Sunday, November 18, 2018

අන්දිරිස් අප්පු සහ ගොරක යකා - ගජබින්නාලංකාරයෙන්...


අන්දිරිස් අප්පු බෙන්තර යාත්‍රාමුල්ලෙ ඉඳල ගම්පහ කටුවාලමුල්ල ගමට ආ හැටි අපි එක තැනකදි කිය‍ෙව්වනෙ. මේ ඒකෙ ඉතිරි ටික හැටියට කියවන්ඩ පුළුවන් තව කතාවක්...

අන්දිරිස් කිත්තා පස්සෙන් පන්නගෙන ආව පරංගි ටික රජ්ජුරුවන්ගෙ හමුදාවට කොටු වුණ භූමි භාගය රජ්ජුරුවො අන්දිරිස් කිත්තට නීන්දෙ පවරල දුන්නා. ඒ ලොකු ඉඩමෙ අන්දිරිස් කිත්තා පදිංචි වෙන්න ගෙපැළක් අටෝගන්න තොරගත්තෙ, ගොරක ගස් සීයක් විතර සරුවට හැදිල තිබුනු කොටස. (අපේ විලියොං ආත - ඒ කියන්නෙ අන්දිරිස් කිත්තගෙ මුණුපුරා - පදිංචි වෙලා උන්නෙ ඔය කියන කොටසෙ. අක්කර දෙකහමාරක් වෙච්ච ඒ ඉඩමට දැනටත් කියන්නෙ ගොරකගහවත්ත.) ඒ කොටසෙ පසත් හරිම සරුසාරයි කියල එයාට පෙනුනා. කොයිතරම් සරුසාරද කියතොත්; ඒ ඉඩමෙ ගත කරපු පළමුවෙනි රෑ කිත්තා ගතකළේ ගහක් උඩ. ඒකට හොඳ උස ශක්තිමත් අතු බෙදුනු ගහක් තෝරගත්තා. ඒ ගහේ, බිම ඉඳන් අඩි පණහක් විතර උඩින් ලොකු අතු තුනක් තුන්පැත්තට බෙදිලා තිබුණා. එතනට නැගලා බලපුවම තමයි කිත්තා දැක්කෙ ඒ වම්බටු ගහක් කියල. ළඟ ළඟ තිබුණු අතු අගිස් වල ලොකු වම්බටු ගෙඩි හැදිල තිබ්බ නිසා.

අන්දිරිස් කිත්තා ඒ ගහට ගිහිං තිබුණු කරවිල වැල් දෙකක් කපාගෙන, ඒකෙන් වැල් ඉණිමගක් හදාගත්තා. හවස් වේගෙන එද්දි කිරිඅල පඳුරක් ගළවලා, කිරිඅල පිති එකට ගොඩගහල ගිණි තියලා, (කොහොමද ගිණි තිබ්බෙ? අර පරංගි වෙඩිබේත් කූඩාරම ගිණිතියපු ගිණිකූරු වලින්ම තමා) ගිණිගොඩක් ගහලා, ඒකෙ අලු පල්ලෙ දාලා කිරි අල තම්බගෙන බඩ පුරා කාලා, අර වැල් ඉණිමග දිගේ වම්බටු ගහට නැගලා, වැල් ඉණිමග උඩට ඇදගෙන, හොඳ හැටි නිදා ගත්තා.

අන්දිරිස් කිත්තා කරන දේවල් දිහා බොහොම කේන්තියෙන් බලාගෙන උන්නා එක්කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ භූමියට අරක්ගත්තු ගොරක යකා.

http://decibel.lk/assets/2015/
02/yaka-500x500_c.png

පහුවදා උදෙම්ම නැගිට්ට කිත්තා, ගෙයක් හදාගන්න පටන්ගත්තා. දැනට වැටිලා නොතෙමී ඉන්න, සතා සීපාවගෙන් බේරිලා ඉන්න පොඩි ගෙපැළක් අටවගන්න තමයි එයා මුලින්ම හිතාගත්තෙ.

ගේ හදන්න තෝරගත්ත හරිය සමතල කරද්දි ඒකෙ අඩි එකහමාරක් විතර යටට හාරද්දි බොහොම තද කබොකක් මතු වුනා. ඉතිං එයා හතරැස් අඩි සීයක් විතර ඉතුරු කළා පස්සෙ එක එක හැඩේ කබොක් ගල් කපන්න.

මුලිම්ම කිත්තා අදහස් කළේ කණු හයක් හිටවලා, වහළයක් හදාගන්න. ඒකට එයා වත්තෙ වැටිච්ච පොල් අතු එකතු කරලා, ගාණට කපලා, වැල්පටවල් අඹරලා හදාගත්ත තේඩා වලින් ගැටගහලා. වත්ත පල්ලෙහා ගඟේ ඔබලා, බර තිබ්බා. ඉන්පස්සෙ එයා ගියා කැලේ වැවිල තිබ්බ හරියට, වැරණිය ගස් කපං එන්න. ඇද කුද නැති වැරණිය ගස් දෙකක් කපල බිම දාන්න අන්දිරිස් කිත්තට ගියේ වරුවයි. ගස් දෙක කපලා, බිම දාලා. අතු පෑහැලා දාපු එයා, දිය බහින්න ගස් දෙක එතනම දාලා ආපහු අර කලින්දා රෑ නැවතුනු වම්බටු ගහ ගාවට ආවා.

ඒ එනකොට කිත්තට ඇහුනා, “අන්දිරිසා එනෝ...” කියල බොහොම ගොරෝසු කටහඬකින් කෑගහනව.

වටපිට බලනකොට, ඒ කිඹුලෙක්. ගොරකයකා කිඹුලෙක් තියලා ඔත්තු බලන්න.

කිත්තා එකපාරම වම් අතින් කිඹුලගෙ බෙල්ල මුලින් අල්ලගත්තා. කිඹුලා ආයෙම කැගහන්න කට අරිනකොටම, එයා දකුණු අත කිඹුලගෙ කට ඇතුලට දැම්මා. අත පුළුවන්තරම් කිඹුලගෙ ඇතුලටම යවපු කිත්තට උගෙ වලිගෙ අග හරියෙන් අල්ලගන්න පුලුවන් උනා. හයියෙන් අල්ලගෙන ආපහු අත කටින් එලියට ඇදල ගත්ත පාර කිඹුලා කණපිට හැරවුණා.

කිඹුලා අන්දිරිස් කිත්තට කැරකි කැරකි වඳින්න ගත්තා. පරාණ බය ඉතිං කිඹුලටත් පොදුයි. ඒ ගමන කිත්තා කිව්වා,

“මං උඹ මරන්නෑ. උඹ ඇයි මං එනව කියල කෑ ගැහුවෙ? කාට ඇහෙන්ඩද? කවුද උඹට ඔත්තු බලන්ඩ කිව්වෙ?” කියල ඇහුවා.

“යරක ගොකා... යරක ගොකා...” කිඹුලා කිව්වා.

“ඒ මොකාද බොල?” කිත්තා ඇහුවා.

“මමුසෙ තාව හැණපිට කරෙව්වනෙ. කිම මයන ඉව්වත් එතිං හැණපිට කරෙනව...”

කිත්තට තේරුණා. කණපිට හැරුණ කිඹුලා, කියන කියන වචනත් කණපිට හැරෙනව...

ඒ ගැන හිත හිතා කිත්තා ඔලුව කහන්න ගත්තා. යන්තං කිත්තගෙ අතිං අතෑරුණ ගමං කණපිට කිඹුලා පැනලා දිව්වා...

කිඹුලගෙ කතාවෙන් පස්සෙ අන්දිරිස් කිත්තට තේරුණා ගොරක යකා එක්ක දෙකෙන් එකක් බේරගන්නෙ නැතුව මේ භූමියෙ වසන්න අමාරු වෙන බව. එයා දෙවෙනි දවසෙ කපන්න තෝරගත්තෙ වත්තෙ තිබුණු ලොකුම ගොරක ගහ. පොරවකුත් අරං ගහවටේ එක වටයයි කැරකුණේ, මහා ඇඹුල් ගඳක් පැතිරිලා ගියා. ගොරක ගහ සුළි සුළඟකින් වගේ කැරකෙන්න පටන් ගත්තා. 

කිත්තා දෑත බදලා පොරව උස්සලා, ගොරක ගහට කෙටුවා. ගොරක අතු හොල්ලගෙන, දඩි බිඩි ගාගෙන ගහෙන් බැහැලා ආවා නිල් පාටට හුරු කලු පාට මවිල් වලින් වැහුණු, මහත දෙහත, සද්දන්ත සරීරයක්. හැඩපලු ගෙතුණු කොණ්ඩෙ, රවුම් රතුපාට ඇස් ගෙඩි, බාගෙට ඇරුණු කටෙන් පෙනුනු උල් දත්... ඔය ඔක්කොම එක්ක මහා භයානක යකෙක් ගහෙං බැස්සා.

කිත්තා වගේ වගක් නැතුව තව පොරෝ පාරක් කෙටුවා.

"තෝ කවුද බොල මගෙ විමානෙ කපන්ඩ තනන්නෙ?" යකා සැර වැර ඇතුව ඇහුවා.

"තෝ කවුද මගෙං ප්‍රශ්න අහන්ඩ?" කිත්තා ඊට වඩා සැරෙන් ඇහුවා.අහලා තව පාරක් ගහට කෙටුවා.

"මේ... එහෙම නෙවෙයි මල්ලි..." යකා දැන් යාප්පු වෙනවා. "... මේ ගහම කපන්ඩ ඕනෙ නෑනෙ. වෙන ඕනෙ තරං ගස් තියෙන්නෙ."

"නෑ. මේ ගහම තමා මට කපා ගන්ඩ ඕනෙ..." කිත්තා තව පාරක් කෙටුවා.

"මේ එහෙම කරන්ඩ එපා මල්ලි. මං තමුසෙට හැම ගොරක වාරෙටම ගොරක ගෝණියක් දෙන්නං. මේ ගහ කපන්ඩ එපා මල්ලි. මොකද්ද මෙයා..."

කිත්තා පොරව බිමින් තියලා, වාඩිවුණා.

"මට තමුසෙ උදව් කරන්ඩ ඕනෙ මගෙ වැඩ වලට" කිත්තා ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා.

යකා ඒකටත් ඔලුව නැමුවා.

"හා හොඳයි." කිත්තා කිව්වා. "හැබැයි ඔය පොරොන්දුව කැඩුවොත් මං නරක මිනිහා කියන්ඩ එපා හරිය?"

යකා ආපහු ගියෙ කිත්තට වැඳල...

ඊටපස්සෙ ඉතින් සතියක් විතර යද්දි කිත්තා කවද හරි මේ ඉඩමෙ හදනවය කියල මුලින්ම හිතාගත්ත මහගෙදර හදල ඉවර කරගත්තා. ඒකට උනෙ කරපු එක එක හැඩේ, එක එක තරමේ කබොක් ගල් ඔක්කොම ගොරක යකා එක වරුවෙන් කපල දුන්නා. කබොක්ගල් කපාපු වළ වහන්න වත්ත පහල නාන ළිඳකුයි, ඊට තරමක් උඩින් බොන ළිඳකුයි කැපුවා. ගෙයි අත්තිවාරම දාලා, පස් දාලා, යකා ඇත්තු දෙන්නෙක් දම්මලා බිම පාගලා දුන්නා. යකා බිත්ති නැග්ගුවෙ බලං ඉද්දි. අන්දිරිස් ආතා යකාට වඩුවැඩ කියා දුන්නා. කැලෙන් කපාගත්ත ලී, යකාම පට්ටලේ දාලා ඉරලා, සොල්දරේකුත් ගැහුවා. වහලෙ ගැහුවෙත් ගොරක යකයි කිත්තයි දෙන්නා. සිංහල උලු විතරයි කිත්තට හාඩ්වෙයා එකෙන් ගන්න වුනේ.

කිත්තගෙ වැඩ කරල දෙන ගොරක යකා දිහෑ උන්දැගෙ සහෝදරයො වුනු සියඹලා යකයි, බිලිං යකයි බැලුවෙ හිතේ පිරුණු කේන්තියෙන්. තමංගෙ මුලු යක්ස පරම්පරාවටම නින්දාකරමින් තමුංගෙ මල්ලි නරයෙකුට උදව් කිරීම ඒ අයගෙ උදහසට හේතු වුණා.
ගෙට ගෙවදුනු දවසට පහුවෙනිදා, කිත්තා පටන් ගත්තා ඉඩමෙ වල් කොටලා මොනව හරි ඉන්දන්න. කැලේට වැවුණු වම්බටු, බණ්ඩක්කා, කරවිල, පතෝල ආදිය කකා හිටපු උන්දැට හිතුණා කැරට්, බෝංචි, ගංජා ටිකක් හිටවන්න.

උදේ ඉඳං එකසීරුවට වැඩ කරලා මහන්සි වෙච්ච කිත්තා, වත්ත පහළ ගඟෙන් නාගෙන, ගෙට ආවෙ හොඳටම බඩගිනි වෙලා. ඒ එනකොට එයා පිළිගන්න ගෙයි ඇඳ යට හැංගිලා හිටියා සියඹලා යකා... 

“යකෙක් කන්ඩ බඩගිනියි යකෝ...!” තමන්ටම කියාගෙන කිත්තා ගෙට ගොඩ වුනා. සියඹලා යකාගෙ හිත ටිකක් ගැස්සුණා.

උදේ වත්තෙන් නෙලාගත්ත ඇපල්, පෙයාස් ටිකක් ඇඳ යට තිබුණු බව කිත්තට මතකයි. “රජ බඩුවක් තියෙන්නෙ ඇඳ යට...” කියාගෙන ඉණේ තිබ්බ උල් පිහිය ඇදල ගත්ත කිත්තා, ඇඳ ගාවට කිට්ටු කළා. යකා වෙවුලන්න පටං ගත්තා.

කිත්තා ඇඳ යටට එබුණා. යකා කිත්ත දැකල වැඳ වැටුණා. “අනේ ආයිබොවං මාව මරං කන්ඩ එපා...”

“තෝ මොකද ඇඳ යට කරන්නෙ?” කිත්තා ඇහුවා.

“මං... මං... ගොක්... ගොක්... ගොරක යකාගෙ අයියා. සියඹලා යකා.” යකා එලියට බඩගෑවා. “මං ආවෙ අපේ නගා ඔහෙට කරකාර දෙන්ඩ අහන්ඩ...”

කිත්තගෙ ඇස් උඩ ගියා...

ඕං ඔහොමයි අන්දිරිස් කිත්තා, යක්ෂ භයෙන් මිදිලා කටුවාලමුල්ල ගමේ ගොරකගහවත්ත ඉඩමෙ පදිංචි වුනේ. කිත්තගෙ උරුමක්කාරයො වෙන අපි, යකාටවත් බය නෑ. අනික අපි මොන වැඩක් කළත් ඒක... “යකාගෙ වැඩක්නෙ!” කියල අනික් උදවිය කියන්නෙ ඔන්න ඔය කිත්තගෙයි, ගොරක යකාගෙ නගා වෙච්ච දෙහි ඇඹුල් යකින්නගෙයි ලේ අපේ ඇඟේ දුවන හින්දයි...

කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

49 comments:

  1. Replies
    1. මගීන් සඳහා ආසන වෙන්කර තබාගැනීම තහනම්.

      Delete
  2. එතකොට අර සිදරං යස්සනී එහෙම බොලෑ පුංචම්මල වෙන්ටෝනැ. මං දැක්කා උන්දැගෙ දුවෙක් බුකියෙ ඉන්නව ඒන්ජල් ටැමරින් කියල.

    ReplyDelete
    Replies
    1. ඒන්ජල් ටැමරින් කියන්නේ සියඹලා යකාගෙ මිණිපිරී... සිදරං යස්සනී නං අපේ කවුරුවත් නෙමෙයි. සිදරං හොදිවලට දාන්නෑනෙ...

      Delete
  3. ඔය මුලින්ම කොමන්ට් දාපු ලොන්ත පොල් යක්කු ටික එලවපං උන් ගොරොක් යකාට හපන් බින්න බහින එවුන්
    එකෙක් කලි අම්මගේ මිනිප්රියක් කර ගහන් අඩවියක් හදාගන්න ගොඩ ඉඩන් හොයනවා අනිකා බාල ගල් හදලා විකුනලා විමානහදාගත්ත එවුන්ගෙන උගේ මතු පරම්පරාවට සාප එකතු එකතු කර ගන්නවා

    ReplyDelete
    Replies
    1. එක ගැහෙ වහන්නේ එකවගේ කුරුල්ලෝ කියා කිව්වට පිළිගත්තේ ඕන අද තමයි

      Delete
    2. හොඳ ගල් උනත් බාල සිමෙන්තියෙන් බැන්දට මම මක් කරන්නද බොල. හැක්..

      Delete
    3. ඔය කමෙන්ට් දෙකේ ඇනෝ දාන්න තරම් දෙයක් නෑ. කාලි ගැන කියපු එකෙන් සැඟවුණු අමුත්තා හිතාගන්නත් පුලුවන්...

      Delete
    4. කාලි ගැන කියපු එකෙන් සැඟවුණු අමුත්තා හිතාගන්නත් පුලුවන්....////

      අම්මට හුඩු ඉන්ස්ටන්ට් අවුරුදු උත්සවයක් ද මේ ආණ්ඩු කලබල කාලේ සැඟවුණු අමුත්තා සොයන්න

      Delete
    5. "අමුත්තා" විසනධි කළහම ලැබෙන පිළිතුරටත් වඩා අඩු අගයක් තමයි අනුන්ට ගරහන්ඩ ඇනෝ එන උදවිය ගැන මගෙ හිතේ තියෙන්නෙ...

      Delete
    6. රහසෙං කියහං කව්ද මේ සැඟවුන අමුත්තා කියලා

      Delete
    7. (කණට කරලා...) උඹ උඹ

      Delete
    8. මුත්තා ඒ Xත්තා උනොත් ....... අම්මෝ ගරා යකාත් අවුල්

      Delete
  4. ගොරක යකා කියන්නෙ එහෙනං හොඳ ගල් කැපුං කාරයක් නේද?
    දැං අර කිවුව විදියටම ඔය ඉඩමෙ ගංජ වැවුවැයි.

    ReplyDelete
    Replies
    1. ගොරක යකා ගැන තමයි අර ක්ලැරන්ස් සිංදුවක් කියන්නේ "මලට ගරුවෙකු සේ..." කියලා.

      ගංජා කොච්චර සරුසාරෙට වැව්වද කියතොත්,උදලු මිටි,නගුල් ඉස්, පොරෝ මිටි එහෙමත් ගැහුවා ගංජා ලීයෙන්. ගංජා මිටක් ගහපු ආයුධවලින් වැඩක් කරන්න පටන් ගත්තම එකදිගට ඕනෙ තරං කල් ඒක කරගෙන යන්න පුලුවං.

      Delete
  5. ඒ උනාට ගොරකගහවත්තෙ හිටපු னයාගෙන් තමයි අන්දිරිස් කිත්ත මට්ටු උනේ කියල උන්දැ බොට කියල නෑ වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. ගොරක னයා ගැන මීළඟ පෝස්ටුවකින් බලාපොරොත්තු වන්න. කණපිට කිඹුලාට වුන දේ වගේ නෙවෙයි ඒක. හැක්!

      Delete
  6. මුළු පරම්පරාවම හොඳ වෙලා එකෙක් විතරක් අම්බලං යකෙක් උනේ කොහොමද කියල හිතෙන කොට තමා දුක හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. සත්හට වන බව දුකට වෙදාණන් ගෙන් බෙහෙත් ටිකක් ගනිං... හැක්!

      Delete
  7. https://aminoapps.com/c/mythfolklore/page/blog/legends-of-the-silk-cotton-tree-and-the-demon-bazil-caribbean-folklore/kLeg_XPcGu44MmZ4JP4zoXjz3GW14xwWDe

    ReplyDelete
  8. බලං ගියාම ඩ්‍රැකී කියන්නෙ අර පහනට ආ යකා වගේ පොරක්නෙ..

    අර උඩින්ම තියෙන පින්තූරෙ වගේ පොත් සෙට් එකක්ම තිබුනා නේ ද බොලං? මට මතක නෑ ඒවා ලැබුනෙ කොහෙන් ද කියලා. බන්ටි ටොෆි හරි ඒ වගේ මොකකින් හරි ද?

    ReplyDelete
    Replies
    1. නෙස්ප්‍රේ වලට

      Delete
    2. ඔය පොත් සෙට් එකේම පොටෝ මං ගාව තියෙනව. ෆේස්බුක් එකේ තිබිල ගත්තෙ. ඕනෙ කෙනෙක් ඉන්නවනං, මේල් ඇඩ්‍රස් දාන එකයි ඇත්තෙ...

      පහනට ආ යකා කියන්නෙ පරණ ළමා කතා පොතක්. තව තව තියෙනව ඒ වගේ පොත්. මං ටිකක් දාන්නං. තව දන්න අය ඉන්නවනං දාන්ඩ පහළිං...

      එකයි පලුවයි (ගණිත පොතකි)
      වඩුවයි බල්ලයි
      නරියා සහ කැළාව

      Delete
    3. අම්ප, මෙතන ඉන්ට තිබුනෙ ඕනයා. එහෙනං හොඳ පොත් ටිකක වග විස්තර දැනගන්ට තිබුනා.

      පහනට ආ යකා එකේ කතා මාලාවක් තිබුනනෙ බං, අර ලිට්ල් හවුස් පොත් සෙට් එකේ වගේ.

      යකා සහ පහන
      පහනට ආ යකා
      යකෝ පහන කැඩෙයි
      යකා පහනෙන් පැන්නූ හැටි
      යකා නැති පහන
      පහන පාලුයි යකෝ

      එතකොට නරියා සහ කැලාව පොතේ දෙවෙනි කොටස, කැලය දිගේ නරි එනවෝ

      තව ඉංගිරිසි පොතක් තිබුනා පවුලෝ කොයියෝ ගෙ, බෙරි ඔන් දි කැඩ් කියලා

      Delete
    4. http://www.samigepunchilokaya.blogspot.com/2016/06/nu-2-why-these-movies-meant-to-be-bad.html

      http://www.samigepunchilokaya.blogspot.com/2014/01/dont-mess-with-bad-words-13.html

      Delete
    5. "යකෝ පහන කැඩෙයි" පට්ට පහර ඈ...

      අර කොවුල් අයියගෙ පොත මං අහල තියෙන්නේ the Berry on the Cad Sheet කියල.

      උඩ ලිංක් දෙකේ ඔය විදිහෙ කතාවකුයි ෆිල්ම් ටිකකුයි තියෙනවා පට්ට ඈ. මට හොඳම එක සිල්වෙස්ටර් සැලෝන්ගෙ "ඊමේල් මැම්බෝ"

      Delete
  9. ela , thawth blog kiyawanyak (sindiyak) https://sithuwili.info

    ReplyDelete
  10. කොහොමද 'යකා පට ගැහූ හැටි' නම මිස් වුණේ?

    ReplyDelete
    Replies
    1. ඈ...? ඒක වානේ පන්නරය ලැබූ හැටි වගේ එකක්ද..?

      Delete
  11. උඹත් එතකොට යක් පරම්පරාවේ එකෙක්...

    ReplyDelete
    Replies
    1. අපි ඔය මොකකටවත් හීලෑ නොවිච්ච යක්කු බොලව්

      Delete
  12. මූත් ගොරක යක්කුන්ගේ ප්‍රම්ප්‍රාවේ එකෙක් නොවැ. අපි බොට සලකනවා මදි. මේ වගේ කතා ටිකක් බුකියේත් දැක්ක බන්, මම ඒත් හිතුව උඹද කියල.

    ReplyDelete
    Replies
    1. අටම්පහිය ගෲප් එකේ ගියා සෙට් එකක්. පාලයියා පටං ගත්තේ. චන්දනගේ කතා ටිකකුත් දැම්මා ප්‍රසන්න.

      Delete
  13. ඔහොම තමයි කැන්තර බෙරියන්ගේ වැඩ

    ReplyDelete
    Replies
    1. දේශකයා ගැන මොනවත් කිව්වද?

      Delete
    2. ඌ කෑලු නේ. අපි ඉතිං බෙන්තර කොල්ලොනේ.

      Delete
  14. යක්කුන්ගෙ අඩවි වල කට අරින්නත් බයයි..

    ReplyDelete
    Replies
    1. කට වහගෙන කමෙන්ට් කරහං. නැත්නම් කීබෝඩ් එකට කෙළ වැටෙයි...

      Delete
  15. කිඹුලා කණපිට ගහපු වෙලේ කිව්වෙ බාබෙද්දා බා බෙද්දා කියලා ඒ උයාට අනේ.

    ReplyDelete
    Replies
    1. වැස් ගද්දී, ඉල් ගබ්බී, පොර කැත්තී, ගෙස් ගම්බී...

      Delete
    2. වවුල කණපිට ගැහුවෙ මොකාද?

      Delete
  16. Replies
    1. ඉස්තූතියියියියියියි...

      Delete
  17. සියඹලාගහවත්ත තියෙන්නේ ඔය හරියෙන් පොඩ්ඩක් මෙහාට එනකොට මේ අහා

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි