ ගජබින්නයක් නෙවැ....

    ReplyDelete
    Replies
    1. වගේ කියන්නෙ මොනවද? ඇත්ත තමා.

      Delete
  9. අන්න බොලේ අර නයා පියාඹනවා.....හැක් හැක් හැක්...මරේ මරු අප්පා...

    ReplyDelete
    Replies
    1. නයා පියාඹනවා? කොබෝ නයෙක් වෙන්ඩැති... (-:

      Delete
  10. ෂාඃ මාර පෝස්ටුව. එළකිරි ඈ... තව ලියහං දෙයියෝ


    මාත් මේ වෙන එකෙක්.

    ReplyDelete
    Replies
    1. යකෝ මෙතන වෙන වෙන එවුං වැහි වැහැලනෙ...

      Delete
  11. බාගයක් කියවද්දිම තේරුණා මේක නම් බොරුවක් වෙන්න බැරිය කියලා...

    අනේ තෝව බොන්න ලේ හිඟ වෙලා මැරිලා යන්නේ නැති හැටි, දැති හුලහා...

    ReplyDelete
    Replies
    1. මං මැරෙනකංද බලං ඉන්නෙ? බලං ඉඳපිය...

      Delete
  12. දැන් ඔය චෝච් එළිය වැනි වැනි නෙමේද වැදුනේ.... ආන් එතනෙ මට පොඩ්ඩක් අප්ෂට්...

    ReplyDelete
    Replies
    1. වැනි වැනි ඇයි? නයා බීල උන්නයි කියල හිතුවද?

      Delete
  13. හරි මචෝ මං තාම කල්පනා කරන්නේ මේ කථා දෙකෙන් ලෝකයාට ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද කියන එක තේරුං ගන්නයි.. ඩී ඩී ඩී..

    කථාව නං ඇත්ත එකක් වගේමයි..


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත තමා.

      ආදර්ශය...?
      “තාප්ප ඉළක්ක කර රිවස් කිරීමෙන් පාර අයිනේ සිටින නාගයන් වඳ කළ හැක...“
      “පරීක්ෂාවෙන් තොරව රිවස් කිරීමට යාමෙන් දිමිගොටු ඇඟට වැටිය හැක...“

      තව තව තියෙනවනං ප්‍රසන්නය දායි.

      Delete
    2. උඹ ලෝකයෙක් කියල පිළිගත්ත එකම ලොකු දෙයක්.

      ''ඒසී වාහනවල යාමෙන් වාහන හිමිකරුවනට වාහන සේදීමට සිදුවිය හැක''
      ''සමපෝෂ කෑමෙන් ටිකිරන් වඳකළ හැක''

      Delete
    3. ඒ කාඩ් එකත් විදානෙටම ගහමු. “ලෝකයා“ මරු නම අප්පා.

      “දිමි ගොටු අසළ සිට සමපෝෂ කෑමෙන් කෑමත් ලෑමත් දෙකම නැතිවේ“

      Delete
    4. ''සපත්තු මාරුකර දැමීමෙන් පිරිමින් බඩ විය හැක''
      ''විදානයෙක් ලෙඩ බලන්න ඒනං ඇට දෙක පරිස්සං කරගත යුතුය''

      Delete
    5. “ලෙඩුන් ළඟ කවුපි පීරිසියක් නිතර දෙවේලේ තැබීමෙන් ලෙඩාගේ ඇට පරිස්සම් කරගත හැකි වේ“

      Delete
    6. මහවත්තේ ලෝකයා ( ගිනි අවි සහ ගිනිකෙළි ) මලා.. හැක් ..

      Delete
    7. වැඩිම කාඩ් ගණනක් හිමි කමෙන්ට් කරු.

      Delete

  14. අනේ බලන්න හැමදාම උදේ හවස කඩේ දොරකොඩට වෙලා පාරේ යන වාහන දිහා හූල්ල හූල්ල බලා...ගෙන ඉන්නවා..
    බලා ඉඳල බැරිම තැන මාත් ඉතිං ප්‍රසන්න අයියගේ කඩේට කිට්ටු කරා. එතෙන්දි මෙන්න මේ වගේ දෙබසක් තමයි ගියේ

    මං - අයියේ මොකද මේ.?

    පී. අයියා - මාර වැඩේනේ මල්ලි වාහනේ පාරට දාගන්න විදියක් නෑනේ..

    මං - අයි අයියා මොකද සීන් එක..

    පී. අයියා - නෑ ඒකේ ආදායම් බලපත්‍රේ ගන්න විදියක් නෑ..

    මං - ඒ මොකෝ

    පී. අයියා - ප්‍රස්නේ කියන්නේ දුං සහතිකේ ගන්න බැරි උනානේ..

    මං - මෙකක්??

    පී. අයියා - ඔව් මල්ලි කලු දුම හොදටම වැඩිලු..

    මං - දැං කෝ වාහනේ?

    පී.අයියා - ගැරිජ් එකට දැම්මා..

    මං - එහෙනං හදලා ඇතිනේ?

    පී.අයියා. - ඔව් මල්ලි දැං නං දුම එන්නේ නෑ..

    මං - එහෙනං ගොහිං පෙන්නුව හැකිනේ..

    පී. අයියා - පෙන්නන් මොන #$%$ ද? ගැරිජ් දාල මාස තුනක් වෙනෝ.. දැං ස්ටාර්ට් වෙන්නෙත් නෑ...

    මං - හරි අයියා මං එහෙනං යන්නං, මේ වැඩට යන ගමන්...

    ReplyDelete
    Replies
    1. හුකෑස් බොල... මට මතක් උනේ අර මාස්ක් ෆිල්ම් එකේ මුල හරියෙ තිබ්බ ගැරෙජ් එක.

      විදානෙ එහෙ ගියෙ ප්‍රසන්නගෙ නංගිත් බලාගෙන වැඩට යන්නෙයි?

      Delete
  15. @විදානේ,
    ඔක්කොමත් හරි කියමුකො. මූ අාවෙ වැඩට යන ගමං නෙමෙයිනෙ. 9 ට විතර වැඩ ඇරිල යන ගමං නෙ.

    (කොමෙන්ට් රිප්ලයි කිරීමට නොදෙන නිසා වෙනම දමමි)

    ReplyDelete
    Replies
    1. බලහංකො විදානෙයගෙ ස්පීඩ් එක... හවස පහට වැඩ ඇරිල, උදේ 9 වෙනකොට ඇවිත්.

      Delete
  16. ඉතිං නයා පස්සෙන් ඇවිත්- ඇයි ඔයි මේ ටෝච් එක දාල කළුවරේ දිව්වේ? ඉස්සරහ පොළගෙකුත් හිටියා. මම මේ කියන්න තමා හිටියේ කියල කිව්වද?

    ReplyDelete
    Replies
    1. ඕං බලහංකො. නයා ඇවිත් කිව්ව, මල්ලි මේ ටෝච් එක හරියන්නෑ, බැටරි බහිනව ඉක්මණට. ඊළඟ පාර රිචාජබල් ටෝච් එකකිං ගහපං කියල.

      Delete
  17. 1. දිමියා ඒයි අන්න අරූ අදත් මේ පැත්තෙන් එනවා.
    2. දිමියා කෝ වැම්පර් ද. හිටං ඕකට හොඳ වැඩක් දෙන්න.
    ( රහසේ කතිකා කර ගත් පරිදි දිමි පැටික්කියන්ගේ මුළු ශරිරයටම උග්‍ර විෂ පොවා මේකප් කරවා
    සුසැටක් අභරණින් සරසා දිමිගොටු තුලට දමා දිමි ගොටුව අලංකාර ලෙස සැකසුහ. මේ සියළු කටයුතු දෙස කුරුඳු ගහ යට තුඹසේ සිටි නයිහාමිනේ අසා සිටියාය. ඇය කම්පනා කලේ මේ සතුරු වුවදුරින් ඩ්‍රැකීතුමා ගලවා ගන්නේ කොහොමද යන්නය. මොකද ඒතුමා පොල් වත්ත මැදින් යන්නේ රැ බෝ වුණ වෙලාවට පමණක් වීමයි. මේ වෙලාවේ නයිහාමිනේ ගේ ටිකිරි මොලයට කල්පනා වුනේ කලින් දවසේ අමතකවී දමා ගිය ටෝච් එකය. එ්කත් අරන් නයිහාමිනේ ඩ්‍රැකීතුමා පසුපස එලවා ගිය පුවත සැකෙවින් එසේය..)

    1,2,3,ආදී කොට ඇති දිමියන් තවමත් දිමි ගොටුව හදනවාය. දැන් නයිහාමිනේ හා ඩ්‍රැකී තුමා එකතු වී අයුතු ජනරාශිගත වීමේ පොයින්ට් එකට දිමිගොටු සංහාරය කිරිමේ මෙහෙයුමක් දියත් කිරිමට අරඅරඳින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කරයි.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය මටත් වඩා හොඳට සුජී දන්නෙ, අනුමානයක් නෑ ඕකිම තමා අර හැපින්න පාර අයිනෙ ඉඳපු. ඊළඟ පාර ටෝච් එකෙං නෙමෙයි ගහන්ඩ වටින්නෙ, මෙව්ව මෙහෙම ප්‍රසිද්ධ කරනවට.

      බොලා හිතං ඉන්නෙ මට සාගතේ කියලද දිමියංගෙං ලේ බොන්ඩ? ලේ බැංකුවෙ මට තමා වැඩිම ෂෙයාස් තියෙන්නෙ...

      Delete
  18. ඔහොම අලි එලවන්න ගිය මිනිහෙකුගේ අතින් ටෝච් එකක් වැටිල , අලියා ටෝච් එක අරං මිනිහව හොය හොය ආපු කතාවක් නම් කලින් අහල තිබුනා ඒකෙ නම් මිනිහට සපෝර්ට් එකට හිටිය රිලවෙක් හරි මොකෙක් හරි එකෙක් කටිං පිඹලා ටෝච් එක නිවල මිනිහාව බේරගෙන තිබුනා .
    ගජ බින්න ටිකයි ඒත් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. අර කතාව මරු. මං අහල තිබුණනං මීට කලිං, මේ කතාව ලියවෙන්නෙ මෙහෙම නෙමෙයි. ටැංකිව් කසුන්.

      Delete
  19. ඔය කැලේ සත්තුයි ටෝච් එකයි අතර මාර සම්භන්ධයක් බන් තියෙන්නේ..

    මම දන්නා කියන කෙනෙක් හවස හයට විතර හාල් සිල්ලර ටිකකුත් අරගෙන හේනට යනකොට තනියා හම්බෙලා ඉස්සරහට. අංකල් කාරයා අලියා එක්ක ටිකක් රේස් එකක් දුවල. අන්තිමේ අංකල් කකුල පැටලිලා වැටුනාම තනියා ඇවිත් අංකල්ව බිමට තියල පාගන්න හදනකොට අංකල් අලියට වැලි අහුරක් ගහල මරු විකාරෙන්.. ඇස් දෙකට වැලි වැදිච්ච පාර තනියා ටිකක් පහුබැස්සාම අහල පහල හේන්වල එවුන් කෑගහල අංකල්ව බේරගත්ත. ඒත් ඉල ඇටෙකුයි උරහිස් ඇටේයි කැඩිලා ටිකක් දුක් විඳලා දැන් යන්තම් වැඩක් පලක් කරගන්න පුළුවන් තරමට සුවයි. වැඩේ කියෙන්නේ අංකල් අතේ තිබ්බ බඩු මල්ල තනියා එක කටට ගිලල දැම්මේ මල්ලේ තිබ්බ ටෝච් ඒකත් එක්කමලු.

    ReplyDelete
    Replies
    1. දැන් අලියා කට අරිනකොට අලිච්චිගේ ඇස් ගිණිකන වැටෙනවලූ ටෝර්ච් එළිය වැදිලා....

      Delete
    2. අම්බලංගොඩස්,
      ගෝඩ්ස් මස්ට් බී ක්‍රේසි ෆිල්ම් එකේ තියෙනව, කැලේ මැද ගිණීගොඩක් දැක්කොත් රයිනෝ දුවගෙන ඇවිත් ඒ ගිණි ගොඩ නිවනව කියල. මට ඒක මතක් උනේ මේ ටෝච් කතාවට. පවු බං අර අංකල්.

      කටුස්,
      නෑ බං. අලියට පඩයක් යද්දි රැළේ අනික් උං කියනවලු. කලිං අහස ගෙරෙව්ව විතරයි, දැං විදුලියත් කොටනව කියල....

      Delete
  20. අනේ පලයන් බන් යන්න දිමින්ට පුළුවන්ද කතා කරන්න.. කතා කරා කියමුකෝ, ඒත් උන් කොහොමද කුණුහරුප දන්නේ ? මේකනම් පට්ට පචයක්ද කොහෙද ?

    නයාගෙ එකත් එහෙම තමා.. නයි කොහොමද බන් ටෝච් අරන් එන්නේ උන්ට අත් තියනවද ? උඹ බීලද කොහෙද !?

    ReplyDelete
    Replies
    1. පච? ඒ මොනවද? මං දන් නෑනෙ. ඔය වචනෙ මං මේ ඇහුවමයි.

      බීල? ඈ බං නොබී බ්ලොග් ලියන මිනිස්සුත් ඉන්නවද?

      Delete
    2. බීල වැඩිවුනාමත් කුරුන්දක්වත් පේන්නෙ නෑ

      Delete
  21. අම්මේ මූ කියන බොරු.

    ReplyDelete
    Replies
    1. ඒ ගමන උඹ අම්මට කේළං කියනවද?

      Delete
  22. දැන් ඔක්කොටම කලින් කියපන් අර දිමියන්ට කුණුහරුප ඉගැන්නුවේ කවුද කියලා.අටමා ආවද ඔය පැත්තේ?

    ReplyDelete
    Replies
    1. අටම දිමි ගොට්ටෙ මැෂින් වල පැඩ්ල් ඇජස් කරන්ඩ ඇවිත්...

      Delete
  23. ‍තෝ කොයිලොව යන්නද මෙහෙම බොරු කියලා. දැති හුලහට වෙනම අපායක් හදන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවො : බෝ කොයි වල යන්නද මේ මාළු බාලා?
      ළමයා : මේකෙ නැත්තම් එහා වලට යනවා

      Delete
    2. ඩූඩ්,
      දැනටම කොන්ත්‍රාත් එක දීල තියෙන්නෙ අලුත් එකක් හදන්න. සීඊසීබී එකට දීල තියෙන්නෙ. මේ ආත්මෙදි හැදෙන්නෑ ඔවුං අතිං. ඒකයි මං බය නැතුව මෙව්ව ලියන්නෙ.

      ලබ්ස්,
      ඕක වීදාගම මෛත්‍රී හාමුදුරුවොයි, තොටගමුවෙ රාහුල (මහණ වෙන්ඩ කලිං) හාමුුරුවොයි අතරෙ වෙච්ච දෙබසක් බං. තව දවසක්, අටවක පෝය දවසක ඔය විදිහට බිලී බාද්දි මාට්ටු වෙලා,

      හාමුදුරුවො ඇහුවලු “ළමයා අටවක දා මාලු බාන්නෙ?“ කියල.

      ළමය බිලී කොක්ක උඩට අරං හොඳට බැලුවලු.

      “මේකෙ අටවකක් නෑනෙ. එකවකයි තියෙන්නෙ“ කිව්වලු.

      Delete
  24. ෂාඃ මාර පෝස්ටුව. එළකිරි ඈ... තව ලියහං බූතයෝ..

    - මං මේ වෙච්ච එකෙක්.

    ReplyDelete
    Replies
    1. හනේ උඹට වෙච්ච දේ...

      ඕකට පරණ කියමනක් තියෙනව. “අණ්ඩ කැඩිච්ච එකාගෙ කරේ නෑම්බියෙක් එල්ලුනා වගේ“ කියල.

      Delete
    2. එල්ලුනාට පස්සෙ අනික් අණ්ඩත් කැඩුනලු. හැක්..

      Delete
    3. දැං ඉන්නෙ මැද අණ්ඩෙන් ලු කියලත් ආරංචියි. කැමා කිව්වෙ. ඌ ඇඳ යට හිරවෙලා. ඒකයි ළඟකදි දැක්කෙ නැත්තෙ.

      Delete
    4. දෙපා විතරයි බොල වැඩ නැත්තෙ.. හුටා.. ඇඳ යට මගෙ මීතේන් ස්ටොක් එක.මූ මැරිලද දන්නෑ.. හොඳ වැඩේ බැරි වැඩ කොරන්න එනවට..

      Delete
    5. අඩෝ, අර උඹ බඳින්න කලිං එකතු කරපු පෑන්ටිස් කලෙක්ෂන් එක තාම ඇඳ යටද? වයිෆ්ට අහුඋනොත් කැමාව බිලි දියං...

      Delete
    6. ආ....උඹ අර හංගලා තියන්න දුන්න බෑග් එක නේද? මම ඒක බැලුවෙ නෑ.. පෑන්ටිද තිබුනෙ? මතක නැද්ද උඹ එදා ඒක අරන් ගියා? සිහියකින් හිටිය එකක් යෑ...

      Delete
    7. ඒ බෑග් එක නෙවෙයි. ඒකෙ තිබ්බෙ වැල පත්තර ටිකක්. උඹට එක්ස්පීරියන්ස් ගන්ඩ කියවන්ඩ දුන්නෙ.

      Delete
  25. දිමියො වැඩකරද්දි උං අතරෙ වෙන කතා බහ ///// ha ha ha

    ReplyDelete
    Replies
    1. තව දිගට ලියන්න තිබුණ කියල දැං හිතෙනව ඩොක්...

      Delete
  26. ඔහොම යද්දී ඔන්න එක පාරටම ටෝච් එළිය නැවතුණා. මොකද වුනේ කියලා පස්ස හැරිලා බලන කොට නයා අර තඩි කුරුඳු ගහ යට නැවතිලා සද්දෙ එන්නේ කොහෙන්ද කියලා හොයනවා. තවත් හොඳට කන් දීගෙන ඉන්න කොට මෙහෙම සද්දයක් ඇහෙනවා.

    "අත ඉක්මං කොරහං XXX, නයා දිගටම ටෝච් අල්ලන එකක් නෑ. ඊට පස්සේ ආයේ කරුවලේ තමයි ගොටු ගහන්න වෙන්නේ!"

    ReplyDelete
    Replies
    1. ආං වෙච්ච දේ. ඉකොන රෑ පොල් කඩන්ඩ ගිහිං මුරවත්තට. නැත්තං මේ සිද්ධිය දැක්කෙ කොහොමද?

      Delete
  27. //“මෙන්න"
    මේකට ඉස්සෙල්ලා මෙහෙම කතාවක් ගියාලු
    "අන්න ඔපයා යනව ඕකව අන්දමු බං"



    ReplyDelete
    Replies
    1. හුකෑස් බං...

      කවුද බං ඔපය? මට කලිං ඌත් ගිහිංද මුරවත්ත මැදිං?

      Delete
  28. හි..හි... මෙයත් කියන බොරූ....

    ReplyDelete
    Replies
    1. මෙව්ව මොන බොරුද නගා...? කියෝල බලන්ඩෙපැයි අර කතාවට යටිං තියෙන පටුන ක්ලික් කරල...

      Delete
  29. උඹ ආයේ චෝච් එක ඉල්ලගත්තේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ආ... අටං. ඒක නයාට ගහපු පාර කැඩිල. උඹට දීල හදාගන්නව කිව්ව නයා.

      Delete
  30. ඔයාට ඇහුනේ නෑනේ දිමි කෙල්ලෙක් කිව්ව එක,
    "අනේ අර අදත් ඇවිත් තියෙන්නේ මගේ ඩ්රැකි කොලුවා...අපේ එව්න්ට පේන්න කලින් මන් විගහට කරේ එල්ලෙන්න ඕනේ.."
    හැබැයි ඉතින් එකී ගහේ අත්තෙන් බිමට පනින්න ඔන්න මෙන්න තියෙද්දී අවරුදු ගානකින් නාල නැති ඔයාගේ ජීවන සුවද දැනිල ආයෙත් පස්ස නොබලා දිව්වලු....
    ඒ ටික මට ඔයාට කියන්න කියල ඒ දිමි කෙල්ල කිව්ව හොදෙයි

    ReplyDelete
    Replies
    1. හනේ මයෙ කට. මොකටද ඉතිං ඒ හරිය ගැන මං කියන්නෙ?

      ඒක නෙමෙයි, මං අහන්ඩමයි උන්නෙ. “නානව“ කියන්නෙ මොකද්ද?

      (“ගෙම්බි“ ට අමතරව “දිමි කෑල්ල“ කියලත් කාඩ් එකක් වදියිද දන්නෑ?)

      Delete
    2. නානවා කියන්නේ....එක්කෝ ඕනේ නෑ වැඩක් තියනවයේ...හැදෙන එකෙක්ට ඕනේ ඕව කියන්න හිකිස්...

      (ඔව් ඔව් ඔය කාර්ඩ් එකෙත් නිර්මාතෘ ඔයාම තමයි ඉතින් වෙන කව්ද හැක හැක හැක )

      Delete
    3. මතකද, ඉස්සර ටීවී එකේ ගිය රොබින් හුඩ් එකේ, ජෝන් කුමාරය නොටිංහැම් එනව. ෂෙරීෆ් වෙන කොහෙද ගිහිං. වැඩ බලන්නෙ ගිස්බන්. ජෝන් කුමාරය එන්න කලිං දූතයෙක් එනව. එයා උපදෙස් දෙනව ගිස්බන්ට ජෝන් කුමාරයට සළකන්න ඕනෙ විදිහ.

      එයා කියනව, “ජෝන් කුමාරය සතියකට දවස් දෙකක් නානව“ කියල.

      ගිස්බන් අහනව, “ඒ මොකටද?“ කියල.

      “ඔය කුමාරවරුන්ගෙ විකාර සිරිත්නෙ“ දූතය කියනව.

      Delete
  31. ගජබින්න ලියලා උඹ අපායට ගියත් වැඩක් නැති වෙනවා. උඹ යමයට බොරු කියලා ඌව රවටා ගනියි.

    ReplyDelete
    Replies
    1. යමය දැනටම මයෙ හොඳ යාළුවෙක්. ඌ ගෑණිට හොරෙං සෙට් උනහම, යමීට කියන්න බොරු අහගන්නෙ මගෙං...

      Delete
  32. කළින් කියවල තිබ්බත් හිනාව නවත්ත ගත්තේ අමාරුවෙන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කලිං කියවල තිබ්බද? කොහෙද තිබුණෙ?

      Delete
  33. පොඩි බින්නයක් වුණත් රහට තියෙනවා. ඔය ඉරිසියාවට කියන කතා ගණන් ගන්න එපා අයියා. මේ බලන්නකෝ තාලෙට ක්ලැසිකල් කියන බොරු.

    සකුරා මල් පිපිලා හරි පුදුමයි

    ගේ දොරකඩ නිල් වන පියසේ

    නිදිමත නැති වී හිරු පායා ඇත

    උමතු වෙසින් මහ රෑ යාමේ



    මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ

    පා සටහන් ඇත වැලි තලයේ

    නාග පිඹුරු රුදු සිංහ වලස් කැල

    ඉඟිළෙති නගිමින් උඩු ගුවනේ



    යන එන සෙල්ලම් රිය පෙළ අතරේ

    පාසැල් යන විට බෝනික්කෝ

    අකුරු උගන්වති කූඹි සිසුන් හට

    වයසක ගුරුවර සූටික්කෝ



    සුදම් සභාවේ අරගලයක් වී

    අහසින් කොටසක් කඩා වැටේ

    වියපත් සඳ වත ගේ දොර නැති වී

    හැරමිටි සරණින් බලා සිටී



    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

    සංගීතය - නන්දා මාලිනී.

    ජයවේවා!!! තව තව බින්න ලිවීමට හැකිවේවා..!!! රසදන්නෝ ඒවා කියවත්වා. !!!

    ReplyDelete
    Replies
    1. ක්ලැසිකල් බොරු... හෙහ් හෙහ්...

      ඔය සුනිල් ආරියරත්න මාම කොච්චර ශාස්ත්‍රවන්තයෙක්ද කිව්වොත්, නාන නාන නාන කියල ලිව්වත්, ඒකත් නන්දා නැන්ද කියනව. ඒක හරිම ශාස්ත්‍රීයයි කියල විචාරත් ලියවෙනව. තරුණ පරපුරට කෝචොක් කරන්න “යනවා නං අනේ මං අරං“ කියල ලියපු සිංදුවටත් කොච්චර හොඳ කියනවද?

      අපි මොකක් හරි ලිව්වොත් තමා රෙද්ද උස්සං එන්නෙ මෙතන. ඕං ඕක තමා අධිපතිවාදය.

      (මේකෙ සංගීතය වෙන කෙනෙක්ගෙ නේද? නන්දා මාලනී සංගීත අධ්‍යක්ෂණය කරනවයි කියල මං අහල නෑ.)

      Delete
  34. මෙව්වා ගජබින්නද බං ?උඹට උඩුවේ සාදුත් එක්ක ලේසි වෙන්නේ නැහැ ගජබින්න කෙලින්න.

    ReplyDelete
    Replies
    1. එව්ව තමයි බං නියම “ගජ“ බින්න. අලි ගැනනෙ කියන්නෙ.

      Delete
  35. මේවාපොඩි මෙන්ඩට කියලා දුනොත් සදු අහයි තමුසේ මට බොරු කියනවා මදිවට ළමයටත් බොරු උගන්නනවද කියලා

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ ඉතිං වළං ගැට්ට බෙල්ලෙ තමයි. හැක්...

      Delete
    2. උඹ කියහං, මයෙ කොල්ල, මං විදිහට හැදෙන්ඩ ඕනෙ. තමුසෙට ඇති වැඩක් නෑ කියල. (සීනි බෝතලෙං එක පාරක් විතරක් කාල ඉතුරු වෙන එකක් නෑ)

      Delete
    3. ප්‍රසා වේලාසන කියල... හැක්ක හැක්...

      Delete
    4. කොස්සට චු කරලා ගහන ඒක මුන් දන්නේ නැහැ ...හෑ....හෑ (තනිවම හිතමින් )

      Delete
    5. කොහොම හිටපු මෙන්ඩෙක්ද දෙයියනේ...!!!

      Delete
  36. කමෙන්ට්ස් ටික කියෙව්වාම ඩ්‍රැකී කියන්නේ ඇත්ත කියලා හිතුනා...:P

    ReplyDelete
    Replies
    1. හනේ ඉතිං මොකටද මයෙ කට අම්මපා...?

      Delete
  37. මාත් කියෙව්වා මේක නම්..... හිනාවුණා හොඳට

    ReplyDelete
    Replies
    1. මේකට "හොඳට" හිනාවුනානං එහෙනම්, කලිං ලියපුව කියෙව්වනං හිනා වෙලා මැරෙයි. ඒ නිසා කියවන්න එපා...

      Delete
  38. මම ලඟ තියඩෝර් ජී පෙරේරා උන්නාන්සේ කියලා පොරක් ලියපු 1945දී ප්‍රකාශකල "සිංහල භාශාව" කියන පොත තියෙනවා. මේක ඊ බුක් එකක් හැටියට පලකරන්න අදහසක් කියෙනවා මේක කරන්නෙ කොහොමද? මේකට ස්කෑනර් එකක් ඕනැද?

    ReplyDelete
    Replies
    1. මාර වටින පොතක්නෙ ජගත්...

      මං නං කරන්නෙ, පිටුවෙන් පිටුව ස්කෑන් කරනව. ඩීපීඅයි එක 150. ඊට පස්සෙ ඒ පිටු කෙලින් හිටින විදිහට එකින් එක රොටේට් කරලා ක්රොප් කරල හදාගන්නව. ඒකට මං යොදාගන්නෙ ඒසීඩීසී සොෆ්ට්වෙයා එක. මයෙ හිතේ මයික්‍රො‍සොෆ්ට් ෆොටෝ එඩිටර් එකෙනුත් පුළුවන්. ඊට පස්සෙ එසීඩීසී එකෙම්ම පිටු ටික සිලෙක්ට් කරල පීඩීඑෆ් එකක් හදාගන්න පුළුවං. ඊට පස්සෙ වින් ආර්ඒආර් වලින් කම්ප්‍රෙස් කරල (මේ ස්ටෙප් එක මට කිව්වෙ බුරාතිනෝ) ඩ්‍රොප් බොක්ස් එකට අප්ලෝඩ් කරනව. ඒකෙ ලිංක් එක දන්න හැමෝටම බලාගන්න බ්ලොග් එකේ දානව ඇඩ් එකකුත් එක්ක. එච්චරයි. හරි සරළයි.

      ජගත් කොහෙද ඉන්නෙ? මං ඇහුවෙ ගෙවල්... ළඟපාතනං මයෙ ස්කෑනර් එක හයර් එකට දෙන්න පුළුවං. මොකද, දුර්ලභ පොත් පීඩීඑෆ් කරල ෂෙයා කරගන්න එක ජාතික මට්ටමේ සේවයක්.

      Delete
    2. ඕක ඩිජිටල් කැමරාවකින් කරන්න පුළුවන්ද?

      Delete
    3. පුළුවං. කොලිටිය අඩුයි. එහෙම කරපු පීඩීඑෆ් පොත් මං දැකල තියෙනව. කියවන්න පුළුවං. ඒත් ඔරිජිනල් ගතිය අඩුයි.

      එහෙම කරල හරි මේ පොත ෂෙයා කරන එක ලොකු සේවයක්.

      Delete
    4. කැමරාවෙ මැක්‍රො මෝඩ් දාල ෆොටෝ ගත්තොත්, පොඩි අකුරු වල ෂාප්නස් තියාගන්න පුළුවං.

      Delete
  39. ඕව නං මොනවද බං දවසක් අපේ වත්තෙ බැදල ගිය හරකෙක් තනියම තප්පුලන ගමන් උටම කියවගන්නව ... මට සිරාවට බය හිතුනා මුට පිස්සු ගව රෝගෙ හැදිලවත්ද කියල ... ඔය කිව්වට මාත් අර දහඅට සන්නි නටන සෙට් එකටයි අනිත් යක්කුන්ටයි ඇරෙන්න වෙන එක යකෙක්ටවත් බය නැති නිසා උඩින් අඩිය තිය තියා වැලි නොපෑගෙන ගානට හෙමීහිට හරක ගාවට කිට්ටු කරා .. බයට නෙමෙයි ... මොකද වෙන්නෙ බලන්න...

    යකඩෝ බලනකොට අර හරකගෙ ඇගේ වහපු කිනිතුල්ලො දෙන්නෙක් හරකව බෙදා ගන්න බැරිව වාද කරනව. හරක මුං දෙන්නව සන්සුන් කරන්න හදනව. අන්තිමට බැරිම තැන මම හරකගෙ බඩ මැදින් කඹයක් ගැට ගහල බෙදල දෙන්න කැමති කර⁣ගත්ත. ඒත් අන්තිමට හරකගෙ ඉස්සරහද පස්සද කියල තෝරන්නත් සත පණහෙ කාසියකිං ටොස් එකක් දාන්න උනා කියහංකො 😁

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි